යෙදුමෙන් කියවන්න

සරකානිසුත‍්තං

11. 3. 4.

11. 3. 4.

සරකානිසුත‍්තං

සරකානි සූත්‍රය

3792. එකං සමයං භගවා සක‍්කෙසු විහරති කපිලවත්‍ථුස‍්මිං නිග්‍රොධාරාමෙ. තෙන ඛො පන සමයෙන සරකානි සක‍්කො කාලකතො හොති. සො භගවතා ව්‍යාකතො සොතාපන‍්නො අවිනිපාතධම‍්මො නියතො සම‍්බොධිපරායණොති. තත්‍ර සුදං සම‍්බහුලා සක‍්කා සඞ‍්ගම‍්ම සමාගම‍්ම උජ‍්ඣායන‍්ති, ඛීයන‍්ති, විපාචෙන‍්ති: “අච‍්ඡරියං වත භො අබ‍්භුතං වත භො, එත්‍ථදානි කො න සොතාපන‍්නො භවිස‍්සති, යත්‍ර හි නාම සරකානි සක‍්කො කාලකතො, සො භගවතා ව්‍යාකතො සොතාපන‍්නො අවිනිපාතධම‍්මො නියතො සම‍්බොධිපරායණොති. සරකානි සක‍්කො සික‍්ඛාදුබ‍්බල්‍යමාපාදි, මජ‍්ජපානං අපායී”ති.

3792. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යදනව්වෙහි කිඹුල්වත්පුර නිග්‍රෝධාරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි සරකානිශාක්‍ය තෙමේ කලුරිය කෙළේ වෙයි. හෙතෙමේ විවස ව නො හෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන්”යී භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ ය. එහි බොහෝ ශාක්‍යයෝ එක් ව රැස් ව අවමන් කෙරෙත්, ගරහත්, දොස් පහළ කෙරෙත්. පින්වත්නි, අසිරියි. පින්වත්නි, පුදුමයි. යම් සරකානි ශාක්‍යයෙක් කලුරිය කෙළේ ද, හෙතෙමේ විවසව නො හෙන සුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් යි භාග්‍යවතුන් වහන්සේ විසින් පවසන ලද්දේ ය. මෙහි දැන් කවරෙක් සෝවන් නොවන්නේ ද, සරකානි ශාක්‍ය තෙමේ සිකපද රැකීමෙහි දුබලබවට පැමිණියේ ය. මත්පැන් පූයේ යි.

අථ ඛො මහානාමො සක‍්කො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො මහානාමො සක‍්කො භගවන‍්තං එතදවොච: “ඉධ භන‍්තෙ, සරකානි සක‍්කො කාලකතො. සො භගවතා ව්‍යාකතො සොතාපන‍්නො අවිනිපාතධම‍්මො නියතො සම‍්බොධිපරායණොති. තත්‍ර සුදං භන‍්තෙ, සම‍්බහුලා සක‍්කා සඞ‍්ගම‍්ම සමාගම‍්ම උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “අච‍්ඡරියං වත භො, අබ‍්භුතං වත භො, එත්‍ථදානි කො න සොතපන‍්නො භවිස‍්සති. යත්‍ර හි නාම සරකානි සක‍්කො කාලකතො, සො භගවතා ව්‍යාකතො “සොතාපන‍්නො අවිනිපාතධම‍්මො නියතො සම‍්බොධිපරායණො”ති. සරකානි සක‍්කො සික‍්ඛාදුබ‍්බල්‍යමාපාදි, මජ‍්ජපානං අපායී”ති.

එකල්හි මහානාම ශාක්‍යයෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් මහානාම ශාක්‍යයෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: වහන්ස, “මෙහි සරකානි ශාක්‍ය තෙමේ කලුරිය කෙළේ ය. හෙතෙමේ විවසව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන්”යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ ය. වහන්ස, එහි බොහෝ ශාක්‍යයෝ එක් ව රැස් ව අවමන් කෙරෙත්. ගරහත්. දොස් පහළ කෙරෙත්. පින්වත්නි, අසිරි යි. පින්වත්නි, පුදුම යි. යම් සරකානි ශාක්‍යයෙක් කලුරිය කෙළේ ද, හෙතෙමේ “විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන්”යි භාග්‍යවතුන් වහන්සේ විසින් පවසන ලද්දේ ය. මෙහි දැන් කවරෙක් සෝවන් නොවන්නේ ද, සරකානි ශාක්‍ය තෙමේ සිකපද රැකීමෙහි දුබලබවට පැමිණියේ ය. මත්පැන් පූයේ යි.

යො සො මහානාම, දීඝරත‍්තං උපාසකො බුද‍්ධං සරණං ගතො, ධම‍්මං සරණං ගතො, සඞ‍්ඝං සරණං ගතො, සො කථං විනිපාතං ගච‍්ඡෙය්‍ය. යං හි තං මහානාම, සම‍්මාවදමානො වදෙය්‍ය, දීඝරත‍්තං උපාසකො බුද‍්ධං සරණං ගතො, ධම‍්මං සරණං ගතො, සඞ‍්ඝං සරණං ගතොති, සරකානිං සක‍්කං සම‍්මා වදමානො වදෙය්‍ය. සරකානි මහානාම, සක‍්කො දීඝරත‍්තං උපාසකො බුද‍්ධං සරණං ගතො, ධම‍්මං සරණං ගතො, සඞ‍්ඝං සරණං ගතො. සො කථං විනිපාතං ගච‍්ඡෙය්‍ය?

මහානාම, යම් ඒ උවසුවෙක් දිගුකලක් මුළුල්ලෙහි බුදුන් පිහිට කොට ගියේ දහම් පිහිට කොට ගියේ සඟන පිහිට කොට ගියේ නම් හෙතෙමේ කෙසේ නිරයට යන්නේ ද මහානාම, මැනවින් කියන්නෙක් “උවසු තෙමේ දිගුකලක් මුළුල්ලෙහි බුදුන් පිහිට කොට ගියේ දහම් පිහිට කොට ගියේ සඟන පිහිට කොට ගියේයි” ඒ යමෙකු ගෙන කියන්නේ නම් මැනවින් කියන්නා සරකානි ශාක්‍යයා ඇරබ කියන්නේ ය. මහානාම, උවසු වූ සරකානි ශාක්‍ය තෙමේ දිගුකලක් මුළුල්ලෙහි බුදුන් පිහිට කොට ගියේ ය. දහම් පිහිට කොට ගියේ ය. සඟන පිහිට කොට ගියේ ය. හෙතෙමේ කෙසේ නම් නිරයට යන්නේ ද?

ඉධ මහානාම, එකච‍්චො පුග‍්ගලො බුද‍්ධෙ අවෙච‍්චප‍්පසාදෙන සමන‍්නාගතො හොති: “ඉතිපි සො භගවා -පෙ- සත්‍ථා දෙවමනුස‍්සානං බුද‍්ධො භගවා”ති. ධම‍්මෙ -පෙ- සඞ‍්ඝෙ -පෙ- අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලොකස‍්සා”ති හාසුපඤ‍්ඤො ජවනපඤ‍්ඤො විමුත‍්තියා ච සමන‍්නාගතො. සො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරති. අයම‍්පි ඛො මහානාම, පුග‍්ගලො පරිමුත‍්තො නිරයා, පරිමුත‍්තො තිරච‍්ඡානයොනියා, පරිමුත‍්තො පෙත‍්තිවිසයා, පරිමුත‍්තො අපායදුග‍්ගතිවිනිපාතා.

මහානාම, මෙහි ඇතැම් පුඟුලෙක්: “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ, බුද්ධයහ, භගවත්හ”යි බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. දහම්හි ... ලොවට අනුතුරු පින්කෙතැ යි සඟන කෙරෙහි හාසබහුල ප්‍රඥා ඇත්තේ ය. ජවනප්‍රඥා ඇත්තේ ය. විමුක්තියෙන් ද සමන්‍වාගත ය. හෙතෙමේ ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් දිටුදැමියෙහි ම තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසේ. මහානාම, මේ පුඟුල් තෙමේත් නිරයෙන් මිදුණේ ය. තිරිසන්යෝනින් මිදුණේ ය. ප්‍රේතවිෂයයෙන් හාත්පසින් මිදුණේ ය. අපායදුර්‍ගති විනිපාතයෙන් මිදුණේ ය.

ඉධ මහානාම, එකච‍්චො පුග‍්ගලො බුද‍්ධෙ අවෙච‍්චප‍්පසාදෙන සමන‍්නාගතො හොති: “ඉතිපි සො භගවා -පෙ- සත්‍ථා දෙවමනුස‍්සානං බුද‍්ධො භගවා”ති. ධම‍්මෙ -පෙ- සඞ‍්ඝෙ -පෙ- අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලොකස‍්සා”ති. හාසුපඤ‍්ඤො ජවනපඤ‍්ඤො න ච විමුත‍්තියා සමන‍්නාගතො. සො පඤ‍්චන‍්නං ඔරම‍්භාගියානං සංයොජනානං පරික‍්ඛයා ඔපපාතිකො හොති. තත්‍ථ පරිනිබ‍්බායී අනාවත‍්තිධම‍්මො තස‍්මා ලොකා. අයම‍්පි ඛො මහානාම, පුග‍්ගලො පරිමුත‍්තො නිරයා, පරිමුත‍්තො තිරච‍්ඡානයොනියා, පරිමුත‍්තො පෙත‍්තිවිසයා පරිමුත‍්තො අපායදුග‍්ගතිවිනිපාතා.

මහානාම මෙහි ඇතැම් පුඟුලෙක් “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ, බුද්ධයහ, භගවත්හ”යි බුදුන් කෙරෙහි අචලප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි. “ධර්‍මය කෙරෙහි ... ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර ය”යි සඞ්ඝයා කෙරෙහි ... හාසබහුල ප්‍රඥා ඇත්තේ ය. ජවනප්‍රඥා ඇත්තේ ය. විමුක්තියෙන් නො ද සමන්‍වාගත ය. හෙතෙමේ පස් ඕරම්භාගිය සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් එහි පිරිනිවෙනසුලු එලොවින් පෙරළා නොඑන ස්වභාව ඇති ඕපපාතිකයෙක් වෙයි. මහානාම මේ පුඟුල්තෙමේත් නිරයයෙන් මිදුණේ ය. තිරිසන් යෝනින් මිදුණේ ය. ප්‍රේතවිෂයයෙන් මිදුණේ ය. අපායදුර්‍ගති විනිපාතයෙන් මිදුණේ ය.

ඉධ පන මහානාම, එකච‍්චො පුග‍්ගලො බුද‍්ධෙ අවෙච‍්චප‍්පසාදෙන සමන‍්නාගතො හොති: “ඉතිපි සො භගවා -පෙ- සත්‍ථා දෙවමනුස‍්සානං බුද‍්ධො භගවා”ති. ධම‍්මෙ -පෙ- සඞ‍්ඝෙ -පෙ- න හාසුපඤ‍්ඤො න ජවනපඤ‍්ඤො න ච විමුත‍්තියා සමන‍්නාගතො. සො තිණ‍්ණං සංයොජනානං පරික‍්ඛයා රාගදොසමොහානං තනුත‍්තා සකදාගාමී හොති, සකිදෙව ඉමං ලොකං ආගන‍්ත්‍වා දුක‍්ඛස‍්සන‍්තං කරොති. අයම‍්පි ඛො මහානාම, පුග‍්ගලො පරිමුත‍්තා නිරයා, පරිමුත‍්තො තිරච‍්ඡානයොනියා, පරිමුත‍්තො පෙත‍්තිවිසයා, පරිමුත‍්තො අපායදුග‍්ගතිවිනිපාතා.

මහානාම, මෙහි ඇතැම් පුඟුලෙක්: “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ, බුද්ධයහ, භගවත්හ”යි බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. දහම්හි ... සඟන කෙරෙහි ... හාසබහුල ප්‍රඥා ඇත්තේ නො වේ. ජවනප්‍රඥා ඇත්තේ නො වේ. විමුක්තියෙන් යුක්ත වූයේ නො ද වෙයි. හෙ තුන් සංයොජනයක් ක්‍ෂය කිරීමෙන් රාගදෝසමෝහයන් තුනී වූ බැවින් සෙදගැමි වෙයි. එක් වරක් ම මෙලොවට පැමිණ දුක් කෙළවර කෙරෙයි. මහානාම, මේ පුඟුල් තෙමේත් නිරයයෙන් මිදුණේ ය. තිරිසන්යෝනින් මිදුණේ ය. ප්‍රේතවිෂයයෙන් මිදුණේ ය. අපාය දුර්‍ගති විනිපාතයෙන් මිදුණේ ය.

ඉධ පන මහානාම, එකච‍්චො පුග‍්ගලො බුද‍්ධෙ අවෙච‍්චප‍්පසාදෙන සමන‍්නාගතො හොති: “ඉතිපි සො භගවා -පෙ- සත්‍ථා දෙවමනුස‍්සානං බුද‍්ධො භගවා”ති. ධම‍්මෙ -පෙ- සඞ‍්ඝෙ -පෙ- න හාසුපඤ‍්ඤො න ජවනපඤ‍්ඤො න ච විමුත‍්තියා සමන‍්නාගතො. සො තිණ‍්ණං සංයොජනානං පරික‍්ඛයා සොතාපන‍්නො හොති අවිනිපාතධම‍්මො නියතො සම‍්බොධිපරායණො. අයම‍්පි ඛො මහානාම, පුග‍්ගලො පරිමුත‍්තො නිරයා, පරිමුත‍්තො තිරච‍්ඡානයොනියා, පරිමුත‍්තො පෙත‍්තිවිසයා, පරිමුත‍්තො අපායදුග‍්ගතිවිනිපාතා.

මහානාම, මෙහි ඇතැම් පුඟුලෙක්: “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ, බුද්ධය හ, භගවත්හ”යි බුදුන් කෙරෙහි අචලප්‍රසාදයෙන් යුක්ත වූයේ වෙයි. දහම්හි ... සඟන කෙරෙහි ... හාසප්‍රඥා ඇත්තේ නො වේ. ජවනප්‍රඥා ඇත්තේ නො වේ. විමුක්තියෙන් නො ද සමන්‍වාගත වේ. හෙ තෙවැදෑරුම් සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් “විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වේ. මහානාම, මේ පුඟුල් තෙමේ ද නිරයෙන් මිදුණේ ය. තිරිසන් යෝනින් මිදුණේ ය. ප්‍රේතවිෂයයෙන් මිදුණේ ය. අපාය දුර්‍ගති විනිපාතයෙන් මිදුණේ ය.

ඉධ පන මහානාම, එකච‍්චො පුග‍්ගලො න හෙව ඛො බුද‍්ධෙ අවෙච‍්චප‍්පසාදෙන සමන‍්නාගතො හොති. න ධම‍්මෙ -පෙ- න සඞ‍්ඝෙ -පෙ- න හාසුපඤ‍්ඤො න ජවනපඤ‍්ඤො, න ච විමුත‍්තියා සමන‍්නාගතො. අපි චස‍්ස ඉමෙ ධම‍්මා හොන‍්ති සද‍්ධින්‍ද්‍රියං, විරියින්‍ද්‍රියං, සතින්‍ද්‍රියං, සමාධින්‍ද්‍රියං, පඤ‍්ඤින්‍ද්‍රියං. තථාගතප‍්පවෙදිතා චස‍්ස ධම‍්මා පඤ‍්ඤාය මත‍්තසො නිජ‍්ඣානං ඛමන‍්ති. අයම‍්පි ඛො මහානාම පුග‍්ගලො අගන‍්තා නිරයං, අගන‍්තා තිරච‍්ඡානයොනිං, අගන‍්තා පෙත‍්තිවිසයං, අගන‍්තා අපායදුග‍්ගතිවිනිපාතං.

මහානාම, මෙහි ඇතැම් පුඟුලෙක් බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ නො ම වෙයි. දහම්හි ... නොම වෙයි. සඟන කෙරෙහි නො ම වෙයි. හාස බහුල ප්‍රඥා ඇත්තේ නොම වේ. ජවනප්‍රඥා ඇත්තේ නො ම වේ. විමුක්තියෙන් නො ද සමන්‍වාගත ය. වැලිදු ඔහුට සද්ධින්‍ද්‍රිය විරියින්‍ද්‍රිය සතින්‍ද්‍රිය සමාධින්‍ද්‍රිය පඤ්ඤින්‍ද්‍රිය යන මේ දහම්හු වෙත්. තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරන ලද දහම්හු නුවණින් පමණ විසින් ම ඔහුගේ දැක්මට සුදුසු වෙත්. මහානාම, මේ පුඟුල් තෙමේත් නිරයට නො යන්නෙකි. තිරිසන්යෝනට නොයන්නෙකි. ප්‍රේතවිෂයට නොයන්නෙකි. අපාය දුර්‍ගති විනිපාතයට නො යන්නෙකි.

ඉධ පන මහානාම, එකච‍්චො පුග‍්ගලො න හෙව ඛො බුද‍්ධෙ අවෙච‍්චප‍්පසාදෙන සමන‍්නාගතො හොති. න ධම‍්මෙ -පෙ- න සඞ‍්ඝෙ -පෙ- න හාසුපඤ‍්ඤො න ජවනපඤ‍්ඤො, න ච විමුත‍්තියා සමන‍්නාගතො, අපි චස‍්ස ඉමෙ ධම‍්මා හොන‍්ති සද‍්ධින්‍ද්‍රියං -පෙ- පඤ‍්ඤින්‍ද්‍රියං. තථාගතෙ චස‍්ස සද‍්ධාමත‍්තං හොති, පෙමමත‍්තං. අයම‍්පි ඛො මහානාම, පුග‍්ගලො අගන‍්තා නිරයං, අගන‍්තා තිරච‍්ඡානයොනිං, අගන‍්තා පෙත‍්තිවිසයං, අගන‍්තා අපායදුග‍්ගතිවිනිපාතං.

මහානාම, මෙහි ඇතැම් පුඟුලෙක් බුදුන් කෙරෙහි අචල ප්‍රසාදයෙන් නො ම සමන්‍වාගත වෙයි. දහම්හි ... නො ම වෙයි. සඟන කෙරෙහි ... නො ම වෙයි. හාස බහුල ප්‍රඥා ඇත්තේ නො ම වෙයි. ජවනප්‍රඥා ඇත්තේ නො ම වෙයි. විමුක්තියෙන් සමන්‍වාගත නො ම වෙයි. වැලිදු ඔහුට සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යන මේ දහම්හු වෙත්. තථාගතයන් කෙරෙහි ද සද්ධාමාත්‍රයෙක් ප්‍රේමමාත්‍රයෙක් වෙයි. මහානාම මේ පුඟුල් තෙමේත් නිරයට නො යන්නෙකි. තිරිසන්යෝනට නොයන්නෙකි. ප්‍රේතවිෂයට නො යන්නෙකි. අපාය දුර්‍ගති විනිපාතයට නො යන්නෙකි.

ඉමෙ චෙපි මහානාම, මහාසාලා සුභාසිතං දුබ‍්භාසිතං ආජානෙය්‍යුං, ඉමෙ චාහං මහාසාලෙ ව්‍යාකරෙය්‍යං: “සොතාපන‍්නා අවිනිපාතධම‍්මා නියතා සම‍්බොධිපරායණා”ති. කිමඞ‍්ග පන සරකානිං සක‍්කං. සරකානි මහානාම, සක‍්කො මරණකාලෙ පන සික‍්ඛං සමාදියීති.

මහානාම, ඉදින් මම විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන්හ යි මේ මහසල්රුක්නට පවසන්නෙම් නම් මේ මහසල්රුක්හු ද සුභාෂිත දුර්‍භාෂිත දැන ගන්නාහු ය. සරකානි ශාක්‍යයා ගැන කියනු ම කිම? මහානාම සරකානි ශාක්‍ය තෙමේ මැරෙන කල ත්‍රිවිධ ශික්‍ෂා පිරිපුන් කරනසුලු වී ය.