යෙදුමෙන් කියවන්න

අභිසන්‍දසුත‍්තං

11. 4. 1.

11. 4. 1.

අභිසන්‍දසුත‍්තං

අභිසන්‍ද සූත්‍රය

3799. සාවත්‍ථියං:

3799. සැවැත්නුවර:

චත‍්තාරො’මෙ භික‍්ඛවෙ, පුඤ‍්ඤාභිසන්‍දා කුසලාභිසන්‍දා සුඛස‍්සාහාරා. කතමෙ චත‍්තාරො: ඉධ භික‍්ඛවෙ, අරියසාවකො බුද‍්ධෙ අවෙච‍්චප‍්පසාදෙන සමන‍්නාගතො හොති: “ඉතිපි සො භගවා -පෙ- සත්‍ථා දෙවමනුස‍්සානං බුද‍්ධො භගවා”ති. අයං පඨමො පුඤ‍්ඤාභිසන්‍දො කුසලාභිසන්‍දො සුඛස‍්සාහාරො. පුන චපරං භික‍්ඛවෙ, අරියසාවකො ධම‍්මෙ අවෙච‍්චප‍්පසාදෙන සමන‍්නාගතො හොති: “ස‍්වාක‍්ඛාතො භගවතා ධම‍්මො -පෙ- පච‍්චත‍්තං වෙදිතබ‍්බො විඤ‍්ඤූහී”ති. අයං දුතියො පුඤ‍්ඤාභිසන්‍දො කුසලාභිසන්‍දො සුඛස‍්සාහාරො. පුන චපරං භික‍්ඛවෙ, අරියසාවකො සඞ‍්ඝෙ අවෙච‍්චප‍්පසාදෙන සමන‍්නාගතො හොති: “සුපටිපන‍්නො භගවතො සාවකසඞ‍්ඝො -පෙ- අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලොකස‍්සා”ති. අයං තතියො පුඤ‍්ඤාභිසන්‍දො කුසලාභිසන්‍දො සුඛස‍්සාහාරො. පුන චපරං භික‍්ඛවෙ, අරියසාවකො “අරියකන‍්තෙහි සීලෙහි සමන‍්නාගතො හොති අඛණ‍්ඩෙහි -පෙ- සමාධිසංවත‍්තනිකෙහි”. අයං චතුත්‍ථො පුඤ‍්ඤාභිසන්‍දො කුසලාභිසන්‍දො සුඛස‍්සාහාරො. ඉමෙ ඛො භික‍්ඛවෙ, චත‍්තාරො පුඤ‍්ඤාභිසන්‍දා කුසලාභිසන්‍දා සුඛස‍්සාහාරාති.

මහණෙනි, සැපයට ප්‍රත්‍යය වූ මේ පුණ්‍යනදීහු කුශලනදීහු සතරෙකි. කවර සතරෙක යත්: මහණෙනි, මෙහි අරීසවු තෙමේ “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ බුද්ධයහ භගවත්හ”යි බුදුන් කෙරෙහි අචලප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි. මේ සැපයට ප්‍රත්‍යය වූ පළමුවන පුණ්‍යනදී ය, කුශලනදී ය. මහණෙනි, නැවත අනෙකක් ද කියමි: අරීසවු තෙමේ “ධර්‍මය භාග්‍යවතුන් වහන්සේ විසින් ස්වාඛ්‍යාත ය ... විඥයන් විසින් තමන් තමන් කෙරෙහි ලා දතයුතු ය”යි ධර්‍මය කෙරෙහි අචල ප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි. මේ සැපයට ප්‍රත්‍යය වූ දෙවන පුණ්‍යනදී ය, කුශලනදී ය. මහණෙනි, නැවත අනෙකක් ද කියමි: “අරීසවු තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඞ්ඝයා සුප්‍රතිපන්න ය ... ලෝකයාට අනුත්තරපුණ්‍යක්‍ෂේත්‍ර ය”යි සඞ්ඝයා කෙරෙහි අචලප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි. මේ සැපයට ප්‍රත්‍යය වූ තෙවන පුණ්‍යනදී ය, කුශලනදී ය. මහණෙනි, නැවත අනෙකක් ද කියමි: “අරීසවු තෙමේ “අඛණ්ඩ වූ ... සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් සමන්‍වාගත වෙයි.” මේ සැපයට ප්‍රත්‍යය වූ සිවුවන පුණ්‍යනදී ය, කුශලනදී ය. මහණෙනි, මේ සතර සැපයට ප්‍රත්‍යය වූ පුණ්‍යනදීහු කුශලනදීහු යි.