ථපතිසුත්තං
11. 1. 6.
11. 1. 6.
ථපතිසුත්තං
ථපති සූත්‍රය
3774. තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛූ භගවතො චීවරකම්මං කරොන්ති: “නිට්ඨිතචීවරො භගවා තෙමාසච්චයෙන චාරිකං පක්කමිස්සතීති”. තෙන ඛො පන සමයෙන ඉසිදත්තපුරාණා ථපතයො: සාධුකෙ පටිවසන්ති කෙනචි දෙව කරණීයෙන, අස්සොසුං ඛො ඉසිදත්ත පුරාණා ථපතයො සම්බහුලා කිර භික්ඛූ භගවතො චීවරකම්මං කරොන්ති, නිට්ඨිතචීවරො භගවා තෙමාසච්චයෙන චාරිකං පක්කමිස්සතීති.
3774. එසමයෙහි බොහෝ භික්ෂූහු “නිමාසිවුරු ඇති (අනුසස් කාලය නිම වූ සිවුරු ඇති) භාග්‍යවතුන් වහන්සේ තෙමස අවෑමෙන් චාරිකාවෙහි වඩනා සේකැ”යි භාග්‍යවතුන් වහන්සේගේ සිවුරුකම් කෙරෙත්. එසමයෙහි ඉසිදත්ත පුරාණ වඩුවෝ දෙදෙන කිසියම් කටයුත්තක් හේතු කොට සාධුක නුවර වෙසෙත්. ඉසිදත්ත පුරාණ වඩුවෝ නිමා සිවුරු ඇති භාග්‍යවතුන් වහන්සේ තෙමස් ඇවෑමෙන් චාරිකාවෙහි වඩනා සේකැයි බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ සිවුරු කම් කෙරෙති යි ඇසූහ.
අථ ඛො ඉසිදත්තපුරාණා ථපතයො මග්ගෙ පුරිසං ඨපෙසුං: “යදා ත්වං අම්භො පුරිස, පස්සෙය්යාසි භගවන්තං ආගච්ඡන්තං අරහන්තං සම්මාසම්බුද්ධං අථ ඛො අම්හාකං ආරොචෙය්යාසීති”. ද්වීහතීහං ඨිතො ඛො සො පුරිසො අද්දස භගවන්තං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන යෙන ඉසිදත්තපුරාණා ථපතයො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ඉසිදත්තපුරාණෙ ථපතයො එතදවොචු: “අයං සො භන්තෙ, භගවා ආගච්ඡති අරහං සම්මාසම්බුද්ධො. යස්සදානි කාලං මඤ්ඤථාති”.
ඉක්බිති ඉසිදත්ත පුරාණ වඩුවෝ “එම්බල පුරුෂය යම් කලෙක තෙපි වඩනා අර්හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේ දක්නහු නම් එකල්හි අපට සැල කරන්නහු”යි මඟ පුරුෂයකු තැබූහ. දෙතුන් දිනක් සිටි ඒ පුරුෂ තෙමේ වඩනා භාග්‍යවතුන් වහන්සේ දුර දී ම දිටී. දැක ඉසිදත්ත පුරාණ වඩුවන් වෙත එළඹියේ ය. එළඹ ඉසිදත්ත පුරාණ වඩුවන්ට මෙය සැලකෙළේ ය. “හිමියෙනි, ඒ මේ අර්හත් සම්‍යක් සම්බුද්ධ භාග්‍යවතුන් වහන්සේ වඩනා සේක. යමකට දැන් කල් දන්නහු නම් මැනවැ”යි.
අථ ඛො ඉසිදත්තපුරාණා ථපතයො යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා භගවන්තං පිට්ඨිතො පිට්ඨිතො අනුබන්ධිංසු. අථ ඛො භගවා මග්ගා ඔක්කම්ම යෙනඤ්ඤතරං රුක්ඛමූලං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. ඉසිදත්තපුරාණා ථපතයො භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො ඉසිදත්තපුරාණා ථපතයො භගවන්තං එතදවොචුං:
එකල්හි ඉසිදත්ත පුරාණ වඩුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹිය හ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ භාග්‍යවතුන් වහන්සේ පසු පස අනුගමන් කළහ. එකල භාග්‍යවතුන් වහන්සේ මඟින් ඉවත් ව එක්තරා රුක්මුලකට එළඹි සේක. එළඹ පැනවූ අස්නෙහි වැඩහුන් සේක. ඉසිදත්ත පුරාණ වඩුවෝ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පස් ව හුන්හ. එකත් පස්ව හුන් ඉසිදත්ත පුරාණ වඩුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ.
“යදා මයං භන්තෙ, භගවන්තං සුණොම සාවත්ථියා කොසලෙසු චාරිකං පක්කමිස්සතීති. හොති නො තස්මිං සමයෙ අනත්තමනතා හොති දොමනස්සං දූරෙ නො භගවා භවිස්සතීති”. යදා පන මයං භන්තෙ, භගවන්තං සුණොම සාවත්ථියා කොසලෙසු චාරිකං පක්කන්තොති, හොති නො තස්මිං සමයෙ අනත්තමනතා හොති දොමනස්සං “දූරෙ නො භගවාති”.
වහන්ස, යම් කලෙක අපි “භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවරින් කොසොල් දනව්වෙහි චාරිකාවට වඩනා සේකැ”යි අසමෝ නම් එසමයෙහි “භාග්‍යවතුන් වහන්සේ අපට දුර වන්නාහ”යි අපට නො සතුටු බවෙක් වෙයි. දොම්නසෙක් වෙයි. වහන්ස, යම් කලෙක අපි “භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරින් කොසොල් දනව්වෙහි චාරිකාවට වැඩි සේ කැ”යි අසමෝ නම් එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ අපට දුර වෙති”යි අපට නො සතුටු බවෙක් වෙයි. දොම්නසෙක් වෙයි.
යදා මයං භන්තෙ, භගවන්තං සුණොම: “කොසලෙහි මල්ලෙසු චාරිකං පක්කමිස්සතීති” හොති නො තස්මිං සමයෙ අනත්තමනතා හොති දොමනස්සං “දූරෙ නො භගවා භවිස්සතීති”. යදා පන මයං භන්තෙ, භගවන්තං සුණොම: “කොසලෙහි මල්ලෙසු චාරිකං පක්කන්තොති”. හොති නො තස්මිං සමයෙ අනත්තමනතා: හොති දොමනස්සං “දූරෙ නො භගවාති”.
වහන්ස, යම් කලෙක අපි “භාග්‍යවතුන් වහන්සේ කොසොල් දනව්වෙන් මල්ලදනව්වෙහි චාරිකාවට වඩනා සේකැ”යි අසමෝ නම් එසමයෙහි “භාග්‍යවතුන් වහන්සේ අපට දුර වන්නාහ”යි අපට නොසතුටු බවෙක් වෙයි. දොම්නසෙක් වෙයි. වහන්ස, යම් කලෙක අපි “භාග්‍යවතුන් වහන්සේ කොසොල්දනව්වෙන් මල්ලදනව්වෙහි චාරිකාවට වැඩි සේකැ”යි අසමෝ නම් එසමයෙහි “භාග්‍යවතුන් වහන්සේ අපට දුර වෙති”යි අපට නොසතුටු බවෙක් වෙයි. දොම්නසෙක් වෙයි.
යදා පන මයං භන්තෙ, භගවන්තං සුණොම “මල්ලෙහි වජ්ජීසු චාරිකං පක්කමිස්සතී”ති. හොති නො තස්මිං සමයෙ අනත්තමනතා. හොති දොමනස්සං: “දූරෙ නො භගවා භවිස්සතී”ති. යදා පන මයං භන්තෙ, භගවන්තං සුණොම ‘මල්ලෙහි වජ්ජීසු චාරිකං පක්කන්තොති”. හොති නො තස්මිං සමයෙ අනත්තමනතා හොති. දොමනස්සං “දූරෙ නො භගවා”ති.
වහන්ස, යම් කලෙක අපි “භාග්‍යවතුන් වහන්සේ මල්ලදනව්වෙන් වැදෑදනව්වෙහි චාරිකාවට වඩනා සේකැ”යි අසමෝ නම් එසමයෙහි “භාග්‍යවතුන් වහන්සේ අපට දුර වන්නාහ”යි අපට නො සතුටු බවෙක් වෙයි. දොම්නසෙක් වෙයි. වහන්ස, යම් කලෙක අපි “භාග්‍යවතුන් වහන්සේ මල්ලදනව්වෙන් වැදෑදනව්වෙහි චාරිකාවට වැඩි සේකැ”යි අසමෝ නම් එසමයෙහි “භාග්‍යවතුන් වහන්සේ අපට දුර වෙති”යි අපට නොසතුටු බවෙක් වෙයි. දොම්නසෙක් වෙයි.
යදා පන මයං භන්තෙ, භගවන්තං සුණොම “වජ්ජීහි කාසීසු චාරිකං පක්කමිස්සතී”ති, හොති නො තස්මිං සමයෙ අනත්තමනතා හොති දොමනස්සං: “දූරෙ නො භගවා භවිස්සතී”ති. යදා පන මයං භන්තෙ, භගවන්තං සුණොම “වජ්ජීහි කාසීසු චාරිකං පක්කන්තොති”. හොති නො තස්මිං සමයෙ අනත්තමනතා හොති දොමනස්සං “දූරෙ නො භගවාති”.
වහන්ස, යම් කලෙක අපි “භාග්‍යවතුන් වහන්සේ වැදෑදනව්වෙන් කසීදනව්වෙහි චාරිකාවට වඩනා සේකැ”යි අසමෝ නම් එසමයෙහි “භාග්‍යවතුන් වහන්සේ අපට දුර වන්නාහ”යි අපට නොසතුටු බවෙක් වෙයි. දොම්නසෙක් වෙයි. වහන්ස, යම් කලෙක අපි “භාග්‍යවතුන් වහන්සේ වැදෑදනව්වෙන් කසීදනව්වට චාරිකාවෙහි වැඩි සේකැ”යි අසමෝ නම් එසමයෙහි “භාග්‍යවතුන් වහන්සේ අපට දුර වෙති”යි අපට නොසතුටු බවෙක් වෙයි. දොම්නසෙක් වෙයි.
යදා පන මයං භන්තෙ, භගවන්තං සුණොම: “කාසීහි මගධෙසු චාරිකං පක්කමිස්සතී”ති, හොති නො තස්මිං සමයෙ අනත්තමනතා. හොති දොමනස්සං: “දූරෙ නො භගවා භවිස්සතීති”. යදාපන මයං භන්තෙ, භගවන්තං සුණොම “කාසීහි මගධෙසු චාරිකං පක්කන්තොති”. හොති අනප්පිකා නො තස්මිං සමයෙ අනත්තමනතා හොති අනප්පකං දොමනස්සං: “දූරෙ නො භගවාති”.
වහන්ස, යම් කලෙක අපි “භාග්‍යවතුන් වහන්සේ කසීදනව්වෙන් මගදදනව්වෙහි චාරිකාවට වඩනා සේකැ”යි අසමෝ නම් එසමයෙහි “භාග්‍යවතුන් වහන්සේ අපට දුර වන්නාහ”යි අපට නො සතුටු බවෙක් වෙයි දොම්නසෙක් වෙයි. වහන්ස, යම් කලෙක අපි “භාග්‍යවතුන් වහන්සේ කසීදනව්වෙන් මගදදනව්වෙහි චාරිකාවට වැඩි සේකැ”යි අසමෝ නම් එසමයෙහි “භාග්‍යවතුන් වහන්සේ අපට දුර වෙති”යි අපට නොසතුටු බවෙක් වෙයි. දොම්නසෙක් වෙයි.
යදා පන මයං භන්තෙ, භගවන්තං සුණොම: “මගධෙහි කාසීසු චාරිකං පක්කමිස්සතී”ති. හොති නො තස්මිං සමයෙ අත්තමනතා, හොති සොමනස්සං: “ආසන්නෙ නො භගවා භවිස්සතීති. යදා පන මයං භන්තෙ, භගවන්තං සුණොම: “මගධෙහි කාසීසු චාරිකං පක්කන්තොති”. හොති නො තස්මිං සමයෙ අත්තමනතා හොති සොමනස්සං: ‘ආසන්නෙ නො භගවාති”.
වහන්ස, යම් කලෙක අපි “භාග්‍යවතුන් වහන්සේ මගද දනව්වෙන් කසීදනව්වෙහි චාරිකාවට වඩනා සේකැ”යි අසමෝ නම් එසමයෙහි “භාග්‍යවතුන් වහන්සේ අපට ලඟ වන්නා හ”යි අපට සතුටු බවෙක් වෙයි. සොම්නසෙක් වෙයි. වහන්ස, යම් කලෙක අපි “භාග්‍යවතුන් වහන්සේ මගදදනව්වෙන් කසීදනව්වෙහි චාරිකාවට වැඩි සේකැ”යි අසමෝ නම් එසමයෙහි “භාග්‍යවතුන් වහන්සේ අපට ලඟ වෙති”යි අපට සතුටු බවෙක් වෙයි. සොම්නසෙක් වෙයි.
යදා පන මයං භන්තෙ, භගවන්තං සුණොම: “කාසීහි වජ්ජීසු චාරිකං පක්කමිස්සතීති”. හොති නො තස්මිං සමයෙ අත්තමනතා හොති සොමනස්සං: “ආසන්නෙ නො භගවා භවිස්සතීති”. යදා පන මයං භන්තෙ, භගවන්තං සුණොම: “කාසීහි වජ්ජීසු චාරිකං පක්කන්තොති”. හොති නො තස්මිං සමයෙ අත්තමනතා: හොති සොමනස්සං: “ආසන්නෙ නො භගවාති”.
වහන්ස, යම් කලෙක අපි “භාග්‍යවතුන් වහන්සේ කසීදනව්වෙන් වැදෑදනව්වෙහි චාරිකාවට වඩනා සේකැ”යි අසමෝ නම් එසමයෙහි “භාග්‍යවතුන් වහන්සේ අපට ලඟ වන්නාහ”යි අපට සතුටු බවෙක් වෙයි. සොම්නසෙක් වෙයි. වහන්ස, යම් කලෙක අපි “භාග්‍යවතුන් වහන්සේ කසීදනව්වෙන් වැදෑදනව්වෙහි චාරිකාවට වැඩි සේකැ”යි අසමෝ නම් එසමයෙහි “භාග්‍යවතුන් වහන්සේ අපට ලඟ වෙති”යි අපට සතුටු බවෙක් වෙයි. සොම්නසෙක් වෙයි.
යදා පන මයං භන්තෙ, භගවන්තං සුණොම: “වජ්ජීහි මල්ලෙසු චාරිකං පක්කමිස්සතීති”. හොති නො තස්මිං සමයෙ. අත්තමනතා. හොති සොමනස්සං: “ආසන්නෙ නො භගවා භවිස්සතීති”. යදා පන මයං භන්තෙ, භගවන්තං සුණොම: “වජ්ජීහි මල්ලෙසු චාරිකං පක්කන්තොති. හොති නො තස්මිං සමයෙ අත්තමනතා, හොති සොමනස්සං: “ආසන්නෙ නො භගවාති”.
වහන්ස, යම් කලෙක අපි “භාග්‍යවතුන් වහන්සේ වැදෑදනව්වෙන් මල්ලදනව්වෙහි චාරිකාවට වඩනා සේකැ”යි අසමෝ නම් එසමයෙහි “භාග්‍යවතුන් වහන්සේ අපට ලඟ වන්නා හ”යි අපට සතුටු බවෙක් වෙයි. සොම්නසෙක් වෙයි. වහන්ස, යම් කලෙක අපි “භාග්‍යවතුන් වහන්සේ වැදෑදනව්වෙන් මල්ලදනව්වෙහි චාරිකාවට වැඩි සේකැ”යි අසමෝ නම් එසමයෙහි “භාග්‍යවතුන් වහන්සේ අපට ලඟ වෙති”යි අපට සතුටු බවෙක් වෙයි. සොම්නසෙක් වෙයි.
යදා පන මයං භන්තෙ, භගවන්තං සුණොම: “මල්ලෙහි කොසලෙසු චාරිකං පක්කමිස්සතීති”. හොති නො තස්මිං සමයෙ අත්තමනතා හොති සොමනස්සං: “ආසන්නෙ නො භගවා භවිස්සතීති”. යදා පන මයං භන්තෙ, භගවන්තං සුණොම: “මල්ලෙහි කොසලෙසු චාරිකං පක්කන්තො”ති. හොති නො තස්මිං සමයෙ අත්තමනතා හොති සොමනස්සං: “ආසන්නෙ නො භගවාති”.
වහන්ස, යම් කලෙක අපි “භාග්‍යවතුන් වහන්සේ මල්ලදනව්වෙන් කොසොල්දනව්වෙහි චාරිකාවට වඩනා සේකැ”යි අසමෝ නම් එසමයෙහි “භාග්‍යවතුන් වහන්සේ අපට ලඟ වන්නා හ”යි අපට සතුටු බවෙක් වෙයි. සොම්නසෙක් වෙයි. වහන්ස, යම් කලෙක අපි “භාග්‍යවතුන් වහන්සේ මල්ලදනව්වෙන් කොසොල්දනව්වෙහි චාරිකාවට වැඩි සේකැ”යි අසමෝ නම් එසමයෙහි “භාග්‍යවතුන් වහන්සේ අපට ලඟ වෙති”යි අපට සතුටු බවෙක් වෙයි. සොම්නසෙක් වෙයි.
යදා පන මයං භන්තෙ, භගවන්තං සුණොම: “කොසලෙහි සාවත්ථිං චාරිකං පක්කමිස්සතී”ති. හොති නො තස්මිං සමයෙ අත්තමනතා හොති සොමනස්සං: “ආසන්නෙ නො භගවා භවිස්සතීති”. යදා පන මයං භන්තෙ, භගවන්තං සුණොම: “සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙති”. හොති අනප්පිකා නො තස්මිං සමයෙ අත්තමනතා, හොති අනප්පකං සොමනස්සං: “ආසන්නෙ නො භගවාති”.
වහන්ස, යම් කලෙක අපි “භාග්‍යවතුන් වහන්සේ කොසොල්දනව්වෙන් සැවතට චාරිකාවට වඩනා සේකැ”යි අසමෝ නම් එසමයෙහි “භාග්‍යවතුන් වහන්සේ අපට ලඟ වන්නාහ”යි අපට සතුටු බවෙක් වෙයි, සොම්නසෙක් වෙයි. වහන්ස, යම් කලෙක අපි “භාග්‍යවතුන් වහන්සේ සැවත සමීපයෙහි අනේපිඬුසිටුහුගේ දෙව්රම්හි වැඩවසන සේකැයි අසමෝ නම් එසමයෙහි “භාග්‍යවතුන් වහන්සේ අපට ලඟ වෙති”යි අපට නොමඳ සතුටු බවෙක් වෙයි. නොමඳ සොම්නසෙක් වෙයි.
“තස්මා තිහ ථපතයො සම්බාධො ඝරාවාසො රජාපථො, අබ්භොකාසො පබ්බජ්ජා. අලඤ්ච පන වො ථපතයො අප්පමාදායාති”. අත්ථි ඛො නො භන්තෙ, එතම්හා සම්බාධා අඤ්ඤො සම්බාධො සම්බාධතරො චෙව සම්බාධසඞ්ඛාතතරො චාති. කතමො පන වො ථපතයො එතම්හා සම්බාධා අඤ්ඤො සම්බාධො සම්බාධතරො චෙව සම්බාධසඞ්ඛාතතරො චාති?
වඩුවෙනි, ගිහිගෙය පළිබෝධ සහිතය, කෙලෙස් රජස් නගින තැනෙකි. පැවිද්ද එළිමහනෙකි. වඩුවෙනි, එහෙයින් මෙහි ලා තොප විසින් නොපමා වීමට සුදුසු යි. වහන්ස, මේ සම්බාධයට වඩා අතිශයින් සම්බාධ වූ ද අතිශය සම්බාධ ය යි පවසන ලද්දා වූ ද අනෙක් සම්බාධයෙක් ඇතැ”යි. වඩුවෙනි, මේ සම්බාධයට වඩා අතිශයින් සම්බාධ වූ ද අතිශය සම්බාධ ය යි පවසන ලද්දා වූ ද තොපගේ අනෙක් සම්බාධය කවරේ දැයි.
ඉධ මයං භන්තෙ, යදා රාජා පසෙනදි කොසලො උය්යානභූමිං නිය්යාතුකාමො හොති, යෙ තෙ රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස නාගා ඔපවය්හා තෙ කප්පෙත්වා යා තා රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස පජාපතියො පියා මනාපා තා එකං පුරතො එකං පච්ඡතො නිසීදාපෙම. තාසං ඛො පන භන්තෙ, භගිනීනං එවරූපො ගන්ධො හොති; “සෙය්යථාපි නාම ගන්ධකරණ්ඩකස්ස තාවදෙව විවරියමානස්ස යථා තං, රාජාරහෙන ගන්ධෙන විභූසිතානං. තාසං ඛො පන භන්තෙ, භගිනීනං එවරූපො කායසම්ඵස්සො හොති, සෙය්යථාපි නාම තූලපිචුනො වා කප්පාසපිචුනො වා, යථා තං රාජකඤ්ඤානං සුඛෙධිතානං. තස්මිං ඛො පන භන්තෙ, සමයෙ නාගොපි රක්ඛිතබ්බො හොති, තාපි භගිනියො රක්ඛිතබ්බා හොන්ති, අත්තාපි රක්ඛිතබ්බො හොති. න ඛො පන මයං භන්තෙ, අභිජානාම තාසු භගිනීසු පාපකං චිත්තං උප්පාදෙතා. අයං ඛො නො භන්තෙ, එතම්හා සම්බාධා අඤ්ඤො සම්බාධො සම්බාධතරො චෙව සම්බාධසඞ්ඛාතතරො චාති. තස්මාතිහ ථපතයො, සම්බාධො ඝරාවාසො රජාපථො, අබ්භොකාසො පබ්බජ්ජා. අලඤ්ච පන වො ථපතයො, අප්පමාදාය.
වහන්ස, මෙහි අපි, යම් කලෙක පසේනදි කොසොල් රජතෙමේ උයන් බිමට නික්මෙනු කැමැත්තේ වේ ද (එකල්හි) පසේනදි කොසොල්රජුගේ ඉසිලීමෙහි සමත් යම් ඒ ඇත්තු වෙත් නම් ඔවුන් සරසා පසේනදි කොසොල්රජුගේ පිය වූ මනාප වූ යම් ඒ මෙහෙසියෝ වෙත් නම් ඔවුන් එකක ඉදිරියෙන් ද එකක පස්සෙන් ද හිඳුවමු. වහන්ස, රජුට සුදුසු සුවඳින් සැරසුනු ඒ නැගණියන්ගේ මෙබඳු සුවඳෙක් වෙයි. එකෙණෙහි වැසුම් හරිනු ලබන සුවඳ කරඬුවෙක සුවඳ යම්සේ නම් එමෙනි. වහන්ස, සුවසේ වැඩුනු රජකුමරියන් වූ ඒ නැගණියන්ගේ මෙබඳු කාපහසෙක් වෙයි. හිඹුල්පුලුනෙහි හෝ කපුපුලුනෙහි හෝ පහස යම්සේ නම් එමෙනි. වහන්ස, එසමයෙහි ඇතා ද රැක්ක යුත්තේ වෙයි. ඒ නැගණියෝ ද රැක්කයුත්තාහු වෙති. තමා ද රැක්කයුත්තේ වෙයි. වහන්ස අපි, ඒ නැගණියන් කෙරෙහි ලාමක සිතක් ඉපදවූ බවක් නො ම දැනුම් හ. වහන්ස, මේ තෙල සම්බාධයට වඩා අතිශයින් සම්බාධ වූත් අතිශය සම්බාධය යි පවසන ලද්දා වූත් අනෙක් සම්බාධය යි. වඩුවෙනි, ගිහිගෙය පළිබෝධ සහිත ය. කෙලෙස් රජස් නගින තැනෙකි. පැවිද්ද එලිමහනෙකි. වඩුවෙනි, එහෙයින් මෙහිලා තොප විසින් නොපමා වීමට සුදුසු යි.
චතූහි ඛො ථපතයො, ධම්මෙහි සමන්නාගතො අරියසාවකො සොතාපන්නො හොති අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො. කතමෙහි චතූහි? ඉධ ථපතයො අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති” -පෙ- ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- විගතමලමච්ඡෙරෙන චෙත සා අගාරං අජ්ඣාවසති මුත්තචාගො පයතපාණි වොස්සග්ගරතො යාචයොගො දානසංවිභාගරතො. ඉමෙහි ඛො ථපතයො, චතූහි ධම්මෙහි සමන්නාගතො අරියසාවකො සොතාපන්නො හොති අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො.
වඩුවෙනි, සිවුදහමෙකින් යුත් අරීසවුතෙමේ විවස ව නොවැටෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවාන් වේ. කවර සිවුදහමකින් ද යත්: වඩුවෙනි, මෙහි අරීසවුතෙමේ “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෘ හ. බුද්ධ හ, භගවත් හ”යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචලප්‍රසාදයෙන් සමන්වාගත වෙයි. ධර්මයෙහි ... සඞ්ඝයා කෙරෙහි ... මුදන ලද ත්‍යාග ඇත්තේ (-ත්‍යාගශීලී ව, ආවවුන්ට දීම පිණිස) දෝනා ලද අත් ඇත්තේ ත්‍යාගයෙහි ඇලුනේ යදිනු ලැබීමට සුදුසු වූයේ දීමෙහිත් බෙදා දීමෙහිත් ඇලුනේ පහ ව ගිය මසුරු මල ඇති සිතින් යුතු ව ගිහිගෙයි වෙසෙති. වඩුවෙනි, මේ සිවුදහමින් යුත් අරීසවුතෙමේ විවස ව නොවැටෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවාන් වේ.
තුම්හෙ හි ඛො, ථපතයො, බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතා: “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති“. ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- යං ඛො පන කිඤ්චි කුලෙ දෙය්යධම්මං සබ්බං තං අප්පටිවිභත්තං සීලවන්තෙහි කල්යාණධම්මෙහි. තං කිං මඤ්ඤථ ථපතයො, කතිවිධා තෙ කොසලෙසු මනුස්සා යෙ තුම්හාකං සමසමා යදිදං දානසංවිභාගෙති ලාභා නො භන්තෙ, සුලද්ධං නො භන්තෙ, යෙසං නො භගවා එවං ජානාතීති.
වඩුවෙනි, තෙපි වනාහි “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ව ශාස්තෘ හ. බුද්ධ හ. භගවත් හ යි බුදුරජානන් වහන්සේ කෙරෙහි අචලප්‍රසාදයෙන් සමන්‍වාගතය හ. ධර්මයෙහි ... සඞ්ඝයා කෙරෙහි ... කුලයෙහි යම් කිසි දිය යුතු දෙයක් වේ නම් ඒ සියල්ල කලණදහම් ඇති සිල්වතුන් හා නොපිළිබෙදන ලද්දේ වෙයි. වඩුවෙනි, ඒ කිමැයි හඟිවු ද? දීමෙහිත් බෙදා දීමෙහිත් ලා යම් කෙනෙක් තොපට සමසම වෙත් නම් කොසොල්දනව්වෙහි එබඳු මිනිස්සු කෙතෙක් වෙද්දැයි. වහන්ස, යම් බඳු අප ගැන භාග්‍යවතුන් වහන්සේ මෙසේ දැනවදාරන සේක් නම් වහන්ස ඒ අපට ලාභයෙකි. අපට මනාලැබුමෙකි යි.