දුග්ගතිසුත්තං
11. 2. 4.
11. 2. 4.
දුග්ගතිසුත්තං
දුග්ගති සූත්‍රය
3782. චතූහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො අරියසාවකො සබ්බදුග්ගතිභයං සමතික්කන්තො හොති. කතමෙහි චතූහි: ඉධ භික්ඛවෙ, අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති අඛණ්ඩෙහි -පෙ- සමාධිසංවත්තනිකෙහි. ඉමෙහි ඛො භික්ඛවෙ, චතූහි ධම්මෙහි සමන්නාගතො අරියසාවකො සබ්බදුග්ගතිභයං සමතික්කන්තො හොතීති.
3782. මහණෙනි, සිවුදහමෙකින් යුතු අරීසවු සියලු දුගතිබිය ඉක්ම වූයේ වෙයි. කවර සිවුදහමෙකින යත්: මහණෙනි, මෙහි අරීසවු ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරැණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෘහ. බුද්ධයහ. භගවත්හ යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචලප්‍රසාදයෙන් සමන්වාගත වෙයි. ධර්මයෙහි ... සඞ්ඝයා කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිය පිණිස පවත්නා වූ ආය්යකාන්තශීලයෙන් සමන්වාගත වෙයි. මහණෙනි, මේ සිවුදහමින් යුතු අරීසවු සියලු දුගතිබිය ඉක්ම වූයේ වේ යි.
11. 2. 5.
11. 2. 5.
විනිපාතසුත්තං
විනිපාත සූත්‍රය
3783. චතූහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො අරියසාවකො සබ්බදුග්ගතිවිනිපාතභයං සමතික්කන්තො හොති. කතමෙහි චතූහි: ඉධ භික්ඛවෙ, අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති. ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති අඛණ්ඩෙහි -පෙ- සමාධිසංවත්තනිකෙහි. ඉමෙහි ඛො භික්ඛවෙ, චතූහි ධම්මෙහි සමන්නාගතො අරියසාවකො සබ්බදුග්ගතිවිනිපාතභයං සමතික්කන්තො හොතීති.
3783. මහණෙනි, සිවුදහමෙකින් යුතු අරීසවු සියලු දුගතිවිනිපාතබිය ඉක්ම වූයේ වෙයි. කවර සිවුදහමෙකින යත්: මහණෙනි, මෙහි අරීසවු ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු දෙවිමිනිසුන්ට ශාස්තෲහ. බුද්ධයහ. භාග්‍යවත්හ යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචලප්‍රසාදයෙන් සමන්වාගත වෙයි. ධර්මයෙහි ... සඞ්ඝයා කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්වාගත වෙයි. මහණෙනි, මේ සිවුදහමෙන් යුතු අරීසවු සියලු දුගති විනිපාතබිය ඉක්ම වූයේ වේ යි.