දුතියාභිසන්දසුත්තං
11. 4. 2.
11. 4. 2.
දුතියාභිසන්දසුත්තං
දුතියාභිසන්ද සූත්‍රය
3800. චත්තාරොමෙ භික්ඛවෙ, පුඤ්ඤාභිසන්දා කුසලාභිසන්දා සුඛස්සාහාරා. කතමෙ චත්තාරො: ඉධ භික්ඛවෙ, අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. අයං පඨමො පුඤ්ඤාභිසන්දො කුසලාභිසන්දො සුඛස්සාහාරො. පුන චපරං භික්ඛවෙ, අරියසාවකො ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- පුන චපරං භික්ඛවෙ, අරියසාවකො විගතමලමච්ඡෙරෙන චෙතසා අගාරං අජ්ඣාවසති මුත්තචාගො පයතපාණි වොස්සග්ගරතො යාචයොගො දානසංවිභාගරතො. අයං චතුත්ථො පුඤ්ඤාභිසන්දො කුසලාභිසන්දො සුඛස්සාහාරො. ඉමෙ ඛො භික්ඛවෙ, චත්තාරො පුඤ්ඤාභිසන්දා කුසලාභිසන්දා සුඛස්සාහාරාති.
3800. මහණෙනි, සැපයට ප්‍රත්‍යය වූ මේ පුණ්‍යනදීහු කුශලනදීහු සතරෙකි. කවර සතරෙක යත්: මහණෙනි, මෙහි අරීසවු තෙමේ “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ බුද්ධයහ භගවත්හ”යි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචලප්‍රසාදයෙන් සමන්වාගත වෙයි. මේ සැපයට ප්‍රත්‍යය වූ පළමුවන පුණ්‍යනදී ය, කුශලනදී ය. මහණෙනි, නැවත අනෙකක් ද කියමි: අරීසවු තෙමේ ධර්මය කෙරෙහි ... සඞ්ඝයා කෙරෙහි ... මහණෙනි, නැවත අනෙකක් ද කියමි: අරීසවු තෙමේ මුදන ලද ත්‍යාග ඇත්තේ (ත්‍යාගශීලී වූයේ) (ආවවුන්ට දීම පිණිස) දෝනා ලද අත් ඇත්තේ ත්‍යාගයෙහි ඇලුණේ යදිනු ලැබීමට සුදුසු වූයේ දීමෙහිත් බෙදා දීමෙහිත් ඇලුණේ පහ ව ගිය මසුරුමල ඇති සිතින් යුතු ව ගිහිගෙයි වෙසේ. මේ සැපයට ප්‍රත්‍යය වූ සිවුවන පුණ්‍යනදී ය, කුශලනදී ය. මහණෙනි, මේ සතර සැපයට ප්‍රත්‍යය වූ පුණ්‍යනදීහු කුශලනදීහු යි.
11. 4. 3.
11. 4. 3.
තතියාභිසන්දසුත්තං
තතියාභිසන්ද සූත්‍රය
3801. චත්තාරො’මෙ භික්ඛවෙ, පුඤ්ඤාභිසන්දා කුසලාභිසන්දා සුඛස්සාහාරා. කතමෙ චත්තාරො: ඉධ භික්ඛවෙ, අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. අයං පඨමො පුඤ්ඤාභිසන්දො කුසලාභිසන්දො සුඛස්සාහාරො. පුන චපරං භික්ඛවෙ, අරියසාවකො ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- පුන චපරං භික්ඛවෙ, අරියසාවකො පඤ්ඤවා හොති, උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතො අරියාය නිබ්බෙධිකාය සම්මාදුක්ඛක්ඛයගාමිනියා. අයං චතුත්ථො පුඤ්ඤාභිසන්දො කුසලාභිසන්දො සුඛස්සාහාරො. ඉමෙ ඛො භික්ඛවෙ, චත්තාරො පුඤ්ඤාභිසන්දා කුසලාභිසන්දා සුඛස්සාහාරාති.
3801. මහණෙනි, සැපයට ප්‍රත්‍යය වූ මේ පුණ්‍යගඞ්ගා කුශලගඞ්ගා සතරෙකි. කවර සතරෙක යත්: මහණෙනි, මෙහි අරීසවු තෙමේ “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ බුද්ධයහ භගවත්හ”යි බුදුන් කෙරෙහි අචලප්‍රසාදයෙන් සමන්වාගත වෙයි. මේ සැපයට ප්‍රත්‍යය වූ පළමුවන පින්ගඟ ය, කුසල්ගඟ ය. මහණෙනි, නැවත අනෙකක් ද කියමි: අරීසවු තෙමේ ධර්මය කෙරෙහි ... සඞ්ඝයා කෙරෙහි ... මහණෙනි, නැවත අනෙකක් ද කියමි: අරීසවු තෙමේ නුවණැත්තේ වෙයි. උදයව්‍යය පිරිසිඳ දැනීමට සමත් වූ ආර්‍ය්‍ය වූ නිර්වේදයට හිත වූ මැනවින් දුක් ගෙවීමට පමුණුවන ප්‍රඥායෙන් සමන්වාගත වෙයි. මේ සැපයට ප්‍රත්‍යය වූ සිවුවන පින්ගඟ ය, කුසල්ගඟ ය. මහණෙනි, මේ සතර සැපයට ප්‍රත්‍යය වූ පුණ්‍යගඞ්ගාවෝ කුශලගඞ්ගාවෝ යි.