තතිය මහානාම සුත්තං
11. 3. 3.
11. 3. 3.
තතිය මහානාම සුත්තං
තතිය මහානාම සූත්‍රය
3791. එකං සමයං භගවා සක්කෙසු විහරති කපිලවත්ථුස්මිං නිග්රොධාරාමෙ. අථ ඛො මහානාමො සක්කො යෙන ගොධා සක්කො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ගොධං සක්කං එතදවොච: “කතීහි ත්වං ගොධෙ, ධම්මෙහි සමන්නාගතං සොතාපන්නං පුග්ගලං ආජානාසි අවිනිපාතධම්මං නියතං සම්බොධිපරායණන්ති”? තීහි ඛ්වාහං මහානාම, ධම්මෙහි සමන්නාගතං සොතාපන්නං පුග්ගලං ආජානාමි අවිනිපාතධම්මං නියතං සම්බොධිපරායණං. කතමෙහි තීහි: ඉධ මහානාම, අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. ධම්මෙ -පෙ- සඞ්ඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: සුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො -පෙ- අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සා”ති. ඉමෙහි ඛො’හං මහානාම, තීහි ධම්මෙහි සමන්නාගතං සොතාපන්නං පුග්ගලං ආජානාමි අවිනිපාතධම්මං නියතං සම්බොධිපරායණං.
3791. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යදනව්වෙහි කිඹුල්වත්පුර නිග්‍රෝධාරාමයෙහි වැඩවසන සේක. එකල්හි මහානාමශාක්‍ය තෙමේ ගෝධාශාක්යයන් වෙත එළඹියේ ය. එළඹ ගෝධාශාක්යයන්ට මෙය කී ය: ගෝධාවෙනි, “තෙපි විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් පුඟුලා කෙතෙක් දහමින් යුතු ය”යි දනිවු දැයි? මහානාමයෙනි, “විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් පුඟුලා තුන් දහමෙකින් යුතු ය”යි මම දනිමි. කවර තුනෙකින යත්: මහානාමයෙනි, “මෙහි අරීසවු තෙමේ “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ, බුද්ධයහ. භගවත්හ”යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. දහම්හි ... භාග්‍යවතුන් වහන්සේ ගේ සවුසඟන සුපිළිපන් ය ... ලොවට අනුතුරු පින්කෙතැ”යි සඟන කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. මහානාමයෙනි, “විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් පුඟුලා මේ තුන්දහමින් යුතු ය”යි මම දනිමි.
ත්වං පන මහානාම, කතිහි ධම්මෙහි සමන්නාගතං සොතාපන්නං පුග්ගලං ආජානාසි අවිනිපාතධම්මං නියතං සම්බොධිපරායණන්ති? චතූහි ඛ්වාහං භො ගොධෙ, ධම්මෙහි සමන්නාගතං සොතාපන්නං පුග්ගලං ආජානාමි අවිනිපාතධම්මං නියතං සම්බොධිපරායණං. කතමෙහි චතූහි: ඉධ භො ගොධෙ, අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”තීහි ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති අඛණ්ඩෙහි -පෙ- සමාධිසංවත්තනිකෙහි. ඉමෙහි ඛ්වාහං ගොධෙ චතූහි ධම්මෙහි සමන්නාගතං සොතාපන්නං පුග්ගලං ආජානාමි. අවිනිපාතධම්මං නියතං සම්බොධිපරායණන්ති. ආගමෙහි ත්වං මහානාම, ආගමෙහි ත්වං මහානාම, භගවාව එතං ජානෙය්ය එතෙහි ධම්මෙහි සමන්නාගතං වා අසමන්නාගතං වාති. ආයාම ගොධෙ, යෙන භගවා තෙනුපසඞ්කමෙය්යාම උපසඞ්කමිත්වා භගවතො එතමත්ථං ආරොචෙස්සාමාති.
මහානාමයෙනි, “විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් පුඟුලා කෙතෙක් දහමින් යුතු ය”යි තෙපි දනිවු දැයි? භවත් ගෝධාවෙනි, විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් පුඟුලා සිවු දහමෙකින් යුතු යයි මම දනිමි. කවර සිවු දහමෙකින යත්: භවත් ගෝධාවෙනි, මෙහි අරීසවු “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනු දු ... දෙවිමිනිසුන්ට, ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. දහම් කෙරෙහි ... සඟන කෙරෙහි ... අඛණ්ඩ වූ සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්වාගත වෙයි. ගෝධාවෙනි, විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් පුඟුලා මේ සිවු දහමින් යුතු ය යි මම දනිමි යි. මහානාමයෙනි, තෙපි ඉවසවු. මහානාමයෙනි, තෙපි ඉවසවු. “මේ දහමින් යුතු හෝ නොයුතු හෝ”යි භාග්‍යවතුන් වහන්සේ ම මෙය දන්නා සේකැ”යි. ගෝධාවෙනි, යමු, භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹෙම්හ. එළඹ භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැල කරම්හ”යි.
අථ ඛො මහානාමො ච සක්කො ගොධා ච සක්කො යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නො ඛො මහානාමො සක්කො භගවන්තං එතදවොච: “ඉධාහං භන්තෙ, යෙන ගොධා සක්කො තෙනුපසඞ්කමිං. උපසඞ්කමිත්වා ගොධං සක්කං එතදවොචං: කතීහි ත්වං ගොධෙ, ධම්මෙහි සමන්නාගතං සොතාපන්නං පුග්ගලං ආජානාසි අවිනිපාතධම්මං නියතං සම්බොධිපරායණන්ති? එවං වුත්තෙ භන්තෙ, ගොධා සක්කො මං එතදවොච:
එකල්හි මහානාමශාක්‍ය තෙමේත් ගෝධාශාක්ය තෙමේත් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හුන්හ. එකත්පසෙක හුන් මහානාම ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය. වහන්ස, “මෙහි මම ගෝධා ශාක්‍යයන් වෙත එළඹියෙමි. එළඹ ගෝධාශාක්යයන්ට මෙය කීමි. ගෝධාවෙනි, විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් පුඟුලා කෙතෙක් දහමින් යුතු ය”යි තෙපි දනිවු දැ යි? වහන්ස එසේ කී කල්හි ගෝධා ශාක්‍ය තෙමේ මට මෙය කීය:
තීහි ඛ්වාහං මහානාම, ධම්මෙහි සමන්නාගතං සොතාපන්නං පුග්ගලං ආජානාමි අවිනිපාතධම්මං නියතං සම්බොධිපරායණං. කතමෙහි තීහි: ඉධ මහානාම, අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති. ධම්මෙ -පෙ- සඞ්ඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: “සුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො -පෙ- අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සා”ති. ඉමෙහි ඛො’හං මහානාම, තීහි ධම්මෙහි සමන්නාගතං සොතාපන්නං පුග්ගලං ආජානාමි අවිනිපාතධම්මං නියතං සම්බොධිපරායණං. ත්වං පන මහානාම, කතීහි ධම්මෙහි සමන්නාගතං සොතාපන්නං පුග්ගලං ආජානාසි අවිනිපාතධම්මං නියතං සම්බොධිපරායණන්ති? එවං වුත්තෙ’හං භන්තෙ, ගොධං සක්කං එතදවොචං:
“මහානාමයෙනි, විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් පුඟුලා තුන් දහමෙකින් යුතු යයි මම දනිමි. කවර තුනකින යත්: මහානාමයෙනි, මෙසස්නෙහි අරීසවු “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ, බුද්ධයහ. භගවත්හ”යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. දහම් කෙරෙහි ... භාග්‍යවතුන් වහන්සේ ගේ සවුසඟන සුපිළිපන් ය ... ලොවට අනුතුරු පින් කෙතැ”යි සඟන කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. මහානාමයෙනි, විවස ව නො හෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් පුඟුලා මේ තුන් දහමින් යුතු ය”යි මම දනිමි. මහානාමයෙනි, තෙපි වනාහි “විවස ව නො හෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් පුඟුලා කෙතෙක් දහමින් යුතු යයි” දනිව් දැයි? වහන්ස, එසේ කී කල්හි ගෝධා ශාක්‍යයන්ට මම මෙය කීමි:
චතූහි ඛ්වාහං ගොධෙ, ධම්මෙහි සමන්නාගතං සොතාපන්නං පුග්ගලං ආජානාමි අවිනිපාතධම්මං නියතං සම්බොධිපරායණං. කතමෙහි චතූහි: ඉධ ගොධෙ, අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති අඛණ්ඩෙහි -පෙ- සමාධිසංවත්තනිකෙහි. ඉමෙහි ඛො’හං ගොධෙ, චතූහි ධම්මෙහි සමන්නාගතං සොතාපන්නං පුග්ගලං ආජානාමි අවිනිපාතධම්මං නියතං සම්බොධිපරායණන්ති. එවං වුත්තෙ භන්තෙ, ගොධා සක්කො මං එතදවොච:
ගෝධාවෙනි, “විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් පුඟුලා සිවු දහමෙකින් යුතු ය”යි මම දනිමි. කවර සිවු දහමෙකින යත්: ගෝධාවෙනි, “මෙහි අරීසවු තෙමේ ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. දහම් කෙරෙහි ... සඟන කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධි සංවර්තනික වූ ආර්‍ය්‍යකාන්තශීලයෙන් යුතු වූයේ වෙයි. ගෝධාවෙනි, විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් පුඟුලා මේ සිවු දහමින් යුතු ය”යි මම දනිමි”යි. වහන්ස, එසේ කී කල්හි ගෝධා ශාක්‍යයෝ මට මෙය කීහ:
ආගමෙහි ත්වං මහානාම, ආගමෙහි ත්වං මහානාම, භගවාව එතං ජානෙය්ය එතෙහි ධම්මෙහි සමන්නාගතං වා අසමන්නාගතං වාති. ඉධ භන්තෙ, කොචිදෙව ධම්මසමුප්පාදො උප්පජ්ජෙය්ය එකතො අස්ස භගවා එකතො භික්ඛුසඞ්ඝො, ච. යෙනෙව භගවා තෙනෙවාහං අස්සං. එවං පසන්නං මං භන්තෙ, භගවා ධාරෙතු.
මහානාමයෙනි, තෙපි ඉවසවු, මහානාමයෙනි, තෙපි ඉවසවු. “මේ දහමෙන් යුතු හෝ නොයුතු හෝ”යි මෙය භාග්‍යවතුන් වහන්සේ ම දැන වදාරන සේක. වහන්ස, මෙහි කිසියම් කරුණෙක් උපදනේ ය. භාග්‍යවතුන් වහන්සේ එක්පසෙක වන සේක, බික්සඟනද එක්පසෙක වන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ යම් පසෙක වන සේක් නම් මමත් එහි ම වන්නෙමි. වහන්ස, මෙසේ පහන් වූ මා භාග්‍යවතුන් වහන්සේ දරන සේක්වා.
ඉධ භන්තෙ, කොචිදෙව ධම්මසමුප්පාදො උප්පජ්ජෙය්ය එකතො අස්ස භගවා එකතො භික්ඛුසඞ්ඝො, එකතො භික්ඛුනිසඞ්ඝො ච, යෙනෙව භගවා තෙනෙවාහං අස්සං. එවං පසන්නං මං භන්තෙ, භගවා ධාරෙතු.
වහන්ස, මෙහි කිසියම් කරුණෙක් උපදනේය, භාග්‍යවතුන් වහන්සේ එක්පසෙක වන සේක. බික්සඟන එක්පසෙක ද මෙහෙණ සඟන එක් පසෙක ද වන්නා හ. භාග්‍යවතුන් වහන්සේ යම් පසෙක නම් මමත් එහි ම වන්නෙමි. වහන්ස, මෙසේ පහන් වූ මා භාග්‍යවතුන් වහන්සේ දරන සේක්වා.
ඉධ භන්තෙ, කොචිදෙව ධම්මසමුප්පාදො උප්පජ්ජෙය්ය. එකතො අස්ස භගවා එකතො භික්ඛුසඞ්ඝො, එකතො භික්ඛුනීසඞ්ඝො, උපාසකා ච. යෙනෙව භගවා තෙනෙවාහං අස්සං. එවං පසන්නං මං භන්තෙ, භගවා ධාරෙතු.
වහන්ස, මෙහි කිසියම් කරුණෙක් උපදනේය. භාග්‍යවතුන් වහන්සේ එක්පසෙක වන සේක. බික්සඟන එක් පසෙක ද මෙහෙණ සඟනත් උවසුවෝත් එක්පසෙක ද වන්නාහ. භාග්‍යවතුන් වහන්සේ යම් පසෙක නම් මමත් එහි ම වන්නෙමි. වහන්ස, මෙසේ පහන් වූ මා භාග්‍යවතුන් වහන්සේ දරන සේක්වා.
ඉධ භන්තෙ, කොචිදෙව ධම්මසමුප්පාදො උප්පජ්ජෙය්ය. එකතො අස්ස භගවා, එකතො භික්ඛුසඞ්ඝො, එකතො භික්ඛුනීසඞ්ඝො උපාසකා උපාසිකායො ච, යෙනෙව භගවා තෙනෙවාහං අස්සං එවං පසන්නං මං භන්තෙ, භගවා ධාරෙතු.
වහන්ස, මෙහි කිසියම් කරුණෙක් උපදනේය. භාග්‍යවතුන් වහන්සේ එක්පසෙක වන සේක. බික්සඟන එක් පසෙක ද මෙහෙණ සඟනත් උවසුවෝත් උවැසියෝත් එක් පසෙක ද වන්නාහ. භාග්‍යවතුන් වහන්සේ යම් පසෙක නම් මමත් එහි ම වන්නෙමි. වහන්ස, මෙසේ පහන් වූ මා භාග්‍යවතුන් වහන්සේ දරන සේක්වා.
ඉධ භන්තෙ, කොචිදෙව ධම්මසමුප්පාදො උප්පජ්ජෙය්ය, එකතො අස්ස භගවා, එකතො භික්ඛුසඞ්ඝො, එකතො භික්ඛුනීසඞ්ඝො, උපාසකා උපාසිකායො සදෙවකො ච ලොකො සමාරකො සබ්රහ්මකො සස්සමණබ්රාහ්මණී පජා සදෙවමනුස්සා. යෙනෙව භගවා තෙනෙවාහං අස්සං. එවං පසන්නං මං භන්තෙ, භගවා ධාරෙතූති.
වහන්ස, මෙහි කිසියම් කරුණෙක් උපදනේ ය. භාග්‍යවතුන් වහන්සේ එක් පසෙක වන සේක. බික්සඟන එක්පසෙක ද මෙහෙණසඟනත් උවසුවෝත් උවැසියෝත් දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයාත් මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්රජාවත් එක්පසෙක ද වන්නාහ. භාග්‍යවතුන් වහන්සේ යම් පසෙක නම් මමත් එහි ම වන්නෙමි. වහන්ස, මෙසේ පහන් වූ මා භාග්‍යවතුන් වහන්සේ දරන සේක්වා යි.
එවංවාදී ත්වං ගොධෙ, මහානාමං සක්කං කිං වදෙසීති? එවංවාදාහං භන්තෙ, මහානාමං සක්කං න කිඤ්චි වදාමි, අඤ්ඤත්ර කල්යාණා අඤ්ඤත්ර කුසලාති.
ගෝධාවෙනි, මෙබඳු වාද ඇති තෙපි මහානාම ශාක්‍යයන්ට කුමක් කියවු දැයි? වහන්ස, මෙබඳු වාද ඇති මම මහානාම ශාක්‍යයන්ට යහපත හැර කුශලය හැර කිසිවක් නො කියමි යි.