තතිය අනාථපිණ්ඩිකසුත්තං
11. 3. 8.
11. 3. 8.
තතිය අනාථපිණ්ඩිකසුත්තං
තතිය අනාථපිණ්ඩික සූත්‍රය
3796. අථ ඛො අනාථපිණ්ඩිකො ගහපති යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො අනාථපිණ්ඩිකං ගහපතිං භගවා එතදවොච: යතො ච ඛො ගහපති, අරියසාවකස්ස පඤ්ච භයානි වෙරානි වූපසන්තානි හොන්ති, චතූහි ච සොතාපත්තියඞ්ගෙහි සමන්නාගතො හොති, අරියො චස්ස ඤායො පඤ්ඤාය සුදිට්ඨො හොති සුප්පටිවිද්ධො, සො ආකඞ්ඛමානො අත්තනාව අත්තානං ව්යාකරෙය්ය: “ඛීණනිරයොම්හි ඛීණතිරච්ඡානයොනියො ඛීණපෙත්තිවිසයො ඛීණාපායදුග්ගතිවිනිපාතො, සොතාපන්නො‘හමස්මි අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො”. කතමානි පඤ්ච භයානි වෙරානි වූපසන්තානි හොන්ති:
3796. එකල්හි අනේපිඬු ගැහැවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් අනේපිඬුගැහැවිහට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: ගැහැවි, යම් කලෙක අරීසවුහුගේ පස්බිය වෙර සන්හුන්නාහු වෙද්ද, සිවු සෝවන් අඟිනුත් යුතු වූයේ වේ ද, අරී නයත් ඔහු විසින් නුවණින් මනාකොට දක්නා ලද්දේ මැනවින් පිළිවිදුනා ලද්දේ වේ ද, හෙතෙමේ කැමති වන්නේ “ක්ෂය වූ නිරය ඇත්තෙම් ක්ෂය වූ තිරිසන් යොන් ඇත්තෙම් ක්ෂය වූ ප්‍රේතවිෂය ඇත්තෙම් ක්ෂය වූ අපායදුර්ගතිවිනිපාත ඇත්තෙම් වෙමි. මම විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වෙමි” යි තෙමේ ම තමා පවසන්නේ ය. කවර පස් බිය වෙර සන්හුන්නාහු ද යත්:
යං ගහපති, පාණාතිපාතී පාණාතිපාතප්පච්චයා දිට්ඨධම්මිකම්පි භයං වෙරං පසවති, සම්පරායිකම්පි භයං වෙරං පසවති, චෙතසිකම්පි දුක්ඛං දොමනස්සං පටිසංවෙදියති. පාණාතිපාතා පටිවිරතස්ස එතං භයං වෙරං වූපසන්තං හොති. යං ගහපති, අදින්නාදායී අදින්නාදානපච්චයා -පෙ- යං ගහපති, කාමෙසුමිච්ඡාචාරී කාමෙසුමිච්ඡාචාරපච්චයා -පෙ- යං ගහපති, මුසාවාදී මුසාවාදපච්චයා -පෙ- යං ගහපති, සුරාමෙරයමජ්ජපමාදට්ඨායී සුරාමෙරයමජ්ජපමාදට්ඨානප්පච්චයා දිට්ඨධම්මිකම්පි භයං වෙරං පසවති, සම්පරායිකම්පි භයං වෙරං පසවති, චෙතසිකම්පි දුක්ඛං දොමනස්සං පටිසංවෙදියති. සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතස්ස එතං භයං වෙරං වූපසන්තං හොති. ඉමානි පඤ්ච භයානි වෙරානි වූපසන්තානි හොන්ති.
ගැහැවි පණිවා කරනසුල්ලෙක් පණිවාපසයෙන් දිටුදැමි යෙහිත් යම් බියක් වෙරක් රැස් කෙරේ ද, පරලොවත් යම් බියක් වෙරක් රැස් කෙරේ ද, සිත පිළිබඳ වූත් දුකක් දොම්නසක් විඳී ද, පණිවායෙන් වැළකුණහුට මේ බයවෙර සන්හුන්නේ වේ. ගැහැවි, නුදුන් දෑ ගන්නාසුල්ලෙක් අයිනාදන් පසයෙන් යම් ... ගැහැවි, කාමයෙහි මිසහසර ඇත්තෙක් කාමයෙහි මිසහසරපසයෙන් යම් ... ගැහැවි, මුසා බණන්නෙක් මුසවාපසයෙන් යම් ... ගැහැවි පමාවට කරුණු වූ රහමෙර මත්පැන් බොනසුල්ලෙක් පමාවට කරුණු වූ රහමෙර මත්පැන් පසයෙන් දිටුදැමියෙහිත් යම් බියක් වෙරක් රැස් කෙරේ ද, පරලොවත් යම් බියක් වෙරක් රැස් කෙරේ ද, සිත පිළිබඳ වූත් දුකක් දොම්නසක් විඳී ද, පමාට කරුණු වූ රහමෙර මත්පැන් පානයෙන් වැළකුණහුට මේ බය වෙර සන්හුන්නේ වේ. මේ පස් බිය වෙර සන්හුන්නේ වේ.
කතමෙහි චතූහි සොතාපත්තියඞ්ගෙහි සමන්නාගතො හොති: ඉධ ගහපති, අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති අඛණ්ඩෙහි -පෙ- සමාධිසංවත්තනිකෙහි. ඉමෙහි චතූහි සොතාපත්තියඞ්ගෙහි සමන්නාගතො හොති.
කවර සිවු සෝවන් අඟින් යුතු වූයේ ද යත්: ගැහැවි, මෙහි අරීසවු තෙමේ “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණෙනු දු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ බුද්ධයහ භගවත්හ” යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. ධර්මය කෙරෙහි ... සඞ්ඝයා කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්තශීලයෙන් යුතු වූයේ වෙයි. මේ සිවුසෝවන් අඟින් යුතු වූයේ වෙයි.
කතමො චස්ස අරියො ඤායො පඤ්ඤාය සුදිට්ඨො හොති සුප්පටිවිද්ධො? ඉධ ගහපති, අරියසාවකො පටිච්චසමුප්පාදං යෙව සාධුකං යොනිසො මනසිකරොති: “ඉති ඉමස්මිං සති ඉදං හොති, ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති, ඉති ඉමස්මිං අසති ඉදං න හොති, ඉමස්ස නිරොධා ඉදං නිරුජ්ඣති, යදිදං අවිජ්ජාපච්චයා සඞ්ඛාරා, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයා නාමරූපං නාමරූපපච්චයා සළායතනං, සළායතනපච්චයා ඵස්සො, ඵස්සපච්චයා වෙදනා, වෙදනා පච්චයා තණ්හා, තණ්හාපච්චයා උපාදානං, උපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං සොක පරිදෙව දුක්ඛ දොමනස්සුපායාසා සම්භවන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති. අවිජ්ජායත්වෙව අසෙසවිරාගනිරොධා සඞ්ඛාරනිරොධො, සඞ්ඛාරනිරොධා විඤ්ඤාණනිරොධො, -පෙ- සොකපරිදෙව දුක්ඛදොමනස්සුපායාසා නිරුජ්ඣන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොතී”ති. අයමස්ස අරියො ඤායො පඤ්ඤාය සුදිට්ඨො හොති සුප්පටිවිද්ධො.
කවර අරීනයෙක් ඔහු විසින් නුවණින් මනා කොට දක්නා ලද්දේ මැනවින් පිළිවිදුනා ලද්දේ වේ ද යත්: ගැහැවි, මෙහි අරීසවු තෙමේ “අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති. සංස්කාරප්‍රත්‍යයයෙන්, විඥානය වේ. විඥානප්‍රත්‍යයයෙන් නාමරූප වේ. නාමරූපප්‍රත්‍යයයෙන් ෂඩායතන වේ. ෂඩායතනප්‍රත්‍යයයෙන් ස්පර්ශය වේ. ස්පර්ශප්රත්යයයෙන් වේදනාවෝ වෙති. වේදනා ප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ. තෘෂ්ණාප්‍රත්‍යයයෙන් උපාදාන වේ. උපාදානප්‍රත්‍යයයෙන් භවය වේ. භවප්‍රත්‍යයයෙන් ජාතිය වේ. ජාතිප්‍රත්‍යයයෙන් ජරා මරණ ශෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාසයෝ හටගනිත්. මෙසේ මේ හුදු දුක්රැසේ හටගැනීම වේ. අවිද්‍යාවේ ම නිරවශේෂවිරාගනිරෝධයෙන් සංස්කාරනිරෝධය වේ. සංස්කාරනිරෝධයෙන් විඥානනිරෝධය වේ ... සෝකපරිදේවදුක්ඛදෝමනස්ස උපායාසයෝ නිරුද්ධ වෙත්. “මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ” යි යම් මේ පිළිසමුපාදහමෙක් වේ නම් “මෙසේ මෙය ඇති කල්හි මෙය වේ. මෙය ඉපදීමෙන් මෙය උපදී. මෙසේ මෙය නැති කල්හි මෙය නො වේ. මෙය නිරුද්ධ වීමෙන් මෙය නිරුද්ධ වේ” යි පිළිසමුපා ම මැනවින් නුවණින් මෙනෙහි කෙරෙයි. මේ අරීනය ඔහු විසින් නුවණින් මනා කොට දක්නා ලද්දේ මැනවින් පිළිවිදුනා ලද්දේ වෙයි.
යතො ඛො ගහපති, අරියසාවකස්ස ඉමානි පඤ්ච භයානි වෙරානි වූපසන්තානි හොන්ති, ඉමෙහි චතූහි සොතාපත්තියඞ්ගෙහි සමන්නාගතො හොති, අයමස්ස අරියො ඤායො පඤ්ඤාය සුදිට්ඨො හොති සුප්පටිවිද්ධො. සො ආකඞ්ඛමානො අත්තනාව අත්තානං ව්යාකරෙය්ය: “ඛීණනිරයොම්හි ඛීණතිරච්ඡානයොනියො ඛීණපෙත්තිවිසයො ඛීණාපායදුග්ගතිවිනිපාතො, සොතාපන්නොහමස්මි අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො”ති.
ගැහැවි, යම් කලෙක අරීසවුහුගේ මේ පස්බිය වෙර සන්හුන්නාහු වෙද්ද, මේ සිවුසෝවන් අඟින් යුතු වූයේ වේ ද මේ අරීනය ඔහු විසින් නුවණින් මනා කොට දක්නා ලද්දේ මැනවින් පිළිවිදුනා ලද්දේ වේ ද, හෙතෙමේ කැමති වන්නේ “ක්ෂය වූ නිරය ඇත්තෙම් ක්ෂය වූ තිරිසන් යොන් ඇත්තෙම් ක්ෂය වූ ප්‍රේතවිෂය ඇත්තෙම් ක්ෂය වූ අපායදුර්ගතිවිනිපාත ඇත්තෙම් වෙමි: “මම විවස ව නොහෙන සුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වෙමි” යි තෙමේ ම තමා පවසන්නේ යි.