යෙදුමෙන් කියවන්න

දෙවචාරිකසුත‍්තං

11. 2. 8.

11. 2. 8.

දෙවචාරිකසුත‍්තං

දේවචාරික සූත්‍රය

3786. එකං සමයං ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානො සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. අථ ඛො ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානො සෙය්‍යථාපි නාම බලවා පුරිසො සම‍්මිඤ‍්ජිතං වා බාහං පසාරෙය්‍ය, පසාරිතං වා බාහං සම‍්මිඤ‍්ජෙය්‍ය, එවමෙවං ජෙතවනෙ අන‍්තරහිතො දෙවෙසු තාවතිංසෙසු පාතුරහොසි. අථ ඛො සම‍්බහුලා තාවතිංසකායිකා දෙවතායො යෙනායස‍්මා මහාමොග‍්ගල‍්ලානො තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මන‍්තං මහාමොග‍්ගල‍්ලානං අභිවාදෙත්‍වා එකමන‍්තං අට‍්ඨංසු. එකමන‍්තං ඨිතා ඛො තා දෙවතා ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානො එතදවොච:

3786. එක්සමයෙක ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ සැවැත් නුවර අනේපිඬුසිටුහුගේ දෙව්රම්හි වැඩවෙසෙති. එකල්හි ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ යම්සේ බලවත් පුරුෂයෙක් හැකුළූ අතක් දිගු කරන්නේ හෝ දිගු කළ අතක් හකුළුවන්නේ හෝ වේ නම් එසෙයින් ම ජේතවනයෙහි අතුරුදන් වූවෝ තවුතිසාදෙවුලොව පහළ වූහ. එකල්හි තවුතිසාවැසි බොහෝ දෙවියෝ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් වැඳ එකත්පස් ව සිටියහ. එකත්පස්ව සිටි ඒ දෙවියන්ට ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ මෙය වදාළහ:

සාධු ඛො ආවුසො, බුද‍්ධෙ අවෙච‍්චප‍්පසාදෙන සමන‍්නාගමනං හොති: “ඉතිපි සො භගවා -පෙ- සත්‍ථා දෙවමනුස‍්සානං බුද‍්ධො භගවා”ති. බුද‍්ධෙ අවෙච‍්චප‍්පසාදෙන සමන‍්නාගමනහෙතු ඛො ආවුසො, එවමිධෙකච‍්චෙ සත‍්තා කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජන‍්ති. සාධු ඛො ආවුසො, ධම‍්මෙ අවෙච‍්චප‍්පසාදෙන සමන‍්නාගමනං හොති: “ස‍්වාක‍්ඛාතො භගවතා ධම‍්මො -පෙ- පච‍්චත‍්තං වෙදිතබ‍්බො විඤ‍්ඤූහී”ති. ධම‍්මෙ අවෙච‍්චප‍්පසාදෙන සමන‍්නාගමනහෙතු ඛො ආවුසො, එවමිධෙකච‍්චෙ සත‍්තා කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජන‍්ති. සාධු ඛො ආවුසො, සඞ‍්ඝෙ අවෙච‍්චප‍්පසාදෙන සමන‍්නාගමනං හොති: “සුපටිපන‍්නො භගවතො සාවකසඞ‍්ඝො -පෙ- අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලොකස‍්සා”ති. සඞ‍්ඝෙ අවෙච‍්චප‍්පසාදෙන සමන‍්නාගමන හෙතු ඛො ආවුසො, එවමිධෙකච‍්චෙ සත‍්තා කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජන‍්ති. සාධු ඛො ආවුසො, අරියකන‍්තෙහි සීලෙහි සමන‍්නාගමනං හොති අඛණ‍්ඩෙහි -පෙ- සමාධිසංවත‍්තනිකෙහි. අරියකන‍්තෙහි සීලෙහි සමන‍්නාගමනහෙතු ඛො ආවුසො, එවමිධෙකච‍්චෙ සත‍්තා කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජන‍්තීති.

ඇවැත්නි, “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම යහපත් ම වේ. ඇවැත්නි, බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම හේතු කොට මෙසේ මෙහි ඇතැම් සත්ත්‍වයෝ කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙති. ඇවැත්නි, ධර්‍මය භාග්‍යවතුන් වහන්සේ විසින් මැනවින් දේශනා කරන ලද්දේ ය ... නුවණැත්තවුන් විසින් තමන් තමන් කෙරෙහි ලා දතයුතු ය”යි දහම්හි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම යහපත් ම වේ. ඇවැත්නි, දහම්හි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම හේතු කොට මෙසේ මෙහි ඇතැම් සත්ත්‍වයෝ කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙති. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ සුප්‍රතිපන්න ය ... ලෝකයාට අනුත්තරපුණ්‍යක්‍ෂේත්‍රය” යි සඞ්ඝයා කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම යහපත් ම වේ. ඇවැත්නි, සඞ්ඝයා කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම හේතු කොට මෙසේ මෙහි ඇතැම් සත්ත්‍වයෝ කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙති. ඇවැත්නි, අඛණ්ඩ වූ ... සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්තශීලයෙන් යුතු වීම යහපත් ම වේ. ඇවැත්නි, ආර්‍ය්‍යකාන්තශීලයෙන් යුතු වීම හේතු කොට මෙසේ මෙහි ඇතැම් සත්ත්‍වයෝ කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙති යි.

සාධු ඛො මාරිස මොග‍්ගල‍්ලාන, බුද‍්ධෙ අවෙච‍්චප‍්පසාදෙන සමන‍්නාගමනං හොති: “ඉතිපි සො භගවා -පෙ- සත්‍ථා දෙවමනුස‍්සානං බුද‍්ධො භගවා”ති. බුද‍්ධෙ අවෙච‍්චප‍්පසාදෙන සමන‍්නාගමනහෙතු ඛො මාරිස මොග‍්ගල‍්ලාන, එවමිධෙකච‍්චෙ සත‍්තා කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජන‍්ති. සාධු ඛො මාරිස මොග‍්ගල‍්ලාන, ධම‍්මෙ -පෙ- සඞ‍්ඝෙ -පෙ- අරියකන‍්තෙහි සීලෙහි සමන‍්නාගමනං හොති අඛණ‍්ඩෙහි -පෙ- සමාධිසංවත‍්තනිකෙහි. අරියකන‍්තෙහි සීලෙහි සමන‍්නාගමනහෙතු ඛො මාරිස මොග‍්ගල‍්ලාන, එවමිධෙකච‍්චෙ සත‍්තා කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජන‍්තීති.

නිදුකාණෙනි, මොග්ගල්ලානයෙනි, ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු දෙවිමිනිසුන්ට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතුවීම යහපත් ම වේ. නිදුකාණෙනි, මොග්ගල්ලානයෙනි, බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතුවීම හේතු කොට මෙසේ මෙහි ඇතැම් සත්ත්‍වයෝ කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙති. නිදුකාණෙනි, මොග්ගල්ලානයෙනි, ධර්‍මයෙහි ... සඞ්ඝයා කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් යුතුවීම යහපත් ම වේ. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, ආර්‍ය්‍යකාන්තශීලයෙන් යුතු වීම හේතු කොට මෙසේ මෙහි ඇතැම් සත්ත්‍වයෝ කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙති යි.