යෙදුමෙන් කියවන්න

4. පුඤ‍්ඤාභිසන්‍දවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

4. පුඤ්ඤාභිසන්ද වර්ගය

1. අභිසන්‍දසුත‍්තවණ‍්ණනා

1. අභිසන්ද සූත්‍ර වර්ණනාව

චතුත්‍ථස‍්ස පඨමෙ පුඤ‍්ඤාභිසන්‍දා කුසලාභිසන්‍දාති පුඤ‍්ඤනදියො කුසලනදියො. සුඛස‍්සාහාරාති සුඛස‍්ස පච‍්චයා.

සිවුවන වර්ගයේ පළමු වැන්නෙහි - පුඤ්ඤාභි සන්‍දා කුසලාභිසන්‍දා = පින් නමැති ගංගාවෝ, කුසල් නමැති ගංගාවෝ සුඛස්සාහාරා = සුවයට ඇති හේතූන්.

4. දෙවපදසුත‍්තවණ‍්ණනා

4. දෙවපද සූත්‍ර වර්ණනාව

චතුත්‍ථෙ දෙවපදානීති දෙවානං ඤාණෙන, දෙවස‍්ස වා ඤාණෙන අක‍්කන‍්තපදානි. විසුද‍්ධියාති විසුජ‍්ඣනත්‍ථාය. පරියොදපනායාති පුරියොදපනත්‍ථාය ජොතනත්‍ථාය. ඉමස‍්මිං සුත‍්තෙ චත‍්තාරොපි ඵලට‍්ඨපුග‍්ගලා විසුද‍්ධට‍්ඨෙන දෙවා නාම ජාතා.

සිවු වැන්නෙහි - දෙව පදානි = දෙවිවරුන්ගේ නුවණින් හෝ දෙවියකුගේ නුවණින් යටපත් කරන ලද පද ඇති විසුද්ධියා = පිරිසිදු බව සඳහා මේ සූත්‍රයෙහිදී සතර ආර්ය ඵලයන්හි පිහිටි පුද්ගලයෝ පිරිසිදුය යන අර්ථයෙන් දෙවියෝ නම් වෙති.

8. වස‍්සසුත‍්තවණ‍්ණනා

8. වස්ස සූත්‍ර වර්ණනාව

අට‍්ඨමෙ පාරංගන‍්ත්‍වාති පාරං වුච‍්චති නිබ‍්බානං, තං පත්‍වාති අත්‍ථො. ආසවානං ඛයාය සංවත‍්තන‍්තීති න පඨමං නිබ‍්බානං ගන‍්ත්‍වා පච‍්ඡා සංවත‍්තන‍්ති, ගච‍්ඡමානා එව සංවත‍්තන‍්ති. දෙසනා පන එවං කතා.

අටවැන්නෙහි - පාරං ගන්ත්‍වා = පාරං යනුවෙන් නිවන කියනු ලැබේ. එයට පැමිණි යන අරුතයි. ආසවානං ඛයාය සංවත්තන්ති = පළමුව නිවනට පැමිණ පසුව නො පවතිත් යයි ද (නිවනට) යමින්ම පවතිත් යයිද මෙසේ දේශනා කරන ලදී.

10. නන්‍දියසුත‍්තවණ‍්ණනා

10. නන්දිය සූත්‍ර වර්ණනාව

දසමෙ දිවා පවිවෙකාය රත‍්තිං පටිසල‍්ලානායාති දිවා පවිවෙකත්‍ථාය රත‍්තිං පටිසල‍්ලානත්‍ථාය. ධම‍්මා න පාතුභවන‍්තීති සමථවිපස‍්සනා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙවාති.

දස වැන්නෙහි - දිවා පවිවෙකාය රත්තියා පටි සල්ලානාය = දහවල්හි විවේකය සඳහා ද, රාත්‍රියෙහි භාවනාව සඳහා ද වේ. ධම්මා න පාතුභවන්ති = සමථ විදර්ශනා ධර්මයෝ නො උපදිත්. සෙස්ස සියලු තැන්හි පහසු වේ.

පුඤ‍්ඤාභිසන්‍දවග‍්ගො චතුත්‍ථො.

සිවු වන පුඤ්ඤාභිසන්‍ද වර්ගය නිමි.