යෙදුමෙන් කියවන්න

භික‍්ඛුසුත‍්තං

11. 3. 9.

11. 3. 9.

භික‍්ඛුසුත‍්තං

භික්ඛු සූත්‍රය

3797. අථ ඛො සම‍්බහුලා භික‍්ඛු යෙන භගවා තෙනුපසඞ‍්කමිංසු. -පෙ- එකමන‍්තං නිසීදිංසු. එකමන‍්තං නිසින‍්නා ඛො තෙ භික‍්ඛු භගවා එතදවොච: යතො ඛො භික‍්ඛවෙ, අරියසාවකස‍්ස ඉමානි පඤ‍්ච භයානි වෙරානි වූපසන‍්තානි හොන‍්ති, ඉමෙහි චතූහි සොතාපත‍්තියඞ‍්ගෙහි සමන‍්නාගතො හොති, අයමස‍්ස අරියො ඤායො පඤ‍්ඤාය සුදිට‍්ඨො හොති සුප‍්පටිවිද‍්ධො. සො ආකඞ‍්ඛමානො අත‍්තනාව අත‍්තානං ව්‍යාකරෙය්‍ය: “ඛීණනිරයොම‍්හි ඛීණතිරච‍්ඡානයොනියො ඛීණපෙත‍්තිවිසයො ඛීණාපායාදුග‍්ගතිවිනිපාතො, සොතාපන‍්නොහමස‍්මි අවිනිපාතධම‍්මො නියතො සම‍්බොධිපරායණො”ති.

3797. එකල්හි බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ ... එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ඒ භික්‍ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මහණෙනි, යම් කලෙක අරීසවුහුගේ මේ පස්බිය වෙර සන්හුන්නාහු වෙද් ද, මේ සිවුසෝවන් අඟින් යුතු වූයේ වේ ද, මේ අරීනය ඔහු විසින් නුවණින් මනා කොට දක්නා ලද්දේ මැනවින් පිළිවිඳුනා ලද්දේ වේ ද, හෙතෙමේ කැමති වනුයේ “ක්‍ෂය වූ නිරය ඇතියෙම් ක්‍ෂය වූ තිරිසන් යොන් ඇතියෙම් ක්‍ෂය වූ ප්‍රේතවිෂය ඇතියෙම් ක්‍ෂය වූ අපායදුර්‍ගතිවිනිපාත ඇතියෙම් වෙමි. මම විවස ව නො හෙන සුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වෙමි” යි තෙමේ ම තමා පවසන්නේ යි.