දුතිය දෙවචාරිකසුත්තං
11. 2. 9.
11. 2. 9.
දුතිය දෙවචාරිකසුත්තං
දුතිය දේවචාරික සූත්‍රය
3787. එකං සමයං ආයස්මා මහාමොග්ගල්ලානො සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො ආයස්මා මහාමොග්ගල්ලානො සෙය්යථාපි නාම බලවා පුරිසො -පෙ- දෙවෙසු තාවතිංසෙසු පාතුරහොසි. අථ ඛො සම්බහුලා තාවතිංසකායිකා දෙවතායො -පෙ- ආයස්මා මහාමොග්ගල්ලානො එතදවොච: “සාධු ඛො ආවුසො, බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනං හොති: “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනහෙතු ඛො ආවුසො, එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නා. සාධු ඛො ආවුසො, ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- අරියකන්තෙහි සීලෙහි සමන්නාගමනං හොති අඛණ්ඩෙහි -පෙ- සමාධිසංවත්තනිකෙහි. අරියකන්තෙහි සීලෙහි සමන්නාගමනහෙතු ඛො ආවුසො, එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නාති.
3787. එක්සමයෙක ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ සැවැත් නුවර අනේපිඬුසිටුහුගේ දෙව්රම්හි වැඩවෙසෙහි. එකල්හි ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ යම්සේ බලවත් පුරුෂයෙක් ... තවුතිසා දෙව්ලොව පහළ වූහ. එකල්හි බොහෝ වූ තව්තිසාවැසි දෙවියෝ ... ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ මෙය වදාළහ. ඇවැත්නි, ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම යහපත් ම වේ. ඇවැත්නි, බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම හේතු කොට මෙසේ මෙහි ඇතැම් සත්ත්වයෝ කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණියහ. ඇවැත්නි, ධර්මයෙහි ... සඞ්ඝයා කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්තශීලයෙන් යුතු වීම යහපත් ම වේ. ඇවැත්නි, ආර්‍ය්‍යකාන්තශීලයෙන් යුතු වීම හේතු කොට මෙසේ මෙහි ඇතැම් සත්ත්වයෝ කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණියහ යි.
සාධු ඛො මාරිස මොග්ගල්ලාන, බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනං හොති: “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනහෙතු ඛො මාරිස මොග්ගල්ලාන, එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නා. සාධු ඛො මාරිස මොග්ගල්ලාන, ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- අරියකන්තෙහි සීලෙහි සමන්නාගමනං හොති අඛණ්ඩෙහි -පෙ- සමාධිසංවත්තනිකෙහි. අරියකන්තෙහි සීලෙහි සමන්නාගමනහෙතු ඛො මාරිස මොග්ගල්ලාන, එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නාති.
නිදුකාණෙනි, මොග්ගල්ලානයෙනි, “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම යහපත් ම වේ. නිදුකාණෙනි, මොග්ගල්ලානයෙනි, බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම හේතු කොට මෙසේ මෙහිඇතැම් සත්ත්වයෝ කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණියහ. නිදුකාණෙනි, මොග්ගල්ලානයෙනි, ධර්මයෙහි ... සඞ්ඝයා කෙරෙහි ... අඛණ්ඩ චූ ... සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්තශීලයෙන් යුතු වීම යහපත් ම වේ. නිදුකාණෙනි, මොග්ගල්ලානයෙනි, ආර්‍ය්‍යකාන්තශීලයෙන් යුතු වීම හේතු කොට මෙසේ මෙහි ඇතැම් සත්ත්වයෝ කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණියහ යි.