දුතිය ඵලසුත්තං
10. 1. 5.
10. 1. 5.
දුතිය ඵලසුත්තං
දුතිය ඵල සූත්රය
3753. ආනාපානසති භික්ඛවෙ, භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා. කථං භාවිතා ච භික්ඛවෙ, ආනාපානසති කථං බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා: ඉධ භික්ඛවෙ, භික්ඛු අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා -පෙ- පටිනිස්සග්ගානුපස්සී පස්සසිස්සාමීති සික්ඛති. එවං භාවිතා ඛො භික්ඛවෙ, ආනාපානසති එවං බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා. එවං භාවිතාය ඛො භික්ඛවෙ, ආනාපානසතියා එවං බහුලීකතාය සත්තඵලා සත්තානිසංසා පාටිකඞ්ඛා.
3753. මහණෙනි, ආනාපානසතිය වඩන ලද්දී බහුල කරන ලද්දී මහත් ඵල මහානිසංස වේ. මහණෙනි, ආනාපානසතිය කෙසේ වඩන ලද්දී කෙසේ බහුල කරන ලද්දී මහත් ඵල මහානිසංස වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ අරණකට ගියේ හෝ රුක්මුලකට ගියේ හෝ ... නිවන අනු ව දක්නාසුලු ව ප්රශ්වාස කරන්නෙමියි හික්මේ. මහණෙනි, ආනාපානසතිය මෙසේ වඩන ලද්දී මෙසේ බහුල කරන ලද්දී මහත් ඵල මහානිසංස වේ. මහණෙනි, ආනාපානසතිය මෙසේ වැඩූ කල්හි මෙසේ බහුල කළ කල්හි සත් පල කෙනෙක් සත් අනුසස් කෙනෙක් කැමති විය යුතුහ.
කතමෙ සත්ත ඵලා සත්තානිසංසා: දිට්ඨෙවධම්මෙ පටිගච්ච අඤ්ඤං ආරාධෙති. නො චෙ දිට්ඨෙවධම්මෙ පටිගච්ච අඤ්ඤං ආරාධෙති. අථ මරණකාලෙ අඤ්ඤං ආරාධෙති. නො චෙ දිට්ඨෙවධම්මෙ පටිගච්ච අඤ්ඤං ආරාධෙති. නො චෙ මරණකාලෙ අඤ්ඤං ආරාධෙති. අථ පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා අන්තරා පරිනිබ්බායී හොති. උපහච්ච පරිනිබ්බායී හොති. අසඞ්ඛාරපරිනිබ්බායී හොති. සසඞ්ඛාරපරිනිබ්බායී හොති. උද්ධංසොතො හොති අකනිට්ඨගාමී. එවං භාවිතාය ඛො භික්ඛවෙ, ආනාපානසතියා එවං බහුලීකතාය ඉමෙ සත්තඵලා සත්තානිසංසා පාටිකඞ්ඛාති.
කවර සත්පල කෙනෙක් සත් අනුසස් කෙනෙක් ද යත්: දිටුදැමියෙහි ම පෙරාතුව රහත් බව ලබයි. ඉදින් දිටුදැමියෙහි ම පෙරාතුව රහත් බව නොලබා නම් එකල්හි මරණසමයෙහි රහත් බව ලබයි. ඉදින් දිටුදැමියෙහි ම පෙරාතුව රහත් බව නො ලබා නම් ඉදින් මරණසමයෙහි රහත් බව නො ලබා නම් එකල්හි පස් ඕරම්භාගිය සංයෝජනයන් ක්ෂය කිරීමෙන් අන්තරාපරිනිබ්බායී වේ. උපහච්චපරිනිබ්බායී වේ. අසඞ්ඛාරපරිනිබ්බායී වේ. සසඞ්ඛාරපරිනිබ්බායී වේ. අකනිට්ඨගාමී උද්ධංසෝත වේ. මහණෙනි, ආනාපානසතිය මෙසේ වැඩූ කල්හි මෙසේ බහුල කළ කල්හි මේ සත්පලයෝ මේ සත් අනුසස්හු කැමති විය යුතුහ යි.