ආනන්දසුත්තං
11. 2. 3.
11. 2. 3.
ආනන්දසුත්තං
ආනන්ද සූත්‍රය
3781. එකං සමයං ආයස්මා ච සාරිපුත්තො ආයස්මා ච ආනන්දො සාවත්ථියං විහරන්ති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො ආයස්මා සාරිපුත්තො සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මතා ආනන්දෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා සාරිපුත්තො ආයස්මන්තං ආනන්දං එතදවොච: කතින්නං ඛො ආවුසො ආනන්ද, ධම්මානං පහානා, කතින්නං ධම්මානං සමන්නාගමනහෙතු, එවමයං පජා භගවතා බ්යාකතා “සොතාපන්නා අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායණා”ති?
3781. එක්කලෙක ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝත් ආයුෂ්මත් අනඳ තෙරණුවෝත් සැවත සමීපයෙහි අනේපිඬුසිටුහුගේ දෙව්රම්හි වැඩ වෙසෙති. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සවස්කල විවේකයෙන් නැඟී සිටියාහු ආයුෂ්මත් අනඳ තෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් අනඳ තෙරණුවන් සමග සතුටු වූහ ... සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පසෙක වැඩහුන්හ. එකත්පසෙක වැඩහුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් අනඳ තෙරණුවන්ට මෙය වදාළහ: ඇවැත්නි, ආනන්දයෙනි, කෙතෙක් දහම් ප්‍රහාණයෙන් කෙතෙක් දහමින් යුතු වීම හේතු කොට ගෙන මෙසේ මේ ප්‍රජාව “විවස ව නොහෙන සුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවනැ”යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද දැ යි?
චතුන්නං ඛො ආවුසො, ධම්මානං පහානා, චතුන්නං ධම්මානං සමන්නාගමනහෙතු, එවමයං පජා භගවතා බ්යාකතා: “සොතාපන්නා අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායණා”ති. කතමෙසං චතුන්නං: යථාරූපෙන ඛො ආවුසො, බුද්ධෙ අප්පසාදෙන සමන්නාගතො අස්සුතවා පුථුජ්ජනො කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති, තථාරූපස්ස බුද්ධෙ අප්පසාදො න හොති. යථාරූපෙන ච ඛො ආවුසො, බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො සුතවා අරියසාවකො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති, තථාරූපස්ස බුද්ධෙ අවෙච්චප්පසාදො හොති: “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති.
ඇවැත්නි, සිවුදහමක් දුරැලීමෙන් සිවුදහමෙකින් යුතු වීම හේතු කොට මෙසේ මේ ප්‍රජාව “විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවනැ”යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදු. කවර සිවුදහමෙකින යත්: ඇවැත්නි, බුදුරජාණන් වහන්සේ කෙරෙහි යම්බඳු නොපැහැදීමෙකින් යුතු නූගත් පුහුදුන් තෙමේ කාබුන් මරණින් මතු අපාය දුග්ගති විනිපාත නිරයට පැමිණේ නම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි එබඳු නොපැහැදීමෙක් ඔහුට නැත. ඇවැත්නි, බුදුරජාණන් වහන්සේ කෙරෙහි යම්බඳු ගුණ දැන පැහැදීමෙකින් යුතු උගත් අරීසවු කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණේ නම් “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු දෙවිමිනිසුන්ට ශාස්තෲහ, බුද්ධයහ, භගවත්හ”යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි එබඳු ගුණ දැන පැහැදීමෙක් ඔහුට ඇත.
යථාරූපෙන ච ඛො ආවුසො, ධම්මෙ අප්පසාදෙන සමන්නාගතො අස්සුතවා පුථුජ්ජනො කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. තථාරූපස්ස ධම්මෙ අප්පසාදො න හොති. යථාරූපෙන ච ඛො ආවුසො, ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො සුතවා අරියසාවකො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. තථාරූපස්ස ධම්මෙ අවෙච්චප්පසාදො හොති: “ස්වාක්ඛාතො භගවතා ධම්මො -පෙ- විඤ්ඤූහී”ති.
ඇවැත්නි, දහම්හි යම් බඳු නොපැහැදීමෙකින් යුතු නූගත් පුහුදුන් තෙමේ කාබුන් මරණින් මතු අපායදුග්ගති විනිපාතනිරයට පැමිණේ නම් දහම්හි, එබඳු නොපැහැදීමෙක් ඔහුට නැත. ඇවැත්නි, දහම්හි යම් බඳු ගුණ දැන පැහැදීමෙකින් යුතු උගත් අරීසවු කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණේ නම් “භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය ස්වාඛ්‍යාත ය ... නුවණැත්තවුන් විසින් තමන් තමන් කෙරෙහි ලා දතයුතු ය”යි දහම්හි එබඳු ගුණ දැන පැහැදීමෙක් ඔහුට ඇත.
යථාරූපෙන ඛො ආවුසො, සඞ්ඝෙ අප්පසාදෙන සමන්නාගතො අස්සුතවා පුථුජ්ජනො කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති, තථාරූපස්ස සඞ්ඝෙ අප්පසාදො න හොති. යථාරූපෙන ච ඛො ආවුසො, සඞ්ඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො සුතවා අරියසාවකො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. තථාරූපස්ස සඞ්ඝෙ අවෙච්චප්පසාදො හොති: “සුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො -පෙ- අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සා”ති.
ඇවැත්නි, සඟන කෙරෙහි යම් බඳු නොපැහැදීමෙකින් යුතු නූගත් පුහුදුන් තෙමේ කාබුන් මරණින් මතු අපායදුග්ගති විනිපාතනිරයට පැමිණේ නම් සඟන කෙරෙහි එබඳු නොපැහැදීමෙක් ඔහුට නැත. ඇවැත්නි, සඟන කෙරෙහි යම් බඳු ගුණ දැන පැහැදීමෙකින් යුතු උගත් අරීසවු කාබුන් මරණින් මතු සුගතිසගලොවට පැමිණේ නම් “භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවකසඞ්ඝයා සුපිළිපන් ය ... ලොවට අනුතුරු පින්කෙතැ යි සඟන කෙරෙහි එබඳු ගුණ දැන පැහැදීමෙක් ඔහුට ඇත.
යථාරූපෙන ඛො ආවුසො, දුස්සීල්යෙන සමන්නාගතො අස්සුතවා පුථුජ්ජනො කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති තථාරූපස්ස දුස්සීල්යං න හොති. යථාරූපෙහි ච ඛො ආවුසො, අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො සුතවා අරියසාවකො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. තථාරූපානිස්ස අරියකන්තානි සීලානි හොන්ති “අඛණ්ඩානි -පෙ- සමාධිසංවත්තනිකානි.” ඉමෙසං ඛො ආවුසො, චතුන්නං ධම්මානං පහානා ඉමෙසං චතුන්නං ධම්මානං සමන්නාගමනහෙතු එවමයං පජා භගවතා ව්යාකතා “සොතාපන්නා අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායණා”ති.
ඇවැත්නි, යම්බඳු දුසිල්බවෙකින් යුතු නූගත් පුහුදුන් තෙමේ කාබුන් මරණින් මතු අපායදුග්ගති විනිපාතනිරයට පැමිණේ නම් එබඳු දුසිල් බවෙක් ඔහුට නැත. ඇවැත්නි, යම් බඳු ආර්ය්යකාන්නශීලයන්ගෙන් සමන්වාගත ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණේ නම් අඛණ්ඩ වූ ... සමාධිසංවර්‍තනික වූ එබඳුආර්ය්යකාන්තශීලයෝ ඔහුට වෙති. ඇවැත්නි, මේ සිවුදහම් දුරැලීමෙන් මේ සිවුදහමින් යුතු වීම හේතු කොට මෙසේ මේ ප්‍රජාව විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවනැයී භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදැ යි.