දෙවපදසුත්තං
11. 4. 4.
11. 4. 4.
දෙවපදසුත්තං
දේවපද සූත්‍රය
3802. චත්තාරිමානි භික්ඛවෙ, දෙවානං දෙවපදානි අවිසුද්ධානං සත්තානං විසුද්ධියා අපරියොදාතානං සත්තානං පරියොදපනාය. කතමානි චත්තාරි: ඉධ භික්ඛවෙ, අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. ඉධ පඨමං දෙවානං දෙවපදං අවිසුද්ධානං සත්තානං විසුද්ධියා අපරියොදාතානං සත්තානං පරියොදපනාය.
3802. මහණෙනි, නො පිරිසිදු සතුන් පිරිසිදු කරනු පිණිස නොබබළන සතුන් බබළවනු පිණිස මේ දෙවියන්ගේ දෙව්පිය සතරෙකි. කවර සතරෙක යත්: මහණෙනි, මෙහි අරීසවු තෙමේ “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුනට ශාස්තෲහ බුද්ධයහ භගවත්හ”යි බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. මේ නොපිරිසිදු සතුන් පිරිසිදු කරනු පිණිස නොබබළන සතුන් බබළවනු පිණිස වූ දෙවියන්ගේ පළමුවන දෙව්පිය ය.
පුන චපරං භික්ඛවෙ, අරියසාවකො ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: ස්වාක්ඛාතො භගවතා ධම්මො -පෙ- පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහී”ති. ඉදං දුතියානං දෙවානං දෙවපදං අවිසුද්ධානං සත්තානං විසුද්ධියා අපරියොදාතානං පරියොදපනාය.
මහණෙනි, නැවත අනෙකක් ද කියමි: අරීසවු තෙමේ “ධර්මය භාග්‍යවතුන් වහන්සේ විසින් මනා කොට වදාරන ලද්දේ ය ... නුවණැත්තවුන් විසින් තමන් තමන් කෙරෙහි ලා දත යුත්තේ”යි දහම්හි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. මේ නොපිරිසිදු සතුන් පිරිසිදු කරනු පිණිස නොබබළන සතුන් බබළවනු පිණිස වූ දෙවියන්ගේ දෙවන දෙව්පිය ය.
පුන චපරං භික්ඛවෙ, අරියසාවකො සඞ්ඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: “සුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො -පෙ- අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සා”ති. ඉදං තතියං දෙවානං දෙවපදං අවිසුද්ධානං සත්තානං විසුද්ධියා අපරියොදාතං සත්තානං පරියොදපනාය.
මහණෙනි, නැවත අනෙකක් ද කියමි: අරීසවු තෙමේ “භාග්‍යවතුන් වහන්සේගේ සවුසඟහු සුපිළිපන්හ ... ලොවට අනුතුරු පින්කෙතැ”යි සඟුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. මේ නොපිරිසිදු සතුන් පිරිසිදු කරනු පිණිස නොබබළන සතුන් බබළවනු පිණිස වූ දෙවියන්ගේ තෙවන දෙව්පිය ය.
පුන චපරං භික්ඛවෙ, අරියසාවකො අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති අඛණ්ඩෙහි -පෙ- සමාධිසංවත්තනිකෙහි. ඉදං චතුත්ථං දෙවානං දෙවපදං අවිසුද්ධානං සත්තානං විසුද්ධියා අපරියොදාතානං සත්තානං පරියොදපනාය. ඉමානි ඛො භික්ඛවෙ, චත්තාරි දෙවානං දෙවපදානි අවිසුද්ධානං සත්තානං විසුද්ධියා අපරියොදාතානං සත්තානං පරියොදපනායාති.
මහණෙනි, නැවත අනෙකක් ද කියමි: අරීසවු තෙමේ අඛණ්ඩ වූ … සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්තශීලයෙන් යුතු වූයේ වෙයි. මේ නොපිරිසිදු සතුන් පිරිසිදු කරනු පිණිස නොබබළන සතුන් බබළවනු පිණිස වූ දෙවියන්ගේ සිවුවන දෙව්පිය ය. මහණෙනි, මේ සතර නොවිසුදු සතුන්ගේ විසිදු පිණිස නොදිලෙන සතුන් දුල්වනු පිණිස වූ දෙවියන්ගේ දෙව්පිය යි.