දුතිය මහානාමසුත්තං
11. 3. 2.
11. 3. 2.
දුතිය මහානාමසුත්තං
දුතිය මහානාම සූත්‍රය
3790. එකං සමයං භගවා සක්කෙසු විහරති කපිලවත්ථුස්මිං නිග්රොධාරාමෙ. අථ ඛො මහානාමො සක්කො යෙන භගවා තෙනුපසඞ්කමි -පෙ- එකමන්තං නිසින්නො ඛො මහානාමො සක්කො භගවන්තං එතදවොච: “ඉදං භන්තෙ, කපිලවත්ථු ඉද්ධඤ්චෙව ඵීතඤ්ච බාහුජඤ්ඤං ආකිණ්ණමනුස්සං සම්බාධබ්යූහං. සො ඛ්වාහං භන්තෙ, භගවන්තං වා පයිරුපාසිත්වා මනොභාවනීයං වා භික්ඛුං සායන්හසමයං කපිලවත්ථුං පවිසන්තො භන්තෙනපි හත්ථිනා සමාගච්ඡාමි. භන්තෙනපි අස්සෙන සමාගච්ඡාමි. භන්තෙනපි රථෙන සමාගච්ඡාමි. භන්තෙනපි සකටෙන සමාගච්ඡාමි. භන්තෙනපි පුරිසෙන සමාගච්ඡාමි. තස්ස මය්හං භන්තෙ, තස්මිං සමයෙ මුස්සතෙව භගවන්තං ආරබ්භ සති, මුස්සති ධම්මං ආරබ්භ සති, මුස්සති සඞ්ඝං ආරබ්භ සති. තස්ස මය්හං භන්තෙ, එවං හොති: “ඉමම්හි චාහං සමයෙ කාලඞ්කරෙය්යං කා මමස්ස ගති, කො අභිසම්පරායො”ති?
3790. එක්සමයෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යදනව්වෙහි කිඹුල්වත් පුර නිග්‍රෝධාරාමයෙහි වැඩවසන සේක. එකල්හි මහානාමශාක්‍ය තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය ... එකත්පස් ව හුන් මහානාම ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය. වහන්ස, මේ කිඹුල්වත්පුරය සමෘද්ධ ද (පලන් අබරණින්) පිණාගියේ ද, බොහෝ දෙනාට හිත ද, ගැවසුණු මිනිසුන් ඇත්තේ ද, හැසුණු වීථි ඇත්තේ ද වෙයි. වහන්ස, ඒ මම භාග්‍යවතුන් වහන්සේ හෝ කුසල්සිත වඩන මහණ කෙනකුන් හෝ ඇසුරු කොට සවස් කල කිඹුල් වතට පිවිසිනුයෙම් නොසන්හුන් ව හැසිරෙන ඇතකු සමගත් එක් වෙමි.නොසන් සුන් ව හැසිරෙන අසකු සමගත් එක් වෙමි. නොසන් සුන් ව හැසිරෙන රියක් සමගත් එක් වෙමි. නොසන්හුන්ව හැසිරෙන ගැළක් සමගත් එක් වෙමි. නොසන්හුන් ව හැසිරෙන මිනිසකු සමගත් එක් වෙමි. වහන්ස, එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ ඇරබ පැවැති ඒ මාගේ සිහිය මුළා වේ මැ යි. දහම් ඇරබ පැවැති සිහිය මුළා වේ මැ යි. සඟන ඇරබ පැවැති සිහිය මුළා වේ මැයි. වහන්ස, ඒ මට මෙබඳු සිතෙක් වෙයි: “ඉදින් මෙසමයෙහි මම කලුරිය කරන්නෙම් නම් මාගේ ගතිය කුමක් වන්නී ද? පරලොව කිමෙක් වන්නේ දැ”යි?
මා භායි මහානාම, මා භායි, මහානාම, අපාපකං තෙ මරණං භවිස්සති, අපාපිකා කාලකිරියා. චතූහි ඛො මහානාම, ධම්මෙහි සමන්නාගතො අරියසාවකො නිබ්බානනින්නො හොති නිබ්බානපොණො නිබ්බානපබ්භාරො. කතමෙහි චතූහි: ඉධ මහානාම, අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති අඛණ්ඩෙහි -පෙ- සමාධිසංවත්තනිකෙහි. සෙය්යථාපි මහානාම, රුක්ඛො පාචීනනින්නො පාචීනපොණො පාචීනපබ්භාරො, සො මූලෙ ඡින්නො කතමෙන පපතෙය්යාති? යෙන භන්තෙ, නින්නො යෙන පොණො යෙන පබ්භාරොති. එවමෙව ඛො මහානාම, ඉමෙහි චතූහි ධම්මෙහි සමන්නාගතො අරියසාවකො නිබ්බානනින්නො හොති නිබ්බානපොණො නිබ්බානපබ්භාරොති.
මහානාම නො බව, මහානාම නො බව. තොපගේ මරණය අලාමක වන්නේ ය. කාලක්‍රියාව අලාමක වන්නී ය. මහානාම, සිවුදහමකින් යුතු අරිසවු තෙමේ නිවණට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වෙයි. කවර සිවුදහමෙකින යත්: මහානාම මෙහි අරීසවු තෙමේ “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. දහම් කෙරෙහි ... සඟන කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිය පිණිස පවත්නා වූ ආර්‍ය්‍යකාන්තශීලයෙන් යුතු වූයේ වෙයි. මහානාම, යම්සේ පෙරදිගට නැමුණ පෙරදිගට නැඹුරු වූ පෙරදිගට බර වූ රුකෙක් වේ ද, එය මුලින් සිඳින ලද්දේ කවර දිගකට වැටෙන්නේ දැ යි? වහන්ස, නැමුණු දිගට නැඹුරු වූ දිගට බර වූ දිගට ය. මහානාම, එසෙයින් ම මේ සිවුදහමින් යුතු අරිසවු තෙමේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වෙයි.