යෙදුමෙන් කියවන්න

ඉච‍්ඡානඞ‍්ගලසුත‍්තං

10. 2. 1.

10. 2. 1.

ඉච‍්ඡානඞ‍්ගලසුත‍්තං

ඉච්ඡානඞ්ගල සූත්‍රය

3759. එකං සමයං භගවා ඉච‍්ඡානඞ‍්ගලෙ විහරති ඉච‍්ඡානඞ‍්ගල වනසණ‍්ඩෙ. තත්‍ර ඛො භගවා භික‍්ඛූ ආමන‍්තෙසි: “ඉච‍්ඡාමහං භික‍්ඛවෙ, තෙමාසං පතිසල‍්ලීයිතුං. නම‍්හි කෙනචි උපසඞ‍්කමිතබ‍්බො අඤ‍්ඤත්‍ර එකෙන පිණ‍්ඩපාතනීහාරකෙනා”ති. ‘එවම‍්භන‍්තෙ’ති ඛො තෙ භික‍්ඛූ භගවතො පටිස‍්සුත්‍වා නාස‍්සු කොචි භගවන‍්තං උපසඞ‍්කමති, අඤ‍්ඤත්‍ර එකෙන පිණ‍්ඩපාතනීහාරකෙන.

3759. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ ඉච්ඡානඞ්ගලනුවර සමීපයෙහි ඉච්ඡානඞ්ගලවනලැහැබෙහි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක: “මහණෙනි, මම තෙමසක් එකලා ව වෙසෙන්නට කැමැත්තෙමි. පිණ්ඩපාතය රැගෙන එන එකකු හැර අන් කිසිවකු විසින් නො එළඹිය යුත්තෙම් වෙමි”යි. එසේ ය වහන්සැ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දී පිණ්ඩපාතය රැගෙන එන එක් මහණකු හැර අන් කිසිවෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත නො එළඹිණ.

අථ ඛො භගවා තස‍්ස තෙමාසස‍්ස අච‍්චයෙන පටිසල‍්ලානා වුට‍්ඨිතො භික‍්ඛූ ආමන‍්තෙසි: “සචෙ වො භික‍්ඛවෙ, අඤ‍්ඤතිත්‍ථියා පරිබ‍්බාජකා එවං පුච‍්ඡෙය්‍යුං ‘කතමෙන ආවුසො විහාරෙන සමණො ගොතමො වස‍්සාවාසං බහුලං විහාසී’ති, එවං පුට‍්ඨා තුම‍්හෙ භික‍්ඛවෙ, තෙසං අඤ‍්ඤතිත්‍ථියානං පරිබ‍්බාජකානං එවං බ්‍යාකරෙය්‍යාථ: ‘ආනාපානසතිසමාධිනා ඛො ආවුසො, භගවා වස‍්සාවාසං බහුලං විහාසී’ති.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ තෙමස අයාමෙන් විවේකයෙන් නැඟීසිටි සේක් භික්‍ෂූන් ඇමතූ සේක: “මහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජ්ජෝ: “ඇවැත්නි, මහණ ගොයුම්හු ඇතුළුවස කවර විහරණයෙකින් යුතු ව බහුල කොට වුසූ දැ”යි මෙසේ තොප පුළුවුස්නාහු නම් මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජ්ජන්ට “ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ ආනාපානසතිසමාධියෙන් යුතු ව ඇතුළුවස බහුල කොට වුසූ සේකැ”යි මෙසේ පවසන්නහු ය.

ඉධාහං භික‍්ඛවෙ, සතො අස‍්සසාමි, සතො පස‍්සසාමි. දීඝං වා අස‍්සසන‍්තො දීඝං අස‍්සසාමීති පජානාමි, දීඝං වා පස‍්සසන‍්තො දීඝං පස‍්සසාමීති පජානාමි -පෙ- පටිනිස‍්සග‍්ගානුපස‍්සී අස‍්සසිස‍්සාමීති පජානාමි, පටිනිස‍්සග‍්ගානුපස‍්සී පස‍්සසිස‍්සාමීති පජානාමි. යං හි තං භික‍්ඛවෙ, සම‍්මා වදමානො වදෙය්‍ය අරියවිහාරො ඉතිපි බ්‍රහ‍්මවිහාරො ඉතිපි තථාගතවිහාරො ඉතිපි ආනාපානසතිසමාධිං සම‍්මාවදමානො වදෙය්‍ය, අරියවිහාරො ඉතිපි බ්‍රහ‍්මවිහාරො ඉතිපි තථාගතවිහාරො ඉතිපි.

මහණෙනි, මෙහි මම සිහි ඇතියෙම් ආශ්වාස කරමි. සිහි ඇතියෙම් ප්‍රශ්වාස කරමි. දිගු කොට හෝ ආශ්වාස කරන්නෙම් දිගු කොට ආශ්වාස කරමි යි දනිමි දිගු කොට හෝ ප්‍රශ්වාස කරන්නෙම් දිගු කොට ප්‍රශ්වාස කරමි යි දනිමි ... නිවන අනු ව දක්නාසුලු ව ආශ්වාස කරන්නෙමි යි දනිමි. නිවන අනු ව දක්නාසුලුව ප්‍රශ්වාස කරන්නෙමි යි දනිමි. මහණෙනි, මැනවින් කියන්නෙක් අරියවිහාර ය යි දු බ්‍රහ්මවිහාර ය යි දු තථාගතවිහාර ය යි දු ඒ යමකට කියන්නේ නම් මැනවින් කියන්නා ආනාපානසතිසමාධියට අරියවිහාර ය යි දු බ්‍රහ්මවිහාර ය යි දු තථාගතවිහාර ය යි දු කියන්නේ ය.

යෙ තෙ භික‍්ඛවෙ, භික‍්ඛූ සෙඛා අප‍්පත‍්තමානසා අනුත‍්තරං යොගක‍්ඛෙමං පත්‍ථයමානා විහරන‍්ති, තෙසං ආනාපානසතිසමාධි භාවිතො බහුලීකතො ආසවානං ඛයාය සංවත‍්තති. යෙ ච ඛො තෙ භික‍්ඛවෙ, භික‍්ඛූ අරහන‍්තො ඛීණාසවා වුසිතවන‍්තො කතකරණීයා ඔහිතභාරා අනුප‍්පත‍්තසදත්‍ථා පරික‍්ඛීණභවසංයොජනා සම‍්මදඤ‍්ඤාවිමුත‍්තා, තෙසං ආනාපානසතිසමාධි භාවිතො බහුලීකතො දිට‍්ඨධම‍්මසුඛවිහාරාය චෙව සංවත‍්තති සතිසම‍්පජඤ‍්ඤාය ච. යං හි තං භික‍්ඛවෙ, සම‍්මාවදමානො වදෙය්‍ය අරියවිහාරො ඉතිපි බ්‍රහ‍්මවිහාරො ඉතිපි තථාගතවිහාරො ඉතිපි ආනාපානසතිසමාධිං සම‍්මාවදමානො වදෙය්‍ය අරියවිහාරො ඉතිපි බ්‍රහ‍්මවිහාරො ඉතිපි තථාගතවිහාරො ඉතිපීති.

මහණෙනි, යම් ඒ මහණ කෙනෙක් ශෛක්‍ෂ්‍ය වූවාහු නො පැමිණි රහත් බැව් ඇත්තාහු අනුත්තර රහත් බව පතන්නාහු වෙසෙද් ද, ආනාපානසතිසමාධිය වඩන ලද්දේ පුනපුනා කරන ලද්දේ ඔවුන්ගේ ආස්‍රවක්‍ෂය පිණිස පවතී. මහණෙනි, ක්‍ෂය කළ ආස්‍රව ඇති වැස නිම වූ බඹසර ඇති කළ සිවුමග කටයුතු ඇති බහා තැබූ බර ඇති පිළිවෙළින් පැමිණි රහත් බැව් ඇති ගෙවූ භවසංයෝජන ඇති මැනවින් දැන මිදුණු යම් ඒ රහත් මහණහු වෙද්ද, ආනාපානසතිසමාධිය වඩන ලද්දේ පුනපුනා කරන ලද්දේ ඔවුන්ට දිටුදැමියෙහි සුවවිහරණ පිණිසත් සිහිනුවණ පිණිසත් පවතී. මහණෙනි, මැනවින් කියන්නෙක් අරියවිහාර ය යි දු බ්‍රහ්මවිහාර ය යි දු තථාගත විහාරය යි දු ඒ යමකට කියන්නේ නම් මැනවින් කියන්නා ආනාපානසතිසමාධියට අරියවිහාර ය යි දු බ්‍රහ්මවිහාර ය යි දු තථාගතවිහාර ය යි දු කියන්නේ යි.