2. රාජකාරාමවග්ගො අට්ඨකථා
2. රාජකාරාම වර්ගය
1. සහස්සසුත්තවණ්ණනා
1. සහස්ස සූත්‍ර වර්ණනාව
දුතියස්ස පඨමෙ රාජකාරාමෙති රඤ්ඤා කාරිතත්තා එවං ලද්ධනාමෙ ආරාමෙ, තං රඤ්ඤා පසෙනදිකොසලෙන කතං. පඨමබොධියං කිර ලාභග්ගයසග්ගපත්තං සත්ථාරං දිස්වා තිත්ථියා චින්තයිංසු – “සමණො ගොතමො ලාභග්ගයසග්ගපත්තො, න ඛො පනෙස අඤ්ඤං කිඤ්චි සීලං වා සමාධිං වා නිස්සාය එවං ලාභග්ගයසග්ගපත්තො. භූමිසීසං පන තෙන ගහිතං, සචෙ මයම්පි ජෙතවනසමීපෙ ආරාමං කාරාපෙතුං සක්කුණෙය්යාම, ලාභග්ගයසග්ගපත්තා භවෙය්යාමා”ති. තෙ අත්තනො අත්තනො උපට්ඨාකෙ සමාදපෙත්වා සතසහස්සමත්තෙ කහාපණෙ ලභිත්වා තෙ ආදාය රඤ්ඤො සන්තිකං අගමංසු. රාජා “කිං එත”න්ති? පුච්ඡි. මයං ජෙතවනසමීපෙ තිත්ථියාරාමං කරොම, සචෙ සමණො ගොතමො වා සමණස්ස ගොතමස්ස සාවකා වා ආගන්ත්වා වාරෙස්සන්ති, වාරෙතුං මා අදත්ථාති ලඤ්ජං අදංසු. රාජා ලඤ්ජං ගහෙත්වා “ගච්ඡථ කාරෙථා”ති ආහ.
දෙවන වර්ගයේ පළමුවැන්නෙහි - රාජකාරාමෙ රජු විසින් කරවන ලද බැවින් මෙසේ ලැබුණ නම ඇති ආරාමයෙහි. කවර නම් රජ කෙනෙකුන් විසින් ද යත් - පසේනදී කෝසල රජු විසිනි. බුද්ධත්වයට පැමිණි මුල් කාලයෙහිම කීර්තියෙන් හා ලාභයෙන් අග පැමිණි ශාස්තෲන් වහන්සේ දැක තීර්ථකයෝ මෙසේ සිතූහ. “ශ්‍රමණ ගෞතම තෙමේ ලාභයෙන් ද කීර්තියෙන්ද අගතැන් පත්විය. මේ වනාහී අන් කිසි සීලයක් හෝ සමාධියක් හෝ නිසා සිදු වූ ලාභයෙන් අග්‍රප්‍රාප්ත වීමක් නොවේ. උස් බිම් කඩක් වූ ඒ ස්ථානය නිසා සිදුවූවකි. ඉදින් අපි ද දෙව්රම සමීපයෙහි ආරාමයක් කිරීමට හැකි වන්නෙමු නම් ලාභයෙන් කීර්තියෙන් අගතැන් පත් වන්නෝ වෙමු” යනුයි. ඔව්හු තම තමන්ගේ උපස්ථායකයන්හට පවරා කහවණු ලක්ෂයක් පමණ ලබා ගෙන ඒවා රැගෙන රජු සමීපයට ගියහ. රජතෙමේ මේ කිම්දැයි ඇසීය. අපි දෙව්රම සමීපයෙහි තීර්ථකාරාමයක් කරවමු, ඉදින් ශ්‍රමණ ගෞතමයෝ හෝ ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවකයෝ හෝ පැමිණ වළක්වන්නාහු නම් වැළැක්වීමට ඉඩ නො දෙන්නැයි කියා අත්ලස් දුන්හ. රජ තෙමේ අල්ලස ගෙන “යන්න, එය කරවන්න” යයි කීය.
තෙ ගන්ත්වා, අත්තනො උපට්ඨාකෙහි දබ්බසම්භාරෙ ආහරාපෙත්වා, ථම්භුස්සාපනාදීනි කරොන්තා, උච්චාසද්දා මහාසද්දා එකකොලාහලං අකංසු. සත්ථා ගන්ධකුටිතො නික්ඛම්ම පමුඛෙ ඨත්වා “කෙ පන තෙ, ආනන්ද, උච්චාසද්දා මහාසද්දා කෙවට්ටා මඤ්ඤෙ මච්ඡවිලොපෙ”ති?, පුච්ඡි. තිත්ථියා, භන්තෙ, ජෙතවනසමීපෙ තිත්ථියාරාමං කරොන්තීති. ආනන්ද, ඉමෙ සාසනෙන පටිවිරුද්ධා භික්ඛුසඞ්ඝස්ස අඵාසුවිහාරං කරිස්සන්ති, රඤ්ඤො ආරොචෙත්වා වාරාපෙහීති.
ඔව්හු ගොස් තම උපස්ථායකයන් ලවා ද්‍රව්‍ය සම්භාරයන් ගෙන්වා ගෙන කණු නැංවීම් ආදිය කරවන්නාහු උස්හඬ මහහඬ සහිත එකම කලබලයක් කළහ. ශාස්තෲන් වහන්සේ ගඳ කිළියෙන් නික්ම ඉදිරියෙහි සිට ආනන්දයෙනි, එම උස් හා මහ හඬ කවරේද? මසුන් මරණ කෙවූලන් යයි සිතමි. එය එසේ දැයි විමසූහ. “ස්වාමීනි. ජේතවනය සමීපයෙහි තිර්ථකයෝ තීර්ථකාරාමයක් කරවති”යි කීය. “ආනන්දය, මේ සස්නෙහි විරුද්ධවාදීහු භික්ෂු සංඝයාගේ විහරණයට අපහසු දෙයක් කරන්නෝය. රජුට දන්වා ඉවත් කරවන්න” යයි කීහ.
ථෙරො භික්ඛුසඞ්ඝෙන සද්ධිං ගන්ත්වා රාජද්වාරෙ අට්ඨාසි. රඤ්ඤො “ථෙරා, දෙව, ආගතා”ති නිවෙදයිංසු. රාජා ලඤ්ජස්ස ගහිතත්තා න නික්ඛමි. ථෙරා ගන්ත්වා සත්ථු ආරොචයිංසු. සත්ථා සාරිපුත්තමොග්ගල්ලානෙ පෙසෙසි. රාජා තෙසම්පි දස්සනං න අදාසි. තෙ ආගන්ත්වා සත්ථු ආරොචයිංසු “න, භන්තෙ, රාජා නික්ඛන්තො”ති. සත්ථා තඞ්ඛණංයෙව බ්යාකාසි – “අත්තනො රජ්ජෙ ඨත්වා කාලං කාතුං න ලභිස්සතී”ති.
ස්ථවිර තෙමේ භික්ෂ සංඝයා සමග ගොස් රජ මැදුරේ දොරටුවෙහි සිටියේය. “දේවයන්වහන්ස. තෙරුන් වහන්සේ වැඩියහ”යි (රාජ පුරුෂයෝ) රජුට දැන්වූහ. රජතෙමේ තමා අල්ලස් ගත් බැවින් පිටතට නො පැමිණියේය. තෙරුන් වහන්සේ ගොස් ශාස්තෲන් වහන්සේට දැන්වූහ. ශාස්තෲන් වහන්සේ සැරියුත් මුගලන් තෙරවරුන් යැවුහ. රජතෙමේ උන්වහන්සේලාට (තමා) දැකීමට (තමා) දැකීමට (අවසරයක් ද) නොදුන්නේය. උන්වහන්සේලා පැමිණ ශාස්තෲන් වහන්සේට “ස්වාමීනි, රජ තෙමේ පිටතට නික්මුණේ නැතැයි” දැන්වූහ. ශාස්තෲන් වහන්සේ එකෙණෙහිම “තමාගේ රාජ්‍යයෙහි සිට කලුරිය කිරීමට (රජුට) නො ලැබෙන්නේ යයි” වදාළහ.
දුතියදිවසෙ ච සාමංයෙව භික්ඛුසඞ්ඝපරිවාරො ගන්ත්වා රාජද්වාරෙ අට්ඨාසි. රාජා “සත්ථා ආගතො”ති සුත්වා නික්ඛමිත්වා, නිවෙසනං පවෙසෙත්වා, සාරපල්ලඞ්කෙ නිසීදාපෙත්වා, යාගුඛජ්ජකං අදාසි. සත්ථා පරිභුත්තයාගුඛාදනීයො “යාව භත්තං නිට්ඨාති, තාව සත්ථු සන්තිකෙ නිසීදිස්සාමී”ති ආගන්ත්වා නිසින්නං රාජානං “තයා, මහාරාජ, ඉදං නාම කත”න්ති අවත්වා, “කාරණෙනෙව නං සඤ්ඤාපෙස්සාමී”ති ඉදං අතීතකාරණං ආහරි – මහාරාජ, පබ්බජිතෙ නාම අඤ්ඤමඤ්ඤං යුජ්ඣාපෙතුං න වට්ටති. අතීතෙපි ඉසයො අඤ්ඤමඤ්ඤං යුජ්ඣාපෙත්වා සහ රට්ඨෙන රාජා සමුද්දං පවිට්ඨොති. කදා භගවාති?
දෙවන දිනයෙහි (ශාස්තෲන් වහන්සේ) තමාම භික්ෂු සංඝයා පිරිවරා ගෙන ගොස් (රජ මැදුරේ) දොරටුවෙහි වැඩ සිටි සේක. රජතෙමේ ශාස්තෲන් වහන්සේ වැඩි සේකැයි අසා නික්ම, (උන්වහන්සේලා) මැදුරට වැඩමවා පර්යංකයෙහි වඩා හිඳුවා කැඳසහිත ආහාර පිළිගැන්වීය. ශාස්තෲන් වහන්සේ කැඳසහිත ආහාර වැළඳූසේක්, අහරවළදා නිමවන තුරු ශාස්තෲන් සමීපයෙහි හිඳින්නෙමියි පැමිණ හිඳගත් රජුට, මහරජ, ඔබ විසින් මෙබඳු දෙයක් කරන ලද්දේ යයි නො වදාරා කරුණකින්ම එය හඟවන්නෙමියි සිතා මෙම අතීත කරුණ ගෙන හැර දැක්වූහ. මහරජ, පැවිද්දන් ඔවුනොවුන් ගැටුම්හි යෙදවීම නොසුදුසුය. අතීතයෙහි ද ඍෂීන් අතර ඔවුනොවුන්ගේ ගැටුම් ඇති කරවා රජ කෙනෙක් රට ද සමග මුහුදට බිලි වීයයි වදාළහ. භාග්‍යවතුන් වහන්ස, කවර කලෙකදැයි රජතෙමේ ඇසීය.
අතීතෙ, මහාරාජ, භරුරට්ඨෙ භරුරාජා නාම රජ්ජං කාරෙති. පඤ්චසතා පඤ්චසතා ද්වෙ ඉසිගණා පබ්බතපාදතො ලොණම්බිලසෙවනත්ථාය භරුනගරං ගන්ත්වා නගරස්ස අවිදූරෙ ද්වෙ රුක්ඛා අත්ථි, පඨමං ආගතො ඉසිගණො එකස්ස රුක්ඛස්ස මූලෙ නිසීදි, පච්ඡාගතොපි එකස්සාති. තෙ යථාභිරන්තං විහරිත්වා පබ්බතපාදං එව අගමංසු. තෙ පුන ආගච්ඡන්තාපි අත්තනො රුක්ඛමූලෙයෙව නිසීදන්ති. අද්ධානෙ ගච්ඡන්තෙ එකො රුක්ඛො සුක්ඛි, තස්මිං සුක්ඛෙ ආගතා තාපසා “අයං රුක්ඛො මහා, අම්හාකම්පි තෙසම්පි පහොස්සතී”ති ඉතරෙසං රුක්ඛමූලස්ස එකපදෙසෙ නිසීදිංසු. තෙ පච්ඡා ආගච්ඡන්තා රුක්ඛමූලං අපවිසිත්වා බහි ඨිතාව “කස්මා තුම්හෙ එත්ථ නිසීදථා”ති ආහංසු. ආචරියා අම්හාකං රුක්ඛො සුක්ඛො, අයං රුක්ඛො මහා, තුම්හෙපි පවිසථ, තුම්හාකම්පි අම්හාකම්පි පහොස්සතීති. තෙ “න මයං පවිසාම, නික්ඛමථ තුම්හෙ”ති කථං වඩ්ඪෙත්වා “න තුම්හෙ අත්තනොව මනෙන නික්ඛමිස්සථා”ති හත්ථාදීසු ගහෙත්වා නික්කඩ්ඪිංසු.
මහරජ අතීතයෙහි “භරු” නම් රටෙහි “භරූ” නම් රජකු රජය කරවන කල්හි පන්සියයක් බැගින් වූ සෘෂිවරු කණ්ඩායම් දෙකක් පර්වත පාදයෙන් නික්ම ලුණු ඇඹුල් සේවනය සඳහා “භරු” නගරයට ගොස් පළමුව පැමිණි සෘෂි පිරිස නගරයට නොදුරෙහි වූ රුක් දෙකකින් එක් රුක් මුලක හිඳ ගත්හ. පසුව පැමිණි පිරිස ද එක් රුක් මුලෙක හිඳ ගත්හ. ඔව්හු සිත් වූ පරිදි කල් ගෙවා පර්වතයට ම ගියහ. නැවත පැමිණෙන්නාවූ ද ඔව්හු තමාගේ රුක් මුලෙහි ම හිඳ ගනිති. කලක් ගිය පසු එක් රුකක් වියලී ගියේය. එය වියලුණ කල්හි පැමිණි තවුසෝ “මේ රුක විශාලය, අපට ද ඔවුන්හට ද සෑහේ යයි (කියා) අන් පිරිසගේ රුක්මුල එක් පසෙක හිඳ ගත්හ. අන් පිරිස පසුව පැමිණ රුක් මුලට නො පිවිස බැහැරින් සිටම ඔබලා කුමක් හෙයින් මෙහි හිඳිනෙහුදැ”යි ඇසූහ. “ඇදුරෙනි, අපගේ රුක වියලී ගොසින්ය, මේ රුක විශාලය, ඔබ ද පැමිණෙන්න ඔබට ද (මෙහි ඉඩ) සෑහේ” යයි කීහ. ඔව්හු “අපි නොඑන්නෙමු. ඔබ පිට වී යනු”යි කීහ. (විවාද) කථාව වැඩි වී ඔබ තම කැමැත්තෙන් නික්ම නොයන්නහු දැයි කියා (එහි හුන් පිරිස) අත් ආදියෙන් ගෙන බැහැරට පළවා හැරියහ.
තෙ “හොතු සික්ඛාපෙස්සාම නෙ”ති ඉද්ධියා සොවණ්ණමයානි ද්වෙ චක්කානි රජතමයඤ්ච අක්ඛං මාපෙත්වා පවට්ටෙන්තා රාජද්වාරං අගමිංසු. රඤ්ඤො “එවරූපං, දෙව, තාපසා පණ්ණාකාරං ගහෙත්වා ඨිතා”ති නිවෙදයිංසු. රාජා තුට්ඨො “පක්කොසථා”ති තෙ පක්කොසාපෙත්වා “මහාකම්මං තුම්හෙහි කතං, අත්ථි වො කිඤ්චි මයා කත්තබ්බ”න්ති ආහ. ආම, මහාරාජ, අම්හාකං නිසින්නට්ඨානං එකරුක්ඛමූලං අත්ථි, තං අඤ්ඤෙහි ඉසීහි ගහිතං, තං නො දාපෙහීති. රාජා පුරිසෙ පෙසෙත්වා තාපසෙ නික්කඩ්ඪාපෙසි.
ඔව්හු “එසේ වේවා, ඔවුන්හට උගන්වන්නෙමු”ය (කියා) ඍද්ධියෙන් ස්වර්ණමය චක්රයන් දෙකක් ද, රජතමය වූ අක්ෂ දණ්ඩක් (හරස් අලවංගුවක්) ද මවා එය පදවමින් රජ මැදුරු දොරටුවට ගියහ. “තවුසන් දෙදෙනකු මෙබඳු ත්‍යාගයක් ගෙන පැමිණ සිටිත්” යයි රජුට දැන්වූහ. රජ තෙමේ සතුටු වී ඔවුන් කැඳවන්නයයි කීය. කැඳවා, ඔබ විසින් අගනා කාර්යයක් කරන ලද්දේ වෙයි. ඔබට මා විසින් කළයුතු යමක් වේදැයි ඇසීය. එසේය මහරජ, අප හිඳිනා තැන එක් රුක් මුලක් ඇත. එය වෙනත් සෘෂීන් විසින් ගන්නා ලදී. අපට එය ලබා දෙනු මැනවයි කීහ. රජතෙමේ මිනිසුන් යවා තවුසන් බැහැර කරවීය.
තෙ බහි ඨිතා “කිං නු ඛො දත්වා ලභිංසූ”ති ඔලොකයමානා “ඉදං නාමා”ති දිස්වා “මයම්පි ලඤ්ජං දත්වා පුන ගණ්හිස්සාමා”ති ඉද්ධියා සොවණ්ණමයං රථපඤ්ජරං මාපෙත්වා ආදාය අගමංසු. රාජා දිස්වා තුට්ඨො – “කිං, භන්තෙ, කාතබ්බ”න්ති?, ආහ. මහාරාජ අම්හාකං රුක්ඛමූලෙ අඤ්ඤො ඉසිගණො නිසින්නො, තං නො රුක්ඛමූලං දාපෙහීති.
ඔව්හු පිට වී සිට කුමක් නම් දී (රුක්මුල) ලබා ගත්තාහු දැයි බලන්නාහු මෙනම් දෙයක් යයි දැක අපිත් අනෙක් අල්ලසක් දී නැවත ගන්නෙමු යයි සෘද්ධියෙන් රුවන් මුවා රිය මැදිරියක් මවාගෙන ගියහ. රජ තෙමේ දැක සතුටුවූයේ ස්වාමීනි, (මා විසින්) කුමක් කළයුතු දැයි විමසීය. මහරජ අපගේ රුක්මුලෙහි අන්‍ය වූ සෘෂීහු පිරිසක් හිඳිති. අපට ඒ රුක්මුල ලබා දෙන්න යයි කීහ.
රාජා පුරිසෙ පෙසෙත්වා තෙ නික්කඩ්ඪාපෙසි. තාපසා අඤ්ඤමඤ්ඤං කලහං කත්වා, “අනනුච්ඡවිකං අම්හෙහි කත”න්ති විප්පටිසාරිනො හුත්වා පබ්බතපාදමෙව අගමංසු. තතො දෙවතා “අයං රාජා ද්වින්නං ඉසිගණානං හත්ථතො ලඤ්ජං ගහෙත්වා අඤ්ඤමඤ්ඤං කලහං කාරාපෙසී”ති කුජ්ඣිත්වා මහාසමුද්දං උබ්බට්ටෙත්වා තස්ස රඤ්ඤො විජිතං යොජනසහස්සමත්තට්ඨානං සමුද්දමෙව අකංසූති.
රජතෙමේ මිනිසුන් යවා ඔවුන් බැහැර කරවීය. තවූසෝ එකිනෙකා කළහ කොට අප විසින් නුසුදුසු දෙයක් කරන ලද්දේයයි පසුතැවිල්ලට පත් වී පර්වත පාදයටම ගියහ. ඉක්බිති දෙව්වරු මේ රජු කණ්ඩායම් දෙකෙන්ම අල්ලස් ගෙන ඔවුනොවුන් කලහ කරවී යයි කෝපයට පත් වී මහ සයුර උඩට මතු කරවා ඒ රජුගේ රාජ්‍යය යොදුන් දහසක පමණ තැන් සමුද්‍රය බවට පත් කළහ.
“ඉසීනමන්තරං කත්වා, භරුරාජාති මෙ සුතං; උච්ඡින්නො සහ රට්ඨෙහි, ස රාජා විභවඞ්ගතො”ති. (ජා· 1.2.125) –
ඉසීන මන්ත රං කත්වා භරු රාජාති මෙ සුතං, උච්ඡින්නො සහ රට්ඨෙහි සරාජා විභවං ගතො.
ඉසින් හට අනතුරු - සිදුකොට එබරු රජතෙම, එහි පල විසින් තම - රට ද සමගින් ගියේ වැනසී.
භරු නම් ඒ රජ තෙමේ ඍෂීන් හට අනතුරු කොට රටද සමග විනාශයට පත්වූයේ යයි මා විසින් අසන ලදී.
එවං භගවතා ඉමස්මිං අතීතෙ දස්සිතෙ යස්මා බුද්ධානං නාම කථා ඔකප්පනියා හොති, “තස්මා රාජා අත්තනො කිරියං සල්ලක්ඛෙත්වා අනුපධාරෙත්වා මයා අකත්තබ්බං කම්මං කත”න්ති “ගච්ඡථ, භණෙ, තිත්ථියෙ නික්කඩ්ඪථා”ති නික්කඩ්ඪාපෙත්වා චින්තෙසි – “මයා කාරිතො විහාරො නාම නත්ථි, තස්මිංයෙව ඨානෙ විහාරං කාරෙස්සාමී”ති තෙසං දබ්බසම්භාරෙපි අදත්වා විහාරං කාරෙසි. තං සන්ධායෙතං වුත්තං.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් මෙම අතීත සිද්ධිය දක්වනු ලැබූ කල්හි යම් හෙයකින් බුදුන් වහන්සේලාගේ කථා විශ්වාස කළයුතු වන්නේ වේද, එබැවින් රජ තෙමේ තමාගේ ක්‍රියාව සලකාබලා මා විසින් පරීක්ෂා නොකොට නො කළ යුතු දෙයක් කරන ලදී. යවු, සගයෙනි, තීර්ථකයන් ඉවත් කරවනු යයි කියා ඉවත් කරවා “මා විසින් කරවන ලද විහාරයක් නම් නැත්තේ යයි සිතා ඒ ස්ථානයෙහි ම විහාරයක් කරවන්නෙමියි ඔවුන්හට උපකරණ රැසක් ද දී විහාරයක් කරවීය. ඒ සඳහා මෙය කියන ලදී.
2-3. බ්රාහ්මණසුත්තාදිවණ්ණනා
2-3. බ්‍රාහ්මණ ආදි සූත්‍ර වර්ණනා
දුතියෙ උදයගාමිනින්ති අත්තනො සමයෙ වඩ්ඪිගාමිනිං. මරණං ආගමෙය්යාසීති මරණං ඉච්ඡෙය්යාසි, පත්ථෙය්යාසි වා. තතියං උත්තානමෙව.
දෙවැන්නෙහි - උදය ගාමිණිං = තමාගේ කාලයෙහි වර්ධනයට පත්වූ ගමේ ප්‍රධානියා මරණං ආගමෙය්යාසි මරණය කැමති වන්නෙහිය යනුයි. තෙවැන්න පහසු වේ.
4. දුග්ගතිසුත්තවණ්ණනා
4. දුග්ගති සූත්‍ර වර්ණනාව
චතුත්ථෙ සබ්බදුග්ගතිභයං සමතික්කන්තොති මනුස්සදොභග්ගං පටික්ඛිත්තං.
සිවු වැන්නෙහි - සබ්බ දුග්ගති භයං සමතික්කන්තො = මිනිසුන්හට ඇතිවන දුර්භාග්‍යය ඉවත් කරන ලදී.
5. විනිපාතසුත්තවණ්ණනා
5. විනිපාත සූත්‍ර වර්ණනාව
පඤ්චමෙ සබ්බදුග්ගතිවිනිපාතභයං සමතික්කන්තොති මනුස්සදොභග්ගෙන සද්ධිං චත්තාරො අපායා පටික්ඛිත්තා.
පස් වැන්නෙහි - සිබ දුග්ගති විනිපාත භයං සමතික්කන්තො = මිනිසුන් හට ඇතිවන දුර්භාග්‍යය සමග සතර අපායයන්ද දුරු කරන ලදී.
6. මිත්තාමච්චසුත්තවණ්ණනා
6. මිත්තාමච්ච සූත්‍ර වර්ණනාව
ඡට්ඨෙ මිත්තාති අඤ්ඤමඤ්ඤස්ස ගෙහෙ ආමිසපරිභොගවසෙන වොහාරමිත්තා. අමච්චාති ආමන්තනපටිමන්තනඉරියාපථාදීසු එකතො පවත්තකිච්චා. ඤාතීති සස්සුසසුරපක්ඛිකා. සාලොහිතාති සමානලොහිතා භාතිභගිනිමාතුලාදයො.
සය වැන්නෙහි - මිත්තා = ඔවුනොවුන්ගේ ගෘහයෙහි සම්පත් භුක්ති විදීම් වශයෙන් සිටින වචනයට සීමිත වූ මිත්‍රයෝ අමච්චා = තමා වෙතට කැඳවීමට කරන කතාව. තමා වෙතින් ඉවතට යැවීමට කරන කථාව. ඉරියවු පැවැත්වීම ආදියෙහි එක්ව පවත්නා කටයුතු ඥාති = නැදි මයිලන්ගේ පිරිසට අයත්වූවෝ සාලොහිතා = සමාන ලේ ඇති සොයුරු, සොයුරි මයිලණු ආදීහු.
7. දුතිය මිත්තාමච්චසුත්තවණ්ණනා
7. දුතිය මිත්තාමච්ච සූත්‍ර වර්ණනාව
සත්තමෙ අඤ්ඤථත්තං නාම පසාදඤ්ඤථත්තං භාවඤ්ඤථත්තං ගතිඅඤ්ඤථත්තං ලක්ඛණඤ්ඤථත්තං විපරිණාමඤ්ඤථත්තන්ති අනෙකවිධං. තත්ථ මහාභූතෙසු භාවඤ්ඤථත්තං අධිප්පෙතං. සුවණ්ණාදිභාවෙන හි ඝනසණ්ඨිතාය පථවිධාතුයා විලීයිත්වා උදකභාවං ආපජ්ජමානාය පුරිමභාවො විගච්ඡති, භාවඤ්ඤථත්තං පඤ්ඤායති. ලක්ඛණං පන න විගච්ඡති, කක්ඛළලක්ඛණාව හොති. උච්ඡුරසාදිභාවෙන ච යූසාකාරසණ්ඨිතාය ආපොධාතුයා සුස්සිත්වා ඝනපථවිභාවං ආපජ්ජමානාය පුරිමභාවො විගච්ඡති, භාවඤ්ඤථත්තං පඤ්ඤායති. ලක්ඛණං පන න විගච්ඡති, ආබන්ධනලක්ඛණාව හොති. තත්රිදං අඤ්ඤථත්තන්ති එත්ථ පන ගතිඅඤ්ඤථත්තං අධිප්පෙතං, තඤ්හි අරියසාවකස්ස නත්ථි. පසාදඤ්ඤථත්තම්පි නත්ථියෙව, ඉධ පන පසාදඵලං පකාසෙතුං ගතිඅඤ්ඤථත්තමෙව දස්සිතං. සෙසං සබ්බත්ථ උත්තානමෙවාති.
සත්වැන්නෙහි - අඤ්ඤථත්තං = (අන්‍ය වූ ස්වභාවය) නම් ප්‍රසාදය පිළිබඳ අන්‍ය වූ ස්වභාවය, ස්වභාවයන්හි අන්‍ය වූ ස්වභාවය, ගති පිළිබඳ අන්‍ය වූ ස්වභාවය, ලක්ෂණ පිළිබඳ අන්‍ය වූ ස්වභාවය, වෙනස්වීම පිළිබඳ අන්‍ය වූ ස්වභාවය යනුවෙන් විවිධ වේ. එහි මහා භූතයන්හි ස්වභාවයන් පිළිබඳ වෙනස් වූ ස්වභාවයක් අදහස් කරන ලදී. පෘථිවිධාතුව රත්රන් ආදියෙන් ඝනව පිහිටයි. පෘථිවිධාතුව දිය වී ගොස් ජලය බවට හැරෙයි. මෙහිදී පූර්ව ධාතුව දිය වී ගොස් ජලය බවට හැරෙයි. මෙහිදී පූර්ව ස්වභාවය ඉවත් වෙයි. (පෙර තිබු) ස්වභාවයෙහි අන්‍ය වූ ස්වභාවයක් පෙනෙයි. ලක්ෂණය ඉවත් නො වෙයි. රළු ලෙස පවත්වා ලක්ෂණ පවතී. උක්පැණි ආදී ස්වභාවයෙන් ආපෝධාතුව යුෂ ආකාරයෙන් සිටියි. එය වියලී ඝන වූ පෘථිවි ධාතු ස්වභාවයට පැමිණීමෙහිදී මුල් ස්වභාවය ඉවත් වෙයි. එහිදී ස්වභාවයේ අන්‍ය වූ ස්වභාවය පෙනෙයි. ලක්ෂණය ඉවත් නොවෙයි. බැඳී පැවතීමේ ලක්ෂණ ම ඇති වේ. තත්රිදං අඤ්ඤථත්තං = මෙහිදී වනාහී ගති පිළිබඳ වෙනස් වීමක් අදහස් කෙරේ. එය ආර්ය ශ්‍රාවකයාහට ඇත්තේ නැත. ප්‍රසාදය පිළිබඳ වෙනස් ස්වභාවයක්ද නැත්තේමය. මෙහිදී ප්‍රසාද ඵලය ප්‍රකාශ කිරීම පිණිස ගති වෙනස්වීම ම දක්වන ලදී. සෙස්ස සියළු තැන්හි පහසු වේ.
රාජකාරාමවග්ගො දුතියො.
දෙවන රාජකාරාම වර්ගය නිමි.