යෙදුමෙන් කියවන්න

බ්‍රාහ‍්මණසුත‍්තං

11. 2. 2.

11. 2. 2.

බ්‍රාහ‍්මණසුත‍්තං

බ්‍රාහ්මණ සූත්‍රය

3780. බ්‍රාහ‍්මණා භික‍්ඛවෙ, උදයගාමිනිං නාම පටිපදං පඤ‍්ඤාපෙන‍්ති. තෙ සාවකං එවං සමාදපෙන‍්ති: “එහි ත්‍වං අම‍්භො පුරිස, කාලස‍්සෙව උට‍්ඨාය පාචීනමුඛො යාහි. සො ත්‍වං මා සොබ‍්භං පරිවජ‍්ජෙහි, මා පපාතං, මා ඛාණුං, මා කණ‍්ටකාධානං, මා චන්‍දනිකං; මා ඔලිගල‍්ලං. යත්‍ථ පතෙය්‍යාසි, තත්‍ථෙව මරණං ආගච‍්ඡෙය්‍යාසි. එවං ත්‍වං, අම‍්භො පුරිස, කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජිස‍්සසීති. තං ඛො පනෙතං, භික‍්ඛවෙ, බ්‍රාහ‍්මණානං බාල ගමනමෙතං. මූළ‍්හගමනමෙතං, න නිබ‍්බිදාය, න විරාගාය, න නිරොධාය, න උපසමාය, න අභිඤ‍්ඤාය, න සම‍්බොධාය න, නිබ‍්බානාය සංවත‍්තති.

3780. මහණෙනි, බමුණෝ උදයගාමිනී නම් පටිපදාවක් පනවත්. ඔහු සව්වා මෙසේ සමාදන් කරවත්: “එම්බා පුරුෂය, එව තෙපි කලින් ම නැගිට පෙරදිගට මුහුණ ලා යවු. ඒ තෙපි හෙබ නහමක් දුරු කරවු. බෑවුම නහමක් දුරු කරවු. කණුව නහමක් දුරු කරවු. කටුබිම නහමක් දුරු කරවු. අසුචිසොරොව්ව නහමක් දුරු කරවු. ගම්දොර ගවරවළ නහමක් දුරු කරවු. යම් තැනෙක වැටෙන්නහු නම් එහි ම මරණයට පැමිණෙන්නහු එම්බා පුරුෂය, මෙසේ තෙපි කාබුන් මරණින් මතු සුගතිසගලොවට පැමිණෙන්නහු”යි මහණෙනි, ඒ මෙය බමුණන්ගේ බාල ගමනෙකි. මෙය මෝඩ ගමනෙකි. මෙය නිර්වේදය පිණිස නො පවතියි. විරාගය පිණිස නො පවතියි. නිරෝධය පිණිස නො පවතියි. ව්‍යුපසමය පිණිස නො පවතියි. අභිඥානය පිණිස නො පවති යි සම්බෝධිය පිණිස නො පවතියි. නිර්‍වාණය පිණිස නො පවතියි.

අහඤ‍්ච ඛො භික‍්ඛවෙ, අරියස‍්ස විනයෙ උදයගාමිනිං පටිපදං පඤ‍්ඤාපෙමි. යා එකන‍්තනිබිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ‍්ඤාය සම‍්බොධාය නිබ‍්බානාය සංවත‍්තති. කතමා ච සා භික‍්ඛවෙ, උදයගාමිනී පටිපදා යා එකන‍්තනිබ‍්බිදාය -පෙ- නිබ‍්බානාය සංවත‍්තති? ඉධ භික‍්ඛවෙ, අරියසාවකො බුද‍්ධෙ අවෙච‍්චප‍්පසාදෙන සමන‍්නාගතො හොති “ඉතිපි සො භගවා -පෙ- සත්‍ථා දෙවමනුස‍්සානං බුද‍්ධො භගවා”ති. ධම‍්මෙ -පෙ- සඞ‍්ඝෙ -පෙ- අරියකන‍්තෙහි සීලෙහි සමන‍්නාගතො හොති අඛණ‍්ඩෙහි -පෙ- සමාධිසංවත‍්තනිකෙහි. අයං ඛො සා භික‍්ඛවෙ, උදයගාමිනී පටිපදා, යා එකන‍්තනිබ‍්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ‍්ඤාය සම‍්බොධාය නිබ‍්බානාය සංවත‍්තතීති.

මහණෙනි, යම් පටිපදාවක් ඒකාන්තනිර්වේදය විරාගය නිරෝධය ව්‍යුපශමය අභිඥානය සම්බෝධිය නිර්‍වාණය පිණිස පවතී නම් මමත් අරීසසුන්හි (එබඳු) උදයගාමිනී පටිපදාවක් පනවමි. මහණෙනි, යම් පටිපදාවක් ඒකාන්තනිර්වේදය පිණිස ... නිර්‍වාණය පිණිස පවතී නම් ඒ උදයගාමිනීපටිපදාව කවර යත්: මහණෙනි, මෙහි අරීසවු මෙකරුණෙනුදු … “දෙවිමිනිසුන්ට ශාස්තෲහ, බුද්ධයහ, භගවත්හ”යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. ධර්‍මයෙහි ... සඞ්ඝයා කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධි සංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්‍වාගත වෙයි. මහණෙනි, යම් පටිපදාවක් ඒකාන්තනිර්වේදය විරාගය නිරෝධය ව්‍යුපශමය අභිඥානය සම්බෝධිය නිර්‍වාණය පිණිස පවතී නම් මේ ඒ උදයගාමිනී පටිපදාව යි.