යෙදුමෙන් කියවන්න

2. ආනන්‍ද වග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

2. ආනන්ද වර්ගය

1-2. ඉච‍්ඡානඞ‍්ගලසුත‍්තාදිවණ‍්ණනා

1-2. ඉච්ඡානඞ්ගල ආදි සූත්‍ර වර්ණනා

දුතියවග‍්ගස‍්ස පඨමෙ එවං බ්‍යාකරෙය්‍යාථාති කස‍්මා අත‍්තනො විහාරසමාපත‍්තිං ආචික‍්ඛති? උපාරම‍්භමොචනත්‍ථං. සචෙ හි තෙ “න ජානාමා”ති වදෙය්‍යුං, අථ නෙසං තිත්‍ථියා “තුම‍්හෙ ‘අසුකසමාපත‍්තියා නාම නො සත්‍ථා තෙමාසං විහාසී’තිපි න ජානාථ, අථ කස‍්මා නං උපට‍්ඨහන‍්තා විහරථා”ති උපාරම‍්භං ආරොපෙය්‍යුං, තතො මොචනත්‍ථං එවමාහ.

දෙවන වර්ගයේ පළමුවැන්නෙහි - එවං ඛ්‍යාකරෙය්‍යාථ = කුමක් හෙයින් තමාගේ සමාපත්ති විහරණය කියයිද? දෝෂාරෝපණය බැහැර කරනු පිණිසය. ඉදින් ඔවුන් නොදන්නෙමුයයි කියත් නම්, ඉක්බිති ඔවුන්හට තීර්ථකයෝ “අපගේ ශාස්තෲවරයා අසවල් සමාපත්තියෙන් තුන් මසක් ගත කෙළේය. යන බව ඔබ නොදන්නහුද? එසේ ඇති කල්හි කුමක් හෙයින් ඔහු ගැන කියමින් යන්නහුදැයි දොස් පවරති.

අථ කස‍්මා යථා අඤ‍්ඤත්‍ථ “සතොව අස‍්සසති, දීඝං වා අස‍්සසන‍්තො”ති (දී· නි· 2.374; ම· නි· 1.107; සං· නි· 5.977) එව-වාකාරො වුත‍්තො. එවං ඉධ න වුත‍්තොති? එකන‍්තසන‍්තත‍්තා. අඤ‍්ඤෙසඤ‍්හි අස‍්සාසො වා පාකටො හොති පස‍්සාසො වා, භගවතො උභයම‍්පෙතං පාකටමෙව නිච‍්චං උපට‍්ඨිතස‍්සතිතායාති එකන‍්තසන‍්තත‍්තා න වුත‍්තො. අථ “සික‍්ඛාමී”ති අවත්‍වා කස‍්මා “අස‍්සසාමී”ති එත‍්තකමෙව වුත‍්තන‍්ති? සික‍්ඛිතබ‍්බාභාවා. සත‍්ත හි සෙඛා සික‍්ඛිතබ‍්බභාවා සෙඛා නාම, ඛීණාසවා සික‍්ඛිතබ‍්බාභාවා අසෙඛා නාම, තථාගතා අසික‍්ඛිතබ‍්බා අසෙක‍්ඛා නාම නත්‍ථි තෙසං සික‍්ඛිතබ‍්බකිච‍්චන‍්ති සික‍්ඛිතබ‍්බාභාවා න වුත‍්තං. දුතියං උත‍්තානමෙව.

එයින් මිදීම සඳහා මෙසේ කීය. දීර්ඝ වූ ආශ්වාසයක්ය යන ආදී වශයෙන් සිහියෙන් යුතුව ආශ්වාස කිරීමෙන් තොරව මෙම ස්වභාවය කියන ලද්දේ හෝ නො කියන ලද්දේ කුමක් හෙයින්ද යත් - එය ඒකාන්ත සත්‍ය ස්වභාවයක් බැවිනි. අන් අයගේ වනාහී ආශ්වාසය හෝ ප්‍රශ්වාසය ප්‍රකටව පෙනෙයි. භාග්‍යවතුන් වහන්සේගේ මේ දෙකම ප්‍රකටව පෙනෙයි. නිතර එළඹ සිටි සිහිය ඇති බැවින් එසේ වේය යන්න ඒකාන්ත සත්‍යයකි. එබැවින් එය නො කියන ලදී. තව ද හික්මෙමියි නො කියා කුමක් හෙයින් ආශ්වාස කරමියි යන මෙය පමණක් කියන ලද්දේද යත් - හික්මවිය යුතු තත්ත්වයක් හට පැමිණි) ශෛක්ෂ්‍යයෝ සත්දෙනා හික්මවිය යුතු ශෛක්ෂ්‍යයෝ නම් වෙත්. ක්ෂීණාශ්‍රවයෝ (රහත් ඵල ලාභීහු) හික්මවිය යුතු නොවන අශෛක්ෂ්‍යයෝ නම් වෙත්. තථාගතයන් වහන්සේලා ද හික්ම විය යුතු නොවන අශෛක්ෂ්‍යයෝ නම් වෙති. උන්වහන්සේලාට හික්මවිය යුතු කාර්යයක් නැති බැවින් හික්මවිය යුතු නොවන බව නො කියන ලදී. දෙවැන්න පහසු වේමය.

3-10. ආනන්‍දසුත‍්තාදිවණ‍්ණනා

3-10. ආනන්ද ආදි සූත්‍ර වර්ණනා

තතියෙ පවිචිනතීති අනිච‍්චාදිවසෙන පවිචිනති. ඉතරං පදද‍්වයං එතස‍්සෙව වෙවචනං. නිරාමිසාති නික‍්කිලෙසා කායිකචෙතසිකදරථපටිපස‍්සද‍්ධියා කායොපි චිත‍්තම‍්පි පස‍්සම‍්භති. සමාධියතීති සම‍්මා ඨපියති, අප‍්පනාචිත‍්තං විය හොති. අජ‍්ඣුපෙක‍්ඛිතා හොතීති සහජාතඅජ‍්ඣුපෙක‍්ඛනාය අජ‍්ඣුපෙක‍්ඛිතා හොති.

තුන් වැන්නෙහි - පවිචින්ති = අනිත්‍ය ආදී වශයෙන් විමසා බලයි. ඉතිරි පද දෙක මෙයටම යෙදෙන වෙනත් වචනයන්ය. නිරාමිසා = කෙලෙස් රහිත කායික චෛතසික විඩාව සන්සිඳීමෙන් කය ද සිත ද සන්සුන් වෙයි. සමාධියති = මනා කොට පිහිටුවයි. ධ්‍යානගත සිත මෙන් වෙයි. අජ්ඣුපෙක්‍ඛිතා හොති = උපත සමග පැමිණි මධ්‍යස්ථ භාවයෙන් මධ්‍යස්ථ වෙයි.

එවං චුද‍්දසවිධෙන කායපරිග‍්ගාහකස‍්ස භික‍්ඛුනො තස‍්මිං කායෙ සති සතිසම‍්බොජ‍්ඣඞ‍්ගො, තාය සතියා සම‍්පයුත‍්තඤාණං ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගො, තංසම‍්පයුත‍්තමෙව කායිකචෙතසිකවීරියං වීරියසම‍්බොජ‍්ඣඞ‍්ගො, පීතිපස‍්සද‍්ධිචිත‍්තෙකග‍්ගතා පීතිපස‍්සද‍්ධිසමාධිසම‍්බොජ‍්ඣඞ‍්ගා, ඉමෙසං ඡන‍්නං බොජ‍්ඣඞ‍්ගානං අනොසක‍්කනඅනතිවත‍්තනසඞ‍්ඛාතො මජ‍්ඣත‍්තාකාරො උපෙක‍්ඛාසම‍්බොජ‍්ඣඞ‍්ගො. යථෙව හි සමප‍්පවත‍්තෙසු අස‍්සෙසු සාරථිනො “අයං ඔලීයතී”ති තුදනං වා, “අයං අතිධාවතී”ති ආකඩ‍්ඪනං වා නත්‍ථි, කෙවලං එවං පස‍්සමානස‍්ස ඨිතාකාරොව හොති, එවමෙව ඉමෙසං ඡන‍්නං බොජ‍්ඣඞ‍්ගානං අනොසක‍්කනඅනතිවත‍්තනසඞ‍්ඛාතො මජ‍්ඣත‍්තාකාරො උපෙක‍්ඛාසම‍්බොජ‍්ඣඞ‍්ගො නාම හොති. එත‍්තාවතා කිං කථිතං? එකචිත‍්තක‍්ඛණිකා නානාසරසලක‍්ඛණා විපස‍්සනාබොජ‍්ඣඞ‍්ගා නාම කථිතා.

මෙසේ තුදුස් ආකාරයකින් ශරීරය ග්‍රහණය කරගත් භික්ෂුවගේ එම ශරීරයෙහි පවත්නා සිහිය සති සම්බොජ්ඣඞ්ගයයි. (නිවනට උපකාරීවන පිරිසිදු සිහියයි) එම සිහියෙන් යුක්තවූ ඤාණය ධම්මවිචය සම්බොජ්ඣඞ්ගයයි. (නිවනට උපකාරීවන ධර්මය විමසා බැලීමයි) එය හා යෙදුනා වූ ම කායික චෛතසික වීර්යය විරිය සම්බොජ්ඣඞ්ගයයි. (නිවනට උපකාරීවන වීර්යයයි) ප්‍රීතිය, සන්සුන් බව, සිතෙහි එකඟ බව යන මේවා “ප්‍රීති. පස්සද්ධි, සමාධි” යන සම්බොජ්ඣඞ්ගයන් වේ. මේ බොජ්ඣඞ්ග සයෙහි පසුබට නොවීම හා ඒවා ඉක්මවා නො යාම නම් වූ මධ්‍යස්ථ භාවය උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය නම් වෙයි. යම්සේ රිය බැඳි අශ්වයෝ සමව ගමන් කරත් ද, එවිට මේ අශ්වයා පසුබට වන්නේයයි කෙවිටෙන් ඇනීමක් හෝ මේ අශ්වයා වේගයෙන් දුවන්නේයයි පස්සට ඇදීමක් හෝ සිදු කිරීමට රියැදුරාට සිදු නොවේ. හුදෙක් දුවමින් සිටින ආකාරය පමණක් ම වෙයි. මේ අයුරින් මේ බොජ්ඣඞ්ග සයේ පසුබට නොවීම හා ඉක්මවා නොයාම නම් වූ මධ්‍යස්ථ භාවය උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය නම් වෙයි. මෙපමණකින් කුමක් නම් කියන ලද්දේ ද යත් - එක් චිත්ත ක්ෂණයක් තුළ සලකා බැලෙන විදර්ශනාවන් බොජ්ඣඞ්ගය නම් වේයයි කියන ලදී.

විවෙකනිස‍්සිතන‍්තිආදීනි වුත‍්තත්‍ථානෙව. එත්‍ථ පන සොළසක‍්ඛත‍්තුකා ආනාපානස‍්සති මිස‍්සකා කථිතා, ආනාපානමූලකා සතිපට‍්ඨානා පුබ‍්බභාගා, තෙසං මූලභූතා ආනාපානස‍්සති පුබ‍්බභාගා. බොජ‍්ඣඞ‍්ගමූලකා සතිපට‍්ඨානා පුබ‍්බභාගා, තෙපි බොජ‍්ඣඞ‍්ගා පුබ‍්බභාගාව. විජ‍්ජාවිමුත‍්තිපූරකා පන බොජ‍්ඣඞ‍්ගා නිබ‍්බත‍්තිතලොකුත‍්තරා, විජ‍්ජාවිමුත‍්තියො අරියඵලසම‍්පයුත‍්තා. විජ‍්ජා වා චතුත්‍ථමග‍්ගසම‍්පයුත‍්තා, විමුත‍්ති ඵලසම‍්පයුත‍්තාති. චතුත්‍ථපඤ‍්චමඡට‍්ඨානිපි ඉමිනාව සමානපරිච‍්ඡෙදානි. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙවාති.

විවෙක නිස්සිතං = යන ආදිය පෙර කියන ලද අර්ථ ඇත්තේය. මෙහිදී වනාහී සොළොස් වාරයක් ආනාපාන සතිය මිශ්‍රාවශයෙන් කියන ලදී. ආනාපානය මුල් කරගත් සතිපට්ඨානයන් පූර්වභාගයන් වේ. ආනාපාන සතිය මුල් වූ එම පූර්වභාගයෝ බොජ්ඣඞ්ගයන් සම්පූර්ණ කරන්නාවූ සතිපට්ඨානයෝය. එම බොජ්ඣඞ්ග පූර්ව භාගයෝ ද දැනුම නිසා ලබන විමුක්තිය සම්පූර්ණ කරන්නාවූ (විජ්ජා විමුත්ති පුරකා) බොජ්ඣඞ්ගයෝය, නැතහොත් හට ගන්නා ලද ලෝකෝත්තර දැනුම නිසා ලබන විමුක්තීහු ආර්ය ඵලයන් හා එක් වූ විද්‍යාවෝය. සිවුවන (අර්හත්) මාර්ගය හා එක්ව යෙදුණාවූ තැනැත්තෝ විමුක්ති ඵලයන් හා එක්ව යෙදුනාහ. සිවුවන, පස්වන, සයවන කොටස් ද මේ හා සමාන වූ පරිච්ඡේදයන්ය. සෙස්ස සියලු තැන්හි පහසු වේමය.

ආනාපානසංයුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

ආනාපාන සංයුත්තය සමාප්තයි