දුතිය මිත්තාමච්චසුත්තං
11. 2. 7.
11. 2. 7.
දුතිය මිත්තාමච්චසුත්තං
දුතිය මිත්තාමච්ච සූත්‍රය
3785. යෙ හි භික්ඛවෙ, අනුකම්පෙය්යාථ යෙ ච සොතබ්බං මඤ්ඤෙය්යුං මිත්තා වා අමච්චා වා ඤාතී වා සාලොහිතා වා. තෙ වො භික්ඛවෙ, චතූසු සොතාපත්තියඞ්ගෙසු සමාදපෙතබ්බා, නිවෙසෙතබ්බා පතිට්ඨාපෙතබ්බා. කතමෙසු චතූසු: බුද්ධෙ අවෙච්චප්පසාදෙ සමාදපෙතබ්බා -පෙ- “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. සියා භික්ඛවෙ, චතුන්නං මහාභූතානං අඤ්ඤථත්තං පඨවීධාතුයා ආපොධාතුයා තෙජොධාතුයා වායොධාතුයා. නත්වෙව බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතස්ස අරියසාවකස්ස සියා අඤ්ඤථත්තං. තත්රිදං අඤ්ඤථත්තං: “සො වත බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො අරියසාවකො නිරයං වා තිරච්ඡානයොනිං වා පෙත්තිවිසයං වා උපපජ්ජිස්සතී”ති නෙතං ඨානං විජ්ජති. ධම්මෙ අවෙච්චප්පසාදෙ සමාදපෙතබ්බා -පෙ- සඞ්ඝෙ අවෙච්චප්පසාදෙ සමාදපෙතබ්බා -පෙ- අරියකන්තෙසු සීලෙසු සමාදපෙතබ්බා -පෙ- අඛණ්ඩෙසු -පෙ- සමාධිසංවත්තනිකෙසු. සියා භික්ඛවෙ, චතුන්නං මහාභූතානං අඤ්ඤථත්තං: “පඨවීධාතුයා ආපොධාතුයා තෙජොධාතුයා වායොධාතුයා.” නත්වෙව අරියකන්තෙහි සීලෙහි සමන්නාගතස්ස අරියසාවකස්ස සියා අඤ්ඤථත්තං. තත්රිදං අඤ්ඤථත්තං: “සො වත අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො අරියසාවකො නිරයං වා තිරච්ඡානයොනිං වා පෙත්තිවිසයං වා උපපජ්ජිස්සතී”ති නෙතං ඨානං විජ්ජති. යෙ භික්ඛවෙ, අනුකම්පෙය්යාථ, යෙ ච සොතබ්බං මඤ්ඤෙය්යුං, මිත්තා වා අමච්චා වා ඤාතී වා සාලොහිතා වා. තෙ වො භික්ඛවෙ, ඉමෙසු චතූසු සොතාපත්තියඞ්ගෙසු සමාදපෙතබ්බා නිවෙසෙතබ්බා පතිට්ඨාපෙතබ්බා”ති.
3785. මහණෙනි, යම් කෙනකුන්ට අනුකම්පා කරන්නාහු නම් මිතුරු වු හෝ සගයහළු වූ හෝ නෑ වූ හෝ සහලේ නෑ වූ හෝ යම් කෙනකුන් ඇහුම්කන් දියයුතු ය යි හඟනාහු නම් මහණෙනි, තොප විසින් ඔහු සිවු සෝවන් අඟෙහි සමාදන් කරවියයුතුවහ, වැස්වියයුතුවහ. පිහිටුවියයුතුවහ. කවර සිවුසෝවන් අඟෙහි යත්: “ඒ,භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙහි සමාදන් කරවිය යුතුය ... මහණෙනි, පඨවීධාතුවේත් ආපෝධාතුවේත් තේජෝධාතුවේත් වායොධාතුවේත් යන සිවුමහාභූතයන්ගේ වෙනස් බවෙක් වන්නේ ය. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු අරීසවුහුගේ වෙනස් බවෙක් නො ම වන්නේ ය. මේ එහි වෙනස් බව යි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු ඒ අරීසවු නිරයට හෝ තිරිසන් යොනට හෝ ප්‍රේතවිෂයට හෝ පැමිණෙන්නේ ය යන මෙකරුණ එකත්නෙන් නැත. දහම්හි ගුණ දැන පැහැදීමෙහි සමාදන් කරවියයුතු ය ... සඟන කෙරෙහි, ගුණ දැන පැහැදීමෙහි සමාදන් කරවිය යුතු ය ... අඛණ්ඩ වූ ... සමාධිසංවර්‍තනික වූ ආර්ය්යකාන්තශීලයෙහි සමාදන් කරවියයුතු ය ... මහණෙනි, පඨවීධාතුවේත් ආපෝධාතුවේත් තෙජොධාතුවේත් වායොධාතුවේත් යන සිවුමහාභූතයන්ගේ වෙනස් බවෙක් වන්නේ ය. ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්වාගත අරීසවුහුගේ වෙනස් බවෙක් නො ම වන්නේ ය. මේ එහි වෙනස් බවයි. ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්වාගත ඒ ආර්‍ය්‍යශ්‍රාවක නිරයට හෝ තිරිසන්යෝනට හෝ ප්‍රේතවිෂයට හෝ පැමිණෙන්නේ ය යන මෙකරුණ එකත්නෙන් නැත. මහණෙනි, යම් කෙනකුන්ට අනුකම්පා කරන්නාහු නම් මිතුරු වූ හෝ සගයහළු වූ හෝ නෑ වූ හෝ සහලේ නෑ වූ හෝ යම් කෙනකුන් ඇහුම්කන් දියයුතු ය යි හඟනාහු නම් මහණෙනි, තොප විසින් ඔහු මේ සිවුසෝවන් අඟෙහි සමාදන් කරවියයුතුවහ. වැස්වියයුතුවහ. පිහිටු වියයුතුව හ යි.