යෙදුමෙන් කියවන්න

අනාථපිණ‍්ඩික සුත‍්තං

11. 3. 6.

11. 3. 6.

අනාථපිණ‍්ඩික සුත‍්තං

අනාථපිණ්ඩික සූත්‍රය

3794. තෙන ඛො පන සමයෙන අනාථපිණ‍්ඩිකො ගහපති ආබාධිකො හොති දුක‍්ඛිතො බාළ‍්හගිලානො. අථ ඛො අනාථපිණ‍්ඩිකො ගහපති අඤ‍්ඤතරං පුරිසං ආමන‍්තෙසි: “එහි ත්‍වං අම‍්භො පුරිස, යෙනායස‍්මා සාරිපුත‍්තො තෙනුපසඞ‍්කම, උපසඞ‍්කමිත්‍වා මම වචනෙන ආයස‍්මතො සාරිපුත‍්තස‍්ස පාදෙ සිරසා වන්‍ද, “අනාථපිණ‍්ඩිකො භන‍්තෙ, ගහපති ආබාධිකො හොති දුක‍්ඛිතො බාළ‍්හගිලානො. සො ආයස‍්මතො සාරිපුත‍්තස‍්ස පාදෙ සිරසා වන්‍දතී”ති. එවඤ‍්ච වදෙහි; “සාධු කිර භන‍්තෙ, ආයස‍්මා සාරිපුත‍්තො යෙන අනාථපිණ‍්ඩිකස‍්ස ගහපතිස‍්ස නිවෙසනං තෙනුපසඞ‍්කමතු අනුකම‍්පං උපාදායා”ති.

3794. එසමයෙහි අනේපිඬු ගැහැවි තෙමේ හටගත් ආබාධ ඇත්තේ දුකට පැමිණියේ දැඩිසේ ගිලන් වූයේ වෙයි. එකල්හි අනේපිඬු ගැහැවි තෙමේ එක්තරා පුරුෂයකු ඇමතී ය: “එම්බා පුරුෂය, එව. තෙපි ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරණුවන් වෙත එළඹෙවු. එළඹ “වහන්ස, අනේපිඬු ගැහැවි තෙමේ හටගත් ආබාධ ඇත්තේ දුකට පැමිණියේ දැඩිසේ ගිලන් වූයේ වෙයි. හෙතෙමේ ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරණුවන්ගේ පා හිසින් වඳී”යි මා වදනින් ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවන්ගේ පා හිසින් වඳිවු. මෙසේත් කියවු: වහන්ස, ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවෝ අනුකම්පා නිසා අනේපිඬු ගැහැවිහුගේ නිවෙස්න වෙත එළඹෙන සේක්වා”යි.

එවං භන‍්තෙති ඛො සො පුරිසො අනාථපිණ‍්ඩිකස‍්ස ගහපතිස‍්ස පටිස‍්සුත්‍වා යෙනායස‍්මා සාරිපුත‍්තො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මන‍්තං සාරිපුත‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො සො පුරිසො ආයස‍්මන‍්තං සාරිපුත‍්තං එතදවොච: “අනාථපිණ‍්ඩිකො භන‍්තෙ, ගහපති ආබාධිකො හොති දුක‍්ඛිතො බාළ‍්හගිලානො. සො ආයස‍්මතො සාරිපුත‍්තස‍්ස පාදෙ සිරසා වන්‍දති. එවඤ‍්ච වදෙති: “සාධුකිර භන‍්තෙ, ආයස‍්මා සාරිපුත‍්තො යෙන අනාථපිණ‍්ඩිකස‍්ස ගහපතිස‍්ස නිවෙසනං තෙනුපසඞ‍්කමතු අනුකම‍්පං උපාදායා”ති. අධිවාසෙසි ඛො ආයස‍්මා සාරිපුත‍්තො තුණ‍්හීභාවෙන.

එසේ ය හිමියනි, යි ඒ පුරුෂ තෙමේ අනේපිඬු ගැහැවිහට පිළිතුරු දී ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරණුවන් වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත් පසෙක හුන් ඒ පුරුෂ තෙමේ ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවන්ට මෙය කී ය. “වහන්ස, අනේපිඬු ගැහැවි හටගත් ආබාධ ඇත්තේ දුකට පැමිණියේ දැඩිසේ ගිලන් වූයේ වෙයි. හෙ ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවන්ගේ පා හිසින් වඳියි. මෙසේත් කියයි: “වහන්ස, ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරණුවෝ අනුකම්පා නිසා අනේපිඬු ගැහැවිහුගේ නිවෙස්න වෙත එළඹෙන සේක්වා”යි. ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවෝ මුවෙන් නොබැණ ඉවසූහ.

අථ ඛො ආයස‍්මා සාරිපුත‍්තො පුබ‍්බන‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය ආයස‍්මතා ආනන්‍දෙන පච‍්ඡාසමණෙන යෙන අනාථපිණ‍්ඩිකස‍්ස ගහපතිස‍්ස නිවෙසනං තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා පඤ‍්ඤත‍්තෙ ආසනෙ නිසීදි. නිසජ‍්ජ ඛො ආයස‍්මා සාරිපුත‍්තො අනාථපිණ‍්ඩිකං ගහපතිං එතදවොච: කච‍්චි තෙ ගහපති, ඛමනීයං කච‍්චි යාපනීයං කච‍්චි දුක‍්ඛා වෙදනා පටික‍්කමන‍්ති නො අභික‍්කමන‍්ති, පටික‍්කමොසානං පඤ‍්ඤායති නො අභික‍්කමොති? න මෙ භන‍්තෙ, ඛමනීයං න යාපනීයං. බාළ‍්හා මෙ දුක‍්ඛා වෙදනා අභික‍්කමන‍්ති, නො පටික‍්කමන‍්ති අභික‍්කමොසානං පඤ‍්ඤායති, නො පටික‍්කමො”ති.

එකල්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවෝ පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙන ආයුෂ්මත් ආනන්‍ද පසු මහණහු සමග අනේපිඬු ගැහැවිහුගේ නිවෙස්න වෙත එළඹියහ. එළඹ පැන වූ අස්නෙහි වැඩහුන්හ. වැඩහිඳ ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවෝ අනේපිඬු ගැහැවිහට මෙය වදාළහ: “ගැහැවි, කිම තොපට ඉවසිය හැකි ද? කිම යැපිය හැකි ද? කිම දුක් වේදනාවෝ අඩු වෙද්ද? වැඩි නො වෙද්ද? ඔවුන්ගේ අඩුවීම පැනේ ද? වැඩිවීමෙක් නො පෙනේ දැ යි? වහන්ස, මට නොඉවසිය හැකි ය. නො යැපිය හැකි ය. මාගේ දැඩි දුක්වේදනාවෝ වැඩි වෙත්, අඩු නො වෙත්. ඔවුන්ගේ වැඩි වීම පෙනේ, අඩු වීමෙක් නො පෙනේ යි.

යථාරූපෙන ච ඛො ගහපති, බුද‍්ධෙ අප‍්පසාදෙන සමන‍්නාගතො අස‍්සුතවා පුථුජ‍්ජනො කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජති, තථාරූපො තෙ බුද‍්ධෙ අප‍්පසාදො නත්‍ථි. අත්‍ථි ච ඛො තෙ ගහපති, බුද‍්ධෙ අවෙච‍්චප‍්පසාදො: “ඉතිපි සො භගවා -පෙ- සත්‍ථා දෙවමනුස‍්සානං බුද‍්ධො භගවා”ති. තඤ‍්ච පන තෙ බුද‍්ධෙ අවෙච‍්චප‍්පසාදං අත‍්තනි සමනුපස‍්සතො ඨානසො වෙදනා පටිප‍්පස‍්සම‍්භෙය්‍යුං.

ගැහැවිය, බුදුරජාණන් වහන්සේ කෙරෙහි යම් බඳු නොපැහැදීමෙකින් යුතු නූගත් පුහුදුන් තෙමේ කාබුන් මරණින් මතු අපායදුර්‍ගතිවිනිපාත නිරයට පැමිණේ නම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි එබඳු නොපැහැදීමෙක් තොපට නැත. ගැහැවිය, “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුනට ශාස්තෲහ බුද්ධයහ භගවත්හ”යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙක් තොපට ඇත් ම ය. බුදුරජාණන් වහන්සේ කෙරෙහි වූ ඒ ගුණ දැන පැහැදීම ද තමා කෙරෙහි ලා දක්නා වූ තොපගේ වේදනාවෝ ඇසිල්ලෙකින් සන්හිඳෙන්නාහු ය.

යථාරූපෙන ඛො ගහපති, ධම‍්මෙ අප‍්පසාදෙන සමන‍්නාගතො අස‍්සුතවා පුථුජ‍්ජනො කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජති, තථාරූපො තෙ ධම‍්මෙ අප‍්පසාදො නත්‍ථි අත්‍ථි ච ඛො තෙ ගහපති, ධම‍්මෙ අවෙච‍්චප‍්පසාදො: “ස‍්වාක‍්ඛාතො භගවතා ධම‍්මො -පෙ- පච‍්චත‍්තං වෙදිතබ‍්බො විඤ‍්ඤූහී”ති. තඤ‍්ච පන තෙ ධම‍්මෙ අවෙච‍්චප‍්පසාදං අත‍්තනි සමනුපස‍්සතො ඨානසො වෙදනා පටිප‍්පස‍්සම‍්භෙය්‍යුං.

ගැහැවි, දහම්හි යම් බඳු නොපැහැදීමෙකින් යුතු නූගත් පුහුදුන් තෙමේ කාබුන් මරණින් මතු අපායදුර්‍ගතිවිනිපාත නිරයට පැමිණේ නම් දහම්හි එබඳු නොපැහැදීමෙක් තොපට නැත. ගැහැවි, “භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය ස්වාඛ්‍යාත ය ... නුවණැත්තවුන් විසින් තමන් තමන් කෙරෙහි ලා දතයුතු ය”යි දහම්හි ගුණ දැන පැහැදීමෙක් තොපට ඇත් ම ය. දහම්හි වූ ඒ ගුණ දැන පැහැදීම ද තමා කෙරෙහි ලා දක්නා වූ තොපගේ වේදනාවෝ ඇසිල්ලෙකින් සන්හිඳෙන්නාහ.

යථාරූපෙන ඛො ගහපති, සඞ‍්ඝෙ අප‍්පසාදෙන සමන‍්නාගතො අස‍්සුතවා පුථුජ‍්ජනො කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජති, තථාරූපො තෙ සඞ‍්ඝෙ අප‍්පසාදො නත්‍ථි. අත්‍ථි ච ඛො තෙ ගහපති, සඞ‍්ඝෙ අවෙච‍්චප‍්පසාදො: “සුපටිපන‍්නො භගවතො සාවකසඞ‍්ඝො -පෙ- අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලොකස‍්සා”ති. තඤ‍්ච පන තෙ සඞ‍්ඝෙ අවෙච‍්චප‍්පසාදං අත‍්තනි සමනුපස‍්සතො ඨානසො වෙදනා පටිප‍්පස‍්සම‍්භෙය්‍යුං.

ගැහැවි, සඟුන් කෙරෙහි යම්බඳු නොපැහැදීමෙකින් යුතු නූගත් පුහුදුන් තෙමේ කාබුන් මරණින් මතු අපායදුර්‍ගති විනිපාත නිරයට පැමිණේ නම් සඟුන් කෙරෙහි එබඳු නොපැහැදීමෙක් තොපට නැත. ගැහැවි, “භාග්‍යවතුන් වහන්සේගේ සවුසඟහු තෙමේ සුපිළිපන්හ ... ලොවට අනුතුරු පින්කෙතැ”යි සඟුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙක් තොපට ඇත් ම ය. සඟුන් කෙරෙහි වූ ඒ ගුණ දැන පැහැදීම ද තමා කෙරෙහි ලා දක්නා වූ තොපගේ වේදනාවෝ ඇසිල්ලෙකින් සන්හිඳෙන්නාහ.

යථාරූපෙන ඛො ගහපති, දුස‍්සීල්‍යෙන සමන‍්නාගතො අස‍්සුතවා පුථුජ‍්ජනො කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජති, තථාරූපං තෙ දුස‍්සීල්‍යං නත්‍ථි. අත්‍ථි ච ඛො තෙ ගහපති, අරියකන‍්තානි සීලානි අඛණ‍්ඩානි -පෙ- සමාධිසංවත‍්තනිකානි. තානි ච පන තෙ අරියකන‍්තානි සීලානි අත‍්තනි සමනුපස‍්සතො ඨානසො වෙදනා පටිප‍්පස‍්සම‍්භෙය්‍යුං.

ගැහැවි, යම්බඳු දුසිල්කමෙකින් යුතු නූගත් පුහුදුන් තෙමේ කාබුන් මරණින් මතු අපායදුර්‍ගතිවිනිපාතනිරයට පැමිණේ නම් එබඳු දුසිල් බවෙක් තොපට නැත. ගැහැවි නොකැඩුණු ... සමාධිය පිණිස පවත්නා වූ ආර්‍ය්‍ය කාන්තශීලයෝ තොපට ඇත් ම ය. ඒ ආර්‍ය්‍යකාන්තශීලයත් තමන් කෙරෙහි ලා දක්නා වූ තොපගේ වේදනාවෝ ඇසිල්ලෙකින් සන්හිඳෙන්නාහ.

යථාරූපාය ඛො ගහපති, මිච‍්ඡාදිට‍්ඨියා සමන‍්නාගතො අස‍්සුතවා පුථුජ‍්ජනො කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජති, තථාරූපා තෙ මිච‍්ඡාදිට‍්ඨි නත්‍ථි. අත්‍ථි ච ඛො තෙ ගහපති, සම‍්මාදිට‍්ඨි. තඤ‍්ච පන තෙ සම‍්මාදිට‍්ඨිං අත‍්තනි සමනුපස‍්සතො ඨානසො වෙදනා පටිප‍්පස‍්සම‍්භෙය්‍යුං.

ගැහැවි, යම්බඳු මිථ්‍යාදෘෂ්ටියෙකින් යුතු නූගත් පුහුදුන් තෙමේ කාබුන් මරණින් මතු අපායදුර්‍ගති විනිපාතනිරයට පැමිණේ නම් එබඳු මිථ්‍යා දෘෂ්ටියක් තොපට නැත. ගැහැවි සම්‍යග්දෘෂ්ටිය ද තොපට ඇත් ම ය. ඒ සම්‍යග් දෘෂ්ටිය තමන් කෙරෙහි ලා දක්නා වූ තොපගේ වේදනාවෝ ඇසිල්ලෙකින් සන්හිඳෙන්නාහ.

යථාරූපෙන ඛො ගහපති, මිච‍්ඡාසඞ‍්කප‍්පෙන සමන‍්නාගතො අස‍්සුතවා පුථුජ‍්ජනො කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජති, තථාරූපො තෙ මිච‍්ඡාසඞ‍්කප‍්පො නත්‍ථි. අත්‍ථි ච ඛො තෙ ගහපති, සම‍්මාසඞ‍්කප‍්පො. තඤ‍්ච පන තෙ සම‍්මාසඞ‍්කප‍්පං අත‍්තනි සමනුපස‍්සතො ඨානසො වෙදනා පටිප‍්පස‍්සම‍්භෙය්‍යුං.

ගැහැවි, යම්බඳු මිථ්‍යා සංකල්පයෙකින් යුතු නූගත් පුහුදුන් තෙමේ කාබුන් මරණින් මතු අපායදුර්‍ගති විනිපාතනිරයට පැමිණේ නම් එබඳු මිථ්‍යාසංකල්පයෙක් තොපට නැත. ගැහැවි, සම්‍යක්සංකල්පය තොපට ඇත් ම ය. ඒ සම්‍යක්සංකල්පය ද තමා කෙරෙහි ලා දක්නා වූ තොපගේ වේදනාවෝ ඇසිල්ලෙකින් සන්හිඳෙන්නා හ.

යථාරූපාය ඛො ගහපති, මිච‍්ඡාවාචාය සමන‍්නාගතො අස‍්සුතවා පුථුජ‍්ජනො කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජති, තථාරූපා තෙ මිච‍්ඡාවාචා නත්‍ථි. අත්‍ථි ච ඛො තෙ ගහපති, සම‍්මාවාචා. තඤ‍්ච පන තෙ සම‍්මාවාචං අත‍්තනි සමනුපස‍්සතො ඨානසො වෙදනා පටිප‍්පස‍්සම‍්භෙය්‍යුං.

ගැහැවි, යම්බඳු මිථ්‍යාවචනයෙකින් යුත් නූගත් පුහුදුන් තෙමේ කාබුන් මරණින් මතු අපායදුර්‍ගති විනිපාත නිරයට පැමිණේ නම් එබඳු මිථ්‍යාවචනයෙක් තොපට නැත. ගැහැවි, සම්‍යක්වචනය තොපට ඇත් ම ය. ඒ සම්‍යග්වචනය ද තමන් තෙරෙහි ලා දක්නා වූ තොපගේ වේදනාවෝ ඇසිල්ලෙකින් සන්හිඳෙන්නාහ.

යථාරූපෙන ඛො ගහපති, මිච‍්ඡාකම‍්මන‍්තෙන සමන‍්නාගතො අස‍්සුතවා පුථුජ‍්ජනො කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජති, තථාරූපො තෙ මිච‍්ඡාකම‍්මන‍්තො නත්‍ථි. අත්‍ථි ච ඛො තෙ ගහපති, සම‍්මාකම‍්මන‍්තො. තඤ‍්ච පන තෙ සම‍්මාකම‍්මන‍්තං අත‍්තනි සමනුපස‍්සතො ඨානසො වෙදනා පටිප‍්පස‍්සම‍්භෙය්‍යුං.

ගැහැවි, යම්බඳු මිථ්‍යාකර්‍මාන්තයකින් යුත් නූගත් පුහුදුන් තෙමේ කාබුන් මරණින් මතු අපායදුර්‍ගතිවිනිපාතනිරයට පැමිණේ නම් එබඳු මිථ්‍යාකර්‍මාන්තයෙක් තොපට නැත. ගැහැවි, සම්‍යක්කර්‍මාන්තය තොපට ඇත් ම ය. ඒ සම්‍යක්කර්‍මාන්තය ද තමන් කෙරෙහි ලා දක්නා වූ තොපගේ වේදනාවෝ ඇසිල්ලෙකින් සන්හිඳෙන්නාහ.

යථාරූපෙන ඛො ගහපති, මිච‍්ඡා ආජීවෙන සමන‍්නාගතො අස‍්සුතවා පුථුජ‍්ජනො කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජති, තථාරූපො තෙ මිච‍්ඡාආජීවො නත්‍ථි. අත්‍ථි ච ඛො තෙ ගහපති, සම‍්මා ආජීවො. තඤ‍්ච පන තෙ සම‍්මාආජීවං අත‍්තනි සමනුපස‍්සතො ඨානසො වෙදනා පටිප‍්පස‍්සම‍්භෙය්‍යුං.

ගැහැවි, යම්බඳු මිථ්‍යා ආජීවයෙකින් යුත් නූගත් පුහුදුන් තෙමේ කාබුන් මරණින් මතු අපාය දුර්‍ගතිවිනිපාතනිරයට පැමිණේ නම් එබඳු මිථ්‍යා ආජීවයෙක් තොපට නැත. ගැහැවි, සම්‍යග්ආජීවය තොපට ඇත් ම ය. ඒ සම්‍යගාජීවය ද තමන් කෙරෙහි ලා දක්නා වූ තොපගේ වේදනාවෝ ඇසිල්ලෙකින් සන්හිඳෙන්නාහ.

යථාරූපෙන ඛො ගහපති, මිච‍්ඡාවායාමෙන සමන‍්නාගතො අස‍්සුතවා පුථුජ‍්ජනො කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජති, තථාරූපො තෙ මිච‍්ඡාවායාමො නත්‍ථි. අත්‍ථි ච ඛො තෙ ගහපති, සම‍්මාවායාමො. තඤ‍්ච පන තෙ සම‍්මාවායාමං අත‍්තනි සමනුපස‍්සතො ඨානසො වෙදනා පටිප‍්පස‍්සම‍්භෙය්‍යුං.

ගැහැවි, යම්බඳු මිථ්‍යාව්‍යායාමයෙකින් යුත් නූගත් පුහුදුන් තෙමේ කාබුන් මරණින් මතු අපායදුර්‍ගති විනිපාතනිරයට පැමිණේ නම් එබඳු මිථ්‍යාව්‍යායාමයෙක් තොපට නැත. ගැහැවි, සම්‍යග්ව්‍යායාමය තොපට ඇත් ම ය. ඒ සම්‍යග්ව්‍යායාමය ද තමන් කෙරෙහි ලා දක්නා වූ තොපගේ වේදනාවෝ ඇසිල්ලෙකින් සන්හිඳෙන්නාහ.

යථාරූපාය ඛො ගහපති, මිච‍්ඡාසතියා සමන‍්නාගතො අස‍්සුතවා පුථුජ‍්ජනො කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජති, තථාරූපා තෙ මිච‍්ඡාසති නත්‍ථි. අත්‍ථි ච ඛො තෙ ගහපති, සම‍්මාසති. තඤ‍්ච පන තෙ සම‍්මාසතිං අත‍්තනි සමනුපස‍්සතො ඨානසො වෙදනා පටිප‍්පස‍්සම‍්භෙය්‍යුං.

ගැහැවි, යම්බඳු මිථ්‍යාස්මෘතියකින් යුත් නූගත් පුහුදුන් තෙමේ කාබුන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාතනිරයට පැමිණේ නම් එබඳු මිථ්‍යාස්මෘතියක් තොපට නැත. ගැහැවි, සම්‍යක්ස්මෘතිය තොපට ඇත් ම ය. ඒ සම්‍යක්ස්මෘතිය ද තමන් කෙරෙහි ලා දක්නා තොපගේ වේදනාවෝ ඇසිල්ලෙකින් සන්හිඳෙන්නාහ.

යථාරූපෙන ඛො ගහපති, මිච‍්ඡාසමාධිනා සමන‍්නාගතො අස‍්සුතවා පුථුජ‍්ජනො කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජති තථාරූපො තෙ මිච‍්ඡාසමාධි නත්‍ථි. අත්‍ථි ච ඛො තෙ ගහපති, සම‍්මාසමාධි. තඤ‍්ච පන තෙ සම‍්මාසමාධිං අත‍්තනි සමනුපස‍්සතො ඨානසො වෙදනා පටිප‍්පස‍්සම‍්භෙය්‍යුං.

ගැහැවි, යම්බඳු මිථ්‍යාසමාධියෙකින් යුත් නූගත් පුහුදුන් තෙමේ කාබුන් මරණින් මතු අපාය දුර්‍ගතිවිනිපාතනිරයට පැමිණේ නම් එබඳු මිථ්‍යා සමාධියෙක් තොපට නැත. ගැහැවි, සම්‍යක්සමාධිය තොපට ඇත් ම ය. ඒ සම්‍යක්සමාධිය ද තමන් කෙරෙහි ලා දක්නා තොපගේ වේදනාවෝ ඇසිල්ලෙකින් සන්හිඳෙන්නාහ.

යථාරූපෙන ඛො ගහපති, මිච‍්ඡාඤාණෙන සමන‍්නාගතො අස‍්සුතවා පුථුජ‍්ජනො කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජති, තථාරූපං තෙ මිච‍්ඡාඤාණං නත්‍ථි. අත්‍ථි ච ඛො තෙ ගහපති, සම‍්මාඤාණං. තඤ‍්ච පන තෙ සම‍්මාඤාණං අත‍්තනි සමනුපස‍්සතො ඨානසො වෙදනා පටිප‍්පස‍්සම‍්භෙය්‍යුං.

ගැහැවි, යම්බඳු මිථ්‍යාඥානයෙකින් යුත් නූගත් පුහුදුන් තෙමේ කාබුන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාතනිරයට පැමිණේ නම් එබඳු මිථ්‍යාඥානයෙක් තොපට නැත. ගැහැවි, සම්‍යග්ඥානය තොපට ඇත් ම ය. ඒ සම්‍යග්ඥානයත් තමා කෙරෙහි ලා දක්නා වූ තොපගේ වේදනාවෝ ඇසිල්ලෙකින් සන්හිඳෙන්නාහ.

යථාරූපාය ඛො ගහපති, මිච‍්ඡාවිමුත‍්තියා සමන‍්නාගතො අස‍්සුතවා පුථුජ‍්ජනො කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජති, තථාරූපා තෙ මිච‍්ඡාවිමුත‍්ති නත්‍ථි. අත්‍ථි ච ඛො තෙ, ගහපති, සම‍්මාවිමුත‍්ති. තඤ‍්ච පන තෙ සම‍්මාවිමුත‍්තිං අත‍්තනි සමනුපස‍්සතො ඨානසො වෙදනා පටිප‍්පස‍්සම‍්භෙය්‍යුන‍්ති.

ගැහැවි, යම්බඳු මිථ්‍යාවිමුක්තියකින් යුතු නූගත් පුහුදුන් තෙමේ කාබුන් මරණින් මතු අපායදුර්‍ගති විනිපාතනිරයට පැමිණේ නම් එබඳු මිථ්‍යා විමුක්තියක් තොපට නැත. ගැහැවි, සම්‍යග් විමුක්තිය තොපට ඇත් ම ය. ඒ සම්‍යග් විමුක්තියත් තමා කෙරෙහි ලා දක්නා වූ තොපගේ වේදනාවෝ ඇසිල්ලෙකින් සන්හිඳෙන්නාහ යි.

අථ ඛො අනාථපිණ‍්ඩිකස‍්ස ගහපතිස‍්ස ඨානසො වෙදනා පටිප‍්පස‍්සම‍්භිංසු. අථ ඛො අනාථපිණ‍්ඩිකො ගහපති ආයස‍්මන‍්තං සාරිපුත‍්තං ආයස‍්මන‍්තඤ‍්ච ආනන්‍දං සකෙනෙව ථාලිපාකෙන පරිවිසි. අථ ඛො අනාථපිණ‍්ඩිකො ගහපති, ආයස‍්මන‍්තං සාරිපුත‍්තං භුත‍්තාවිං ඔනීතපත‍්තපාණිං අඤ‍්ඤතරං නීචං ආසනං ගහෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නං ඛො අනාථපිණ‍්ඩිකං ගහපතිං ආයස‍්මා සාරිපුත‍්තො ඉමාහි ගාථාහි අනුමොදි:

ඉක්බිති අනේපිඬු ගැහැවිහුගේ වේදනාවෝ ඇසිල්ලෙකින් සන්හුන්හ. එකල්හි අනේපිඬු ගැහැවි තෙමේ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් ද ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් ද සියබත්තලියෙන්ම වැළඳ වී ය. ඉක්බිති අනේපිඬු ගැහැවි තෙමේ වළඳා නිමවූ පාත්‍රයෙන් ඉවත් කළ අත් ඇති ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් වෙත එක්තරා පහත් අසුනක් ගෙන එකත් පස් ව හුන්නේ ය. එකත් පස් ව හුන් අනේපිඬු ගැහැවිහට ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරණුවෝ මේ ගාථාවලින් අනුමෝදනා කළහ.

“යස‍්ස සද‍්ධා තථාගතෙ අචලා සුප‍්පතිට‍්ඨිතා, සීලඤ‍්ච යස‍්ස කල්‍යාණං අරියකන‍්තං පසංසිතං.

යමකුට තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව අචල ව මැනවින් පිහිටියා ද යමකුගේ යහපත් වූ ශීලය ආර්‍ය්‍යකාන්ත වූයේ පසස්නා ලද්දේ ද,

සඞ‍්ඝෙ පසාදො යස‍්සත්‍ථි උජුභූතඤ‍්ච දස‍්සනං, අදළිද‍්දොති තං ආහු අමොඝං තස‍්ස ජීවිතං.

යමකුට සඞ්ඝයා කෙරෙහි පැහැදීම ඇත් ද, ඥානදර්‍ශනයත් ඍජු වූයේ වේ ද, ඔහු නො දිළින්දෙකැ යි (බුද්ධාදි උතුමෝ) කියති. ඔහුගේ ජීවිතය හිස් නො වේ.

තස‍්මා සද‍්ධඤ‍්ච සීලඤ‍්ච පසාදං ධම‍්මදස‍්සනං, අනුයුඤ‍්ජෙථ මෙධාවී සරං බුද‍්ධානසාසනන‍්ති”.

එහෙයින් ප්‍රාඥ තෙමේ බුදුවරයන්ගේ ශාසනය සිහි කරන්නේ ශ්‍රද්ධාවත් ශීලයත් පැහැදීමත් ධර්‍මය දැකීමත් අනුයෝග වශයෙන් පිරිසිදු කරන්නේ යි.

අථ ඛො ආයස‍්මා සාරිපුත‍්තො අනාථපිණ‍්ඩිකං ගහපතිං ඉමාහි ගාථාහි අනුමොදිත්‍වා උට‍්ඨායාසනා පක‍්කමි. අථ ඛො ආයස‍්මා ආනන්‍දො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නං ඛො ආයස‍්මන‍්තං ආනන්‍දං භගවා එතදවොච: “හන්‍ද කුතො නු ත්‍වං ආනන්‍ද, ආගච‍්ඡසි දිවාදිවස‍්සා”ති. ආයස‍්මතා භන‍්තෙ, සාරිපුත‍්තෙන අනාථපිණ‍්ඩිකො ගහපති ඉමිනා ච ඉමිනා ච ඔවාදෙන ඔවදිතොති. පණ‍්ඩිතො ආනන්‍ද, සාරිපුත‍්තො. මහාපඤ‍්ඤො ආනන්‍ද, සාරිපුත‍්තො, යත්‍ර හි නාම චත‍්තාරි සොතාපත‍්තියඞ‍්ගානි දසහි ආකාරෙහි විභජිස‍්සතීති.

එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ අනේපිඬු ගැහැවිහට මේ ගාථාවලින් අනුමෝදනා කොට හුනස්නෙන් නැඟී වැඩියහ. ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පස් ව හුන්හ. එකත් පස් ව හුන් ආයුෂ්මත් අනඳ තෙරණුවන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: “එම්බා ආනන්‍ද, තෙපි මේ මහදවල් කොහි සිට එවු දැ?”යි. වහන්ස, ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් විසින් අනේපිඬු ගැහැවි තෙමේ මේ අවවාදයෙන් ද මේ අවවාදයෙන් ද අවවාද කරන ලද්දේ යි. ආනන්‍ද, යම් සැරියුත් කෙනෙක් සිවුසෝවන් අඟ දස අයුරෙකින් බෙදුහු නම් ඒ සැරියුත් පණ්ඩිතයෙකි. ආනන්‍ද, සැරියුත් මහපැනැත්තෙකි යි.