යෙදුමෙන් කියවන්න

නන්‍දකසුත‍්තං

11. 3. 10.

11. 3. 10.

නන්‍දකසුත‍්තං

නන්‍දක සූත්‍රය

3798. එකං සමයං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. අථ ඛො නන්‍දකො ලිච‍්ඡවිමහාමත‍්තො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නං ඛො නන්‍දකං ලිච‍්ඡවිමහාමත‍්තං භගවා එතදවොච: චතූහි ඛො නන්‍දක, ධම‍්මෙහි සමන‍්නාගතො අරියසාවකො සොතාපන‍්නො හොති අවිනිපාතධම‍්මො නියතො සම‍්බොධිපරායණො. කතමෙහි චතූහි: ඉධ නන්‍දක, අරියසාවකො බුද‍්ධෙ අවෙච‍්චප‍්පසාදෙන සමන‍්නාගතො හොති: “ඉතිපි සො භගවා -පෙ- සත්‍ථා දෙවමනුස‍්සානං බුද‍්ධො භගවා”ති. ධම‍්මෙ -පෙ- සඞ‍්ඝෙ -පෙ- අරියකන‍්තෙහි සීලෙහි සමන‍්නාගතො හොති අඛණ‍්ඩෙහි -පෙ- සමාධිසංවත‍්තනිකෙහි. ඉමෙහි ඛො නන්‍දක, චතූහි ධම‍්මෙහි සමන‍්නාගතො අරියසාවකො සොතාපන‍්නො හොති අවිනිපාතධම‍්මො නියතො සම‍්බොධිපරායණො.

3798. එක්සමයෙක භාග්‍යවතුන් වහන්සේ විසල්පුර මහවෙනෙහි කුළුගේහල්හි වැඩ වසනසේක. එකල්හි නන්‍දක නම් ලිච්ඡවි මහාමාත්‍රයෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් නන්‍දක නම් ලිච්ඡවි මහාමාත්‍රයන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. නන්‍දක, සිවු දහමෙකින් යුතු අරීසවු තෙමේ විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වේ. කවර සිවු දහමෙකින යත්: නන්‍දක, මෙහි අරීසවු තෙමේ “භාග්‍යවතුන් වහන්සේ මෙකරැණෙනුදු ... දෙවි මිනිසුන්ට ශාස්තෲහ බුද්ධයහ භගවත්හ”යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි. ධර්‍මය කෙරෙහි ... සඞ්ඝයා කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් සමන්‍වාගත වෙයි. නන්‍දක, මේ සිවුදහමින් යුතු අරීසවු තෙමේ විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වේ.

ඉමෙහි ච පන නන්‍දක, චතූහි ධම‍්මෙහි සමන‍්නාගතො අරියසාවකො ආයුනා සංයුත‍්තො හොති දිබ‍්බෙනපි මානුසෙනපි. වණ‍්ණෙන -පෙ- සුඛෙන -පෙ- යසෙන -පෙ- ආධිපතෙය්‍යෙන සංයුත‍්තො හොති දිබ‍්බෙනපි මානුසෙනපි. තං ඛො පනාහං නන්‍දක, නාඤ‍්ඤස‍්ස සමණස‍්ස වා බ්‍රාහ‍්මණස‍්ස වා සුත්‍වා වදාමි. අපි ච යදෙව මයා සාමං ඤාතං සාමං දිට‍්ඨං සාමං විදිතං, තදෙවාහං වදාමීති. එවං වුත‍්තෙ අඤ‍්ඤතරො පුරිසො නන්‍දකං ලිච‍්ඡවිමහාමත‍්තං එතදවොච: “නහානකාලො භන‍්තෙ”ති. “අලන්‍දානි භණෙ, එතෙන බාහිරෙන නහානෙන. අලමිදං අජ‍්ඣත‍්තං නහානං. භවිස‍්සති යදිදං භගවතිප‍්පසාදො”ති.

නන්‍දක, මේ සිවු දහමින් යුතු අරීසවු තෙමේ දෙව්මුවා වූත් මිනිස්මුවා වූත් ආයුෂයෙන් යුතු වූයේ වෙයි. වර්‍ණයෙන් ... සුවයෙන් ... යසසින් ... දෙව්මුවා වූත් මිනිස්මුවා වූත් අධිපති බැවින් යුතු වූයේ වෙයි. නන්‍දක, මම එය අන් මහණකුගෙන් හෝ බමුණකුගෙන් හෝ අසා නො කියමි. වැලිදු යමක් මවිසින් තමා ම දන්නා ලද්දේ තමා ම දක්නා ලද්දේ තමා ම අවබෝධ කරන ලද්දේ නම් එය ම මම කියමි යි. මෙසේ වදාළ කල්හි එක්තරා පුරුෂයෙක් නන්‍දක නම් ලිච්ඡවි මහාමාත්‍රයන්ට හිමියනි, “නහන කලැ”යි මෙය කී ය. “කොල, දැන් මේ බාහිර නෑමෙන් කම් නැත. භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි යම් ඒ පැහැදීමෙක් වේ නම් මේ ඇතුළත නෑම පමණ වන්නේ” යි.

සරකානිවග‍්ගො තතියො.

තෙවෙනි සරකානිවර්‍ග යි.

තත්‍රුද‍්දානං:

එහි සූත්‍ර නාමාවලිය:

මහානාමා තයො වුත‍්තා සරකානෙනපරෙ දුවෙ, තයො ‘නාථපිණ‍්ඩිකෙන භික‍්ඛු ච නන්‍දෙකා දසාති.

මහානාම නමින් තුනෙක් ද, සරකානි නමින් අනෙක් දෙකෙක් ද, අනාථපිණ්ඩික නමින් තුනෙක් ද, භික්ඛු නන්‍දක යී දෙකෙක් දැ යි දශසූත්‍ර කෙනෙක් කියන ලදහ.