යෙදුමෙන් කියවන්න

බොජ‍්ඣඞ‍්ගසුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

10. 1. 2.

10. 1. 2.

බොජ‍්ඣඞ‍්ගසුත‍්තං

බොජ්ඣඞ්ග සූත්‍රය

3750. සාවත්‍ථියං:

3750. සැවැත්නුවර:

ආනාපානසති භික‍්ඛවෙ, භාවිතා බහුලීකතා මහප‍්ඵලා හොති මහානිසංසා. කථං භාවිතා ච භික‍්ඛවෙ, ආනාපානසති කථං බහුලීකතා මහප‍්ඵලා හොති මහානිසංසා. ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු ආනාපානසතිසහගතං සතිසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං -පෙ- ආනාපානසතිසහගතං උපෙඛා සම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං. එවං භාවිතා ඛො භික‍්ඛවෙ, ආනාපානසති එවං බහුලීකතා මහප‍්ඵලා හොති මහානිසංසාති.

මහණෙනි, වඩන ලද බහුල කරන ලද ආනාපානසතිය මහත් ඵල මහානිසංස වේ. මහණෙනි, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද ආනාපානසතිය මහත් ඵල මහානිසංස වේ ද යත්: මහණෙනි, මෙහි මහණ ආනාපානසිහිය සහගිය සතිසම්බොජ්ඣඞ්ගය විවේකය ඇසුරු වූවක් විරාගය ඇසුරු වූවක් නිරෝධය ඇසුරු වූවක් නිවනට නැමෙනසුල්ලක් කොට වඩයි ... ආනාපානසිහිය සහගිය උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගය විවේකය ඇසුරු වූවක් විරාගය ඇසුරු වූවක් නිරෝධය ඇසුරු වූවක් නිවනට නැමෙනසුල්ලක් කොට වඩයි. මහණෙනි, මෙසේ වඩන ලද මෙසේ බහුල කරන ලද ආනාපානසතිය මහත් ඵල මහානිසංස වේ යි.

10. 1. 3.

10. 1. 3.

සුද‍්ධකසුත‍්තං

සුද්ධික සූත්‍රය

3751. සාවත්‍ථියං:

3751. සැවැත්නුවර:

ආනාපානසති භික‍්ඛවෙ, භාවිතා බහුලීකතා මහප‍්ඵලා හොති මහානිසංසා. කථං භාවිතා ච භික‍්ඛවෙ, ආනාපානසති කථං බහුලීකතා මහප‍්ඵලා හොති මහානිසංසා: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු අරඤ‍්ඤගතො වා රුක‍්ඛමූලගතො වා -පෙ- පටිනිස‍්සග‍්ගානුපස‍්සී අස‍්සසිස‍්සාමීති සික‍්ඛති, පටිනිස‍්සග‍්ගානුපස‍්සී පස‍්සසිස‍්සාමීති සික‍්ඛති. එවං භාවිතා ඛො භික‍්ඛවෙ, ආනාපානසති එවං බහුලීකතා මහප‍්ඵලා හොති මහානිසංසාති.

මහණෙනි, වඩන ලද බහුල කරන ලද ආනාපානසතිය මහත් ඵල මහානිසංස වේ. මහණෙනි, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද ආනාපානසතිය මහත් ඵල මහානිසංස වේ ද යත්: මහණෙනි, මෙහි මහණ අරණකට ගියේ හෝ රුක්මුලකට ගියේ හෝ ... නිවන අනුව දක්නාසුලු ව ආශ්වාස කරන්නෙමියි හික්මේ. නිවන අනුව දක්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙමියි හික්මේ. මහණෙනි, මෙසේ වඩන ලද මෙසේ බහුල කරන ලද ආනාපානසතිය මහත් ඵල මහානිසංස වේ යි.

10. 1. 4.

10. 1. 4.

ඵලසුත‍්තං

ඵල සූත්‍රය

3752. ආනාපානසති භික‍්ඛවෙ, භාවිතා බහුලීකතා මහප‍්ඵලා හොති මහානිසංසා. කථං භාවිතා ච භික‍්ඛවෙ, ආනාපානසති කථං බහුලීකතා මහප‍්ඵලා හොති මහානිසංසා: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු අරඤ‍්ඤගතො වා රුක‍්ඛමූලගතො වා සුඤ‍්ඤාගාරගතො වා -පෙ- පටිනිස‍්සග‍්ගානුපස‍්සී පස‍්සසිස‍්සාමීති සික‍්ඛති. එවං භාවිතා ඛො භික‍්ඛවෙ, ආනාපානසති එවං බහුලීකතා මහප‍්ඵලා හොති මහානිසංසා. එවං භාවිතාය ඛො භික‍්ඛවෙ, ආනාපානසතියා එවං බහුලීකතාය ද‍්වින‍්නං ඵලානං අඤ‍්ඤතර ඵලං පාටිකඞ‍්ඛං, දිට‍්ඨෙව ධම‍්මෙ අඤ‍්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතාති.

3752. මහණෙනි, ආනාපානසතිය වඩන ලද්දී බහුල කරන ලද්දී මහත් ඵල මහානිසංස වේ ද යත්: මහණෙනි, මෙහි මහණ අරණකට ගියේ හෝ රුක්මුලකට ගියේ හෝ හිස්ගෙයකට ගියේ හෝ ... නිවන අනුව දක්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙමියී හික්මේ. මහණෙනි, ආනාපානසතිය මෙසේ වඩන ලද්දී මෙසේ බහුල කරන ලද්දී මහත් ඵල මහානිසංස වේ. මහණෙනි, ආනාපානසතිය මෙසේ වැඩූ කල්හි මෙසේ බහුල කළ කල්හි ඵල දෙකින් එක්තරා ඵලයන් කැමති විය යුතු. දිටුදැමියෙහි ම රහත් බව හෝ උපාදාන ශේෂ ව ඇති කල්හි අනගැමි බව හෝ යි.