සහස්සසුත්තං
11. 2. 1.
11. 2. 1.
සහස්සසුත්තං
සහස්ස සූත්‍රය
3779. එකං සමයං භගවා සාවත්ථියං විහරති රාජකාරාමෙ. අථ ඛො සහස්සං භික්ඛුනීසඞ්ඝො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතා ඛො තා භික්ඛුනියො භගවා එතදවොච: චතූහි ඛො භික්ඛුනියො, ධම්මෙහි සමන්නාගතො අරියසාවකො සොතාපන්නො හොති අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො. කතමෙහි චතූහි: ඉධ භික්ඛුනියො, අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති; “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති. ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති, අඛණ්ඩෙහි -පෙ- සමාධිසංවත්තනිකෙහි. ඉමෙහි ඛො භික්ඛුනියො, චතූහි ධම්මෙහි සමන්නාගතො අරියසාවකො සොතාපන්නො හොති අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණොති.
3779. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ සැවත සමීපයෙහි රාජකාරාමයෙහි වැඩවසන සේක. එකල්හි සහසක් මෙහෙණසඟන භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියහ. එකත්පසෙක සිටි ඒ මෙහෙණනට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: මෙහෙණනි, සිවුදහමකින් යුතු අරීසවු විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වේ. කවර සිවුදහමකින යත්: මෙහෙණනි, මෙසස්නෙහි අරීසවු “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවි මිනිසුන්ට ශාස්තෲ හ, බුද්ධාය හ, භගවත්හ”යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචලප්‍රසාදයෙන් සමන්වාගත වෙයි. ධර්මයෙහි ... සඞ්ඝයා කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් සමන්වාගත වෙයි. මෙහෙණනි, මේ සිවුදහමින් යුතු අරීසවු විවස ව නොහෙන සුළු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වේ යි.