අරිට්ඨසුත්තං
10. 1. 6.
10. 1. 6.
අරිට්ඨසුත්තං
අරිට්ඨ සූත්‍රය
3754. සාවත්ථියං:
3754. සැවැත්නුවර:
භාවෙථ නො තුම්හෙ භික්ඛවෙ, ආනාපානසතින්ති. එවං වුත්තෙ ආයස්මා අරිට්ඨො භගවන්තං එතදවොච: “අහං ඛො භන්තෙ, භාවෙමි ආනාපානසතින්ති”. යථා කථං පන ත්වං අරිට්ඨ, භාවෙසි ආනාපානසතින්ති. අතීතෙසු මෙ භන්තෙ, කාමෙසු කාමච්ඡන්දො පහීනො. අනාගතෙසු මෙ කාමෙසු කාමච්ඡන්දො විගතො. අජ්ඣත්තබහිද්ධා ච මෙ ධම්මෙසු පටිඝසඤ්ඤා සුප්පටිවිනීතා. සො සතොව අස්සසාමි සතො පස්සසාමි. එවං ඛො’හං භන්තෙ, භාවෙමි ආනාපානසතින්ති.
මහණෙනි, තෙපි ආනාපානසතිය වඩවු දැයි මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් අරිට්ඨ තෙරණුවෝ භාග්‍යවතුන් වගන්සේට “වහන්ස, මම ආනාපානසතිය වඩමි”යි මෙය සැලකළහ. අරිට්ඨ, තෙපි කෙසේ නම් ආනාපානසතිය වඩවු දැයි. වහන්ස, ඉකුත් කාමයන්හි මාගේ කාමච්ඡන්දය ප්‍රහීණ වූයේ ය. මතු කාමයන්හි මාගේ කාමච්ඡන්දය පහ ව ගියේ ය. ආධ්‍යාත්මිකබාහිර ද්වාදශායතනයන්හි මාගේ ප්‍රතිඝසංඥාව ද සහමුලින් සිඳින ලද්දී ය. ඒ මම සිහි ඇති ව ම ආශ්වාස කරමි. සිහි ඇති ව ම ප්‍රශ්වාස කරමි. වහන්ස, මෙසේ මම ආනාපානසතිය වඩමි යි.
අත්ථෙසා අරිට්ඨ, ආනාපානසති, නෙසා නත්ථීති වදාමි. අපි ච අරිට්ඨ, යථා ආනාපානසති විත්ථාරෙන පරිපුණ්ණා හොති තං සුණාහි -පෙ- කථඤ්ච අරිට්ඨ, ආනාපානසති විත්ථාරතො පරිපුණ්ණා හොති: ඉධ අරිට්ඨ, භික්ඛු අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා -පෙ- පටිනිස්සග්ගානුපස්සී පස්සසිස්සාමීති සික්ඛති. එවං ඛො අරිට්ඨ, ආනාපානසති විත්ථාරෙන පරිපුණ්ණා හොතීති.
අරිට්ඨ, මෙබඳු ආනාපානසතියක් ඇත. මෙය නැතැයි නො කියමි. අරිට්ඨ, යම්සේ ආනාපානසතිය විතරවිසින් පිරිපුන් වේ නම් එය අසවු ... අරිට්ඨ, ආනාපානසතිය කෙසේ නම් විතර විසින් පිරිපුන් වේ ද යත්: අරිට්ඨ, මෙහි මහණ අරණකට ගියේ හෝ රුක්මුලකට ගියේ හෝ හිස්ගෙයකට ගියේ හෝ ... නිවන අනුව දක්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙමියි හික්මේ. අරිට්ඨ, මෙසේ ආනාපානසතිය විතර විසින් පිරිපුන් වේ යි.