යෙදුමෙන් කියවන්න

දුතිය ගිඤ‍්ජකාවසථසුත‍්තං

11. 1. 9.

11. 1. 9.

දුතිය ගිඤ‍්ජකාවසථසුත‍්තං

තතිය ගිඤ්ජකාවසථ සූත්‍රය

3777. එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා ආනන්‍දො භගවන‍්තං එතදවොච: “අසොකො නාම භන‍්තෙ, භික‍්ඛු කාලකතො. තස‍්ස කා ගති, කො අභිසම‍්පරායො? අසොකා නාම භන‍්තෙ, භික‍්ඛුනී කාලකතා තස‍්ස කා ගති, කො අභිසම‍්පරායො? අසොකො නාම භන‍්තෙ, උපාසකො කාලකතො තස‍්ස කා ගති, කො අභිසම‍්පරායො? අසොකා නාම භන‍්තෙ, උපාසිකා කාලකතා තස‍්සා කා ගති, කො අභිසම‍්පරායො? ති.

3777. එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: වහන්ස, අසෝක නම් මහණ කලුරිය කෙළේ ය. ඔහුගේ ගතිය කුමක් ද? පරලොව කිමෙක් ද? වහන්ස, අසෝකා නම් මෙහෙණ කලුරිය කළා ය. ඇගේ ගතිය කුමක් ද? පරලොව කිමෙක් ද? වහන්ස, අසෝක නම් උවසු කලුරිය කෙළේ ය. ඔහුගේ ගතිය කුමක් ද? පරලොව කිමෙක් ද? වහන්ය, අසෝකා නම් උවැසි කලුරිය කළා ය. ඇගේ ගතිය කුමක් ද? පරලොව කිමෙක් දැ යි?

අසොකො ආනන්‍ද, භික‍්ඛු කාලකතො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහාසි -පෙ- අයං ඛො සො ආනන්‍ද, ධම‍්මාදාසො. ධම‍්මපරියායො යෙන සමන‍්නාගතො අරියසාවකො ආකඞ‍්ඛමානො අත‍්තනාව අත‍්තානං ව්‍යාකරෙය්‍ය: “ඛීණනිරයොම‍්හි ඛීණතිරච‍්ඡානයොනියො ඛීණපෙත‍්තිවිසයො ඛීණාපායදුග‍්ගතිවිනිපාතො, සොතාපන‍්නොහමස‍්මි, අවිනිපාතධම‍්මො නියතො සම‍්බොධිපරායණොති”.

ආනන්‍ද, කලුරිය කළ අසෝක මහණ ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් දිටුදැමියෙහි ම තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ විසී ය ... ආනන්‍ද යම් දහම්නයෙකින් යුතු අරීසවු කැමති වන්නේ “මම ක්‍ෂය වූ නිරය ඇතියෙම් ක්‍ෂය වූ තිරිසන්යොන් ඇතියෙම් ක්‍ෂය වූ ප්‍රේතවිෂය ඇතියෙම් ක්‍ෂය වූ අපාය දුර්‍ගතිවිනිපාත ඇතියෙම් වෙමි. විවස ව නොවැටෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වෙමි යි තෙමේ ම තමා පවසන්නේ නම් මේ ඒ දහම්කැඩපත නම් වූ දහම්නය යි.

(යථා පුරිමසුත‍්තං විත්‍ථාරෙතබ‍්බං.)

(පළමුසුතුර මෙන් විතර කටයුතු)