යෙදුමෙන් කියවන්න

මහානාමසුත‍්තං

11. 3. 1.

11. 3. 1.

මහානාමසුත‍්තං

මහානාම සූත්‍රය

3789. එකං සමයං භගවා සක‍්කෙසු විහරති කපිලවත්‍ථුස‍්මිං නිග්‍රොධාරාමෙ. අථ ඛො මහානාමො සක‍්කො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො මහානාමො සක‍්කො භගවන‍්තං එතදවොච: “ඉදං භන‍්තෙ, කපිලවත්‍ථු ඉද‍්ධඤ‍්චෙව ඵීතඤ‍්ච බාහුජඤ‍්ඤං ආකිණ‍්ණමනුස‍්සං සම‍්බාධබ්‍යුහං. සො ඛ‍්වාහං භන‍්තෙ, භගවන‍්තං පයිරුපාසිත්‍වා මනොභාවනීයං වා භික‍්ඛුං, සායන‍්හසමයං කපිලවත්‍ථුං පවිසන‍්තො; භන‍්තෙනපි හත්‍ථිනා සමාගච‍්ඡාමි. භන‍්තෙනපි අස‍්සෙන සමාගච‍්ඡාමි. භන‍්තෙනපි රථෙන සමාගච‍්ඡාමි. භන‍්තෙනපි සකටෙන සමාගච‍්ඡාමි. භන‍්තෙනපි පුරිසෙන සමාගච‍්ඡාමි. තස‍්ස මය‍්හං භන‍්තෙ, තස‍්මිං සමයෙ මුස‍්සතෙව භගවන‍්තං ආරබ‍්භ සති. මුස‍්සති ධම‍්මං ආරබ‍්භ සති මුස‍්සති සඞ‍්ඝං ආරබ‍්භ සති. තස‍්ස මය‍්හං භන‍්තෙ, එවං හොති: “ඉමම‍්හි චාහං සමයෙ කාලං කරෙය්‍යං කා මමස‍්ස ගති, කො අභිසම‍්පරායො”ති?

3789. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සාක්‍යදනව්වෙහි කිඹුල්වත් නුවර සමීපයෙහි නිග්‍රෝධාරාමයෙහි වැඩවසන සේක. එකල්හි මහානාම ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් මහානාම ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: වහන්ස, “මේ කිඹුල්වත්නුවර සමෘද්ධ ද (පළන් අබරණින්) පිණාගියේ ද බොහෝ දෙනාට හිත ද ගැවසුණු මිනිසුන් ඇත්තේ ද හැසුණු වීථි ඇත්තේ ද වෙයි. වහන්ස, ඒ මම භාග්‍යවතුන් වහන්සේ හෝ කුසල්සිත වඩන මහණ කෙනකුන් හෝ ඇසුරු කොට සවස්කල කිඹුල්වතට පිවිසෙනුයෙම් නොසන්හුන් ව හැසිරෙන ඇතකු සමගත් එක් වෙමි. නොසන්හුන් ව හැසිරෙන අසකු සමගත් එක් වෙමි. නොසන්හුන් ව හැසිරෙන රියක් සමගත් එක් වෙමි. නොසන්සුන් ව හැසිරෙන ගැළක් සමගත් එක් වෙමි. නොසන්හුන් ව හැසිරෙන පුරුෂයෙකු සමගත් එක් වෙමි. වහන්ස, එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ ඇරබ පැවැති ඒ මාගේ සිහිය මුළා වේ මැ යි. දහම් ඇරබ පැවැති සිහිය මුළා වේ මැ යි. සඟන ඇරබ පැවැති සිහිය මුළා වේ මැ යි. වහන්ස, ඒ මට මෙබඳු සිතෙක් වෙයි: “මෙසමයෙහි මම කලුරිය කරන්නෙම් නම් මා ගේ ගතිය කුමක් වන්නී ද, පරලොව කිමෙක් වන්නේ දැ”යි?

මා භායි මහානාම, මා භායි මහානාම, අපාපකං තෙ මරණං භවිස‍්සති, අපාපිකා කාලකිරියා යස‍්ස කස‍්සචි මහානාම, දීඝරත‍්තං සද‍්ධාපරිභාවිතං චිත‍්තං, සීලපරිභාවිතං චිත‍්තං, සුතපරිභාවිතං චිත‍්තං, චාගපරිභාවිතං චිත‍්තං, පඤ‍්ඤාපරිභාවිතං චිත‍්තං, තස‍්ස යො හි ඛ‍්වායං කායො රූපී චාතුම‍්මහාභූතිකො මාතාපෙත‍්තිකසම‍්භවො ඔදනකුම‍්මාසූපචයො අනිච‍්චුච‍්ඡාදනපරිමද‍්දනභෙදනවිද‍්ධංසනධම‍්මො. තං ඉධෙව කාකා වා ඛාදන‍්ති, ගිජ‍්ඣා වා ඛාදන‍්ති, කුලලා වා ඛාදන‍්ති, සුපානා වා ඛාදන‍්ති, සිගාලා වා ඛාදන‍්ති, විවිධා වා පාණකජාතා ඛාදන‍්ති. යඤ‍්ච ඛ‍්වස‍්ස චිත‍්තං දීඝරත‍්තං සද‍්ධාපරිභාවිතං, සීලපරිභාවිතං, සුතපරිභාවිතං, චාගපරිභාවිතං, පඤ‍්ඤාපරිභාවිතං, තං උද‍්ධගාමී හොති විසෙසගාමි.

මහානාම, නො බව, මහානාම නො බව. තොපගේ මරණය අලාමක වන්නේ ය, කාලක්‍රියාව අලාමක වන්නී ය. මහානාම, යම් කිසිවකුගේ සිත දිගුකලක් සැදැහැයෙන් හාත්පසින් වඩනා ලද්දේ ද, සිත ශීලයෙන් හාත්පසින් වඩනා ලද්දේ ද, සිත ශ්‍රැතයෙන් හාත්පසින් වඩනා ලද්දේ ද, සිත ත්‍යාගයෙන් හාත්පසින් වඩනා ලද්දේද, සිත ප්‍රඥායෙන් හාත්පසින් වඩනා ලද්දේද, ඔහුගේ රූපවත් ශරීරයෙක් සතර මහාභූතයෙන් නිපන්නේ මවුපියන්ගේ ශුක්‍රශෝණිතයෙන් උපන්නේ යම් බතින් හා කොමුයෙන් වැඩුණේ නිරතුරු උලන පිරිමදින බිඳෙන වැනසෙන දහම් ඇත්තේ වේ ද එය මෙහි ම කවුඩෝ හෝ කති. ගිජුලිහිණියෝ හෝ කති. උකුස්සෝ හෝ කති. ශුනකයෝ හෝ කති. සිවල්ලු හෝ කති. නන්වැදෑරුම් ප්‍රාණීහු හෝ කති. ඔහුගේ යම් සිතෙක් වූ කලි දිගුකලක් මුළුල්ලෙහි සැදැහැයෙන් හාත්පසින් වඩනා ලද්දේ ද, ශීලයෙන් හාත්පසින් වඩනා ලද්දේ ද, ශ්‍රැතයෙන් හාත්පසින් වඩනා ලද්දේ ද, ත්‍යාගයෙන් හාත්පසින් වඩනා ලද්දේ ද, ප්‍රඥායෙන් හාත්පසින් වඩනා ලද්දේ ද, එය උඩුහුරුව යනසුලු වෙයි. වෙසෙස් බැව් කරා යනසුලු වේ.

සෙය්‍යථාපි මහානාම, බලවා පුරිසො සප‍්පිකුම‍්භං වා තෙලකුම‍්භං වා ගම‍්භීරං උදකරහදං ඔගාහෙත්‍වා භින්‍දෙය්‍ය. තත්‍ර යාස‍්ස සක‍්ඛරා වා කඨලා වා සා අධොගාමී අස‍්ස, යඤ‍්ච ඛ‍්වස‍්ස තත්‍ර සප‍්පි වා තෙලං වා තං උද‍්ධඞ‍්ගාමි අස‍්ස විසෙසගාමි. එවමෙව ඛො මහානාම, යස‍්ස කස‍්සචි දීඝරත‍්තං සද‍්ධාපරිභාවිතං චිත‍්තං සීල -පෙ- සුත -පෙ- චාග -පෙ- පඤ‍්ඤාපරිභාවිතං චිත‍්තං, තස‍්ස යො හි ඛ‍්වායං කායො රූපී චාතුම‍්මහාභූතිකො මාතාපෙත‍්තිකසම‍්භවො ඔදනකුම‍්මාසූපචයො අනිච‍්චුච‍්ඡාදනපරිමද‍්දනභෙදනවිද‍්ධංසනධම‍්මො, තං ඉධෙව කාකා වා ඛාදන‍්ති, ගිජ‍්ඣා වා ඛාදන‍්ති, කුලලා වා ඛාදන‍්ති, සුපානා වා ඛාදන‍්ති, සිගාලා වා ඛාදන‍්ති, විවිධා වා පාණකජාතා ඛාදන‍්ති. යඤ‍්ච ඛ‍්වස‍්ස චිත‍්තං සද‍්ධාපරිභාවිතං -පෙ- පඤ‍්ඤාපරිභාවිතං චිත‍්තං. තං උද‍්ධඞ‍්ගාමී හොති විසෙසගාමී. තුය‍්හං ඛො පන මහානාම, දීඝරත‍්තං සද‍්ධාපරිභාවිතං චිත‍්තං -පෙ- පඤ‍්ඤාපරිභාවිතං චිත‍්තං මා භායි මහානාම, මා භායි මහානාම, අපාපකං තෙ මරණං භවිස‍්සති. අපාපිකා කාලකිරියාති.

මහානාම යම්සේ බලවත් පුරුෂයෙක් ගිතෙල් කළයක් හෝ තෙල් කළයක් හෝ ගැඹුරු දියවිලකට බස්වා බිඳින්නේ ද, එහි යම් කැට හෝ කැබලිති හෝ වන්නේ නම් එය යටට යනසුලු වන්නේ ය. එහි යම් ගිතෙල් හෝ තෙල් හෝ වන්නේ නම් එය උඩුහුරු ව යනසුලු වෙසෙස් ව යනසුලු වන්නේ ය. මහානාම එසෙයින් ම යම් කිසිවකුගේ සිත දිගු කලක් මුළුල්ලෙහි සැදැහැයෙන් හාත්පසින් වඩන ලද්දේ ද, සිත ශීලයෙන් ... ශ්‍රැතයෙන් ... ත්‍යාගයෙන් ... ප්‍රඥායෙන් හාත්පසින් වඩන ලද්දේ ද ඔහුගේ යම් රූපවත් වූ, ශරීරයෙක් සතර මහාභූතයෙන් නිපන්නේ මවුපියන්ගේ ශුක්‍රශෝණිතයෙන් උපන්නේ බතින් හා කොමුයෙන් වැඩුණේ නිරතුරු උලන පිරිමදින බිඳෙන වැනසෙන දහම් ඇත්තේ වේද, එය මෙහි ලා කවුඩෝ හෝ කති. ගිජුලිහිණියෝ හෝ කති උකුස්සෝ හෝ කති. ශුනකයෝ හෝ කති. සිවල්ලු හෝ කති. නන්වැදෑරුම් ප්‍රාණීහු හෝ කති. ඔහුගේ යම් සිතෙක් දිගුකලක් මුළුල්ලෙහි සැදැහැයෙන් හාත්පසින් වඩන ලද ද ... සිත නුවණින් හාත්පසින් වඩන ලද ද එය උඩුහුරු ව යනසුලු වෙසෙස් ව යනසුලු වෙයි. මහානාම, තොපගේ සිත දිගුකලක් මුළුල්ලෙහි සැදැහැයෙන් හාත්පසින් වඩනා ලද්දේ ය ... සිත නුවණින් හාත්පසින් වඩනා ලද්දේ ය. මහානාම, නොබව, මහානාම, නො බව, තොපගේ මරණ ය අලාමක වන්නේ ය. කාලක්‍රියාව අලාමක වන්නී යි.