කිම්බිලසුත්තං
10. 1. 10.
10. 1. 10.
කිම්බිලසුත්තං
කිම්බිල සූත්‍රය
3758. එකං සමයං භගවා කිම්බිලායං විහරති වෙළුවනෙ. තත්ර ඛො භගවා ආයස්මන්තං කිම්බිලං ආමන්තෙසි: “කථං භාවිතො ඛො කිම්බිල, ආනාපානසතිසමාධි කථං බහුලීකතො මහප්ඵලො හොති මහානිසංසොති. එවං වුත්තෙ ආයස්මා කිම්බිලො තුණ්හී අහොසි. දුතියම්පි ඛො භගවා ආයස්මන්තං කිම්බිලං ආමන්තෙසි -පෙ- තතිය තා ඛො භගවා ආයස්මන්තං කිම්බිලං ආමන්තෙසි: “කථං භාවිමෙපි ඛො, කිම්බිල, ආනාපානසතිසමාධි කථං බහුලීකතො මහප්ඵලො හොති මහානිසංසො”ති. තතියම්පි ඛො ආයස්මා කිම්බිලො තුණ්හී අහොසි.
3758. එක්සමයෙක භාග්‍යවතුන් වහන්සේ කිම්බිලානුවර සමීපයෙහි වේළුවනයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් කිම්බිල තෙරුන් ඇමතූ සේක: “කිම්බිල, කෙසේ වඩන ලද කෙසේ පුනපුනා කරන ලද ආනාපානසතිසමාධිය මහත්ඵල මහානිසංස වේ දැ”යි, මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් කිම්බිල තෙරණුවෝ නිහඬ වූහ. දෙවන වට දු භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් කිම්බිල තෙරුන් ඇමතූ සේක ... දෙවන වට දු ආයුෂ්මත් කිම්බිල තෙරණුවෝ නිහඬ වූහ. තෙවන වට දු භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් කිම්බිල තෙරුන් ඇමතූ සේක: “කිම්බිල, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද ආනාපානසති සමාධිය මහත්ඵල මහානිසංස වේ දැ”යි. තෙවන වට දු ආයුෂ්මත් කිම්බිල තෙරණුවෝ නිහඬ වූහ.
එවං වුත්තෙ ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: “එතස්ස භගවා කාලො, එතස්ස සුගත, කාලො, යං භගවා ආනාපානසතිසමාධිං භාසෙය්ය. භගවතො සුත්වා භික්ඛූ ධාරෙස්සන්තී”ති. තෙනහානන්ද, සුණාහි, සාධුකං මනසිකරොහි, භාසිස්සාමීති. එවං භන්තෙති ඛො ආයස්මා ආනන්දො භගවතො පච්චස්සොසි. භගවා එතදවොච: “කථං භාවිතො ච ආනන්ද, ආනාපානසතිසමාධි කථං බහුලීකතො මහප්ඵලො හොති මහානිසංසො: ඉධානන්ද, භික්ඛු අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා -පෙ- පටිනිස්සග්ගානුපස්සී පස්සසිස්සාමීති සික්ඛති. එවං භාවිතො ඛො ආනන්ද, ආනාපානසතිසමාධි එවං බහුලීකතො මහප්ඵලො හොති මහානිසංසො.
මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ: “යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේ ආනාපානසතිසමාධිය වදාරන සේක් නම් භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්ෂූහු දරන්නාහු නම් භාග්‍යවතුන් වහන්ස, එයට කාලය යි, සුගතයන් වහන්ස, එයට කාලය”යි. ආනන්ද, එසේ නම් අසව, මැනවින් මෙනෙහි කරව, කියන්නෙමි යි. වහන්ස, එසේ ය යි ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: “ආනන්ද, කෙසේ වඩන ලද කෙසේ පුනපුනා කරන ලද ආනාපානසතිසමාධිය මහත්ඵල මහානිසංස වේ ද යත්: ආනන්ද මෙසස්නෙහි මහණ අරනකට ගියේ හෝ රුක්මුලකට ගියේ හෝ හිස් ගෙයකට ගියේ හෝ ... නිවන අනු ව දක්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මෙයි. ආනන්ද, මෙසේ වඩන ලද මෙසේ පුනපුනා කරන ලද ආනාපානසතිසමාධිය මහත්ඵල මහානිසංස වේ.
යස්මිං සමයෙ ආනන්ද, භික්ඛු දීඝං වා අස්සසන්තො දීඝං අස්සසාමීති පජානාති, දීඝං වා පස්සසන්තො දීඝං පස්සසාමීති පජානාති, රස්සං වා අස්සසන්තො රස්සං අස්සසාමීති පජානාති, රස්සං වා පස්සසන්තො රස්සං පස්සසාමීති පජානාති, සබ්බකායපටිසංවෙදී අස්සසිස්සාමීති සික්ඛති, සබ්බකායපටිසංවෙදී පස්සසිස්සාමීති සික්ඛති, පස්සම්භයං කායසඞ්ඛාරං අස්සසිස්සාමීති සික්ඛති, පස්සම්භයං කායසඞ්ඛාරං පස්සසිස්සාමීති සික්ඛති, කායෙ කායානුපස්සී ආනන්ද, භික්ඛු තස්මිං සමයෙ විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. තං කිස්ස හෙතු: කායඤ්ඤතරාහං ආනන්ද, එතං වදාමි යදිදං අස්සාසපස්සාසං. තස්මාතිහානන්ද, කායෙ කායානුපස්සී භික්ඛු තස්මිං සමයෙ විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං.
ආනන්ද, යම් කලෙක මහණ දිගු කොට ආශ්වාස කරනුයේ දිගු කොට ආශ්වාස කෙරෙමි යි දනී ද, දිගු කොට ප්‍රශ්වාස කරනුයේ දිගු කොට ප්‍රශ්වාස කෙරෙමි යි දනී ද, ලුහුඬු කොට ආශ්වාස කරනුයේ ලුහුඬු කොට ආශ්වාස කෙරෙමි යි දනී ද, ලුහුඬු කොට ප්‍රශ්වාස කරනුයේ ලුහුඬු කොට ප්‍රශ්වාස කෙරෙමි යි දනී ද, සියලු ආශ්වාසප්‍රශ්වාස කය දන්නාසුලු ව ආශ්වාස කරන්නෙමි යි හික්මේ ද, සියලු ආශ්වාසප්‍රශ්වාස කය දන්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ ද, කායසංස්කාර සන්හිඳුවමින් ආශ්වාස කරන්නෙමි යි හික්මේ ද, කායසංස්කාර සන්හිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ ද, ආනන්ද, මහණ තෙමේ එසමයෙහි කයෙහි කය අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇතිව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. ඒ කවර හෙයින යත්: ආනන්ද, යම් ඒ අස්සාස පස්සාස වේ නම් මෙය (වායෝකාය නම් වූ) එක්තරා කයෙකැ යි මම කියමි. ආනන්ද, එහෙයින් මෙහි ලා එසමයෙහි මහණ කයෙහි කය අනු ව, දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ.
යස්මිං සමයෙ ආනන්ද, භික්ඛු පීතිපටිසංවෙදී අස්සසිස්සාමීති සික්ඛති, පීතිපටිසංවෙදී පස්සසිස්සාමීති සික්ඛති. සුඛපටිසංවෙදී අස්සසිස්සාමීති සික්ඛති, සුඛපටිසංවෙදී පස්සසිස්සාමීති සික්ඛති, චිත්තසඞ්ඛාරපටිසංවෙදී අස්සසිස්සාමීති සික්ඛති, චිත්තසඞ්ඛාරපටිසංවෙදී පස්සසිස්සාමීති සික්ඛති, පස්සම්භයං චිත්තසඞ්ඛාරං අස්සසිස්සාමීති සික්ඛති, පස්සම්භයං චිත්තසඞ්ඛාරං පස්සසිස්සාමීති සික්ඛති, වෙදනාසු වෙදනානුපස්සී ආනන්ද, භික්ඛු තස්මිං සමයෙ විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. තං කිස්ස හෙතු: වෙදනඤ්ඤතරාහං ආනන්ද, එතං වදාමි යදිදං අස්සාසපස්සාසානං සාධුකං මනසිකාරං. තස්මාතිහානන්ද, වෙදනාසු වෙදනානුපස්සී භික්ඛු තස්මිං සමයෙ විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං.
ආනන්ද, යම් සමයෙක මහණ ප්‍රීතිය දන්නාසුලු ව ආශ්වාස කරන්නෙමි යි හික්මේ ද, ප්‍රීතිය දන්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ ද, සුවය දන්නාසුලු ව ආශ්වාස කරන්නෙමි යි හික්මේ ද, සුවය දන්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ ද, චිත්තසංස්කාර දන්නාසුලු ව ආශ්වාස කරන්නෙමි යි හික්මේ ද, චිත්තසංස්කාර දන්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ ද, චිත්තසංස්කාර සන්හිඳුවමින් ආශ්වාස කරන්නෙමි යි හික්මේ ද, චිත්තසංස්කාර සන්හිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ ද ආනන්ද, එසමයෙහි මහණ වේදනාවන්හි වේදනා අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව විඳුම් ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. ඒ කවර හෙයින යත්: ආනන්ද, ආශ්වාසප්‍රශ්වාසයන්ගේ යම් ඒ මැනවින් මෙනෙහි කිරීමෙක් වේ ද, මෙය සුව වේදනා නම් වූ එක්තරා වේදනාවකැ යි මම කියමි. ආනන්ද, එහෙයින් මෙහි ලා මහණ එසමයෙහි වේදනාවන්හි වේදනා අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව විඳුම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ.
යස්මිං සමයෙ ආනන්ද, භික්ඛු චිත්තපටිසංවෙදී අස්සසිස්සාමීති සික්ඛති, චිත්තපටිසංවෙදී පස්සසිස්සාමීති සික්ඛති, අභිප්පමොදයං චිත්තං අස්සසිස්සාමීති සික්ඛති, අභිප්පමොදයං චිත්තං පස්සසිස්සාමීති සික්ඛති, සමාදහං චිත්තං අස්සසිස්සාමීති සික්ඛති, සමාදහං චිත්තං පස්සසිස්සාමීති සික්ඛති, විමොචයං චිත්තං අස්සසිස්සාමීති සික්ඛති, විමොචයං චිත්තං පස්සසිස්සාමීති සික්ඛති, චිත්තෙ චිත්තානුපස්සී ආනන්ද, භික්ඛු තස්මිං සමයෙ විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. තං කිස්ස හෙතු: නාහං ආනන්ද, මුට්ඨස්සතිස්ස අසම්පජානස්ස ආනාපානසතිසමාධිභාවනං වදාමි. තස්මාතිහානන්ද, චිත්තෙ චිත්තානුපස්සී භික්ඛු තස්මිං සමයෙ විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං.
ආනන්ද, යම් සමයෙක මහණ සිත දන්නාසුලු ව ආශ්වාස කරන්නෙමි යි හික්මේ ද, සිත දන්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ ද, සිත සතුටු කරවමින් ආශ්වාස කරන්නෙමි යි හික්මේ ද, සිත සතුටු කරවමින් ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ ද, සිත එකඟ කරමින් ආශ්වාස කරන්නෙමි යි හික්මේ ද, සිත එකඟ කරමින් ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ ද, සිත මුදවමින් ආශ්වාස කරන්නෙමි යි හික්මේ ද, සිත මුදවමින් ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ ද, ආනන්ද, එසමයෙහි මහණ සිත්හි සිත අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව සිත්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. ඒ කවර හෙයින යත්: ආනන්ද, මුළා සිහි ඇති මනාදැනුම් නැත්තහුට ආනාපානසතිසමාධිහාවනාවක් මම නො කියමි. ආනන්ද, එහෙයින් මෙහි ලා මහණ එසමයෙහි සිත්හි සිත අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව සිත්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ.
යස්මිං සමයෙ ආනන්ද, භික්ඛු අනිච්චානුපස්සී අස්සසිස්සාමීති සික්ඛති, අනිච්චානුපස්සී පස්සසිස්සාමීති සික්ඛති, විරාගානුපස්සී අස්සසිස්සාමීති සික්ඛති, විරාගානුපස්සී පස්සසිස්සාමීති සික්ඛති, නිරොධානුපස්සී අස්සසිස්සාමීති සික්ඛති, නිරොධානුපස්සී පස්සසිස්සාමීති සික්ඛති, පටිනිස්සග්ගානුපස්සී අස්සසිස්සාමීති සික්ඛති, පටිනිස්සග්ගානුපස්සී පස්සසිස්සාමීති සික්ඛති, ධම්මෙසු ධම්මානුපස්සී ආනන්ද, භික්ඛු තස්මිං සමයෙ විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. සො යං තං හොති අභිජ්ඣාදොමනස්සානං පහානං තං පඤ්ඤාය දිස්වා දිස්සා සාධුකං අජ්ඣුපෙක්ඛිතා හොති. තස්මාතිහානන්ද, ධම්මෙසු ධම්මානුපස්සී භික්ඛු තස්මිං සමයෙ විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං.
ආනන්ද, යම් සමයෙක මහණ අනිස අනු ව දක්නාසුලු ව ආශ්වාස කරන්නෙමි යි හික්මේ ද, අනිස අනු ව දක්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ ද, විරාගය අනු ව දක්නාසුලු ව ආශ්වාස කරන්නෙමි යි හික්මේ ද, විරාගය අනු ව දක්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ ද, නිරෝධය අනුව දක්නාසුලු ව ආශ්වාස කරන්නෙමි යි හික්මේ ද, නිරෝධය අනු ව දක්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ ද, නිවන අනු ව දක්නාසුලු ව ආශ්වාස කරන්නෙමියි හික්මේ ද නිවන අනු ව දක්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ ද, ආනන්ද, එසමයෙහි මහණ දහම්හි දහම් අනු ව දක්නාසුලුව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. දැඩිලොබ හා දොම්නස පිළිබඳ යම් ඒ ප්‍රහාණයෙක් වේ නම් හෙතෙමේ එය නුවණින් දැක දැක මැනවින් මැදහත්ව දක්නාසුලු වෙයි. ආනන්ද, එහෙයින් මෙහි ලා මහණ එසමයෙහි දහම්හි දහම් අනු ව දක්නාසුලුව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ.
සෙය්යථාපි ආනන්ද, චාතුම්මහාපථෙ මහාපංසුපුඤ්ජො. පුරත්ථිමාය චෙපි දිසාය ආගච්ඡෙය්ය සකටං වා රථො වා, උපහනතෙව තං පංසුපුඤ්ජං. පච්ඡිමාය චෙ’පි දිසාය -පෙ- උත්තරාය චෙ’පි දිසාය -පෙ- දක්ඛිණාය චෙ’පි දිසාය ආගච්ඡෙය්ය සකටං වා රථො වා උපහනතෙව තං පංසුපුඤ්ජං. එවමෙව ඛො ආනන්ද, භික්ඛු කායෙ කායානුපස්සී විහරන්තො’පි උපහනතෙව පාපකෙ අකුසලෙ ධම්මෙ, වෙදනාසු -පෙ- චිත්තෙ -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරන්තො’පි උපහනතෙව පාපකෙ අකුසලෙ ධම්මෙති.
ආනන්ද, යම්සේ සිවුමංසලක මහපස්පිඬෙක් වේ ද, ඉදින් පෙරදිගිනුදු ගැලෙක් හෝ රියෙක් හෝ එන්නේ නම් ඒ පස්පිඬ නසා ම ය. ඉදින් පැළදිගිනුදු ... ඉදින් උතුරුදිගිනුදු ... ඉදින් දකුණුදිගිනුදු ගැලෙක් හෝ රියෙක් හෝ එන්නේ නම් ඒ පස්පිඬ නසා ම ය. ආනන්ද, එසෙයින් ම මහණ කයෙහි කය අනු ව දක්නාසුලු ව වෙසෙන්නේ ද ලාමක අකුසල් දහම් නසා ම ය. විඳුම්හි ... සිත්හි ... දහම්හි දහම් අනු ව දක්නාසුලු ව වෙසෙන්නේ ද, ලාමක අකුසල් දහම් නසා මැ යි.
එකධම්මවග්ගො පඨමො.
පළමුවැනි ඒකධම්මවර්‍ග යි.
තත්රුද්දානං:
එහි සූත්‍රනාමාවලිය:
එකධම්මො ච බොජ්ඣඞ්ගො සුද්ධකඤ්ච දුවෙ ඵලා, අරිට්ඨො කප්පිනො දීපො, අසුභං කිම්බිලෙන චාති.
ඒකධම්ම, බොජ්ඣඞ්ග, සුද්ධක යී සූත්‍ර තුනෙක් ද ඵලසූත්‍ර දෙකෙක් ද අරිට්ඨ, කප්පින, දීප, අසුභ, කිම්බිල යී පසෙක් දැ යි මුළුල්ල දශයෙකි යි.