යෙදුමෙන් කියවන්න

1. වෙළුද‍්වාරවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

1. වෙළුද්වාර වර්ගය

1. රාජසුත‍්තවණ‍්ණනා

1. රාජ සූත්‍ර වර්ණනාව

සොතාපත‍්තිසංයුත‍්තස‍්ස පඨමෙ කිඤ‍්චාපීති අනුග‍්ගහගරහණෙසු නිපාතො. චතුන‍්නඤ‍්හි මහාදීපානං ඉස‍්සරියාධිපච‍්චං රජ‍්ජං අනුග‍්ගණ‍්හන‍්තො චතුන‍්නඤ‍්ච අපායානං අප‍්පහීනභාවං ගරහන‍්තො සත්‍ථා “කිඤ‍්චාපි, භික‍්ඛවෙ, රාජා චක‍්කවත‍්තී”තිආදිමාහ. තත්‍ථ චතුන‍්නං දීපානන‍්ති ද‍්විසහස‍්සදීපපරිවාරානං චතුන‍්නං මහාදීපානං. ඉස‍්සරියාධිපච‍්චන‍්ති ඉස‍්සරභාවො ඉස‍්සරියං, අධිපතිභාවො ආධිපච‍්චං, ඉස‍්සරියං ආධිපච‍්චං එතස‍්මිං රජ‍්ජෙ, න ඡෙදනභෙදනන‍්ති ඉස‍්සරියාධිපච‍්චං. කාරෙත්‍වාති එවරූපං රජ‍්ජං පවත‍්තාපෙත්‍වා. කිඤ‍්චාපි, භික‍්ඛවෙ, අරියසාවකොති එත්‍ථ අනුග‍්ගහපසංසාසු නිපාතො. පිණ‍්ඩියාලොපෙන හි යාපනං අනුග‍්ගහන‍්තො චතුන‍්නඤ‍්ච අපායානං පහීනභාවං පසංසන‍්තො සත්‍ථා “කිඤ‍්චාපි, භික‍්ඛවෙ, අරියසාවකො”තිආදිමාහ. තත්‍ථ නන‍්තකානීති අනන‍්තකානි. තෙරසහත්‍ථොපි හි වත්‍ථසාටකො දසච‍්ඡෙදනතො පට‍්ඨාය නන‍්තකන‍්තෙව සඞ‍්ඛං ගච‍්ඡති.

සොතාපත්ති සංයුත්තයේ පළමුවැන්නෙහි කිඤ්චාපි අනුග්‍රහ සහ ගැරහීම් කිරීමෙහි නිපාතයකි. සතර මහ දිවයින්හි අධිපති බවට පැමිණි රාජ්‍යත්‍වයට අනුග්‍රහ කරන්නාවූ ද, සතර අපායන් දුරුනොකළ බවට ගර්හා කරන්නාවූ ද ශාස්තෲන් වහන්සේ කිඤ්චාපි භික්‍ඛවෙ රාජා චක්කවත්ති = යන ආදිය වදාළහ. චතුන්නං දීපානං = දෙදහසක් දිවයින් පිරිවරකොට ඇති සතර මහ දිවයින්හි. ඉස්සරියාධි පච්චං = ස්වාමීත්වය “ඉස්සරිය” නම් වෙයි. අධිපති භාවය “අධිපතිච්ච” නම් වෙයි. ඉස්සරිය, අධිපච්ච යන මෙහි රජයෙහි සිදීම හා බිඳීම සිදු නොවේය යන්න “ඉස්සරියාධිපච්ච” නම් වෙයි. කාරෙත්‍වා = මෙවැනි රාජ්‍යයක් පවත්වා කිඤ්චාපි භික්‍ඛවෙ අරිය සාවකො යන ආදිය වදාළහ. එහි නත්තකානි = අවසන් වීම් නැති යන අදහසයි. තෙළෙස් වරක් හෝ පලුදු වූ රෙදිපටක් දස කොටසක්ව ඉරීගිය තැන් පටන් “නන්තකං” යන නම ලබයි.

අවෙච‍්චප‍්පසාදෙනාති අචලප‍්පසාදෙන. සො පනායං පසාදො කිං එකො, අනෙකොති? එකොව, සො මග‍්ගෙන ආගතප‍්පසාදො. යෙසු පන වත්‍ථූසු අපුබ‍්බං අචරිමං රුහති, තෙසං වසෙන “බුද‍්ධෙ අවෙච‍්චප‍්පසාදෙනා”තිආදිනා නයෙන තිධා වුත‍්තො. යස‍්මා ච එකො, තස‍්මාව නින‍්නානාකරණො හොති. අරියසාවකස‍්ස හි බුද‍්ධෙයෙව පසාදො ච පෙමඤ‍්ච ගාරවඤ‍්ච මහන‍්තං, න ධම‍්මෙ වා සඞ‍්ඝෙ වා, ධම‍්මෙයෙව වා මහන‍්තං, න බුද‍්ධෙ වා සඞ‍්ඝෙ වා, සඞ‍්ඝෙයෙව වා මහන‍්තං, න බුද‍්ධෙ වා ධම‍්මෙ වාති එතං නත්‍ථි. ඉතිපි සො භගවාතිආදීනි විසුද‍්ධිමග‍්ගෙ විත්‍ථාරිතානෙව.

අවෙච්චප්පසාදෙන = ස්ථිරවූ පැහැදීමෙන්. ඒ මේ පැහැදීම වනාහී එක් අයුරකින් හෝ නන් අයුරින් ඇති වේ. නියම මාර්ගයෙන් පැමිණි ඒ පැහැදීම යම් වස්තූන් කෙරෙහි පෙර පසු නොවී (හෙවත් එක්වරම) වර්ධනය වේද, ඒ අයුරින් බුදුන් වහන්සේ කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් යන ආදී පිළිවෙළින් තුන් ආකාරයකින් කියන ලදී. යම් හෙයකින් එකම ආකාරයක් වේ නම් එය පහත් තත්ත්වයක් වෙයි. ආර්ය ශ්‍රාවකයාගේ වනාහී බුදුන් වහන්සේ කෙරෙහිම පමණක් පවතින ප්‍රසාදය ද, ප්‍රේමයද, ගෞරවය ද මහත් වන්නේ නම් ධර්මය කෙරෙහි හෝ සංඝයා කෙරෙහි හෝ ප්‍රසාදය ද, ප්‍රේමය ද, ගෞරවය ද මහත් නො වේ. ධර්මය කෙරෙහිම පමණක් ප්‍රසාදය ආදිය) මහත්ව පවතී නම් බුදුන් කෙරෙහි හෝ සංඝයා කෙරෙහි එය මහත් නොවේ. සංඝයා කෙරෙහිම පමණක් එය මහත්ව පවතී නම් බුදුන් කෙරෙහි හෝ ධර්මය කෙරෙහි එය මහත් නොවේ. (අචල ශ්‍රද්ධාවෙහිදී) මෙවැන්නක් නැත්තේය. ඉතිපිසො භගවා යන ආදිය විශුද්ධි මාර්ගයෙහි විස්තර කරන ලද්දේය.

අරියකන‍්තෙහීති අරියානං කන‍්තෙහි පියෙහි මනාපෙහි. පඤ‍්ච හි සීලානි භවන‍්තරගතාපි අරියා න කොපෙන‍්ති, එවං තෙසං පියානි. තානි සන්‍ධායෙතං වුත‍්තං. අඛණ‍්ඩෙහීතිආදි සදිසවසෙන වුත‍්තං. මුඛවට‍්ටියඤ‍්හි ඡින‍්නෙකදෙසා පාති ඛණ‍්ඩාති වුච‍්චති, මජ‍්ඣෙ භින‍්නා ඡිද‍්දාති, එකස‍්මිං පදෙසෙ විසභාගවණ‍්ණා ගාවී සබලාති, නානාබින්‍දුචිත‍්තා කම‍්මාසාති, එවමෙව පටිපාටියා ආදිම‍්හි වා අන‍්තෙ වා භින‍්නං සීලං ඛණ‍්ඩං නාම, මජ‍්ඣෙ භින‍්නං ඡිද‍්දං, යත්‍ථ කත්‍ථචි ද‍්වින‍්නං වා තිණ‍්ණං වා පටිපාටියා භින‍්නත‍්තා සබලං, එකන‍්තරං භින‍්නං කම‍්මාසං. තෙසං දොසානං අභාවෙන අඛණ‍්ඩාදිතා වෙදිතබ‍්බා. භුජිස‍්සෙහීති භුජිස‍්සභාවකරෙහි. විඤ‍්ඤුප‍්පසත්‍ථෙහීති බුද‍්ධාදීහි විඤ‍්ඤූහි පසංසිතෙහි. අපරාමට‍්ඨෙහීති “ඉදං නාම තයා කතං, ඉදං වීතික‍්කන‍්ත”න‍්ති එවං පරාමසිතුං අසක‍්කුණෙය්‍යෙහි. සමාධිසංවත‍්තනිකෙහීති අප‍්පනාසමාධිං උපචාරසමාධිං වා සංවත‍්තෙතුං සමත්‍ථෙහි.

අරිය කන්තෙහි = ආර්යයන් හට ප්‍රියවූ ද, මනාප වූ ද අයුරින්, වෙනත් භාවයකට ගියාවූ හෝ ආර්යයෝ පන්සිල් නම් කඩනොකරති. මෙසේ ඔවුන් (ආර්යයන්) හට ප්‍රිය වූ එම පන්සිල් සඳහාම කියන ලදී. අඛණ්ඩෙහි යනුවෙන් පෙර කී කරුණට සමාන යයි කියන ලදී. (බඳුනක) මුව ගැටියෙහි එක් තැනක් කැඩුණේ නම් “ඛණ්ඩ” යයි කියනු ලැබේ. මැද කැඩෙන්නේ නම් “ජිද්ද” යයි ද, එක් පෙදෙසක් කැඩුණේ නම් විවිධ වර්ණ සහිත ගව දෙනක සේ පෙනෙන බැවින් “සබල” යයි ද, විවිධ තැන්හි බින්දු අයුරින් විවිධාකාර ලෙස කැඩුනේ නම් “කම්මාස” යයි ද කියනු ලැබේ. මෙසේම පිළිවෙළින් මුල හෝ අග හෝ කැඩුණ සීලය “ඛණ්ඩ” නම් වේ, මැද කැඩුණ සීලය “ඡිදද” නම් වේ, යම් කිසි තැනෙක දෙපොළක් හෝ තුන් පොළක් පිළිවෙළින් කැඩුණා සීලය “සබල” නම් වේ. තැනින් තැන කැඩුණා සීලය “කම්මාස” නම් වේ. එම දෝෂ නැති වීමෙන් “අඛණ්ඩ සීල” නම් වේ යන ආදී වශයෙන් දත යුතුය. භුජිස්සෙහි = වහල් බවෙන් නිදහස් කර ගන්නා තැනැත්තා විසින් විඤ්ඤප්පසත්‍ථෙහි = බුද්ධාදී ප්‍රාඥයන් විසින් පසසනු ලැබූ අය විසින් අපරාමට්ඨෙහි = ඔබ විසින් මෙය කරන ලදී. මෙය විතර්ක කරන ලදී යනුවෙන් මෙසේ දැඩි සිතින් කීමට නොහැකි අය විසින් සමාධි සංවත්තනිකෙහි = අර්පණ සමාධිය හෝ උපචාර සමාධිය පැවැත්වීමට අසමත් අය විසින්.

2. බ්‍රහ‍්මචරියොගධසුත‍්තවණ‍්ණනා

2. බ්‍රහ්මචරියොගධ සූත්‍ර වර්ණනාව

දුතියෙ යෙසං සද‍්ධාති පදෙන බුද‍්ධෙ පසාදො ගහිතො. සීලන‍්ති පදෙන අරියකන‍්තානි සීලානි ගහිතානි. පසාදොති පදෙන සඞ‍්ඝෙ පසාදො ගහිතො. ධම‍්මදස‍්සනන‍්ති පදෙන ධම‍්මෙ පසාදො ගහිතොති එවං චත‍්තාරි සොතාපත‍්තියඞ‍්ගානි වුත‍්තානි. කාලෙන පච‍්චෙන‍්තීති කාලෙන පාපුණන‍්ති. බ්‍රහ‍්මචරියොගධං සුඛන‍්ති බ්‍රහ‍්මචරියං ඔගාහිත්‍වා ඨිතං උපරිමග‍්ගත‍්තයසම‍්පයුත‍්තං සුඛං. යො පනෙස ගාථාය ආගතො පසාදො, සො කතරපසාදො හොතීති. තිපිටකචූළාභයත්‍ථෙරො තාව “මග‍්ගපසාදො”ති ආහ, තිපිටකචූළනාගත්‍ථෙරො “ආගතමග‍්ගස‍්ස පච‍්චවෙක‍්ඛණප‍්පසාදො”ති. උභොපි ථෙරා පණ‍්ඩිතා බහුස‍්සුතා, උභින‍්නං සුභාසිතං. මිස‍්සකප‍්පසාදො එසොති.

දෙවැන්නෙහි - සද්ධා යන පදයෙන් බුදුන් කෙරෙහි ප්‍රසාදය ගන්නා ලදී. සීලං යන පදයෙන් ආර්යයන් හට ප්‍රියමනාප වූ සීලය ගන්නා ලදී. පසාදො යන පදයෙන් සංඝයා කෙරෙහි ප්‍රසාදය ගන්නා ලදී. ධම්මදස්සනං යන පදයෙන් ධර්මය කෙරෙහි වන ප්‍රසාදය ගන්නා ලදී. මෙසේ සෝවාන් අංග සතර කියන ලදී. කාලෙපච්චෙන්ති = සුදුසු කාලයෙහි පැමිණෙති. බ්‍රහ්මචරියොගධං සුඛං = බඹසරට ඇතුළත්ව සිටින්නහුට එමගින් තම සිරුර වෙත ලැබෙන උපරිම සැපත පිළිබඳ සුවය. යමෙක් මේ ගාථාවෙන් පැහැදීමට පත් වූයේ වෙයිද, හේ තෙමේ තෝරාගත් ප්‍රසාදය ඇත්තෙක් වෙයි. ත්‍රිපිටක චූළාභය ස්ථවිර තෙමේ මෙයට “මාර්ග ප්‍රසාදය” යයි කීය. ත්‍රිපිටක චූළ නාග ස්ථවිර තෙමේ පැමිණි මාර්ගයේ ප්‍රත්‍යවේක්ෂණ ප්‍රසාදය” (නුවණින් සලකා බැලීමේ ප්‍රසාදය) යයි කීය. මේ තෙරවරු දෙදෙනම පණ්ඩිතයෝ ද, බහුශ්‍රැතයෝ ද වෙති. දෙදෙනාගේම යහපත් වූ කියමන නම් මෙය මිශ්‍ර වූ ප්‍රසාදයක් බවයි.

4. සාරිපුත‍්තසුත‍්තවණ‍්ණනා

4. සාරිපුත්ත සූත්‍ර වර්ණනාව

තතියෙ තස‍්මාති යස‍්මා චතූසු සොතාපත‍්තියඞ‍්ගෙසු සන්‍දිස‍්සසි, තස‍්මා. විජ‍්ජාභාගියෙති විජ‍්ජාකොට‍්ඨාසිකෙ. සබ‍්බසඞ‍්ඛාරෙසූති සබ‍්බෙසු තෙභූමකසඞ‍්ඛාරෙසු. එවමස‍්ස උපරි තිණ‍්ණං මග‍්ගානං විපස‍්සනා කථිතා. විඝාතන‍්ති දුක‍්ඛං.

තුන් වැන්නෙහි - තස්මා = යම් හෙයකින් සෝවාන් අංග සතරෙහි දක්නට ලැබේ, එහෙයිනි. විජ්ජාභාගියෙ = විද්‍යාව නම් කොටසට අයත්. සබ්බ සඞ්ඛාරෙසු = සියලු ත්‍රෛභූමක සංස්කාරයන්හි, මෙසේ මෙහි ඉහළ මාර්ග තුනේ විදර්ශනාව කියන ලදි. විඝාතං = දුක සිවුවැන්න පහසු වේ.

5. දුතියසාරිපුත‍්තසුත‍්තවණ‍්ණනා

5. දුතිය සාරිපුත්ත සූත්‍ර වර්ණනාව

චතුත්‍ථ උත‍්තානමෙව. පඤ‍්චමෙ සොතාපත‍්තියඞ‍්ගන‍්ති සොතාපත‍්තියා පුබ‍්බභාගපටිලාභඞ‍්ගං. බුද‍්ධෙ අවෙච‍්චප‍්පසාදාදයො පන පටිලද‍්ධගුණා සොතාපන‍්නස‍්ස අඞ‍්ගා නාම, තෙපි පන සොතාපත‍්තියඞ‍්ගන‍්ති ආගතා. තත්‍රායං ද‍්වින‍්නම‍්පි වචනත්‍ථො – සප‍්පුරිසෙ සෙවන‍්තො භජන‍්තො පයිරුපාසන‍්තො ධම‍්මං සුණන‍්තො යොනිසො මනසිකරොන‍්තො ධම‍්මානුධම‍්මං පුබ‍්බභාගපටිපදං පටිපජ‍්ජන‍්තො සොතාපත‍්තිං පටිලභතීති සප‍්පුරිසසංසෙවාදයො සොතාපත‍්තිඅත්‍ථාය අඞ‍්ගන‍්ති සොතාපත‍්තියඞ‍්ගං නාම, ඉතරෙ පඨමමග‍්ගසඞ‍්ඛාතාය සොතාපත‍්තියා අඞ‍්ගන‍්තිපි සොතාපත‍්තියඞ‍්ගං, පටිවිද‍්ධසොතාපත‍්තිමග‍්ගස‍්ස සොතාපත‍්තිමග‍්ගො අඞ‍්ගන‍්තිපි සොතාපත‍්තියඞ‍්ගං.

පස් වැන්නෙහි - සොතාපත්තියඞ්ගං = සෝවාන් මාර්ගයෙහි මුල් කොටස ලැබීම නම් වූ අංගය, බුදුන් කෙරෙහි වන නොසැලෙන පැහැදීම් ආදී ගුණයන් සෝවාන් මාර්ගයේ අංගයන් නම් වේ. ඒවා “සොතාපත්තියඞ්ග” යයි (ව්‍යවහාරයට) පැමිණියේය. එහි වචන දෙකෙහිම අර්ථය මෙසේය. සත් පුරුෂයන් සේවනය කරන්නාවූ, භජනය කරන්නාවූ, ඇසුරු කරන්නාවූ, දහම් අසන්නාවූ, නුවණින් මෙනෙහි කරන්නාවූ, ධර්මානුධර්ම පුර්වභාග ප්‍රතිපදාව පිළිපදින්නාවූ පුද්ගලයා සෝතාපත්තිභාවය ලබා ගන්නේය යන අදහසින් සත්පුරුෂ ආශ්‍රය යන ආදිය සෝතාපත්ති භාවයේ අංගයක් බැවින් සෝතාපත්ති මග්ගං යන්න යෙදේ. අනික් අංගය ප්‍රථම මාර්ගය නම් වූ සෝවාන් මාර්ගයේ අංගයක් වේ යයි ද යන අදහසින් “සෝතාපත්තියඞ්ග” වේ. අවබෝධ කරගන්නා ලද සෝතාපත්ති මාර්ගයාගේ මාර්ගාංගයක්ය යනුවෙන්ද “සෝතාපත්තියඞ්ග” නම් වේ.

6. ථපතිසුත‍්තවණ‍්ණනා

6. ථපති සූත්‍ර වර්ණනාව

ඡට‍්ඨෙ සාධුකෙ පටිවසන‍්තීති සාධුකනාමකෙ අත‍්තනො භොගගාමකෙ වසන‍්ති. තෙසු ඉසිදත‍්තො සකදාගාමී, පුරාණො සොතාපන‍්නො සදාරසන‍්තුට‍්ඨො. මග‍්ගෙ පුරිසං ඨපෙසුන‍්ති තෙසං කිර ගාමද‍්වාරෙන භගවතො ගමනමග‍්ගො. තස‍්මා “භගවා කාලෙ වා අකාලෙ වා අම‍්හාකං සුත‍්තානං වා පමත‍්තානං වා ගච‍්ඡෙය්‍ය, අථ පස‍්සිතුං න ලභෙය්‍යාමා”ති මග‍්ගමජ‍්ඣෙ පුරිසං ඨපෙසුං.

සය වැන්නෙහි - සාධුකෙ පටිවසන්ති = තමාගේ “සාධුක” නම් වූ ගොදුරු ගමෙහි වෙසෙත් ඔවුන් අතරෙහි ඉසිදත්ත තෙමේ සකෘදාගාමී අයෙකි, පෙර සෝවාන් වී බිරිඳ සමග සතුටින් විසූ අයෙකි. මග්ගෙ පුරිසං ඨපෙසුං = ඔවුන්ගේ මේ දොරටුවෙන් භාග්‍යවතුන් වහන්සේගේ ගමන් මග පිහිටියේය. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ කාලයෙහි ද, අකාලයෙහි ද අපගේ සූත්‍රයන් හෝ ප්‍රමත්තයන් වෙත පැමිණෙත් නම් නැවත දක්නට නොලබන්නෙමුයි මාර්ග මධ්‍යයෙහි පුරුෂයෙකු නැවැත්වූහ.

අනුබන්‍ධිංසූති න දූරතොව පිට‍්ඨිතො පිට‍්ඨිතො අනුබන්‍ධිංසු, භගවා පන සකටමග‍්ගස‍්ස මජ‍්ඣෙ ජඞ‍්ඝමග‍්ගෙන අගමාසි, ඉතරෙ උභොසු පස‍්සෙසු අනුගච‍්ඡන‍්තා අගමංසු. මග‍්ගා ඔක‍්කම‍්මාති බුද‍්ධානඤ‍්හි කෙනචි සද‍්ධිං ගච‍්ඡන‍්තානංයෙව පටිසන්‍ථාරං කාතුං වට‍්ටති කෙනචි සද‍්ධිං ඨිතකානං, කෙනචි සද‍්ධිං දිවසභාගං නිසින‍්නානං. තස‍්මා භගවා චින‍්තෙසි – “ඉමෙහි මෙ සද‍්ධිං ගච‍්ඡන‍්තස‍්ස පටිසන්‍ථාරං කාතුං අයුත‍්තං, ඨිතකෙනපි කාතුං න යුත‍්තං, ඉමෙ හි මය‍්හං සාසනෙ සාමිනො ආගතඵලා. ඉමෙහි සද‍්ධිං නිසීදිත්‍වාව දිවසභාගං පටිසන්‍ථාරං කරිස‍්සාමී”ති මග‍්ගා ඔක‍්කම‍්ම යෙන අඤ‍්ඤතරං රුක‍්ඛමූලං තෙනුපසඞ‍්කමි.

අනුබන්‍ධිංසු = නුදුරෙහිම පිටුපසින් ලුහු බැන්දාහු භාග්‍යවතුන් වහන්සේ ගැල් යන මාර්ගයෙහි මැද අඩිපාරෙන් වැඩියහ. අන් අය දෙපසෙහි පසු පසින් ගියහ. මග්ගා ඔක්කම්ම = කිසිවකු සමග ගමන් කරන්නාවූ බුදුන් වහන්සේලාට වනාහී සිටියාවූ කිසිවකු සමඟ හෝ, දිවා කාලයෙහි හිඳගෙන හුන් කිසිවකු සමග හෝ පිළිසඳර කතා කිරීමට කරුණු යෙදේ. එබැවින් භාග්‍යවතුන් වහන්සේ මෙසේ සිතූහ. මේ අය සමග ගමන් කරන මට පිළිසඳර කතා කිරීම යුතු නොවේ. සිටගෙන සිටින්නවුන් සමග ද කතා කිරීම යුතු නොවේ. මේ අය මගේ සසුනෙහි හිමිකරුවෝය, ලැබූ මාර්ග ඵල ඇත්තෝය. මේ අය සමග හිඳගෙන ම දිවා කාලයෙහි පිළිසඳර කතා කරන්නෙමියි මාර්ගයෙන් ඉවත් වී එක්තරා රුක් මුලකට පැමිණියහ.

පඤ‍්ඤත‍්තෙ ආසනෙ නිසීදීති තෙ කිර ඡත‍්තුපාහනං කත‍්තරදණ‍්ඩං පාදබ‍්භඤ‍්ජනතෙලාදීනි චෙව අට‍්ඨවිධඤ‍්ච පානකං සරභපාදපල‍්ලඞ‍්කඤ‍්ච ගාහාපෙත්‍වා අගමංසු, ආභතං පල‍්ලඞ‍්කම‍්පි පඤ‍්ඤාපෙත්‍වා අදංසු, සත්‍ථා තස‍්මිං නිසීදි. එකමන‍්තං නිසීදිංසූති සෙසානි ඡත‍්තුපාහනාදීනි භික‍්ඛුසඞ‍්ඝස‍්ස දෙථාති වත්‍වා සයම‍්පි භගවන‍්තං වන්‍දිත්‍වා එකමන‍්තං නිසීදිංසු.

පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. ඔව්හු හිරුරැස් වළකන කුඩ ද, සැරයටි හා පාදයන්හි ගල්වන තෙල් ද, අෂ්ටවිධ පානවර්ග ද, සැහැල්ලු පා පළඟ ද ගෙන්වා ගෙන ගියහ. රැගෙන ආ පළඟ පනවා පිළිගැන්වූහ. ශාස්තෲන් වහන්සේ එහි වැඩ හිඳ ගත්හ. එකමන්තං නිසීදිංසු = සෙසු කුඩ ආදිය භික්ෂූ සංඝයාට දෙන්න යයි කියා තුමූ ද භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හිඳගත්හ.

සාවත්‍ථියා කොසලෙසු චාරිකං පක‍්කමිස‍්සතීතිආදි සබ‍්බං මජ‍්ඣිමපදෙසවසෙනව වුත‍්තං. කස‍්මා? නියතත‍්තා. භගවතො හි චාරිකාචරණම‍්පි අරුණුට‍්ඨාපනම‍්පි නියතං, මජ‍්ඣිමපදෙසෙයෙව චාරිකං චරති, මජ‍්ඣිමදෙසෙ අරුණං උට‍්ඨපෙතීති නියතත‍්තා මජ‍්ඣිමදෙසවසෙන වුත‍්තං. ආසන‍්නෙ නො භගවා භවිස‍්සතීති එත්‍ථ න කෙවලං ආසන‍්නත‍්තායෙව තෙසං සොමනස‍්සං හොති, අථ ඛො “ඉදානි දානං දාතුං ගන්‍ධමාලාදීහි පූජං කාතුං ධම‍්මං සොතුං පඤ‍්හං පුච‍්ඡිතුං ලභිස‍්සාමා”ති තෙසං සොමනස‍්සං හොති.

සාවත්‍ථියා කොසලෙසු චාරිකං පක්කමිස්සති ආදී සියල්ල මධ්‍යම ප්‍රදේශය වශයෙන් ම කියන ලදී. කුමක් හෙයින් නියති භාවයක් වේද යත් භාග්‍යවතුන් වහන්සේගේ, චාරිකාවන්හි යෙදීම ද, අරුණෝදයද නියතයකි. මධ්‍යම දේශයෙහි අරුණ නගියි යන්න ද නියත බැවින් මධ්‍යම දේශය වශයෙන්ම කියන ලදී. ආසනෙන නො භගවා භවිස්සති = මෙහිදී හුදෙක් ආසන්න භාවය නිසා ම පමණක් ඔවුන් හට සොම්නස ඇති නොවේ. මෙවිට දන් දීමට ද, සුවඳමල් ආදියෙන් පූජා කිරීමට ද, ප්‍රශ්න ඇසීමට ද ලබන්නෙමු යයි යනුවෙන් ඔවුන් හට සොම්නස උපදී.

තස‍්මාතිහ ථපතයො සම‍්බාධො ඝරාවාසොති ථපතයො යස‍්මා තුම‍්හාකං මයි දූරීභූතෙ අනප‍්පකං දොමනස‍්සං, ආසන‍්නෙ අනප‍්පකං සොමනස‍්සං හොති, තස‍්මාපි වෙදිතබ‍්බමෙතං “සම‍්බාධො ඝරාවාසො”ති. ඝරාවාසස‍්ස හි දොසෙන තුම‍්හාකං එවං හොති. සචෙ පන ඝරාවාසං පහාය පබ‍්බජිතා, අථ එවං වො මයා සද‍්ධිංයෙව ගච‍්ඡන‍්තානඤ‍්ච ආගච‍්ඡන‍්තානඤ‍්ච තං න භවෙය්‍යාති ඉමමත්‍ථං දීපෙන‍්තො එවමාහ. තත්‍ථ සකිඤ‍්චනසපලිබොධට‍්ඨෙන සම‍්බාධතා වෙදිතබ‍්බා. මහාවාසෙ වසන‍්තස‍්සපි හි සකිඤ‍්චනසපලිබොධට‍්ඨෙන ඝරාවාසො සම‍්බාධොව. රජාපථොති රාගදොසමොහරජානං ආපථො, ආගමනට‍්ඨානන‍්ති අත්‍ථො. අබ‍්භොකාසො පබ‍්බජ‍්ජාති පබ‍්බජ‍්ජා පන අකිඤ‍්චනඅපලිබොධට‍්ඨෙන අබ‍්භොකාසො. චතුරතනිකෙපි හි ගබ‍්භෙ ද‍්වින‍්නං භික‍්ඛූනං පල‍්ලඞ‍්කෙන පල‍්ලඞ‍්කං ඝටෙත්‍වා නිසින‍්නානම‍්පි අකිඤ‍්චනඅපලිබොධට‍්ඨෙන පබ‍්බජ‍්ජා අබ‍්භොකාසො නාම හොති. අලඤ‍්ච පන වො ථපතයො අප‍්පමාදායාති එවං සම‍්බාධෙ ඝරාවාසෙ වසන‍්තානං තුම‍්හාකං අප‍්පමාදමෙව කාතුං යුත‍්තන‍්ති අත්‍ථො.

තස්මා තිහ ගහපතයො සම්බාධො ඝරාවාසො = ගෘහපතිවරුනි, යම් හෙයකින් ඔබට මා ඈත්වූ කල්හි සොම්නස් ද ඇතිවන්නේය. එහෙයින් ද ගෘහවාසය සම්බාධ සහිතය. ගෘහවාසයෙහි දෝෂයෙන් ඔබට මෙසේ වන්නේය යන මේ කරුණ දැන ගත යුත්තේය. ඉදින් ගෘහවාසය අත්හැර පැවිදිවන්නහු නම් එකල්හි මා සමගම යන්නාවූ ද, එන්නාවූ ද ඔබට එය (සම්බාධ) සිදු නොවන්නේය යන මේ අදහස දක්වමින් මෙසේ කීහ. එහි ඇලීම් සහිතය, කරදර සහිතය යන අරුතින් බාධා සහිත බව දත යුතුය. මහ මැදුරක වසන්නහුට වුවද ඇලීම් සහිතය, කරදර සහිතය යන අරුතින් ගෘහවාසය බාධා සහිතමය. රජා පථො = රාග, ද්වේෂ, මෝහ යන ක්ලේශයන් පැමිණෙන මාර්ගය, පැමිණෙන ස්ථානය යන අර්ථ ඇත්තේය. අබ්භොකාසො පබ්බජ්ජා = පැවිද්ද වනාහී කෙලෙස් රහිතය, පළිබෝධ රහිතය යන අරුතින් අභ්‍යවකාශය මෙනි. සිවුරියන් කුටියක පළඟින් පළඟ ගැටී හුන්නාවූ ද භික්ෂූන් දෙනමකගේ පැවිද්ද ඇලීම් රහිතය, පළිබෝධ රහිතය යන යන අර්ථයෙන් අබ්භොකාස (අභ්‍යවකාශ) යයි නම් වෙයි. අලඤ්චපන වො ගහපතයො අපපමාදාය = මෙ වැනි බාධා ඇති ගෘහවාසයෙහි වසන්නාවූ ඔබට අප්‍රමාදවම සිදු කිරිමට සුදුසුවූ යමක් ඇත යන අර්ථයයි.

එකං පුරතො එකං පච‍්ඡතො නිසීදාපෙමාති තෙ කිර ද‍්වෙපි ජනා සබ‍්බාලඞ‍්කාරපටිමණ‍්ඩිතෙසු ද‍්වීසු නාගෙසු තා ඉත්‍ථියො එවං නිසීදාපෙත්‍වා රඤ‍්ඤො නාගං මජ‍්ඣෙ කත්‍වා උභොසු පස‍්සෙසු ගච‍්ඡන‍්ති, තස‍්මා එවමාහංසු. නාගොපි රක‍්ඛිතබ‍්බොති යථා කිඤ‍්චි විසෙවිතං න කරොති, එවං රක‍්ඛිතබ‍්බො හොති. තාපි භගිනියොති යථා පමාදං නාපජ‍්ජන‍්ති, එවං රක‍්ඛිතබ‍්බා හොන‍්ති. අත‍්තාපීති සිතහසිතකථිතවිපෙක‍්ඛිතාදීනි අකරොන‍්තෙහි අත‍්තාපි රක‍්ඛිතබ‍්බො හොති. (තෙහි තථා කරොන‍්තෙහි න අත‍්තාපි රක‍්ඛිතබ‍්බො හොති). තථා කරොන‍්තො හි “සාමිදුබ‍්භො එසො”ති නිග‍්ගහෙතබ‍්බො හොති. තස‍්මාතිහ ථපතයොති යස‍්මා තුම‍්හෙ රාජා නිච‍්චං රාජභණ‍්ඩං පටිච‍්ඡාපෙති, තස‍්මාපි සම‍්බාධො ඝරාවාසො රජාපථො. යස‍්මා පන පංසුකූලිකභික‍්ඛුං එවං පටිච‍්ඡාපෙන‍්තො නත්‍ථි, තස‍්මා අබ‍්භොකාසො පබ‍්බජ‍්ජා. එවං සබ‍්බත්‍ථාපි අලඤ‍්ච පන වො ථපතයො අප‍්පමාදාය අප‍්පමාදමෙව කරොථාති දස‍්සෙති.

එකං පුරතො එකං පච්ඡතො නිසීදාපෙම = ඒ දෙදෙනා ද සර්වාලංකාරයෙන් සැරසී ඒ නාගයන් දෙදෙනා අතරෙහි ඒ ස්ත්‍රීන් මෙසේ හිඳුවා රජුගේ නාගයා මැදෙහි තබා දෙපසෙහි යති. ඒ නිසා මෙසේ කීහ. නාගොපිරක්‍ඛිතබ්බො = යම්සේ කිසියම් බැහැර කිරීමක් සිදු නොකරයි ද එසේ ආරක්ෂා කළ යුතුවෙයි. තාපි භගිණියො = යම් සේ වරදකට නොපැමිණෙත් ද, එසේවන අයුරින් ආරක්ෂා කළ යුතු වෙත්. අත්තාපි මඳ සිනහ, සිනහ, කියුම් බැලුම් ආදිය නොකරන්නවුන් විසින් තමා ද රැකිය යුතු වෙයි. එසේ කරන තැනැත්තා “මොහු ස්වාමි ද්‍රෝහියෙක්ය” යනුවෙන් නිග්‍රහ කරනු ලැබිය යුත්තෙක් වෙයි. තස්මාතිහගහපතයො = රජවරු වනාහී යම් සේ නිතර රාජභාණ්ඩ වැරදි දෙයෙහි යොදවත් ද, ඒ නිසා ද සම්බාධො ඝරාවාසො රජාපෙථො (කෙලෙස් මඟට යොමුවන ගෘහ වාසය බාධක සහිතය) යනුවෙන් කියන ලදී. යම්සේ වනාහී පාංසු කූලික භික්ෂුව මෙසේ පටිච්ඡාපෙන්තො නත්‍ථි (හෙවත් සඟවන්නෙක් නොවේ) නම් වේද, එසේ හෙයින් පැවිද්දනම් අභ්‍යවකාශය වැනියහයි කියන ලදී. සියලු තැන්හිම මෙසේ වේ. අලඤ්ච පන වො ගහපතයො අප්පමාදාය = අප්‍රමාදවම කටයුතු කරන්න යයි දක්වයි.

මුත‍්තචාගොති විස‍්සට‍්ඨචාගො. පයතපාණීති ආගතාගතානං දානත්‍ථාය ධොතහත්‍ථො. වොස‍්සග‍්ගරතොති වොස‍්සග‍්ගසඞ‍්ඛාතෙ චාගෙ රතො. යාචයොගොති යාචිතබ‍්බකයුත‍්තො. දානසංවිභාගරතොති දානෙන චෙව අප‍්පමත‍්තකම‍්පි කිඤ‍්චි ලද‍්ධා තතොපි සංවිභාගෙ රතො. අප‍්පටිවිභත‍්තන‍්ති “ඉදං අම‍්හාකං භවිස‍්සති, ඉදං භික‍්ඛූන”න‍්ති එවං අකතවිභාගං, සබ‍්බං දාතබ‍්බමෙව හුත්‍වා ඨිතන‍්ති අත්‍ථො.

මුත්තචාගො = පතුරුවන ලද පරිත්‍යාගය ඇත්තේ පයතපාණී = පැමිණි අයගේ දානය සඳහා සේදු අත් ඇත්තේ වොස්සග්ගරතො = වොස්සග්ග යයි කියනු ලබන ත්‍යාග කිරීමෙහි ඇලුණේ යාචයොගො = ඉල්ලීම සුදුසු වන්නාවූ දාන සංවිභාගරතො = දානයෙහි දී අල්පමාත්‍ර වූ හෝ කිසිවක් ලැබුණේ නම් එය ද බෙදීමෙහි කැමති වන්නාවූ, අප්පටි විභත්තං = මෙය අපට ය, මෙය භික්ෂූන්හටය යනුවෙන් මෙසේ නොබෙදෙන ලද සියල්ල දිය යුතු වී සිටියේය යන අර්ථයයි.

7. වෙළුද‍්වාරෙය්‍යසුත‍්තවණ‍්ණනා

7. වේළුද්වාරෙය්‍ය සූත්‍ර වර්ණනාව

සත‍්තමෙ වෙළුද‍්වාරන‍්ති ගාමද‍්වාරෙ පවෙණිආගතස‍්ස වෙළුගච‍්ඡස‍්ස අත්‍ථිතාය එවංලද‍්ධනාමො ගාමො. අත‍්තුපනායිකන‍්ති අත‍්තනි උපනෙතබ‍්බං. සම‍්ඵභාසෙනාති අමන‍්තභාසෙන. සම‍්ඵප‍්පලාපභාසෙනාති සම‍්ඵප‍්පලාපසම‍්භාසෙන නිරත්‍ථකෙන අඤ‍්ඤාණවචනෙනාති අත්‍ථො.

සත්වැන්නෙහි - වෙළුද්වාරං = ගම් දොරටුවෙහි පරපුරෙන් පැමිණි උණ ගසක් ඇති බැවින් මෙසේ ලැබුණාවූ නාමයක් ඇති ගම අත්තූපනායික = තමා වෙත පැමිණිය යුතු සම්ථප්ප ලාප භාසෙන = නිෂ්ඵල වචන කථා කිරීමෙන් නිරර්ථකවූ අනුවණ වචනවලින් යන අරුතයි.

8-9. ගිඤ‍්ජකාවසථසුත‍්තාදිවණ‍්ණනා

8-9. ගිඤ්ජකාවසථ ආදි සූත්‍ර වර්ණනා

අට‍්ඨමෙ ඤාතිකෙති එකං තළාකං නිස‍්සාය ද‍්වින‍්නං චූළපිතිමහාපිතිපුත‍්තානං ද‍්වෙ ගාමා, තෙසු එකස‍්මිං ගාමකෙ. ගිඤ‍්ජකාවසථෙති ඉට‍්ඨකාමයෙ ආවසථෙ. ඔරම‍්භාගියානන‍්ති හෙට‍්ඨාභාගියානං, කාමභවෙයෙව පටිසන්‍ධිග‍්ගාහාපකානන‍්ති අත්‍ථො. ඔරන‍්ති ලද‍්ධනාමෙහි වා තීහි මග‍්ගෙහි පහාතබ‍්බානීතිපි ඔරම‍්භාගියානි. තත්‍ථ කාමච‍්ඡන්‍දො බ්‍යාපාදොති ඉමානි ද‍්වෙ සමාපත‍්තියා වා අවික‍්ඛම‍්භිතානි මග‍්ගෙන වා අසමුච‍්ඡින‍්නානි නිබ‍්බත‍්තිවසෙන උද‍්ධං භාගං රූපභවං අරූපභවං වා ගන‍්තුං න දෙන‍්ති. සක‍්කායදිට‍්ඨිආදීනි තීණි තත්‍ථ නිබ‍්බත‍්තම‍්පි ආනෙත්‍වා පුන ඉධෙව නිබ‍්බත‍්තාපෙන‍්තීති සබ‍්බානිපි ඔරම‍්භාගියානෙව. අනාවත‍්තිධම‍්මොති පටිසන්‍ධිවසෙන අනාගමනසභාවො.

අටවැන්නෙහි - ඤාතිකෙ = එක් විලක් ඇසුරු කොට සුලු පියා හා මහ පියා යන දෙදෙනකුගේ පුතුන්ගේ ගම් දෙකක් විය. ඒවායින් එක් ගමෙක ගික්‍ජකාවසථ = ප්‍රිය උපදවන, ආශාව ඇති කරවන වාසස්ථානයෙහි. ඕරම්භාගියානං = මගපලවලින් පහළ තත්ත්වයෙහි සිටියවුන්හට කාමභවයෙහිම පිළිසිඳ ගැනීම් කරන්නවුන්ගේ යන අර්ථයයි. “ඞ්රං” යනුවෙන් ලබන ලද නම්වලින් හෝ මාර්ග තුනෙන් බැහැර කළයුතු වේය යනුවෙන් හෝ “ඔරම්භාගියානි” යයි කියනු ලැබේ. එහි කාමච්ඡන්දය, ව්‍යාපාදය යන මේ දෙක සමාපත්තියෙන් හෝ වික්ෂිප්ත නොවන මාර්ගයෙන් හෝ මුළුමනින්ම නැතිවූයේ නොවේ. ඉපදීම් වශයෙන් ඉහළ තත්ත්වයෙහි වූ රූප, අරූප භවයකට හෝ යාමට නො දෙත් සක්කාය දිට්ඨි ආදී තුන එහි උපන් අය ද ගෙන්වා නැවත මෙහි ම උපදවත් යයි යනුවෙන් සියල්ලම “ඔරම්භාගිය” ම වේ. අනාවත්ති ධම්මො = පිළිසිඳීම් වශයෙන් මෙලොවට නොපැමිණෙන ස්වභාවය ඇති

රාගදොසමොහානං තනුත‍්තාති එත්‍ථ කදාචි උප‍්පත‍්තියා ච පරියුට‍්ඨානමන්‍දතාය චාති ද‍්වෙධාපි තනුභාවො වෙදිතබ‍්බො. සකදාගාමිස‍්ස හි පුථුජ‍්ජනානං විය අභිණ‍්හං රාගාදයො න උප‍්පජ‍්ජන‍්ති, කදාචි කරහචි උප‍්පජ‍්ජන‍්ති. උප‍්පජ‍්ජමානා ච න පුථුජ‍්ජනානං විය බහලබහලා උප‍්පජ‍්ජන‍්ති, මක‍්ඛිපත‍්තං විය තනුකා උප‍්පජ‍්ජන‍්ති. දීඝභාණකතිපිටකමහාසීවත්‍ථෙරො පනාහ – “යස‍්මා සකදාගාමිස‍්ස පුත‍්තධීතරො හොන‍්ති, ඔරොධා ච හොන‍්ති, තස‍්මා බහලා කිලෙසා. ඉදං පන භවතනුකවසෙන කථිත”න‍්ති. තං අට‍්ඨකථායං “සොතාපන‍්නස‍්ස සත‍්ත භවෙ ඨපෙත්‍වා අට‍්ඨමෙ භවෙ භවතනුකං නත්‍ථි, සකදාගාමිස‍්ස ද‍්වෙ භවෙ ඨපෙත්‍වා පඤ‍්චසු භවෙසු භවතනුකං නත්‍ථි, අනාගාමිස‍්ස රූපාරූපභවං ඨපෙත්‍වා කාමභවෙ භවතනුකං නත්‍ථි, ඛීණාසවස‍්ස කිස‍්මිඤ‍්චි භවෙ භවතනුකං නත්‍ථී”ති වුත‍්තත‍්තා පටික‍්ඛිත‍්තං හොති.

රාග දොස මොහානං තනුත්තා = මෙහිදී කිසි කලෙක උත්පත්තියෙන් ද, නැඟී සිටීමේ මන්ද භාවයෙන් ද යන මේ දෙ අයුරින් තුනී වූ ස්වභාවය දත යුතුය. සකෘදාගාමී අයට වනාහී පුහුදුන් අයට මෙන් නිතර පවත්නා රාගාදිය නො උපදී. කිසි විටෙක කලාතුරකින් උපදී. උපදින්නේ වුවද පුහුදුන් අයට මෙන් බලවත්ව බහුල ලෙස නො උපදී. මැසි පියාපතක් මෙන් තුනී ලෙස උපදී. දීඝ භාණක ත්‍රිපිටක මහාසීව ස්ථවිර තෙමේ මෙසේ කීය. “යම් හෙයකින් සකෘදාගාමී අයට දූ පුත්හු වෙත් ද, අන්තඃපුර කාන්තාවෝ වෙත්ද එහෙයින් කෙලෙස් දැඩි වේ” මෙය භවය වශයෙන් කියන ලදී.” සෝවාන් වූ පුද්ගලයාට වනාහී භවයන් සතක් නිමවා තබා අටවන භවයකදී භවය ගෙවී යාමක් නැත. (සත්වන භවයෙන් හෝ ඉන් පෙර සසර නිම වන බවයි) සකෘදාගාමී පුද්ගලයාට භවයන් දෙකක් නිමවා තබා පසු භවයන් පහකදී භවය ගෙවී යාමක් නැත. (භවයන් දෙකක් අතරතුරදී සසර නිමවන බවයි. අනාගාමී පුද්ගලයාට රූපාරූප භවය හැර කාම භාවයකදී භවය ගෙවී යාමක් නැත. (නැවත මෙළොව නො උපදින බවයි) ක්ෂිණාශ්‍රවයා හට අන්‍ය වූ කිසියම් භවයකදී භවය ගෙවී යාමක් නැත” (පවත්නා භවය පමණි) යනුවෙන් අටුවාවෙහි කියන ලද බැවින් එය (මහාසීව තෙරුන් ගේ මතය) ප්‍රතික්ෂේප වෙයි.

ඉමං ලොකන‍්ති ඉමං කාමාවචරලොකං සන්‍ධාය වුත‍්තං. අයඤ‍්හෙත්‍ථ අධිප‍්පායො – සචෙ හි මනුස‍්සෙසු සකදාගාමිඵලං පත‍්තො දෙවෙසු නිබ‍්බත‍්තිත්‍වා අරහත‍්තං සච‍්ඡිකරොති, ඉච‍්චෙතං කුසලං. අසක‍්කොන‍්තො පන අවස‍්සං මනුස‍්සලොකං ආගන‍්ත්‍වා සච‍්ඡිකරොති. දෙවෙසු සකදාගාමිඵලං පත‍්තොපි සචෙ මනුස‍්සෙසු නිබ‍්බත‍්තිත්‍වා අරහත‍්තං සච‍්ඡිකරොති, ඉච‍්චෙතං කුසලං. අසක‍්කොන‍්තො පන අවස‍්සං දෙවලොකං ගන‍්ත්‍වා සච‍්ඡිකරොතීති.

ඉමං ලොකං = මෙම කාමාවචර ලෝකය සඳහා කියන ලදී. මෙහි අදහස මෙසේය. ඉදින් මිනිස් ලොවෙහි දී සකෘදාගාමී ඵලයට පැමිණි පුද්ගලයා දෙව්ලොව ඉපිද රහත් බව අවබෝධ කර ගනියි ද, මෙම කුසලතාවය ලබාගත නොහැකි පුද්ගලයා වනාහී අවශ්‍යයෙන්ම මිනිස් ලොවට පැමිණ (රහත් බව) අවබෝධ කරගනියි. දෙව්ලොවදී සකෘදාගාමී ඵලයට පැමිණි පුද්ගලයාද ඉදින් මිනිස් ලොව ඉපිද රහත් බව අවබෝධ කර ගනියි ද, මෙම කුසලතාවය ලබාගත නොහැකි පුද්ගලයා වනාහී අවශ්‍යයෙන්ම දෙව්ලොවට ගොස් (රහත් බව) අවබෝධ කරගනියි.

විනිපතනං විනිපාතො, නාස‍්ස විනිපාතො ධම‍්මොති අවිනිපාතධම‍්මො, චතූසු අපායෙසු අවිනිපාතනසභාවොති අත්‍ථො. නියතොති ධම‍්මනියාමෙන නියතො. සම‍්බොධිපරායණොති උපරිමග‍්ගත‍්තයසඞ‍්ඛාතා සම‍්බොධි පරං අයනං අස‍්ස ගති පටිසරණං අවස‍්සං පත‍්තබ‍්බාති සම‍්බොධිපරායණො. විහෙසාවෙසාති තෙසං තෙසං ඤාණගතිං ඤාණූපපත‍්තිං ඤාණාභිසම‍්පරායං ඔලොකෙන‍්තස‍්ස කායකිලමථොව එස, ආනන්‍ද, තථාගතස‍්සාති දීපෙති. චිත‍්තවිහෙසා පන බුද‍්ධානං නත්‍ථි.

පහත් තත්ත්වයකට වැටෙන්නා වූ විනිපාත ධර්මයක් (අභව්‍ය ස්ථානයකට වැටීමක්) නැත යන අදහසින් අවිනිපාත ධම්මො යයි කියනු ලැබේ. සතර අපායෙහි නොවැටෙන ස්වභාවය ඇතැයි යන අර්ථයයි. නියතො ධර්ම නියාමයෙන් (නියම වශයෙන් සිදු වන්නක් බැවින්) “නියත” නම් වේ. සම්බොධි පරායණො = (සකෘදාගාමී සිට) ඉහළ මාර්ග තුන නම් වූ සම්බෝධියට යොමු වූ මාර්ගය මොහුට පිළිසරණක් පිණිස අවශ්‍යයෙන්ම පැමිණිය යුතුය යන අදහසින් “සම්බොධි පරායණො” යයි කියන ලදී. විහෙසා වෙසා ආනන්‍දයෙනි, ඒ ඒ අයගේ ඥාන ගතිය අනුව උපදිනා සහ ඥානයට සුදුසු පරලොව බලන්නාවූ තථාගතයන්හට මෙය කායික වෙහෙසක් වන්නේය යනුවෙන් දක්වයි. බුදුවරුන් හට වූ කලී සිතට වෙහෙසක් නම් නැත්තේය.

ධම‍්මාදාසන‍්ති ධම‍්මමයං ආදාසං. යෙනාති යෙන ධම‍්මාදාසෙන සමන‍්නාගතො. ඛීණාපායදුග‍්ගතිවිනිපාතොති ඉදං නිරයාදීනංයෙව වෙවචනවසෙනෙව වුත‍්තං. නිරයාදයො හි වඩ‍්ඪිසඞ‍්ඛාතතො අයතො අපෙතත‍්තා අපායො, දුක‍්ඛස‍්ස ගති පටිසරණන‍්ති. දුග‍්ගති, දුක‍්කටකාරිනො එත්‍ථ විවසා නිපතන‍්තීති විනිපාතො. නවමං උත‍්තානමෙව.

ධම්මාදාසං = ධර්මය නම් වූ කැඩපත ගෙන යම්බඳු වූ ධර්මය නමැති කැඩපතකින් යුක්තවූයේ ද ඛීණාපාය දුග්ගති විනිපාතො = මෙය “අපාය” යන ආදියටම පර්යාය වචන වශයෙන් කියන ලදී. නිරය ආදිය වනාහී වර්ධනය නම් වූ අය පක්ෂයෙන් පහ වී ඇති බැවින් “අපාය” යයි ද දුකෙහි ස්වභාවය පිහිටි තැන යන අදහසින් “දුග්ගති” යයි ද, වැරදි ක්‍රියාවන් හි යෙදුණ අය මෙහි පතනය වෙතියි යන අදහසින් “විනිපාත” යයි ද කියනු ලැබේ. නවවැන්න පහසු වෙයි.

10. තතිය ගිඤ‍්ජකාවසථසුත‍්තවණ‍්ණනා

10. තතිය ගිඤ්ජකාවසථ සූත්‍ර වර්ණනාව

දසමෙ පරොපඤ‍්ඤාසාති අතිරෙකපඤ‍්ඤාස. සාධිකනවුතීති අතිරෙකනවුති. ඡාතිරෙකානීති ඡහි අධිකානි. සො කිර ගාමො කිඤ‍්චාපි නාතිමහා අහොසි, අරියසාවකා පනෙත්‍ථ බහූ. තත්‍ථ තත්‍ථ අහිවාතරොගෙන එකප‍්පහාරෙනෙව චතුවීසති පාණසතසහස‍්සානි කාලමකංසු, තෙසු අරියසාවකා එත‍්තකා නාම අහෙසුං. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙවාති.

දස වැන්නෙහි - පරො පඤ්ඤාසා = අමතර පනහක් සාධික නවුති = අමතර අනුවක් ජාතිරෙකානි = හයක් වැඩි ඒ ගම වනාහී කිසිසේත් අතිශයින් විශාල වුවක් නොවීය. මෙහි ආර්ය ශ්‍රාවකයෝ බොහෝ වූහ. එහි අහිවාතක රෝගයෙන් එකවරම විසිහතර ලක්ෂයක් ප්‍රාණීහු මිය ගියහ. ඔවුන් අතරෙහි ආර්ය ශ්‍රාවකයෝ මෙ පමණවූහ. සෙස්ස සියලු තැන්හි පහසු වේ.

වෙළුද‍්වාරවග‍්ගො පඨමො.

පළමුවන වේළුද්වාර වර්ගය නිමි.