යෙදුමෙන් කියවන්න

දුතිය අනාථපිණ‍්ඩික සුත‍්තං

11. 3. 7.

11. 3. 7.

දුතිය අනාථපිණ‍්ඩික සුත‍්තං

දුතිය අනාථපිණ්ඩික සූත්‍රය

3795. තෙන ඛො පන සමයෙන අනාථපිණ‍්ඩිකො ගහපති ආබාධිකො හොති දුක‍්ඛිතො බාළ‍්හගිලානො. අථ ඛො අනාථපිණ‍්ඩිකො ගහපති අඤ‍්ඤතරං පුරිසං ආමන‍්තෙසි: එහි ත්‍වං අම‍්භො පුරිස, යෙනායස‍්මා ආනන්‍දො තෙනුපසඞ‍්කම. උපසඞ‍්කමිත්‍වා මම වචනෙන ආයස‍්මතො ආනන්‍දස‍්ස පාදෙ සිරසා වන්‍ද -පෙ- තෙනුපසඞ‍්කමතු අනුකම‍්පං උපාදායාති. අධිවාසෙසි ඛො ආයස‍්මා ආනන්‍දො තුණ‍්හීභාවෙන.

3795. එසමයෙහි අනේපිඬු ගැහැවි තෙමේ හටගත් ආබාධ ඇත්තේ දුකට පැමිණියේ දැඩිසේ ගිලන් වූයේ වේ. එකල්හි අනේපිඬු ගැහැවි එක්තරා පුරුෂයකු ඇමතී ය: “එම්බා පුරුෂය, එව තෙපි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් වෙත එළඹෙවු. එළඹ මා වදනින් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ගේ පා හිසින් වඳිවු ... අනුකම්පා පිණිස එහි එළඹෙන සේක්වා” යි. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ මුවින් නො බැණ ඉවසූහ.

අථ ඛො ආයස‍්මා ආනන්‍දො පුබ‍්බන‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය යෙන අනාථපිණ‍්ඩිකස‍්ස ගහපතිස‍්ස නිවෙසනං තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා පඤ‍්ඤත‍්තෙ ආසනෙ නිසීදි. නිසජ‍්ජ ඛො ආයස‍්මා ආනන්‍දො අනාථපිණ‍්ඩිකං ගහපතිං එතදවොච: “කච‍්චි තෙ ගහපති, ඛමනීයං, කච‍්චි යාපනීයං, කච‍්චි දුක‍්ඛා වෙදනා පටික‍්කමන‍්ති, නො අභික‍්කමන‍්ති, පටික‍්කමොසානං පඤ‍්ඤායති, නො අභික‍්කමො”ති? න මෙ භන‍්තෙ, ඛමනීයං න යාපනීයං. බාළ‍්හා මෙ දුක‍්ඛා වෙදනා අභික‍්කමන‍්ති, නො පටික‍්කමන‍්ති. අභික‍්කමොසානං පඤ‍්ඤායති, නො පටික‍්කමොති.

ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙන අනේපිඬුගැහැවිහුගේ නිවෙස්න වෙත එළඹියහ. එළඹ පැනවූ අස්නෙහි වැඩහුන්හ. වැඩහිඳ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ අනේපිඬු ගැහැවිහට මෙය වදාළහ. ගැහැවි, කිම තොපට ඉවසිය හැකි ද? කිම යැපිය හැකි ද? කිම දුක් වේදනාවෝ අඩු වෙද්ද? වැඩි නො වෙද්ද? ඔවුන්ගේ අඩු වීම පැනේ ද? වැඩි වීමෙක් නො පෙනේ දැ යි? වහන්ස, මට නොඉවසිය හැකි ය. නො යැපිය හැකි ය, මාගේ දැඩි දුක් වේදනාවෝ වැඩි වෙත්, අඩු නො වෙත්. ඔවුන්ගේ වැඩි වීම පැනේ. අඩුවීමෙක් නො පැනේ යි.

චතූහි ඛො ගහපති, ධම‍්මෙහි සමන‍්නාගතස‍්ස අස‍්සුතවතො පුථුජ‍්ජනස‍්ස හොති උත‍්තාසො හොති ඡම‍්භිතත‍්තං, හොති සම‍්පරායිකං මරණභයං. කතමෙහි චතූහි? ඉධ ගහපති, අස‍්සුතවා පුථුජ‍්ජනො බුද‍්ධෙ අප‍්පසාදෙන සමන‍්නාගතො හොති. තඤ‍්ච පනස‍්ස බුද‍්ධෙ අප‍්පසාදං අත‍්තනි සමනුපස‍්සතො හොති උත‍්තාසො, හොති ඡම‍්භිතත‍්තං, හොති සම‍්පරායිකං මරණභයං.

ගැහැවිය, සිවුදහමෙකින් යුතු නූගත් පුහුදුන්හට තැතිගැන්මෙක් වෙයි. බියෙන් සැලීමෙක් වෙයි. පරලොවට හේතු වූ මරණ බියෙක් වෙයි. කවර සිවුදහමෙකින් ද යත්: ගැහැවි, මෙහි නූගත් පුහුදුන් තෙමේ බුදුරජානණන් වහන්සේ කෙරෙහි නො පැහැදීමෙන් යුතු වූයේ වෙයි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි වූ ඒ නොපැහැදීමත් තමා කෙරෙහි ලා දක්නා වූ ඔහුට තැතිගැන්මෙක් වෙයි. බියෙන් සැලීමෙක් වෙයි. පරලොවට හේතු වූ මරණ බියෙක් වෙයි.

පුන චපරං ගහපති, අස‍්සුතවා පුථුජ‍්ජනො ධම‍්මෙ අප‍්පසාදෙන සමන‍්නාගතො හොති. තඤ‍්ච පනස‍්ස ධම‍්මෙ අප‍්පසාදං අත‍්තනි සමනුපස‍්සතො හොති උත‍්තාසො, හොති ඡම‍්භිතත‍්තං, හොති සම‍්පරායිකං මරණභයං.

ගැහැවි, නැවත අනෙකක් ද කියමි: නූගත් පුහුදුන් තෙමේ දහම්හි නොපැහැදීමෙන් යුතු වූයේ වෙයි. දහම්හි වූ ඒ නො පැහැදීමත් තමා කෙරෙහි ලා දක්නා ඔහුට තැතිගැන්මෙක් වෙයි. බියෙන් සැලීමෙක් වෙයි. පරලොවට හේතු වූ මරණ බියෙක් වෙයි.

පුන චපරං ගහපති, අස‍්සුතවා පුථුජ‍්ජනො සඞ‍්ඝෙ අප‍්පසාදෙන සමන‍්නාගතො හොති. තඤ‍්ච පනස‍්ස සඞ‍්ඝෙ අප‍්පසාදං අත‍්තනි සමනුපස‍්සතො හොති උත‍්තාසො, හොති ඡම‍්භිතත‍්තං, හොති සම‍්පරායිකං මරණභයං.

ගැහැවි, නැවත අනෙකක් ද කියමි: නූගත් පුහුදුන් තෙමේ සඟුන් කෙරෙහි නොපැහැදීමෙන් යුතු වූයේ වෙයි. සඟුන් කෙරෙහි ඒ නොපැහැදීමත් තමා කෙරෙහි ලා දක්නා ඔහුට තැතිගැන්මෙක් වෙයි. බියෙන් සැලීමෙක් වෙයි පරලොවට හේතු වූ මරණබියෙක් වෙයි.

පුන චපරං ගහපති, අස‍්සුතවා පුථුජ‍්ජනො දුස‍්සීල්‍යෙන සමන‍්නාගතො හොති. තඤ‍්ච පනස‍්ස දුස‍්සීල්‍යං අත‍්තනි සමනුපස‍්සතො හොති උත‍්තාසො, හොති ඡම‍්භිතත‍්තං, හොති සම‍්පරායිකං මරණභයං. ඉමෙහි ඛො ගහපති, චතූහි ධම‍්මෙහි සමන‍්නාගතස‍්ස අස‍්සුතවතො පුථුජ‍්ජනස‍්ස හොති උත‍්තාසො, හොති ඡම‍්භිතත‍්තං, හොති සම‍්පරායිකං මරණභයං.

ගැහැවි, නැවත අනෙකක් ද කියමි: නූගත් පුහුදුන් තෙමේ දුසිල් බැවින් යුතු වූයේ වෙයි. ඒ දුසිල් බවත්, තමා කෙරෙහි ලා දක්නා ඔහුට තැතිගැන්මෙක් වෙයි. බියෙන් සැලීමෙක් වෙයි. පරලොවට හේතු වූ මරණබියෙක් වෙයි ගැහැවි, මේ සිවුදහමින් යුතු නූගත් පුහුදුන්හට තැතිගැන්මෙක් වෙයි. බියෙන් සැලීමෙක් වෙයි. පරලොවට හේතු වූ මරණබියෙක් වෙයි.

චතූහි ඛො ගහපති, ධම‍්මෙහි සමන‍්නාගතස‍්ස සුතවතො අරියසාවකස‍්ස න හොති උත‍්තාසො, න හොති ඡම‍්භිතත‍්තං, න හොති සම‍්පරායිකං මරණභයං. කතමෙහි චතූහි? ඉධ ගහපති, සුතවා අරියසාවකො බුද‍්ධෙ අවෙච‍්චප‍්පසාදෙන සමන‍්නාගතො හොති: “ඉතිපි සො භගවා -පෙ- සත්‍ථා දෙවමනුස‍්සානං බුද‍්ධො භගවා”ති. තඤ‍්ච පනස‍්ස බුද‍්ධෙ අවෙච‍්චප‍්පසාදං අත‍්තනි සමනුපස‍්සතො න හොති උත‍්තාසො, න හොති ඡම‍්භිතත‍්තං, න හොති සම‍්පරායිකං මරණභයං.

ගැහැවි, සිවුදහමෙකින් යුතු උගත් අරීසවුහට තැතිගැන්මෙක් නො වේ. බියෙන් සැලීමෙක් නො වේ. පරලොවට හේතු වූ මරණබියෙක් නො වේ. කවර සිවුදහමෙකින යත්: ගැහැවි, මෙහි උගත් අරීසවු තෙමේ “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනු දු ... දෙවිමිනිසුනට ශාස්තෲහ බුද්ධයහ භගවත්හ”යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඒ ගුණ දැන පැහැදීමක් තමා කෙරෙහි ලා දක්නා ඔහුට තැතිගැන්මෙක් නො වේ. බියෙන් සැලීමෙක් නො වේ. පරලොවට හේතු වූ මරණබියෙක් නො වේ.

පුන චපරං ගහපති, සුතවා අරියසාවකො ධම‍්මෙ -පෙ- සඞ‍්ඝෙ -පෙ- අරියකන‍්තෙහි සීලෙහි සමන‍්නාගතො හොති අඛණ‍්ඩෙහි -පෙ- සමාධිසංවත‍්තනිකෙහි. තානි ච පනස‍්ස අරියකන‍්තානි සීලානි අත‍්තනි සමනුපස‍්සතො න හොති උත‍්තාසො, න හොති ඡම‍්භිතත‍්තං, න හොති සම‍්පරායිකං මරණභයං. ඉමෙහි ඛො ගහපති, චතූහි ධම‍්මෙහි සමන‍්නාගතස‍්ස සුතවතො අරියසාවකස‍්ස න හොති උත‍්තාසො, න හොති ඡම‍්භිතත‍්තං, න හොති සම‍්පරායිකං මරණභයන‍්ති.

ගැහැවි, නැවත අනෙකක් ද කියමි: උගත් අරීසවු තෙමේ දහම් කෙරෙහි ... සඟුන් කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිය පිණිස පවත්නා වූ ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් යුතු වූයේ වෙයි. ඒ ආර්‍ය්‍යකාන්ත සිලුත් තමා කෙරෙහි ලා දක්නා ඔහුට තැතිගැන්මෙක් නො වේ. බියෙන් සැලීමෙක් නො වේ. පරලොවට හේතු වූ මරණබියෙක් නො වේ. ගැහැවි, මේ සිවු දහමින් යුතු උගත් අරීසවුහට තැතිගැන්මෙක් නො වේ. බියෙන් සැලීමෙක් නො වේ. පරලොවට හේතු වූ මරණබියෙක් නො වේ.

නාහං භන‍්තෙ, ආනන්‍ද, භායාමි. ක්‍යාහං භායිස‍්සාමි. අහං හි භන‍්තෙ, බුද‍්ධෙ අවෙච‍්චප‍්පසාදෙන සමන‍්නාගතො: “ඉතිපි සො භගවා -පෙ- සත්‍ථා දෙවමනුස‍්සානං බුද‍්ධො භගවා”ති. ධම‍්මෙ -පෙ- සඞ‍්ඝෙ -පෙ- යානිමානි භන‍්තෙ, භගවතා ගිහිසාමීචිකානි සික‍්ඛාපදානි පඤ‍්ඤත‍්තානි, නාහං තෙසං කිඤ‍්චි අත‍්තනි ඛණ‍්ඩං සමනුපස‍්සාමීති. ලාභා තෙ ගහපති, සුලද‍්ධං තෙ ගහපති, සොතාපත‍්තිඵලං ගහපති, ව්‍යාකතන‍්ති.

වහන්ස, ආනන්‍දයෙනි, මම නො බමි. මම කුමකට බානෙම් ද? වහන්ස, මම වූ කලි “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනු දු ... දෙවිමිනිසුනට ශාස්තෲහ බුද්ධයහ භගවත්හ”යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචලප්‍රසාදයෙන් සමන්‍වාගතයෙමි. ධර්‍මය කෙරෙහි ... සඞ්ඝයා කෙරෙහි ... වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් ගිහියන්ට සුදුසු වූ යම් මේ සිකපද කෙනෙක් පනවන ලද්දා හු ද, ඔවුනතර කඩ වූ කිසිවක් තමා කෙරෙහි නො දකිමි යි. ගැහැවි, තොපට ලාභයෙකි. ගැහැවි, තොපට මනාලැබුමෙකි. ගැහැවි, තොප විසින් සෝවන් පෙල පවසන ලදැ යි.