3. සරකානිවග්ගො අට්ඨකථා
3. සරකානි වර්ගය
1-2. මහානාමසුත්තාදිවණ්ණනා
1-2. මහානාම ආදි සූත්‍ර වර්ණනා
තතියස්ස පඨමෙ ඉද්ධන්ති තෙලමධුඵාණිතාදීහි සමිද්ධං. ඵීතන්ති හත්ථූපගසීසූපගගීවූපගාදිඅලඞ්කාරවසෙන සුපුප්ඵිතං. ආකිණ්ණමනුස්සන්ති නිරන්තරමනුස්සං. සම්බාධබ්යූහන්ති බ්යූහා වුච්චන්ති අවිනිබ්බිද්ධරච්ඡායො, යා පවිට්ඨමග්ගෙනෙව නිග්ගච්ඡන්ති, තා සම්බාධා බ්යූහා බහුකා එත්ථාති සම්බාධබ්යූහං. ඉමිනාපි නගරස්ස ඝනවාසමෙව දීපෙති. භන්තෙනාති ඉතො චිතො ච පරිබ්භමන්තෙන උද්ධතචාරිනා. දුතියං උත්තානමෙව.
තුන්වන වග්ගයේ පළමු වැන්නෙහි ඉද්ධං = තෙල් මී පැණි, උක් පැණි ආදියෙන් සමෘද්ධ වූ ඵීතං = අත් සහ හිස අලංකාර කිරීම වශයෙන් යෙදූ මල් ඇති ආකීණ්ණ මනුස්සං = අතරක් නැතිව බොහෝ වූ මිනිසුන් ඇති සම්බාධ බ්යුහං = බ්යු හා යනුවෙන් කැඩී බිඳී ඇත්තාවූ ද, ගියමගෙහිම ආපසු ඒමට සිදු වන්නාවූ ද මාර්ගය ගැන කියනු ලැබේ. එවැනි අපහසු මාර්ග මෙහි බහුලව ඇතැයි යන අදහසින් “සම්බාධ බ්‍යුහ” යයි යෙදේ. මෙයින්ද නගරයේ පවත්නා අධික ජනාවාස බවම දැක්වේ. විබ්භන්තෙන = ඒ මේ දෙස ඇවිදිමින් නොසන්සුන් ලෙස හැසිරෙන පුද්ගලයා විසින් දෙවැන්න පහසු වේ.
3. තතිය මහානාම සුත්තවණ්ණනා
3. තතිය මහානාම සූත්‍ර වර්ණනාව
තතියෙ භගවාව එතං ජානෙය්ය එතෙහි ධම්මෙහි සමන්නාගතං වා අසමන්නාගතං වාති ඉදං සො සක්කො තීහි ධම්මෙහි සමන්නාගතස්ස පුග්ගලස්ස සොතාපන්නභාවං, චතූහි වා ධම්මෙහි සමන්නාගතස්ස සොතාපන්නභාවං භගවාව ජානාතීති අධිප්පායෙන ආහ.
තුන් වැන්නෙහි - භගවාව එතං ජානෙය්ය එතහි ධම්මෙහි සමන්නාගතංවා අසමන්නාගතංවා = මෙය වනාහී ත්‍රිවිධ ධර්මයන්ගෙන් යුක්තවූ පුද්ගලයාගේ සෝවාන් වූ බව ද, චතුර්විධ ධර්මයන්ගෙන් යුක්ත වූ පුද්ගලයාගේ සෝවාන් වූ බව ද ඒ භාග්‍යවතුන් වහන්සේ ම දැන ගැනීමට හැකි වන සේකැයි යන අදහසින් කීය.
කොචිදෙව ධම්මසමුප්පාදො උප්පජ්ජෙය්යාති කිඤ්චිදෙව කාරණං උප්පජ්ජෙය්ය. එකතො අස්ස භගවා, එකතො භික්ඛුසඞ්ඝොති යස්මිං කාරණෙ උප්පන්නෙ භගවා භික්ඛුසඞ්ඝෙන නානාලද්ධිකො හුත්වා එකං වාදං වදන්තො එකතො අස්ස, භික්ඛුසඞ්ඝොපි එකං වදන්තො එකතොති අත්ථො. තෙනෙවාහන්ති යං වාදං තුම්හෙ වදෙථ, තමෙවාහං ගණ්හෙය්යන්ති. නනු ච අරියසාවකස්ස රතනත්තයෙ පසාදනානත්තං නත්ථි, අථ කස්මා එස එවමාහාති? භගවතො සබ්බඤ්ඤුතාය. එවඤ්හිස්ස හොති “භික්ඛුසඞ්ඝො අත්තනො අසබ්බඤ්ඤුතාය අජානිත්වාපි කථෙය්ය, සත්ථු පන අඤ්ඤාණං නාම නත්ථී”ති. තස්මා එවමාහ. අඤ්ඤත්ර කල්යාණා අඤ්ඤත්ර කුසලාති කල්යාණමෙව කුසලමෙව වදාමි, න කල්යාණකුසලවිමුත්තන්ති. අපිචස්ස අනවජ්ජනදොසො එසොති.
කොචිදෙව ධම්ම සමුප්පාදො උප්පජ්ජෙය්ය = කිසියම් කරුණක් උපදින්නේ නම්, එකතො අස්ස භගවා එකතො භික්ඛු සඞ්ඝො = යම් කරුණක් උපන් කල්හි භික්ෂු සංඝයා විවිධ මත දරන්නන් වුව ද භාග්‍යවතුන් වහන්සේ එක්මතයක් දේශනා කරන්නාහු වෙති. (එවිට) භික්ෂූ සංඝයා ද එක මතයකට පැමිණ, එකක්ම ප්‍රකාශ කරන්නාහු, එක්වූවාහුය යන අරුත වෙයි. තෙනෙවාහං = මා යම් මතයක් දරන බව ඔබ කියන්නහුද මම එයම දරන්නෙමි. රත්නත්‍රය කෙරෙහි ආර්ය ශ්‍රාවකයාගේ ප්‍රසාදයෙහි වෙනස් වීමක් නැත්තේය. එසේ කල්හි කුමක් හෙයින් මෙසේ කීවෝද යත් - භාග්‍යවතුන් වහන්සේගේ සර්වඥභාවය නිසා උන් වහන්සේට මෙසේ සිහි වේ. භික්ෂු සංඝයා තමාගේ අසර්වඥ භාවය නිසා නො දැනම එසේ කියති. ශාස්තෲන් වහන්සේට වනාහී නොදැනුවත් බවක් නම් නැත. එබැවින් මෙසේ කීහ. අඤ්ඤත්ර කල්යාණා අඤ්ඤත්ර කුසලා = යහපත් දෙයම කුසලයම යයි ද කියමි. යහපත් දෙයින් කුසලය වෙන් නොවූයේය යන අදහසයි. තව ද මෙය මෙනෙහි නො කිරීමේ දෝෂය ද වන්නේය.
4. සරකානිසුත්තවණ්ණනා
4. සරකානි සූත්‍ර වර්ණනාව
චතුත්ථෙ ඉධ මහානාම එකච්චො පුග්ගලොති ඉදං න කෙවලං සරණානි එව අපායතො මුත්තො, ඉමෙපි පුග්ගලා මුත්තාති දස්සෙතුං ආරද්ධං. මත්තසො නිජ්ඣානං ඛමන්තීති පමාණෙන ච ඔලොකනං ඛමන්ති. ඉමිනා ධම්මානුසාරිමග්ගට්ඨපුග්ගලං දස්සෙති. අගන්තා නිරයන්ති මග්ගට්ඨපුග්ගලො හි අපායතො පරිමුත්තොති වා පරිමුච්චිස්සතීති වා වත්තුං න වට්ටති, පරිමුච්චතීති පන වත්තුං වට්ටති. යස්මා ච පරිමුච්චති, තස්මා ගන්තා නාම න හොතීති, “අගන්තා”ති වුත්තො, න ගච්ඡතීති අත්ථො. සද්ධාමත්තං පෙමමත්තන්ති ඉමිනා සද්ධානුසාරිමග්ගට්ඨපුග්ගලං දස්සෙති. මහාසාලාති සමීපෙ ඨිතෙව චත්තාරො මහාසාරරුක්ඛෙ දස්සෙන්තො ආහ. මරණකාලෙ සික්ඛං සමාදියීති මරණසමයෙ තීසු සික්ඛාසු පරිපූරකාරී අහොසීති දස්සෙති.
සිවු වැන්නෙහි - ඉධ මහානාම එකච්චො පුග්ගලො = මේ හුදෙක් බඳුන් ම නොවේ. අපායෙන් මිදුණ තැනැත්තා මේ පුද්ගලයෝ ද මිදුණාහු යයි දැක්වීම පිණිස මෙය අරඹන ලදී. මත්තසො නිජ්ඣා ඛමන්ති = ප්‍රමාණය අනුවම බැලීමට කැමති වෙති. මෙයින් ධර්මයෙහි හැසිරෙන මාර්ගස්ථ පුද්ගලයා දැක්වේ. අගන්තා නිරයං = මාර්ගස්ථ පුද්ගලයා වනාහී අපායෙන් නිදහස් වූයේ යයි හෝ මිදෙන්නේ යයි හෝ කීමට යෝග්‍ය වේද? යෝග්‍ය නොවේ. “යමකින් මිදෙන්නේ නම් එයින් “යන්නෝ”(ගත්තා) නම් නොවෙති” යනුවෙන් නො යන්නෝ (අගන්තා) අදහස් වේ. “නො යයි” යන අර්ථයයි. සද්ධා මත්තං පෙම මත්තං = මෙයින් ශ්‍රද්ධානුසාරී මාර්ගස්ථ පුද්ගලයා දැක්වේ. මහාසාලා = ආසන්නයෙහිම පිහිටි මහාසාර වෘක්ෂයන් සතර දක්වමින් මෙසේ කීය. මරණ කාලෙ සික්ඛං සමාදියී = මරණය සිදුවන සමයෙහි ත්‍රිවිධ ශික්ෂාවන්හි සම්පූර්ණත්වයට පත්වූයේ යයි දැක්වේ.
5. දුතිය සරකානි සුත්තවණ්ණනා
5. දුතිය සරකානි සූත්‍ර වර්ණනාව
පඤ්චමෙ දුක්ඛෙත්තන්ති විසමඛෙත්තං. දුබ්භූමන්ති ඌසරභූමිං ලොණූපහතං. ඛණ්ඩානීති පරිභින්නානි. පූතීනීති උදකෙන තෙමෙත්වා පූතිභාවං ආපන්නානි. වාතාතපහතානීති වාතාතපෙන හතත්තා නිරොජභාවං ගතානි. අසාරාදානීති අනාදින්නසාරානි අගහිතසාරානි. අසුඛසයිතානීති න කොට්ඨාදීසු පක්ඛිපිත්වා සුට්ඨු ඨපිතානි. සුඛසයිතානීති ඨපිතට්ඨානතො චත්තාරො මාසෙ අචලිතානි.
පස්වැන්නෙහි - දුක්ඛෙත්තං = සම මට්ටමක් නැති කෙත දුබ්භූමිං = ලුණු නිසා වැනසුණ නිසරු වූ බිම. ඛණ්ඩානි = බිඳී ගියාවූ පූතීනි = දියෙන් තෙමී කුණු වූ බවට පැමිණියාහු වාතාතප හතානි = වාතයෙන් ද, හිරු රැසින්ද වැනසී ගිය බැවින් ඕජස් රහිත බවට ගියා වූ, අසාරාදානි = නොගන්නා ලද හරය ඇති. අසුඛ සයිතානි = කොටු ආදියෙහි බහා මනාව නොතබන ලද්දාවූ සුඛසයිතානි = තබන ලද ස්ථානයෙන් මාස සතරක් තුළම නොසෙල්වුනා වූ.
6. අනාථපිණ්ඩික සුත්තවණ්ණනා
6. අනාථපිණ්ඩික සූත්‍ර වර්ණනාව
ඡට්ඨෙ ඨානසො වෙදනා පටිප්පස්සම්භෙය්යාති ඛණෙන වෙදනා පටිප්පස්සම්භෙය්ය. මිච්ඡාඤාණෙනාති මිච්ඡාපච්චවෙක්ඛණෙන මිච්ඡාවිමුත්තියාති අනිය්යානිකවිමුත්තියා. තස්මා සද්ධඤ්ච සීලඤ්චාති ගාථා වුත්තත්ථා එව. යත්ර හි නාමාති යො නාම.
සය වැන්නෙහි - ඨානසො වෙදනා පටිප්පස්සම්භෙය්ය = ක්ෂණයකින් වේදනාව සන්සිඳෙන්නේය. මිච්ඡා ඤාණෙන = වැරදි ලෙස මෙනෙහි කිරීමෙන්. මිච්ඡා විමුත්තියා = නෛර්යාණික නොවන විමුක්තියෙන් තස්මා සද්ධඤ්ච සීලඤ්ච = ගාථාවන් කියන ලද අර්ථ ඇත්තේමය. යත්රහිනාමා = යමෙක් වනාහී.
7. දුතිය අනාථපිණ්ඩික සුත්තවණ්ණනා
7. දුතිය අනාථපිණ්ඩික සූත්‍ර වර්ණනාව
සත්තමෙ සම්පරායිකං මරණභයන්ති සම්පරායහෙතුකං මරණභයං ගිහිසාමීචිකානීති ගිහීනං අනුච්ඡවිකානි. සෙසං සබ්බත්ථ උත්තානමෙවාති.
සත්වැන්නෙහි - සම්පරායිකං මරණ භයං = පරලොව හේතු කොට ගෙන ඇතිවන මරණ බිය. ගිහී සාමීචිකානි = ගිහියන් හට සුදුසු දේ. සෙස්ස සියලු තැන්හි පහසු වේ.
සරණානිවග්ගො තතියො.
තුන්වන සරකානි වර්ගය නිමි.