යෙදුමෙන් කියවන්න

ගිඤ‍්ජකාවසථසුත‍්තං

11. 1. 8.

11. 1. 8.

ගිඤ‍්ජකාවසථසුත‍්තං

ගිඤ්ජකාවසථ සූත්‍රය

3776. එකං සමයං භගවා ඤාතිකෙ විහරති ගිඤ‍්ජකාවසථෙ. අථ ඛො ආයස‍්මා ආනන්‍දො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා ආනන්‍දො භගවන‍්තං එතදවොච: “සාළ‍්හො නාම භන‍්තෙ, භික‍්ඛු කාලකතො. තස‍්ස කා ගති, කො අභිසම‍්පරායො? නන්‍දා නාම භන‍්තෙ, භික‍්ඛුනී කාලකතා. තස‍්සා කා ගති, කො අභිසම‍්පරායො? සුදත‍්තො නාම භන‍්තෙ, උපාසකො කාලකතො. තස‍්ස කා ගති, කො අභිසම‍්පරායො. සුජාතා නාම භන‍්තෙ, උපාසිකා කාලකතා. තස‍්සා කා ගති, කො අභිසම‍්පරායොති.

3776. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ ඤාතගමෙක්හි උළුගෙහි වැඩවසන සේක. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ: “වහන්ස, සාළා නම් මහණ කලුරිය කෙළේය. ඔහුගේ ගතිය කුමක් ද? පරලොව කිමෙක් ද? වහන්ස, නන්‍දා නම් මෙහෙණ කලුරිය කළා ය. ඇගේ ගතිය කුමක් ද පරලොව කිමෙක් ද? වහන්ස, සුදත්ත නම් උවසු කලුරිය කෙළේ ය. ඔහුගේ ගතිය කුමක් ද පරලොව කිමෙක් ද? වහන්ස, සුජාතා නම් උවැසි කලුරිය කළා ය. ඇගේ ගතිය කුමක් ද පරලොව කිමෙක් දැයි.

සාළ‍්හො ආනන්‍ද, භික‍්ඛු කාලකතො, ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහාසි. නන්‍දා ආනන්‍ද, භික‍්ඛුනී කාලකතා පඤ‍්චන‍්නං ඔරම‍්භාගියානං සංයොජනානං පරික‍්ඛයා ඔපපාතිකා තත්‍ථ පරිනිබ‍්බායිනී අනාවත‍්තිධම‍්මා තස‍්මාලොකා. සුදත‍්තො ආනන්‍ද, උපාසකො කාලකතො තිණ‍්ණං සංයොජනානං පරික‍්ඛයා රාගදොසමොහානං තනුත‍්තා සකදාගාමී සකිදෙව ඉමං ලොකං ආගන‍්ත්‍වා දුක‍්ඛස‍්සන‍්තං කරිස‍්සති. සුජාතා ආනන්‍ද, උපාසිකා කාලකතා තිණ‍්ණං සංයොජනානං පරික‍්ඛයා සොතාපන‍්නා අවිනිපාතධම‍්මා නියතා සම‍්බොධිපරායණා.

ආනන්‍ද කලුරිය කළ සාළා මහණ ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් දිටුදැමියෙහි ම තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ විසීය. ආනන්‍ද කලුරිය කළ නන්‍දා මෙහෙණ පඤ්ච ඕරම්භාගිය සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් ඕපපාතික වූවා එලොවින් පෙරළා නොඑන ස්වභාව ඇත්තී එහි ම පිරිනිවෙනසුලු වූවා ය. ආනන්‍ද, කලුරිය කළ සුදත්ත උවසු ත්‍රිවිධ සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් රාගදෝස මෝහයන් තුනී වූ බැවින් සෙදගැමි වූයේ එක්වරක් ම මෙලොවට අවුත් දුක් කෙළවර කරන්නේ ය. ආනන්‍ද කලුරිය කළ සුජාතා උවැසි ත්‍රිවිධ සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් විවස ව නොහෙනසුලු වූවා නියත වූවා සම්බෝධිය පිහිට කොට ඇත්තී සෝවාන් වූවා ය.

අනච‍්ඡරියං ඛො පනෙතං ආනන්‍ද, යං මනුස‍්සභූතො කාලං කරෙය්‍ය, තස‍්මිං තස‍්මිං චෙ මං කාලකතෙ උපසඞ‍්කමිත්‍වා එතමත්‍ථං පටිපුච‍්ඡිස‍්සථ. විහෙසාහෙසා ආනන්‍ද, අස‍්ස තථාගතස‍්ස. තස‍්මාතිහානන්‍ද, ධම‍්මාදාසං නාම ධම‍්මපරියායං දෙසිස‍්සාමි. යෙන සමන‍්නාගතො අරියසාවකො ආකඞ‍්ඛමානො අත‍්තනාව අත‍්තානං ව්‍යාකරෙය්‍ය: “ඛීණනිරයොම‍්හි ඛීණතිරච‍්ඡානයොනියො ඛීණපෙත‍්තිවිසයො ඛීණාපායදුග‍්ගතිවිනිපාතො සොතාපන‍්නොහමස‍්මි අවිනිපාතධම‍්මො නියතො සම‍්බොධිපරායණො”.

ආනන්‍ද, මිනිස් වූවෙක් කලුරිය කරන්නේ නම් ඒ ඒ මිනිසා කලුරිය කළ කල්හි ඉදින් මා කරා එළඹ මෙකරුණ පුළුවුස්නහු ය යන යමෙක් වේ ද මෙය පුන පුනා ඇසිරියෙකි. ආනන්‍ද, මෙය තථාගතයන්ට වෙහෙසක් ම වන්නේ ය. ආනන්‍ද, එහෙයින් මෙහි ලා යම් දහම්නයෙකින් යුතු අරීසවු කැමති වන්නේ “මම ක්‍ෂය වූ නිරය ඇත්තෙම් ක්‍ෂය වූ තිරිසන් යොන් ඇත්තෙම් ක්‍ෂය වූ පෙත්තිවිසය ඇත්තෙම් ක්‍ෂය වූ අපාය දුග්ගති විනිපාත ඇත්තෙම් වෙමි. විවස ව නො හෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වෙමි”යි තෙමේ ම තමා පවසන්නේ නම් දහම් කැඩපත නම් වූ (එබඳු) දහම් නයක් දේශනා කරන්නෙමි.

කතමො ච සො ආනන්‍ද, ධම‍්මාදායො ධම‍්මපරියායො යෙන සමන‍්නාගතො අරියසාවකො ආකඞ‍්ඛමානො අත‍්තනාව අත‍්තානං ව්‍යාකරෙය්‍ය “ඛීණනිරයොම‍්හි ඛීණතිරච‍්ඡානයොනියො ඛීණපෙත‍්තිවිසයො ඛීණාපායදුග‍්ගතිවිනිපාතො, සොතාපන‍්නොහමස‍්මි අවිනිපාතධම‍්මො නියතො සම‍්බොධිපරායණො: ඉධානන්‍ද, අරියසාවකො බුද‍්ධෙ අවෙච‍්චප‍්පසාදෙන සමන‍්නාගතො හොති: “ඉතිපි සො භගවා -පෙ- සත්‍ථා දෙවමනුස‍්සානං බුද‍්ධො භගවාති” ධම‍්මෙ -පෙ- සඞ‍්ඝෙ -පෙ- අරියකන‍්තෙහි සීලෙහි සමන‍්නාගතො හොති අඛණ‍්ඩෙහි -පෙ- සමාධිසංවත‍්තනිකෙහි. අයං ඛො සො ආනන්‍ද, ධම‍්මාදාසො ධම‍්මපරියායො යෙන සමන‍්නාගතො අරියසාවකො ආකඞ‍්ඛමානො අත‍්තනාව අත‍්තානං ව්‍යාකරෙය්‍ය: “ඛීණනිරයොම‍්හි ඛීණතිරච‍්ඡානයොනියො ඛීණපෙත‍්තිවිසයො ඛීණාපායදුග‍්ගතිවිනිපාතො, සොතාපන‍්නොහමස‍්මි අවිනිපාතධම‍්මො නියතො සම‍්බොධිපරායණොති”.

ආනන්‍ද, යම් දහම්නයෙකින් යුතු අරීසවු කැමති වන්නේ “මම ක්‍ෂය වූ නිරය ඇත්තෙම් ක්‍ෂය වූ තිරිසන්යොන් ඇත්තෙම් ක්‍ෂය වූ ප්‍රේතවිෂය ඇත්තෙම් ක්‍ෂය වූ අපාය දුර්‍ගති විනිපාත ඇත්තෙම් වෙමි. විවස ව නො හෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වෙමි”යි තෙමේ ම තමා පවසන්නේ නම් දහම්කැඩපත නම් වූ ඒ දහම්නය කවරේ දැ යි: ආනන්‍ද මෙහි අරීසවු “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුනට ශාස්තෲහ, බුද්ධයහ භගවත්හ”යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. ධර්‍මයෙහි ... සඞ්ඝයා කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් සමන්‍වාගත වෙයි. ආනන්‍ද යම් දහම්නයෙකින් යුතු අරීසවු කැමති වන්නේ “මම ක්‍ෂය නිරය ඇත්තෙම් ක්‍ෂය වූ තිරිසන් යොන් ඇත්තෙම් ක්‍ෂය වූ ප්‍රේතවිෂය ඇත්තෙම් ක්‍ෂය වූ අපාය දුර්‍ගති විනිපාත ඇත්තෙම් විවස ව නො හෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවාන් වෙමි”යි තෙමේ ම තමා පවසන්නේ නම් මේ ඒ දහම් කැඩපත නම් වූ දහම්නය යි.