වෙළුද්වාරෙය්‍යසුත්තං
11. 1. 7.
11. 1. 7.
වෙළුද්වාරෙය්‍යසුත්තං
වේළුද්වාරෙය්‍ය සූත්‍රය
3775. එකං සමයං භගවා කොසලෙසු චාරිකං චරමානො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං යෙන වෙළුද්වාරං නාම කොසලානං බ්රාහ්මණගාමො තදවසරි. අස්සොසුං ඛො වෙළුද්වාරෙය්‍යකා බ්රාහ්මණගහපතිකා සමණො ඛලු භො ගොතමො සක්යපුත්තො සක්යකුලා පබ්බජිතො කොසලෙසු චාරිකං චරමානො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං වෙළුද්වාරං අනුප්පත්තො. තං ඛො පන භගවන්තං ගොතමං එවං කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො: “ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථී සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. සො ඉමං ලොකං සදෙවකං සමාරකං සබ්රහ්මකං සස්සමණබ්රාහ්මණිං පජං සදෙවමනුස්සං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙති. සො ධම්මං දෙසෙති: “ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සබ්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙති. සාධු ඛො පන තථාරූපානං අරහතං දස්සනං හොතීති.
3775. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල් දනව්වෙහි මහත් බික්සඟන සමඟ චාරිකාවෙහි හැසිරෙන සේක් කොසොල් දනවු වැස්සන්ගේ වේළුද්වාර නම් බමුණුගම වෙත පැමිණිසේක. වේළුද්වාර වැසි බමුණුගැහැවියෝ “ශාක්‍යකුලයෙන් පැවිදි වූ ගොයුම් ගොත් ඇති භවත් ශ්‍රමණ ශාක්‍යපුත්‍රයෝ මහත් බික්සඟන සමග කොසොල් දනව්වෙහි චාරිකාවේ හැසිරෙන සේක් වේළුද්වාර නුවරට පිළිවෙළින් පැමිණි සේක. ඒ භගවත් ගෞතමයන් ගේ මෙබඳු කළණ කිතු සදෙක් උස් ව පැන නැංගේය: “ඒ භාග්‍යවත්හු මෙ කරුණෙනු දු අර්හත්හ, සම්‍යක් සම්බුද්ධ හ. විද්‍යාචරණසම්පන්න හ, සුගත හ, ලෝකවිදූ හ, අනුත්තරපුරිසදම්මසාරථී හ, දෙවිමිනිසුන්ට ශාස්තෲ හ. බුද්ධ හ. භගවත් හ”යි, ඔවුන් වහන්සේ දෙවියන් සහිත් මරුන් සහිත බඹුන් සහිත මහණබමුණන් සහිත මේ ලොව දෙවිමිනිසුන් සහිත ප්‍රජාව තුමූ වෙසෙසින් දැන පසක් කොට පවසන සේක. ඔවුන් වහන්සේ මුල කලණ වූ මැද කලණ වූ අවසන කලණ වූ අරුත් සහිත ව්‍යඤ්ජන සහිත හුදෙක් පිරිපුන් පිරිසිදු බඹසර පවසන සේක. එබඳු රහතුන් ගේ දැක්ම යහපත් වේ”යි ඇසූහ.
අථ ඛො වෙළුද්වාරෙය්‍යකා බ්රාහ්මණගහපතිකා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා අප්පෙකච්චෙ භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. අප්පෙකච්චෙ භගවතා සද්ධිං සම්මොදිංසු. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිංසු. අප්පෙකච්චෙ යෙන භගවා තෙනඤ්ජලිං පණාමෙත්වා එකමන්තං නිසීදිංසු. අප්පෙකච්චෙ භගවතො සන්තිකෙ නාමගොත්තං සාවෙත්වා එකමන්තං නිසීදිංසු. අප්පෙකච්චෙ තුණ්හීභූතා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො වෙළුද්වාරෙය්‍යකා බ්රාහ්මණගහපතිකා භගවන්තං එතදවොචුං: මයං භො ගොතම, එවං කාමා එවඤ්ඡන්දා එවං අධිප්පායා පුත්තසම්බාධසයනං අජ්ඣාවසෙය්යාම. කාසිකචන්දනං පච්චනුභවෙය්යාම මාලාගන්ධවිලෙපනං ධාරෙය්යාම, ජාතරූපරජතං සාදියෙය්යාම. කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජෙය්යාම. තෙසං නො භවං ගොතමො අම්හාකං එවංකාමානං එවඤ්ඡන්දානං එවං අධිප්පායානං තථා ධම්මං දෙසෙතු. යථා මයං පුත්තසම්බාධසයනං අජ්ඣාවසෙය්යාම, කාසිකචන්දනං පච්චනුභවෙය්යාම, මාලාගන්ධවිලෙපනං ධාරෙය්යාම, ජාතරූපරජතං සාදියෙය්යාම. කායස්ස ච භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජෙය්යාමාති.
ඉක්බිති වේළුද්වාර වැසි බමුණුගැහැවියෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පස් ව හුන්හ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූහ. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් ව හුන්හ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ එකත් පස් ව හුන්හ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි නම් ගොත් අස්වා එකත්පස් ව හුන්හ. ඇතැම් කෙනෙක් මුවින් නො බැණ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් වේළුද්වාර වැසි බමුණුගැහැවියෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ. “භවත් ගෞතමයෙනි, අපි දරුවන්ගෙන් හක වූ යහන්හි වෙසෙන්නමෝ සිනිඳු සඳුන් ගල්වන්නමෝ මල්ගඳවිලෙවුන් දරන්නමෝ රන්රිදී ඉවසන්නමෝ කාබුන් මරණින් මතු සුගති සඟලොවට පැමිණෙන්නමෝ යි මෙබඳු කාම ඇත්තමෝ මෙබඳු ඡන්ද ඇත්තමෝ මෙබඳු අදහස් ඇත්තමෝ වම්හ. යම් සේ අපි දරුවන් ගෙන් හක වූ යහන්හි වසන්නමෝ සිහිල් සඳුන් ගල්වන්නමෝ මල්ගඳවිලෙවුන් දරන්නමෝ රන්රිදී ඉවසන්නමෝ කාබුන් මරණින් මතුත් සුගති සගලොවට පැමිණෙන්නමෝ නම් මෙබඳු කාම ඇති මෙබඳු ඡන්ද ඇති මෙබඳු අදහස් ඇති ඒ අපට භවත් ගෞතමයන් වහන්සේ එසේ දහම් දෙසන සේක්වා”යි.
අත්තූපනායිකං වො ගහපතයො, ධම්මපරියායං දෙසිස්සාමි. තං සුණාථ. සාධුකං මනසිකරොථ. භාසිස්සාමීති. එවං භොති ඛො වෙළුද්වාරෙය්යක බ්රාහ්මණගහපතිකා භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
ගැහැවියෙහි, තමා එළවා දැක්වීම ඇති දහම්නය තොපට දේශනා කරන්නෙමි. එය අසවු. මැනවින් මෙනෙහි කරවු. කියන්නෙමි යි. භවත්නි, එසේ ය යි වේළුද්වාරවැසි බමුණු ගැහැවියෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
කතමො ච ගහපතයො අත්තූපනායිකො ධම්මපරියායො: ඉධ ගහපතයො අරියසාවකො ඉතිපටිසඤ්චික්ඛති: “අහං ඛොස්මි ජීවිතුකාමො අමරිතුකාමො සුඛකාමො දුක්ඛපටික්කූලො. යො ඛො මං ජීවිතුකාමං අමරිතුකාමං සුඛකාමං දුක්ඛපටික්කූලං ජීවිතා වොරොපෙය්ය, න මෙතං අස්ස පියං මනාපං අහඤ්චෙව ඛො පන පරං ජීවිතුකාමං අමරිතුකාමං. සුඛකාමං දුක්ඛපටික්කූලං ජීවිතා වොරොපෙය්ය පරස්සපි තං අස්ස අප්පියං අමනාපං. යො ඛො ම්යායං ධම්මො අප්පියො අමනාපො. පරස්සපෙසො ධම්මො අප්පියො අමනාපො. යො ඛො ම්යායං ධම්මො අප්පියො අමනාපො, කථාහං පරං තෙන සංයොජෙය්‍යන්ති,? සො ඉති පටිසඞ්ඛාය අත්තනා ච පාණාතිපාතා පටිවිරතො හොති. පරඤ්ච පාණාතිපාතා වෙරමණියා සමාදපෙති. පාණාතිපාතා වෙරමණියා ච වණ්ණං භාසති. එවමස්සායං කායසමාචාරො තිකොටිපරිසුද්ධො හොති.
ගැහැවියෙනි, තමා එළවා දැක්වීම ඇති දහම් නය කවරේ ද යත්: ගැහැවියෙනි, මෙහි අරීසවුතෙමේ මෙසේ නුවණින් සලකා බලයි. මම වනාහි ජීවත් වනු කැමැත්තෙම් නො මැරෙනු කැමැත්තෙම් සුව කැමැත්තෙම් දුකට පිළිකුල් කරන්නෙම් වෙමි. යමෙක් ජීවත් වනු කැමති නො මැරෙනු කැමති සුව කැමති දුකට පිළිකුල් කරන මා දිවියෙන් තොර කරන්නේ නම් එය මට ප්‍රිය මනාප නො වන්නේ ය. මම ද ජීවත් වනු කැමති නො මැරෙණු කැමති සුව කැමති දුකට පිළිකුල් කරණ මෙරමා දිවියෙන් තොර කරන්නෙම් නම් මෙරමාහට ද එය අප්‍රිය අමනාප වන්නේය. යම් මේ දහමෙක් මට අප්‍රිය අමනාප වේ නම් මෙරමාහට ද ඒ දහම අප්‍රිය අමනාප වේ. යම් මේ දහමෙක් මට අප්‍රිය අමනාප නම් කෙසේ මම මෙරමා ඒ දහම සමග යොදන්නෙම් දැ යි. හෙතෙමේ මෙසේ නුවණින් සලකා තෙමේත් පණිවායෙන් වැළකුණේ වෙයි. මෙරමාත් පණිවායෙන් වෙන් වීමෙහි සමාදන් කරවයි. පණිවායෙන් වෙන් වීමෙහි ගුණත් කියයි. මෙසේ ඔහුගේ මේ කාය සංවරය තුන්කෙළවර පිරිසිදු වූයේ වෙයි.
පුන චපරං ගහපතයො, අරියසාවකො ඉති පටිසඤ්චික්ඛති: “යො ඛො මෙ අදින්නං ථෙය්යසඞ්ඛාතං ආදියෙය්‍ය, න මෙ තං අස්ස පියං මනාපං. අහඤ්චෙව ඛො පන පරස්ස අදින්නං ථෙය්යසඞ්ඛාතං ආදියෙය්යං, පරස්සපි තං අස්ස අප්පියං අමනාපං. යො ඛො ම්යායං ධම්මො අප්පියො අමනාපො, පරස්ස පෙසො ධම්මො අප්පියො අමනාපො. යො ඛො ම්යායං ධම්මො අප්පියො අමනාපො, කථාහං පරෙන්තෙන සංයොජෙය්‍යන්ති”? සො ඉති පටිසඞ්ඛාය අත්තනා ච අදින්නාදානා පටිවිරතො හොති, පරඤ්ච අදින්නාදානා වෙරමණියා සමාදපෙති, අදින්නාදානා වෙරමණියා ච වණ්ණං භාසති. එවමස්සායං කායසමාචාරො තිකොටිපරිසුද්ධො හොති.
ගැහැවියෙනි, නැවත අනෙකක් ද කියමි; අරීසවු තෙමේ මෙසේ නුවණින් සලකා බලයි. යමෙක් මාගේ නුදුන් දෑ සොරසිතින් ගන්නේ නම් එය මට ප්‍රිය මනාප නො වන්නේ ය. මමත් මෙරමාගේ නුදුන් දෑ සොරසිතින් ගන්නෙම් නම් මෙරමාහට ද එය අප්‍රිය අමනාප වන්නේය. යම් මේ දහමෙක් මට අප්‍රිය අමනාප වේ නම් මෙරමාහට ද මේ දහම අප්‍රිය අමනාප වේ. යම් මේ දහමෙක් මට අප්‍රිය අමනාප වේ නම් කෙසේ මම මෙරමා ඒ දහම සමග යොදන්නෙම් දැ යි. හෙතෙමේ මෙසේ නුවණින් සලකා තෙමේත් අයිනාදනින් වැළකුනේ වේ. මෙරමාත් අයිනාදනින් වෙන් වීමෙහි සමාදන් කරවයි. අයිනාදනින් වෙන් වීමෙහි ගුණත් කියයි. මෙසේ ඔහුගේ මේ කායසංවරය තුන්කෙළවර පිරිසුදු වූයේ වේ.
පුන චපරං ගහපතයො, අරියසාවකො ඉති පටිසඤ්චික්ඛති: “යො ඛො මෙ දාරෙසු චාරිත්තං ආපජ්ජෙය්ය, න මෙතං අස්ස පියං මනාපං අහඤ්චෙව ඛො පන පරස්ස දාරෙසු චාරිත්තං ආපජ්ජෙය්යං, පරස්සපි තං අස්ස අප්පියං අමනාපං. යො ඛො ම්යායං ධම්මො අප්පියො අමනාපො, පරස්ස පෙසො ධම්මො අප්පියො අමනාපො. යො ඛො ම්යායං ධම්මො අප්පියො අමනාපො, කථාහං පරන්තෙන සංයොජෙය්‍යන්ති”? සො ඉති පටිසඞ්ඛාය අත්තනා ච කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො හොති. පරඤ්ච කාමෙසු මිච්ඡාචාරා වෙරමණියා සමාදපෙති, කාමෙසු මිච්ඡාචාරා වෙරමණියා ච වණ්ණං භාසති. එවමස්සායං කායසමාචාරො තිකොටිපරිසුද්ධො හොති.
ගැහැවියෙනි, නැවත අනෙකක් ද කියමි. අරීසවුතෙමේ මෙසේ නුවණින් සලකා බලයි: “යමෙක් මාගේ අඹුවන් කෙරෙහි හැසිරීමට පැමිණෙන්නේ නම් මට එය ප්‍රිය මනාප නො වන්නේ ය. මමත් මෙරමාගේ අඹුවන් කෙරෙහි හැසිරීමට පැමිණෙන්නෙම් නම් මෙරමාහට ද එය අප්‍රිය අමනාප වන්නේ ය. යම් දහමෙක් මට අප්‍රිය අමනාප වේ නම් මෙරමාහට ද ඒ දහම අප්‍රිය අමනාප වේ. යම් දහමෙක් මට අප්‍රිය අමනාප වේ නම් කෙසේ මම මෙරමා ඒ සමග යොදන්නෙම් දැයි. හෙතෙමේ මෙසේ නුවණින් සලකා තෙමේත් කාමයෙහි මිසහසරින් වැළකුනේ වෙයි. මෙරමාත් කාමයෙහි මිසහසරින් වෙන් වීමෙහි සමාදන් කරවයි. කාමයෙහි මිසහසරින් වෙන් වීමෙහි ගුණත් කියයි. මෙසේ ඔහුගේ මේ කායසංවරය තුන්කෙළවර පිරිසුදු වූයේ වෙයි.
පුන චපරං ගහපතයො, අරියසාවකො ඉති පටිසංචික්ඛති: යො ඛො මෙ මුසාවාදෙන අත්ථං භඤ්ජෙය්ය, න මෙතං අස්ස පියං මනාපං. අහං චෙව ඛො පන පරස්ස මුසාවාදෙන අත්ථං භඤ්ජෙය්යං පරස්සපි තං අස්ස අප්පියං අමනාපං. යො ඛො ම්යායං ධම්මො අප්පියො අමනාපො, පරස්ස පෙසො ධම්මො අප්පියො අමනාපො. යො ඛො ම්යායං ධම්මො අප්පියො අමනාපො, කථාහං පරන්තෙන සංයොජෙය්‍යන්ති? සො ඉති පටිසඞ්ඛාය අත්තනා ච මුසාවාදා පටිවිරතො හොති, පරඤ්ච මුසාවාදා වෙරමණියා සමාදපෙති. මුසාවාදා වෙරමණියා ච වණ්ණං භාසති. එවමස්සායං වචීසමාචාරො තිකොටිපරිසුද්ධො හොති.
ගැහැවියෙනි, නැවත අනෙකක් ද කියමි: “අරීසවුතෙමේ මෙසේ නුවණින් සලකා බලයි; යමෙක් මුසවායෙන් මාගේ අරුත් බිඳින්නේ නම් මට එය ප්‍රිය මනාප නො වන්නේ ය. මමත් මුසවායෙන් මෙරමාගේ අරුත් බිඳින්නෙම් නම් මෙරමාහට ද එය අප්‍රිය අමනාප වන්නේය. යම් දහමෙක් මට අප්‍රිය අමනාප වේ නම් මෙරමාහටත් ඒ දහම අප්‍රිය අමනාප වේ. යම් දහමෙක් මට අප්‍රිය අමනාප වේ නම් කෙසේ මම මෙරමා ඒ සමග යොදන්නෙම් දැයි. හෙතෙමේ මෙසේ නුවණින් සලකා තෙමේත් මුසවායෙන් වැළකුනේ වෙයි. මෙරමාත් මුසවායෙන් වෙන් වීමෙහි සමාදන් කරවයි. මුසවායෙන් වෙන් වීමෙහි ගුණත් කියයි. මෙසේ ඔහුගේ මේ වාක්සංවරය තුන්කෙළවර පිරිසුදු වූයේ වේ.
පුන චපරං ගහපතයො, අරියසාවකො ඉති පටිසඤ්චික්ඛති: “යො ඛො මං පිසුණාය වාචාය මිත්තෙ භින්දෙය්ය, න මෙ තං අස්ස පියං මනාපං. අහං චෙව ඛො පන පරං පිසුනාය වාචාය මිත්තෙ භින්දෙය්යං පරස්සපි තං අස්ස අප්පියං අමනාපං. යො ඛො ම්යායං ධම්මො අප්පියො අමනාපො, පරස්ස පෙසො ධම්මො අප්පියො අමනාපො. යො ඛො ම්යායං ධම්මො අප්පියො අමනාපො, කථාහං පරන්තෙන සංයොජෙය්‍යන්ති? සො ඉති පටිසඞ්ඛාය අත්තනා ච පිසුනාය වාචාය පටිවිරතො හොති. පරඤ්ච පිසුනාය වාචාය වෙරමණියා සමාදපෙති. පිසුනාය වාචාය වෙරමණියා ච වණ්ණං භාසති. එවමස්සායං වචීසමාචාරො තිකොටිපරිසුද්ධො හොති.
ගැහැවියෙනි, නැවත අනෙකක් ද කියමි: “අරීසවුතෙමේ මෙසේ නුවණින් සලකා බලයි. යමෙක් පිසුණුවදනින් මා හා මිතුරන් බිඳුවන්නේ නම් මට එය ප්‍රිය මනාප නො වන්නේ ය. මමත් පිසුණු වදනින් මෙරමා හා මිතුරන් බිඳුවන්නෙම් නම් මෙරමාහට ද එය අප්‍රිය අමනාප වන්නේ ය. යම් දහමෙක් මට අප්‍රිය අමනාප වේ නම් මෙරමා හටත් ඒ දහම අප්‍රිය අමනාප වෙයි. යම් දහමෙක් මට අප්‍රිය අමනාප වේ නම් කෙසේ මම මෙරමා ඒ සමග යොදන්නෙම්දැයි? හෙතෙමේ මෙසේ නුවණින් සලකා තෙමේත් පිසුණුවදනින් වැළකුනේ වෙයි. මෙරමාත් පිසුණුවදනින් වෙන් වීමෙහි සමාදන් කරවයි. පිසුණු වදනින් වෙන් වීමෙහි ගුණත් කියයි. මෙසේ ඔහුගේ මේ වාක්සංවරය තුන්කෙළවර පිරිසුදු වූයේ වේ.
පුන චපරං ගහපතයො, අරියසාවකො ඉති පටිසඤ්චික්ඛති, යො ඛො මං ඵරුසාය වාචාය සමුදාචරෙය්‍ය, න මෙ තං අස්ස පියං මනාපං. අහං චෙව ඛො පන පරං ඵරුසාය වාචාය සමුදාචරෙය්යං, පරස්සපි තං අස්ස අප්පියං අමනාපං. යො ඛො ම්යායං ධම්මො යො ඛො ම්යායං ධම්මො අප්පියො අමනාපො, පරස්සපෙසො ධම්මො අප්පියො අමනාපො. යො ඛො ම්යායං ධම්මො අප්පියො අමනාපො. කථාහං පරං තෙන සංයොජෙය්‍යන්ති? සො ඉති පටිසඞ්ඛාය අත්තනා ච ඵරුසාය වාචාය පටිවිරතො හොති. පරඤ්ච ඵරුසාය වාචාය වෙරමණියා සමාදපෙති. ඵරුසාය වාචාය වෙරමණියා ච වණ්ණං භාසති. එවමස්සායං වචීසමාචාරො තිකොටිපරිසුද්ධො හොති.
ගැහැවියෙනි, නැවත අනෙකක් ද කියමි: “අරීසවුතෙමේ මෙසේ නුවණින් සලකා බලයි. යමෙක් රළු වදනින් මට බෙණෙන්නේ නම් මට එය ප්‍රිය මනාප නො වන්නේ ය. මමත් රළු වදනින් මෙරමාහට බණන්නෙම් නම් මෙරමාහටත් එය අප්‍රිය අමනාප වන්නේ ය. යම් දහමෙක් මට අප්‍රිය අමනාප වේ නම් මෙරමාහටත් ඒ දහම අප්‍රිය අමනාප වේ. යම් දහමෙක් මට අප්‍රිය අමනාප වේ නම් කෙසේ මම මෙරමා ඒ සමග යොදන්නෙම් දැයි. හෙතෙමේ මෙසේ නුවණින් සලකා තෙමේත් රළු වදනින් වැළකුනේ වේ. මෙරමාත් රළුවදනින් වෙන් වීමෙහි සමාදන් කරවයි. රළුවදනින් වෙන් වීමෙහි ගුණත් කියයි. මෙසේ ඔහුගේ මේ වාක්සංවරය තුන්කෙළවර පිරිසුදු වූයේ වෙයි.
පුන චපරං ගහපතයො, අරියසාවකො ඉති පටිසඤ්චික්ඛති: “යො ඛො මං සම්ඵප්පලාපභාසෙන සමුදාචරෙය්‍ය. න මෙ තං අස්ස පියං මනාපං. අහඤ්චෙව ඛො පන පරං සම්ඵප්පලාපභාසෙන සමුදාචරෙය්යං, පරස්සපි තං අස්ස අප්පියං අමනාපං. යො ඛො ම්යායං ධම්මො අප්පියො අමනාපො, පරස්සපෙසො ධම්මො අප්පියො අමනාපො. යො ඛො ම්යායං ධම්මො අප්පියො අමනාපො, කථාහං පරං තෙන සංයොජෙය්‍යන්ති”? සො ඉති පටිසඞ්ඛාය අත්තනා ච සම්ඵප්පලාපා පටිවිරතො හොති, පරඤ්ච සම්ඵප්පලාපා වෙරමණියා සමාදපෙති. සම්ඵප්පලාපා වෙරමණියා ච වණ්ණං භාසති. එවමස්සායං වචීසමාචාරො තිකොටිපරිසුද්ධො හොති.
ගැහැවියෙනි, නැවත අනෙකක් ද කියමි: “අරීසවුතෙමේ මෙසේ නුවණින් සලකා බලයි. යමෙක් මට හිස්බසින් බෙණෙන්නේ නම් එය මට ප්‍රිය මනාප නො වන්නේ ය. මමත් මෙරමාහට හිස්බසින් බෙණෙන්නේ නම් මෙරමාහටත් එය අප්‍රිය අමනාප වන්නේ ය. යම් දහමෙක් මට අප්‍රිය අමනාප වේ නම් මෙරමාහටත් ඒ දහම අප්‍රිය අමනාප වේ. යම් දහමෙක් මට අප්‍රිය අමනාප වේ නම් කෙසේ මම මෙරමා ඒ සමග යොදන්නෙම් දැයි. හෙතෙමේ මෙසේ නුවණින් සලකා තෙමේත් හිස්බසින් වැළකුනේ වෙයි, මෙරමාත් හිස්බසින් වෙන් වීමෙහි සමාදන් කරවයි. හිස් බසින් වෙන් වීමෙහි ගුණත් කියයි. මෙසේ ඔහුගේ මේ වාක්සංවරය තුන්කෙළවර පිරිසුදු වූයේ වෙයි.
සො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: “ඉතිපි සො භගවා අරහං -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති”. ධම්මෙ -පෙ- සඞ්ඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: “සුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො -පෙ- අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සාති”. අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති අඛණ්ඩෙහි -පෙ- සමාධිසංවත්තනිකෙහි.
හෙතෙමේ “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණෙනුදු අර්හත් හ ... දෙවිමිනිසුන්ට ශාස්තෘ හ, බුද්ධ හ, භගවත් හ”යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. ධර්මයෙහි ... “භාග්‍යවතුන් වහන්සේගේ ශ්රාවකසඞ්ඝතෙමේ සුප්‍රතිපන්න ය ... ලෝකයාට අනුත්තරපුණ්යක්ෂේත්රය”යි සඞ්ඝයා කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. අඛණ්ඩ වූ ... සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්වාගත වෙයි.
යතො ඛො ගහපතයො, අරියසාවකො ඉමෙහි සත්තහි ධම්මෙහි සමන්නාගතො හොති. ඉමෙහි චතූහි ආකඞ්ඛියෙහි ඨානෙහි. සො ආකඞ්ඛමානො අත්තනාව අත්තානං ව්යාකරෙය්ය: “ඛීණනිරයොම්හි ඛීණතිරච්ඡානයොනියො ඛීණපෙත්තිවිසයො ඛීණාපායදුග්ගතිවිනිපාතො. සොතාපන්නොහමස්මි අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො”ති.
ගැහැවියෙනි, අරීසවු තෙමේ යම් කලෙක මේ සත් දහමින් යුතු වූයේ වේ ද කැමති විය යුතු මේ සිවු කරුණෙන් යුතු වූයේ වේ ද හෙතෙමේ කැමතිවන්නේ මම ක්ෂය වූ නිරය ඇත්තෙම් ක්ෂය වූ තිරිසන් යෝනි ඇත්තෙම් ක්ෂය වූ ප්‍රේතවිෂය ඇත්තෙම් ක්ෂය වූ අපාය දුග්ගති විනිපාත ඇත්තෙම් වෙමි. විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවාන් වෙමි”යි තෙමේ ම තමා පවසන්නේ යි.
එවං වුත්තෙ වෙළුද්වාරෙය්‍යකා බ්රාහ්මණගහපතිකා භගවන්තං එතදවොචුං: “අභික්කන්තං, භො ගොතම -පෙ- එතෙ මයං භවන්තං ගොතමං සරණං ගච්ඡාමි, ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකෙ නො භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතෙ සරණං ගතෙති”.
මෙසේ වදාළ කල්හි වේළුද්වාරෙය්යක බමුණු ගැහැවියෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: “භවත් ගෞතමයන් වහන්ස, ඉතාමැනවි ... මේ අපි භවත් ගොයුම්හුත් දහමත් බික්සඟනත් සරණ කොට යෙමු. භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවිහිමියෙන් සරණ ගිය අප උවසුන් කොට දරන සේක්වා”යි.