තතිය දෙවචාරිකසුත්තං
11. 2. 10.
11. 2. 10.
තතිය දෙවචාරිකසුත්තං
තතිය දේවචාරික සූත්‍රය
3788. අථ ඛො භගවා සෙය්යථාපි නාම බලවා පුරිසො -පෙ- එවමෙවං ජෙතවනෙ අන්තරහිතො දෙවෙසු තාවතිංසෙසු පාතුරහොසි. අථ ඛො සම්බහුලා තාවතිංසකායිකා දෙවතායො යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨංසු. එකමන්තං ඨිතා ඛො තා දෙවතායො භගවා එතදවොච: සාධු ඛො ආවුසො, බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනං හොති: “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනහෙතු ඛො ආවුසො, එවමිධෙකච්චෙ සොතාපන්නා අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායණා. සාධු ඛො ආවුසො, ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- අරියකන්තෙහි සීලෙහි සමන්නාගමනං හොති අඛණ්ඩෙහි -පෙ- සමාධිසංවත්තනිකෙහි. අරියකන්තෙහි සීලෙහි සමන්නාගමනහෙතු ඛො ආවුසො, එවමිධෙකච්චෙ සොතාපන්නා අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායණාති.
3788. එකල්හි භාග්‍යවතුන් වහන්සේ යම්සේ බලවත් පුරුෂයෙක් ... එසෙයින් ම ජේතවනයෙහි අතුරුදන් වූ සේක් තවුතිසා දෙව්ලොව පහළ වූ සේක. එකල්හි බොහෝ වූ තවුතිසාවැසි දෙවියෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව සිටියහ. එකත්පස් ව සිටි ඒ දෙවියන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: ඇවැත්නි, “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම මනා ම වේ. ඇවැත්නි, බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම හේතු කොට මෙසේ මෙහි ඇතැම්හු විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන්හ. ඇවැත්නි, ධර්මයෙහි ... සඞ්ඝයා කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්තශීලයෙන් යුතු වීම මනා ම වේ. ඇවැත්නි, ආර්‍ය්‍යකාන්තශීලයෙන් යුතු වීම හේතු කොට මෙසේ මෙහි ඇතැම්හු විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන්හ යි.
සාධු ඛො මාරිස, බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනං හොති “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනහෙතු ඛො මාරිස, එවමයං පජා සොතාපන්නා අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායණා. සාධු ඛො මාරිස, ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- අරියකන්තෙහි සීලෙහි සමන්නාගමනං හොති අඛණ්ඩෙහි -පෙ- සමාධිසංවත්තනිකෙහි. අරියකන්තෙහි සීලෙහි සමන්නාගමනහෙතු ඛො මාරිස, එවමයං පජා සොතාපන්නා අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායණාති.
නිදුකාණන් වහන්ස, “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම මනා ම වේ. නිදුකාණන් වහන්ස, බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම හේතු කොට මෙසේ මේ ප්‍රජාව විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වේ. නිදුකාණන් වහන්ස, ධර්මයෙහි ... සඞ්ඝයා කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධි සංවර්තනික වූ ආර්‍ය්‍යකාන්තශීලයෙන් යුතු වීම මනා ම වේ. නිදුකාණන් වහන්ස, ආර්‍ය්‍යකාන්තශීලයෙන් යුතු වීම හේතු කොට මෙසේ මේ ප්‍රජාව විවස ව නො හෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වේ යි.
රාජකාරාමවග්ගො දුතියො.
දෙවෙනි රාජකාරාම වර්ග යි.
තත්රුද්දානං:
එහි සූත්‍ර නාමාවලිය:
සහස්සබ්රාහ්මණානන්දා දුග්ගතී ච විනිපාතො, මිත්තාමච්චා දුවෙ වුත්තා තයො ච දෙවචාරිකාති.
සහස්ස, බ්‍රාහ්මණ, ආනන්ද, දුග්ගති, විනිපාත යී පසෙක් ද මින්තාමච්ච සූත්‍ර දෙකෙක් ද දේවචාරිකා සූත්‍ර තුනෙක් ද කියන ලදහ (මුළුල්ල දශයෙකි).