කප්පිනසුත්තං
10. 1. 7.
10. 1. 7.
කප්පිනසුත්තං
කප්පින සූත්‍රය
3755. සාවත්ථියං:
3755. සැවැත්නුවර:
තෙන ඛො පන සමයෙන ආයස්මා මහාකප්පිනො භගවතො අවිදූරෙ නිසින්නො හොති පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. අද්දසා ඛො භගවා ආයස්මා මහාකප්පිනං අවිදූරෙ නිසින්නං පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. දිස්වාන භික්ඛූ ආමන්තෙසි: “පස්සථ නො තුම්හෙ භික්ඛවෙ, එතස්ස භික්ඛුනො කායස්ස ඉඤ්ජිතත්තං වා ඵන්දිතත්තං වා”ති යදා’පි මයං භන්තෙ, තං ආයස්මන්තං පස්සාම සඞ්ඝමජ්ඣෙ වා නිසින්නං එකං වා රහො නිසින්නං තදා’පි මයං තස්ස ආයස්මතො න පස්සාම කායස්ස ඉඤ්ජිතත්තං වා ඵන්දිතත්තං වාති.
එසමයෙහි ආයුෂ්මත් මහාකප්පින තෙරණුවෝ පලක් බැඳ උඩුකය ඍජු කොට තබා සිහිය අභිමුඛ කොට එළවා ගෙන භාග්‍යවතුන් වගන්සේ නුදුරෙහි වැඩහුන්නාහු වෙති. භාග්‍යවතුන් වහන්සේ පලක් බැඳ උඩුකය ඍජු කොට තබා සිහිය අභිමුඛ කොට එළවා ගෙන නුදුරෙහි වැඩ හුන් ආයුෂ්මත් මහාකප්පින තෙරුන් දුටුසේකි. දැක භික්ෂූන් ඇමතූ සේක: “මහණෙනි, තෙපි මේ මහණහුගේ කයෙහි කම්පනයක් හෝ සැලීමක් හෝ දකිවු දැ”යි. වහන්ස, අපි යම් කලෙක සඟමැද හුන්නාවූ හෝ එකලා ව විවේකී ව හුන්නා වූ හෝ ඒ ආයුෂ්මතුන් දක්නමෝ නම් එකලදු අපි ඒ ආයුෂ්මතුන්ගේ කයෙහි කම්පනයක් හෝ සැලීමක් හෝ නො දක්නමෝ යි.
යස්ස භික්ඛවෙ, සමාධිස්ස භාවිතත්තා බහුලීකතත්තා නෙව කායස්ස ඉඤ්ජිතත්තං වා හොති ඵන්දිතත්තං වා. න චිත්තස්ස ඉඤ්ජිතත්තං වා හොති ඵන්දිතත්තං වා, තස්ස සො භික්ඛවෙ, භික්ඛු සමාධිස්ස නිකාමලාභී අකිච්ඡලාභී අකසිරලාභී. කතමස්ස ච භික්ඛවෙ, සමාධිස්ස භාවිතත්තා බහුලීකතත්තා නෙව කායස්ස ඉඤ්ජිතත්තං වා හොති ඵන්දිතත්තං වා, න චිත්තස්ස ඉඤ්ජිතත්තං වා හොති ඵන්දිතත්තං වා: ආනාපානසතිසමාධිස්ස භික්ඛවෙ, භාවිතත්තා බහුලීකතත්තා නෙව කායස්ස ඉඤ්ජිතත්තං වා හොති ඵන්දිතත්තං වා. න චිත්තස්ස ඉඤ්ජිතත්තං වා හොති ඵන්දිතත්තං වා.
මහණෙනි, යම් සමාධියක් වැඩූ බැවින් බහුල කළ බැවින් කයෙහි කම්පනයෙක් හෝ සැලීමෙක් හෝ නො වේ ද, සිතෙහි කම්පනයෙක් හෝ සැලීමෙක් හෝ නො වේ ද, මහණෙනි, ඒ මහණ ඒ සමාධිය කැමැති සේ ලබනසුල්ලෙක් නිදුකින් ලබනසුල්ලෙක් මහත් සේ ලබනසුල්ලෙක් වෙයි. මහණෙනි, කවර සමාධියක් වැඩූ බැවින් බහුල කළ බැවින් කයෙහි කම්පනයෙක් හෝ සැලීමෙක් හෝ නො ම වේ ද යත්: සිතෙහි කම්පනයෙක් හෝ සැලීමක් හෝ නො ම වේ ද යත්: මහණෙනි, ආනාපානසතිසමාධිය වැඩූ බැවින් බහුල කළ බැවින් කයෙහි කම්පනයක් හෝ සැලීමක් හෝ නො ම වෙයි. සිතෙහි කම්පනයක් හෝ සැලීමක් හෝ නො ම වේ.
කථං භාවිතෙ ච භික්ඛවෙ, ආනාපානසතිසමාධිම්හි කථං බහුලීකතෙ නෙව කායස්ස ඉඤ්ජිතත්තං වා හොති ඵන්දිතත්තං වා, න චිත්තස්ස ඉඤ්ජිතත්තං වා හොති ඵන්දිතත්තං වා: ඉධ භික්ඛවෙ, භික්ඛු අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා -පෙ- පටිනිස්සග්ගානුපස්සී පස්සසිස්සාමීති සික්ඛති. එවං භාවිතෙ ඛො භික්ඛවෙ, ආනාපානසතිසමාධිම්හි එවං බහුලීකතෙ නෙව කායස්ස ඉඤ්ජිතත්තං වා හොති ඵන්දිතත්තං වා, න චිත්තස්ස ඉඤ්ජිතත්තං වා හොති ඵන්දිතත්තං වාති.
මහණෙනි, ආනාපානසතිසමාධිය කෙසේ වැඩූ කල්හි කෙසේ බහුල කළ කල්හි කයෙහි කම්පනයෙක් හෝ සැලීමෙක් හෝ නො ම වේ ද යත්: සිතේ කම්පනයෙක් හෝ සැලීමෙක් හෝ නො ම වේ ද යත්: මහණෙනි, මෙහි මහණ අරනකට ගියේ හෝ රුක්මුලකට ගියේ හෝ හිස්ගෙයකට ගියේ හෝ ... නිවන අනු ව දක්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මෙයි. මහණෙනි, ආනාපානසතිසමාධිය මෙසේ වැඩූ කල්හි මෙසේ බහුල කළ කල්හි කයේ කම්පනයෙක් හෝ සැලීමෙක් හෝ නො ම වේ. සිතේ කම්පනයෙක් හෝ සැලීමෙක් හෝ නො ම වේ යි.