එකධම්මසුත්තං
10. 1. 1.
10. 1. 1.
එකධම්මසුත්තං
ඒකධම්ම සූත්රය
3749. සාවත්ථිනිදානං.
3749. සැවැත්නුවර:
එකධම්මො භික්ඛවෙ, භාවිතො බහුලීකතො මහප්ඵලො හොති මහානිසංසො. කතමො එකධම්මො: ආනාපානසති. කථං භාවිතා ච භික්ඛවෙ, ආනාපානසති කථං බහුලීකතා මහප්ඵලා හොති, මහානිසංසා: ඉධ භික්ඛවෙ, භික්ඛු අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා නිසීදති පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. සො සතො’ව අස්සසති. සතො පස්සසති. දීඝං වා අස්සසන්තො දීඝං අස්සසාමීති පජානාති. දීඝං වා පස්සසන්තො දීඝං පස්සසාමීති පජානාති. රස්සං වා අස්සසන්තො රස්සං අස්සසාමීති පජානාති. රස්සං වා පස්සසන්තො රස්සං පස්සසාමීති පජානාති. සබ්බකායපටිසංවෙදී අස්සසිස්සාමීති සික්ඛති. සබ්බකායපටිසංවෙදී පස්සසිස්සාමීති සික්ඛති. පස්සම්භයං කායසඞ්ඛාරං අස්සසිස්සාමීති සික්ඛති. පස්සම්භයං කායසඞ්ඛාරං පස්සසිස්සාමීති සික්ඛති. පීතිපටිසංවෙදී අස්සසිස්සාමීති සික්ඛති. පීතිපටිසංවෙදී පස්සසිස්සාමීති සික්ඛති. සුඛපටිසංවෙදී අස්සසිස්සාමීති සික්ඛති. සුඛපටිසංවෙදී පස්සසිස්සාමීති සික්ඛති. චිත්තසඞ්ඛාරපටිසංවෙදී අස්සසිස්සාමීති සික්ඛති. චිත්තසඞ්ඛාරපටිසංවෙදී පස්සසිස්සාමීති සික්ඛති. පස්සම්භයං චිත්තසඞ්ඛාරං අස්සසිස්සාමීති සික්ඛති. පස්සම්භයං චිත්තසඞ්ඛාරං පස්සසිස්සාමීති සික්ඛති. චිත්තපටිසංවෙදී අස්සසිස්සාමීති සික්ඛති. චිත්තපටිසංවෙදී පස්සසිස්සාමීති සික්ඛති. අභිප්පමොදයං චිත්තං අස්සසිස්සාමීති සික්ඛති. අභිප්පමොදයං චිත්තං පස්සසිස්සාමීති සික්ඛති. සමාදහං චිත්තං අස්සසිස්සාමීති සික්ඛති. සමාදහං චිත්තං පස්සසිස්සාමීති සික්ඛති. විමොචයං චිත්තං අස්සසිස්සාමීති සික්ඛති. විමොචයං චිත්තං පස්සසිස්සාමීති සික්ඛති. අනිච්චානුපස්සී අස්සසිස්සාමීති සික්ඛති. අනිච්චානුපස්සී පස්සසිස්සාමීති සික්ඛති.
මහණෙනි, එක් දහමෙක් වඩන ලද්දේ බහුල කරන ලද්දේ මහත් ඵල මහානිසංස වේ. කවර එක් දහමෙක් ද යත්: ආනාපානසතිය යි. මහණෙනි, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද ආනාපානසතිය මහත් ඵල මහානිසංස වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ අරණකට ගියේ හෝ රුක්මුලකට ගියේ හෝ හිස්ගෙයකට ගියේ හෝ පලක් බැඳ උඩුකය ඉදි කොට පිහිටුවා සිහිය අභිමුඛ කොට එළවා හිඳියි. හේ සිහි ඇතියේ ම ආශ්වාස කෙරෙයි. සිහි ඇතියේ ම ප්රශ්වාස කෙරෙයි. දිගු කොට හෝ ආශ්වාස කරනුයේ දිගු කොට ආශ්වාස කෙරෙමි යි දැනගනී. දිගු කොට හෝ ප්රශ්වාස කරනුයේ දිගු කොට ප්රශ්වාස කෙරෙමි යි දැනගනී. කෙටි කොට හෝ ආශ්වාස කරනුයේ කෙටි කොට ආශ්වාස කෙරෙමි යි දැනගනී. කෙටි කොට හෝ ප්රශ්වාස කරනුයේ කෙටි කොට ප්රශ්වාස කෙරෙමි යි දැනගනී. සියලු ආශ්වාසප්රශ්වාස කය මැනවින් දන්නාසුලු ව ආශ්වාස කරන්නෙමි යි හික්මේ. සියලු ආශ්වාසප්රශ්වාස කය මැනවින් දන්නාසුලු ව ප්රශ්වාස කරන්නෙමි යි හික්මේ. කායසංස්කාර (ආශ්වාසප්රශ්වාස) සංසිඳුවමින් ආශ්වාස කරන්නෙමි යි හික්මේ. කායසංස්කාර සංසිඳුවමින් ප්රශ්වාස කරන්නෙමි යි හික්මේ. ප්රීතිය මැනවින් දන්නාසුලු ව ආශ්වාස කරන්නෙමියි හික්මේ. ප්රීතිය මැනවින් දන්නාසුලු ව ප්රශ්වාස කරන්නෙමියි හික්මේ. සුවය මැනවින් දන්නාසුලු ව ආශ්වාස කරන්නෙමියි හික්මේ. සුවය මැනවින් දන්නාසුලු ව ප්රශ්වාස කරන්නෙමියි හික්මේ. චිත්තසංස්කාර (ප්රීතිසුඛ) මැනවින් දන්නාසුලු ව ආශ්වාස කරන්නෙමියි හික්මේ. චිත්තසංස්කාර මැනවින් දන්නාසුලු ව ප්රශ්වාස කරන්නෙමියි හික්මේ. චිත්තසංස්කාර සංසිඳුවමින් ආශ්වාස කරන්නෙමියි හික්මේ. චිත්තසංස්කාර සංසිඳුවමින් ප්රශ්වාස කරන්නෙමියි හික්මේ. සිත මැනවින් දන්නාසුලු ව ආශ්වාස කරන්නෙමියි හික්මේ. සිත මැනවින් දන්නාසුලු ව ප්රශ්වාස කරන්නෙමියි හික්මේ. සිත වෙසෙසින් සතුටු කරවමින් ආශ්වාස කරන්නෙමියි හික්මේ. සිත වෙසෙසින් සතුටු කරවමින් ප්රශ්වාස කරන්නෙමියි හික්මේ. සිත අරමුණෙහි පිහිටුවමින් ආශ්වාස කරන්නෙමියි හික්මේ. සිත අරමුණෙහි පිහිටුවමින් ප්රශ්වාස කරන්නෙමියි හික්මේ. සිත මුදවමින් ආශ්වාස කරන්නෙමියි හික්මේ. සිත මුදවමින් ප්රශ්වාස කරන්නෙමියි හික්මේ. අනිස අනු ව දක්නාසුලු ව ආශ්වාස කරන්නෙමියි හික්මේ. අනිස අනු ව දක්නාසුලු ව ප්රශ්වාස කරන්නෙමියි හික්මේ.
විරාගානුපස්සී අස්සසිස්සාමීති සික්ඛති. විරාගානුපස්සී පස්සසිස්සාමීති සික්ඛති. නිරොධානුපස්සී අස්සසිස්සාමීති සික්ඛති. නිරොධානුපස්සී පස්සසිස්සාමීති සික්ඛති. පටිනිස්සග්ගානුපස්සී අස්සසිස්සාමීති සික්ඛති. පටිනිස්සග්ගානුපස්සී පස්සසිස්සාමීති සික්ඛති. එවං භාවිතා ඛො භික්ඛවෙ, ආනාපානසති එවං බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසාති.
විරාගය අනු ව දක්නාසුලු ව ආශ්වාස කරන්නෙමියි හික්මේ. විරාගය අනු ව දක්නාසුලු ව ප්රශ්වාස කරන්නෙමි හික්මේ. නිරෝධය අනුව දක්නාසුලු ව ආශ්වාස කරන්නෙමියි හික්මේ. නිරෝධය අනුව දක්නාසුලු ව ප්රශ්වාස කරන්නෙමියි හික්මේ. නිවන අනුව දක්නාසුලු ව ආශ්වාස කරන්නෙමියි හික්මේ. නිවන අනුව දක්නාසුලු ව ප්රශ්වාස කරන්නෙමියි හික්මේ. මහණෙනි, මෙසේ වඩන ලද මෙසේ බහුල කරන ලද ආනාපානසතිය මහත් ඵල මහානිසංස වේ යි.