1. එකධම‍්මසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා
1. එකධම‍්මසුත‍්තවණ‍්ණනා
1. එකධම්ම සූත්‍ර වර්ණනාව
ආනාපානසංයුත‍්තස‍්ස පඨමෙ එකධම‍්මොති එකො ධම‍්මො. සෙසමෙත්‍ථ යං වත‍්තබ‍්බං සියා, තං සබ‍්බං සබ‍්බාකාරෙන විසුද‍්ධිමග‍්ගෙ (විසුද‍්ධි· 1.215) ආනාපානස‍්සතිකම‍්මට‍්ඨානනිද‍්දෙසෙ වුත‍්තමෙව.
ආනාපාන සංයුත්තයේ පළමු වැන්නෙහි - එක ධම්මො = එකම ධර්මයයි. මෙහිදී කිවයුතු සෙසු යමක් වේ නම් ඒ සියල්ල හැම අයුරින්ම විශුද්ධි මාර්ගයෙහි ආනාපාන සති කර්මස්ථාන නිර්දේශයෙහි කියන ලද්දේමය.
6. අරිට‍්ඨසුත‍්තවණ‍්ණනා
6. අරිට්ඨ සූත්‍ර වර්ණනාව
ඡට‍්ඨෙ භාවෙථ නොති භාවෙථ නු. කාමච‍්ඡන්‍දොති පඤ‍්චකාමගුණිකරාගො. අජ‍්ඣත‍්තං බහිද‍්ධා ච ධම‍්මෙසූති අජ‍්ඣත‍්තිකබාහිරෙසු ද‍්වාදසසු ආයතනධම‍්මෙසු. පටිඝසඤ‍්ඤා සුප‍්පටිවිනීතාති පටිඝසම‍්පයුත‍්තසඤ‍්ඤා සුට‍්ඨු පටිවිනීතා, සමුච‍්ඡින‍්නාති අත්‍ථො. ඉමිනා අත‍්තනො අනාගාමිමග‍්ගං කථෙති. ඉදානි අරහත‍්තමග‍්ගස‍්ස විපස‍්සනං දස‍්සෙන‍්තො සො සතොව අස‍්සසිස‍්සාමීතිආදිමාහ.
සය වැන්නෙහි - භාවෙථ නො = වඩන්නහු නොවෙත්ද? කාමච්ඡන්‍දො = පංච කාම ගුණයන්හි ඇලීම අජ්ඣත්තික බහිද්ධාච මෙ ධම්මෙසු = ආධ්‍යාත්මික හා බාහිර වූ දොළොස් වැදෑරුම් ආයතන ධර්මයන්හි පටිඝසඤඤා සුප්පටි විනීතා ක්‍රෝධය හා එක්ව යෙදුණ සංඥාවන් මනාව බැහැර කරන ලදී. සම්පූර්ණයෙන් විනාශ කරන ලදී යන අර්ථයයි. මෙයින් තමාගේ අනාගාමී මාර්ගය කියයි. දැන් අර්හත් මාර්ගයේ විදර්ශනාව දක්වමින් සො සතොව අස්සසිස්සාමි = (හේ තෙමේ “සිහි ඇතිවම ආශ්වාස කරන්නෙමි” යි) යන ආදිය කීය.
7. කප‍්පිනසුත‍්තවණ‍්ණනා
7. කප්පින සූත්‍ර වර්ණනාව
සත‍්තමෙ ඉඤ‍්ජිතත‍්තං වා ඵන්‍දිතත‍්තං වාති උභයෙනපි චලනමෙව කථිතං.
සත්වැන්නෙහි - ඉඤ්ජිත්තතං වා එන්‍දිත්තංවා = මේ දෙකෙන්ම චලනය වීම ම කියන ලදී.
8. දීපසුත‍්තවණ‍්ණනා
8. දීප සූත්‍ර වර්ණනාව
අට‍්ඨමෙ නෙව කායොපි කිලමති න චක‍්ඛූනීති අඤ‍්ඤෙසු හි කම‍්මට‍්ඨානෙසු කම‍්මං කරොන‍්තස‍්ස කායොපි කිලමති, චක‍්ඛූනිපි විහඤ‍්ඤන‍්ති. ධාතුකම‍්මට‍්ඨානස‍්මිඤ‍්හි කම‍්මං කරොන‍්තස‍්ස කායො කිලමති, යන‍්තෙ පක‍්ඛිපිත්‍වා පීළනාකාරප‍්පත‍්තො විය හොති. කසිණකම‍්මට‍්ඨානෙ කම‍්මං කරොන‍්තස‍්ස චක‍්ඛූනි ඵන්‍දන‍්ති කිලමන‍්ති, නික‍්ඛමිත්‍වා පතනාකාරප‍්පත‍්තානි විය හොන‍්ති. ඉමස‍්මිං පන කම‍්මට‍්ඨානෙ කම‍්මං කරොන‍්තස‍්ස නෙව කායො කිලමති, න අක‍්ඛීනි විහඤ‍්ඤන‍්ති. තස‍්මා එවමාහ.
අට වැන්නෙහි - නෙව මෙ කායොපි කිලමති, න අක්‍ඛීනිපි විභඤ්ඤන්ති = ධාතු කර්මස්ථානයෙහි දී වනාහී කමටහන වඩන තැනැත්තාගේ කය ක්ලාන්ත වේ. යන්ත්‍රයෙක බහා මඩිනා ආකාරයකට පැමිණියාක් මෙන් වෙයි. කසිණ කමටහනෙහිදී කමටහන වඩන තැනැත්තාගේ ඇස් චලනය වෙයි, වෙහෙසට පත් වෙයි, පිටතට පැමිණ වැටෙන ආකාරයකට පැමිණියාක් මෙන් වෙයි. මෙම කමටහනෙහිදී වනාහී කමටහන වඩන තැනැත්තාගේ කය වෙහෙසට පත් නොවේ, ඇස් විඩාවට පත් නොවේ. එබැවින් මෙසේ කීය.
සබ‍්බසො රූපසඤ‍්ඤානන‍්තිආදි කස‍්මා වුත‍්තං, කිං ආනාපානෙ කසිණුග‍්ඝාටනං ලබ‍්භතීති? තිපිටකචූළාභයත්‍ථෙරො පනාහ – “යස‍්මා ආනාපානනිමිත‍්තං තාරකරූපමුත‍්තාවලිකාදිසදිසං හුත්‍වා පඤ‍්ඤායති, තස‍්මා තත්‍ථ කසිණුග‍්ඝාටනං ලබ‍්භතී”ති. තිපිටකචූළනාගත්‍ථෙරො “න ලබ‍්භතෙවා”ති ආහ. අලබ‍්භන‍්තෙ අයං අරියිද‍්ධිආදිකො පභෙදො කස‍්මා ගහිතොති? ආනිසංසදස‍්සනත්‍ථං. අරියං වා හි ඉද‍්ධිං චත‍්තාරි වා රූපාවචරජ‍්ඣානානි චතස‍්සො වා අරූපසමාපත‍්තියො නිරොධසමාපත‍්තිං වා පත්‍ථයමානෙන භික‍්ඛුනා අයං ආනාපානස‍්සතිසමාධි සාධුකං මනසිකාතබ‍්බො. යථා හි නගරෙ ලද‍්ධෙ යං චතූසු දිසාසු උට‍්ඨානකභණ‍්ඩං, තං චතූහි ද‍්වාරෙහි නගරමෙව පවිසතීති, ජනපදො ලද‍්ධො ච හොති. නගරස‍්සෙව හෙසො ආනිසංසො. එවං ආනාපානස‍්සතිසමාධිභාවනාය ආනිසංසො එස අරියිද‍්ධිආදිකො පභෙදො, සබ‍්බාකාරෙන භාවිතෙ ආනාපානස‍්සතිසමාධිස‍්මිං සබ‍්බමෙතං යොගිනො නිප‍්ඵජ‍්ජතීති ආනිසංසදස‍්සනත්‍ථං වුත‍්තං. සුඛඤ‍්චෙති එත්‍ථ සොති කස‍්මා න වුත‍්තං? යස‍්මා භික‍්ඛූති ඉමස‍්මිං වාරෙ නාගතං.
සබ්බසො රූප සඤ්ඤානං යන ආදිය කුමක් නිසා කියන ලද්දේ ද? කිම ආනාපානයෙහිදී කසිණය (අරමුණ) ඉවත් කිරීමක් (දක්නට) ලැබේද? යත් ලැබේමය. ත්‍රිපිටක චූලාභය ස්ථවිර තෙමේ වනාහී මෙසේ කීය. යම් හෙයකින් ආනාපානයට නිමිත්ත වූ දෙය තාරකා රූප, මුතු බෝල ආදියට සමාන වී පෙනෙන්නේ ද, ඒ හේතුවෙන් එහිදී කසිණය ඉවත් කිරීමක් දක්නට ලැබෙන්නේය. ත්‍රිපිටක චූළ නාග ස්ථවිර තෙමේ එසේ නොවේයයි කීය. ස්වාමීනි, ආර්ය සෘද්ධි ආදී ප්‍රභේද ඇති මෙය කුමක් හෙයින් ගන්නා ලද්දේද? ආනිසංස දැකීම පිණිසය. ආර්ය වූ ඍද්ධිය හෝ රූපාවචර ධ්‍යානයන් සතර හෝ අරූප සමාපත්ති සතර හෝ නිරෝධ සමාපත්තිය හෝ ප්‍රාර්ථනා කරන්නාවූ භික්ෂුව විසින් මේ ආනාපාන සති සමාධිය මනා කොට මෙනෙහි කළ යුත්තේය. යම් සේ වනාහී නගරයක් ගත් කල්හි එහි සිවු දෙසෙහි හට ගන්නා වූ යම් භාණ්ඩයක් වේද එය දොරටු සතරෙන් නගරයටම පිවිසෙයි. ජනපදයක් ගන්නා ලද්දේ වුව ද එය ද නගරයෙහි ආනිසංසයම වේ. අනාපානසති සමාධි භාවනාවෙහි ආනිසංසය ද එසේමය. මෙය ආර්ය ඍද්ධි ආදී ප්‍රභේද සහිත වන්නේය. හැම අයුරින්ම ආනාපාන සති සමාධිය වැඩු කල්හි මේ සියල්ල යෝගියා හට ලැබෙන්නේය යන ආනිසංසය දැක්වීම පිණිස (මෙය) කියන ලදී. සුඛඤ්ච යන මෙහි සො යනු කුමක් හෙයින් නො කියන ලද්දේ ද යත් - භික්‍ඛු යන්න මෙහිදී ඉදිරිපත් නොවූ බැවින් (නොකියන ලද්දේ) ය.