මිත‍්තාමච‍්චසුත‍්තං
11. 2. 6.
11. 2. 6.
මිත‍්තාමච‍්චසුත‍්තං
මිත්තාමච්ච සූත්‍රය
3784. යෙ හි භික‍්ඛවෙ, අනුකම‍්පෙය්‍යාථ, යෙ ච සොතබ‍්බං මඤ‍්ඤෙය්‍යුං මිත‍්තා වා අමච‍්චා වා ඤාතී වා සාලොහිතා වා. තෙ වො භික‍්ඛවෙ, චතූසු සොතාපත‍්තියඞ‍්ගෙසු සමාදපෙතබ‍්බා නිවෙසෙතබ‍්බා පතිට‍්ඨාපෙතබ‍්බා. කතමෙසු චතූසු: බුද‍්ධෙ අවෙච‍්චප‍්පසාදෙ සමාදපෙතබ‍්බා -පෙ- “ඉතිපි සො භගවා -පෙ- සත්‍ථා දෙවමනුස‍්සානං බුද‍්ධො භගවා”ති. ධම‍්මෙ අවෙච‍්චප‍්පසාදෙ සමාදපෙතබ‍්බා -පෙ-
3784. මහණෙනි, යම් කෙනකුන්ට අනුකම්පා කරන්නාහු නම්, මිතුරු වූ හෝ සගයහළු වූ හෝ නෑ වූ හෝ සහලේ නෑ වූ හෝ යම් කෙනකුන් ඇහුම්කන් දියයුතු ය යි හඟනාහු නම් තොප විසින් ඔහු සිවු සෝවන් අඟෙහි සමාදන් කරවියයුතු ය. වැස්වියයුතු ය. පිහිටුවියයුතු ය. කවර සිවු සෝවන් අඟෙහි යත්: “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ. බුද්ධහ. භගවත්යහ” යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙහි සමාදන් කරවියයුතු ය.
“ස‍්වාක‍්ඛාතො භගවතා ධම‍්මො -පෙ- පච‍්චත‍්තං වෙදිතබ‍්බො විඤ‍්ඤූහී”ති. සඞ‍්ඝෙ අවෙච‍්චප‍්පසාදෙ සමාදපෙතබ‍්බා -පෙ- සුපටිපන‍්නො භගවතො සාවක සඞ‍්ඝො -පෙ- අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලොකස‍්සා”ති. අරියකන‍්තෙසු සීලෙසු සමාදපෙතබ‍්බා -පෙ- අඛණ‍්ඩෙසු -පෙ- සමාධිසංවත‍්තනිකෙසු. යෙ භික‍්ඛවෙ, අනුකම‍්පෙය්‍යාථ යෙ ච සොතබ‍්බං මඤ‍්ඤෙය්‍යුං මිත‍්තා වා අමච‍්චා වා ඤාතී වා සාලොහිතා වා තෙ වො භික‍්ඛවෙ, ඉමෙසු චතූසු සොතාපත‍්තියඞ‍්ගෙසු සමාදපෙතබ‍්බා නිවෙසෙතබ‍්බා පතිට‍්ඨාපෙතබ‍්බාති.
“ධර්‍මය භාග්‍යවතුන් වහන්සේ විසින් ස්වාඛ්‍යාත ය ... නුවණැත්තවුන් විසින් තමන් තමන් කෙරෙහි ලා දතයුතු ය”යි දහම්හි ගුණ දැන පැහැදීමෙහි සමාදන් කරවියයුතු ය ... “භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඞ්ඝයා සුපිළිපන් ය ... ලොවට අනුතුරු පින්කෙතැ”යි සඟන කෙරෙහි ගුණ දැන පැහැදීමෙහි සමාදන් කරවියයුතු ය ... අඛණ්ඩ වූ ... සමාධිය පිණිස පවත්නා වූ ආර්‍ය්‍යකාන්ත ශීලයෙහි සමාදන් කරවියයුතු ය ... මහණෙනි, යම් කෙනෙකුන්ට අනුකම්පා කරන්නාහු නම්, මිතුරු වු හෝ සගයහළු වූ හෝ නෑ වූ හෝ සහලේ නෑ වූ හෝ යම් කෙනකුන් ඇහුම්කන් දියයුතු ය යි හඟනාහු නම් මහණෙනි, තොප විසින් ඔහු මේ සිවු සෝවන් අඟෙහි සමාදන් කරවිය යුතු ය, වැස්වියයුතු ය. පිහිටුවියයුතු ය යි.