යෙදුමෙන් කියවන්න

දීපසුත‍්තං

10. 1. 8.

10. 1. 8.

දීපසුත‍්තං

දීප සූත්‍රය

3756. සාවත්‍ථියං:

3756. සැවැත්නුවර:

ආනාපානසතිසමාධි භික‍්ඛවෙ, භාවිතො බහුලීකතො මහප‍්ඵලො හොති මහානිසංසො. කථං භාවිතො ච භික‍්ඛවෙ, ආනාපානසතිසමාධි කථං බහුලීකතො මහප‍්ඵලො හොති මහානිසංසො: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු අරඤ‍්ඤගතො වා රුක‍්ඛමූලගතො වා සුඤ‍්ඤාගාරගතො වා -පෙ- පටිනිස‍්සග‍්ගානුපස‍්සී පස‍්සසිස‍්සාමීති සික‍්ඛති. එවං භාවිතො ඛො භික‍්ඛවෙ, ආනාපානසතිසමාධි එවං බහුලීකතො මහප‍්ඵලො හොති මහානිසංසො. අහම‍්පි සුදං භික‍්ඛවෙ, පුබ‍්බෙව සම‍්බොධා අනභිසම‍්බුද‍්ධො බොධිසත‍්තොව සමානො ඉමිනා විහාරෙන බහුලං විහරාමි. තස‍්ස මය‍්හං භික‍්ඛවෙ, ඉමිනා විහාරෙන බහුලං විහරතො නෙව කායො කිලමි. න චක‍්ඛූනි, අනුපාදාය ච මෙ ආසවෙහි චිත‍්තං විමුච‍්චි.

මහණෙනි, ආනාපානසතිසමාධිය වඩන ලද්දේ බහුල කරන ලද්දේ මහත්ඵල මහානිසංස වේ. මහණෙනි, ආනාපානසති සමාධිය කෙසේ වඩන ලද්දේ කෙසේ බහුල කරන ලද්දේ මහත්ඵල මහානිසංස වේ ද යත්: මහණෙනි, මෙහි මහණ අරනකට ගියේ හෝ රුක්මුලකට ගියේ හෝ හිස්ගෙයකට හියේ හෝ ... නිවන අනු ව දක්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ. මහණෙනි, ආනාපානසති සමාධිය මෙසේ වඩන ලද්දේ මෙසේ බහුල කරන ලද්දේ මහත්ඵල මහානිසංස වේ. මහණෙනි, මම් ද සම්බෝධියෙන් පෙර බුදුබවට නොපැමිණියෙම් බෝසත් වූයෙම් ම මේ විහරණයෙන් යුතු ව බහුලකොට විසුයෙමි. මහණෙනි, මේ විහරණයෙන් යුතු ව බහුල කොට වෙසෙන ඒ මාගේ කය නො ම ක්ලාන්ත විය. ඇස් නො ම ක්ලාන්ත විය. මාගේ සිත ද උපාදාන රහිත ව ආස්‍රවයන්ගෙන් මිදුණේ ය.

තස‍්මාතිහ භික‍්ඛවෙ, භික‍්ඛුපි ආකඞ‍්ඛෙය්‍ය: “නෙව මෙ කායො කිලමෙය්‍ය න චක‍්ඛූනි, අනුපාදාය ච මෙ ආසවෙහි චිත‍්තං විමුච‍්චෙය්‍යා”ති, අයමෙව ආනාපානසතිසමාධි සාධුකං මනසිකාතබ‍්බො. තස‍්මාතිහ භික‍්ඛවෙ, භික‍්ඛුපි ආකඞ‍්ඛෙය්‍ය: “යෙ මෙ ගෙහසිතා සරසඞ‍්කප‍්පා තෙ පහීයෙය්‍යුන‍්ති”. අයමෙව ආනාපානසතිසමාධි සාධුකං මනසිකාතබ‍්බො. තස‍්මාතිහ භික‍්ඛවෙ, භික‍්ඛුපි ආකඞ‍්ඛෙය්‍ය: “අප‍්පටික‍්කූලෙ පටික‍්කූලසඤ‍්ඤී විහරෙය්‍යන‍්ති” අයමෙව ආනාපානසතිසමාධි සාධුකං මනසිකාතබ‍්බො. තස‍්මාතිහ භික‍්ඛවෙ, භික‍්ඛුපි ආකඞ‍්ඛෙය්‍ය: “පටික‍්කූලෙ අප‍්පටික‍්කූලසඤ‍්ඤී විහරෙය්‍යන‍්ති” අයමෙව ආනාපානසතිසමාධි සාධුකං මනසිකාතබ‍්බො. තස‍්මාතිහ භික‍්ඛවෙ, භික‍්ඛුපි ආකඞ‍්ඛෙය්‍ය: “අප‍්පටික‍්කූලෙ ච පටික‍්කූලෙ ච පටික‍්කූලසඤ‍්ඤී විහරෙය්‍යන‍්ති” අයමෙව -පෙ- තස‍්මාතිහ භික‍්ඛවෙ, භික‍්ඛුපි ආකඞ‍්ඛෙය්‍ය: “පටික‍්කූලෙ ච අප‍්පටික‍්කූලෙ ච අප‍්පටික‍්කූලසඤ‍්ඤී විහරෙය්‍යන‍්ති” අයමෙව -පෙ- තස‍්මාතිහ භික‍්ඛවෙ, භික‍්ඛුපි ආකඞ‍්ඛෙය්‍ය: “අප‍්පටික‍්කූලඤ‍්ච පටික‍්කූලඤ‍්ච තදුභයං අභිනිවජ‍්ජෙත්‍වා උපෙඛකො විහරෙය්‍යං සතො සම‍්පජානොති” අයමෙව -පෙ-

මහණෙනි, එහෙයින් මෙහි ලා මහණ “මාගේ කය නො ම ක්ලාන්ත වන්නේ නම් ඇස් නො ම ක්ලාන්ත වන්නේ නම් මාගේ සිත ද උපාදාන රහිතව ආස්‍රවයන්ගෙන් මිදෙන්නේ නම් මැනවැ”යි කැමති වන්නේ නම් මේ ආනාපානසති සමාධියම මැනවින් මෙනෙහි කළයුතු. මහණෙනි, එහෙයින් මෙහි ලා මහණ, “මාගේ යම් පඤ්චකාමනිශ්‍රිත විතර්‍කයෝ වෙද්ද ඔහු ප්‍රහීණ වන්නාහු නම් මැනවැ”යි කැමති වන්නේ නම් මේ ආනාපානසති සමාධිය ම මැනවින් මෙනෙහි කළයුතු. මහණෙනි, එහෙයින් මෙහි ලා මහණ තෙමේත් “නොපිළිකුලෙහි පිළිකුල් හැඟීම් ඇති ව වෙසෙන්නෙම් නම් මැනවැ”යි කැමති වන්නේ නම් මේ ආනාපානසති සමාධිය ම මැනවින් මෙනෙහි කටයුතු. මහණෙනි, එහෙයින් මෙහි ලා මහණ තෙමේත් “පිළිකුලෙහි නො පිළිකුල් හැඟීම් ඇතිව වෙසෙන්නෙම් නම් මැනවැ”යි කැමති වන්නේ නම් මේ ආනාපානසති සමාධිය ම මැනවින් මෙනෙහි කටයුතු. මහණෙනි, එහෙයින් මෙහි ලා මහණ තෙමේත් “නොපිළිකුලෙහි ද පිළිකුලෙහි ද පිළිකුල් හැඟීම් ඇති ව වෙසෙන්නෙම් නම් මැනවැ”යි කැමති වන්නේ නම් මේ ... මහණෙනි, එහෙයින් මෙහි ලා මහණ තෙමේත් “පිළිකුලෙහි ද නොපිළිකුලෙහි ද නොපිළිකුල් හැඟීම් ඇති ව වෙසෙන්නෙම් නම් මැනවැ”යි කැමති වන්නේ නම් මේ ... මහණෙනි, එහෙයින් මෙහි ලා මහණ තෙමේත් “නොපිළිකුල ද පිළිකුල ද යන එදෙක දුරු කොට මැදහත් ව සිහි ඇති ව මනාදැනුම් ඇති ව වෙසෙන්නෙම් නම් මැනවැ”යි කැමති වන්නේ නම් මේ ...

තස‍්මාතිහ භික‍්ඛවෙ, භික‍්ඛුපි ආකඞ‍්ඛෙය්‍ය, “විවිච‍්චෙව කාමෙහි විවිච‍්ච අකුසලෙහි ධම‍්මෙහි සවිතක‍්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමජ‍්ඣානං උපසම‍්පජ‍්ජ විහරෙය්‍යන‍්ති” අයමෙව -පෙ- තස‍්මාතිහ භික‍්ඛවෙ, භික‍්ඛුපි ආකඞ‍්ඛෙය්‍ය: “විතක‍්කවිචාරානං වූපසමා අජ‍්ඣත‍්තං සම‍්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක‍්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියජ‍්ඣානං උපසම‍්පජ‍්ජ විහරෙය්‍යන‍්ති” අයමෙව -පෙ- තස‍්මාතිහ භික‍්ඛවෙ, භික‍්ඛුපි ආකඞ‍්ඛෙය්‍ය, “පීතියා ච විරාගා උපෙඛකො ච විහරෙය්‍යං සතො ච සම‍්පජානො, සුඛඤ‍්ච කායෙන පටිසංවෙදෙය්‍යං යං තං අරියා ආචික‍්ඛන‍්ති උපෙඛකො සතිමා සුඛවිහාරීති තතියජ‍්ඣානං උපසම‍්පජ‍්ජ විහරෙය්‍යන‍්ති” අයමෙව -පෙ- තස‍්මාතිහ භික‍්ඛවෙ, භික‍්ඛුපි ආකඞ‍්ඛෙය්‍ය, “සුඛස‍්ස ච පහානා දුක‍්ඛස‍්ස ච පහානා පුබ‍්බෙව සොමනස‍්සදොමනස‍්සානං අත්‍ථගමා අදුක‍්ඛං අසුඛං උපෙඛාසතිපාරිසුද‍්ධිං චතුත්‍ථජ‍්ඣානං උපසම‍්පජ‍්ජ විහරෙය්‍යන‍්ති” අයමෙව -පෙ-

මහණෙනි, එහෙයින් මෙහි ලා මහණ “කාමයෙන් වෙන් ව ම අකුසල්දහමින් වෙන් ව විතර්‍ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සුවය ඇති පළමුවන දැහැනට පැමිණ වෙසෙන්නෙම් නම් මැනවැ”යි කැමති වන්නේ නම් මේ ... මහණෙනි, එහෙයින් මෙහි ලා මහණ තෙමේත් “විතර්‍ක විචාරයන්ගේ සන්හිඳීමෙන් ඇතුළත පැහැදීම ඇති සිතේ එකඟ බැව් ඇති විතර්‍ක රහිත විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සුවය ඇති දෙවන දැහැනට පැමිණ වෙසෙන්නෙම් නම් මැනවැ”යි කැමති වන්නේ නම් මේ ... මහණෙනි, එහෙයින් මෙහි ලා මහණ තෙමේත් “ප්‍රීතියෙහිද නොඇල්මෙන් මැදහත්ව සිහි ඇති ව මනාදැනුම් ඇති ව කයින් සුවත් විඳින්නෙම් නම් ආර්‍ය්‍යයෝ යමක් ගැන උපේක්‍ෂා ඇත්තේ ය, සිහි ඇත්තේ ය. සුවවිහරණ ඇත්තේ ය යි කියද්ද ඒ තෙවන දැහැනට පැමිණ වෙසෙන්නෙම් නම් මැනවැ”යි කැමති වන්නේ නම් මේ ... මහණෙනි, එහෙයින් මෙහි ලා මහණ තෙමේත් “සුවත් දුරු කිරීමෙන් දුකත් දුරුකිරීමෙන් පළමු ම සොම්නස්දොම්නසුන්ගේ අස්තඞ්ගමයෙන් නොදුක් වූ නොසුව වූ මැදහත් බැවින් හා සිහියෙන් හටගත් පිරිසුදු බැව් ඇති සිවුවන දැහැනට පැමිණ වෙසෙන්නෙම් නම් මැනවැ”යි කැමති වන්නේ නම් මේ ...

තස‍්මාතිහ භික‍්ඛවෙ, භික‍්ඛුපි ආකඞ‍්ඛෙය්‍ය සබ‍්බසො රූප සඤ‍්ඤානං සමතික‍්කමා පටිඝසඤ‍්ඤානං අත්‍ථගමා නානත‍්තසඤ‍්ඤානංඅමනසිකාරා අනන‍්තො ආකාසොති ආකාසානඤ‍්චායතනං උපසම‍්පජ‍්ජ විහරෙය්‍යන‍්ති, අයමෙව -පෙ- තස‍්මාතිහ භික‍්ඛවෙ, භික‍්ඛුපි ආකඞ‍්ඛෙය්‍ය සබ‍්බසො ආකාසානඤ‍්චායතනං සමතික‍්කම‍්ම අනන‍්තං විඤ‍්ඤාණන‍්ති විඤ‍්ඤාණඤ‍්චායතනං උපසම‍්පජ‍්ජ විහරෙය්‍යන‍්ති අයමෙව -පෙ- තස‍්මාතිහ භික‍්ඛවෙ, භික‍්ඛුපි ආකඞ‍්ඛෙය්‍ය සබ‍්බසො විඤ‍්ඤාණඤ‍්චායතනං සමතික‍්කම‍්ම නත්‍ථි කිඤ‍්චීති ආකිඤ‍්චඤ‍්ඤායතනං උපසම‍්පජ‍්ජ විහරෙය්‍යන‍්ති අයමෙව -පෙ- තස‍්මාතිහ භික‍්ඛවෙ, භික‍්ඛුපි ආකඞ‍්ඛෙය්‍ය සබ‍්බසො ආකිඤ‍්චඤ‍්ඤායතනං සමතික‍්කම‍්ම නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං උපසම‍්පජ‍්ජ විහරෙය්‍යන‍්ති අයමෙව ආනාපානසතිසමාධි සාධුකං මනසිකාතබ‍්බො. තස‍්මාතිහ භික‍්ඛවෙ, භික‍්ඛුපි ආකඞ‍්ඛෙය්‍ය: “සබ‍්බසො නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං සමතික‍්කම‍්ම සඤ‍්ඤාවෙදයිතනිරොධං උපසම‍්පජ‍්ජ විහරෙය්‍යන‍්ති, අයමෙව ආනාපානසතිසමාධි සාධුකං මනසි කාතබ‍්බො.

මහණෙනි, එහෙයින් මෙහි ලා මහණ තෙමේත් “රූපසංඥාවන් සර්‍වප්‍රකාරයෙන් ඉක්මවීමෙන් ප්‍රතිඝසංඥාවන්ගේ අස්තඞ්ගමයෙන් නානාත්‍වසංඥාවන් නොමෙනෙහි කිරීමෙන් ආකාශය අනන්ත ය යි ආකාසානඤ්චායතනයට පැමිණ වෙසෙන්නෙම් නම් මැනවැ යි කැමති වන්නේ නම් මේ ... මහණෙනි, එහෙයින් මෙහි ලා මහණ තෙමේත් ආකාසානඤ්චායතනය සර්‍වප්‍රකාරයෙන් ඉක්මවා විඤ්ඤාණය අනන්තය යි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වෙසෙන්නෙම් නම් මැනවැ යි කැමති වන්නේ නම් මේ ... මහණෙනි, එහෙයින් මෙහි ලා මහණතෙමේත් විඤ්ඤාණඤ්චායතනය සර්‍වප්‍රකාරයෙන් ඉක්මවා කිසිවක් නැතැ යි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වෙසෙන්නෙම් නම් මැනවැ යි කැමති වන්නේ නම් මේ ... මහණෙනි, එහෙයින් මෙහි ලා මහණ තෙමේත් ආකිඤ්චඤ්ඤායතනය සර්‍වප්‍රකාරයෙන් ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වෙසෙන්නෙම් නම් මැනවැ යි කැමති වන්නේ නම් මේ ආනාපානසති සමාධිය ම මැනවින් මෙනෙහි කටයුතු. මහණෙනි, එහෙයින් මෙහි ලා මහණ තෙමේත් නේවසඤ්ඤානාසඤ්ඤායතනය සර්‍වප්‍රකාරයෙන් ඉක්මවා සඤ්ඤාවේදයිතනිරෝධයට පැමිණ වෙසෙන්නෙම් නම් මැනවැ යි කැමතිවන්නේ නම් මේ ආනාපානසතිසමාධිය ම මැනවින් මෙනෙහි කටයුතු.

එවං භාවිතෙ ඛො භික‍්ඛවෙ, ආනාපානසතිසමාධිම‍්හි එවං බහුලීකතෙ සුඛඤ‍්චෙ වෙදනං වෙදෙති සා අනිච‍්චාති පජානාති, අනජ‍්ඣොසිතාති පජානාති, අනභිනන්‍දිතාති පජානාති. දුක‍්ඛං චෙ වෙදනං වෙදෙති සා අනිච‍්චාති පජානාති, අනජ‍්ඣොසිතාති පජානාති, අනභිනන්‍දිතාති පජානාති. අදුක‍්ඛමසුඛඤ‍්චෙ වෙදනං වෙදෙති, සා අනිච‍්චාති පජානාති, අනජ‍්ඣොසිතාති පජානාති, අනභිනන්‍දිතාති පජානාති. සො සුඛඤ‍්චෙ වෙදනං වෙදිති, විසංයුත‍්තො නං වෙදියති. දුක‍්ඛඤ‍්චෙ වෙදනං වෙදියති, විසංයුත‍්තො නං වෙදියති. අදුක‍්ඛමසුඛඤ‍්චෙ වෙදනං වෙදියති, විසංයුත‍්තො නං වෙදියති. සො කායපරියන‍්තිකං වෙදනං වෙදියමානො කායපරියන‍්තිකං වෙදනං වෙදියාමීති පජානාති, ජීවිතපරියන‍්තිකං වෙදනං වෙදියමානො ජීවිතපරියන‍්තිකං වෙදනං වෙදියාමීති පජානාති. කායස‍්ස භෙදා උද‍්ධං ජීවිතපරියාදානා ඉධෙව සබ‍්බවෙදයිතානි අනභිනන්‍දිතානි සීතීභවිස‍්සන‍්තීති පජානාති.

මහණෙනි, ආනාපානසතිසමාධිය මෙසේ වැඩූ කල්හි මෙසේ බහුල කළ කල්හි ඉදින් සුවවේදනාවක් විඳී නම් එය අනිසැ යි දනී. නො බැස ගැන්නා ලදැ යි දනී. තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් පිළිගන්නට නොයුතු ය යි දනී. ඉදින් දුක්වේදනාවක් විඳී නම් එය අනිසැ යි දනී. නො බැස ගැන්නා තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් පිළිගන්නට නොයුතු ය යි දනී. ඉදින් නොදුක්නොසුව වේදනාවක් විඳී නම් එය අනිසැ යි දනී. නො බැස ගැන්නා ලදැ යි දනී. පිළිගන්නට නොයුතු යයි දනී. ඉදින් හෙතෙමේ සුවවේදනාවක් විඳී නම් (රාගානුසයාදියෙන්) වෙන් ව එය විඳී. ඉදින් දුක්වේදනාවක් විඳී නම් වෙන් ව එය විඳී. ඉදින් නොදුක්නොසුවවේදනාවක් විඳී නම් වෙන් ව එය විඳී. හෙතෙමේ කය කෙළවර කොට ඇති වේදනාවක් විඳින්නේ කය කෙළවර කොට ඇති වේදනාවක් විඳිමි යි දනී. දිවි කෙළවර කොට ඇති වේදනාවක් විඳින්නේ දිවි කෙළවර කොට ඇති වේදනාවක් විඳිමි යි දනී. කය බිඳීමෙන් දිවි ගෙවීමෙන් මතු සියලු වේදනාවෝ නොපිළිගන්නා ලද්දාහු මෙහි ම ලිහිල් වූවෝ වන්නාහ යි දනී.

සෙය්‍යථාපි භික‍්ඛවෙ, තෙලඤ‍්ච පටිච‍්ච වට‍්ටිඤ‍්ච පටිච‍්ච තෙලප‍්පදීපො ඣායෙය්‍ය, තස‍්සෙව තෙලස‍්ස ච වට‍්ටියා ච පරියාදානා අනාහාරො නිබ‍්බායෙය්‍ය, එවමෙව ඛො භික‍්ඛවෙ, භික‍්ඛු කායපරියන‍්තිකං වෙදනං වෙදියමානො කායපරියන‍්තිකං වෙදනං වෙදියාමීති පජානාති. ජීවිතපරියන‍්තිකං වෙදනං වෙදියමානො ජීවිතපරියන‍්තිකං වෙදනං වෙදියාමීති පජානාති. කායස‍්ස භෙදා උද‍්ධං ජීවිතපරියාදානා ඉධෙව සබ‍්බවෙදයිතානි අනභිනන්‍දිතානි සීතීභවිස‍්සන‍්තීති පජානාතීති.

මහණෙනි, යම්සේ තෙලත් නිසා වැටියත් නිසා තෙල්පහන දැල්වෙන්නේ ද, එ ම තෙලත් වැටියත් ගෙවීමෙන් ප්‍රත්‍යය රහිත ව නිවෙන්නේ ද මහණෙනි, එසෙයින් ම මහණ තෙමේ කය කෙළවර කොට ඇති වේදනාවක් විඳින්නේ කය කෙළවර කොට ඇති වේදනාවක් විඳිමියි දනී. දිවි කෙළවර කොට ඇති වේදනාවක් විඳින්නේ දිවි කෙළවර කොට ඇති වේදනාවක් විඳිමි යි දනී. කය බිඳීමෙන් දිවි ගෙවීමෙන් මතු සියලු වේදනාවෝ නො පිළිගන්නා ලද්දාහු මෙහි ම ලිහිල් වූවෝ වන්නාහ යි දනී යි.