දුතිය සරකානි සුත්තං
11. 3. 5.
11. 3. 5.
දුතිය සරකානි සුත්තං
දුතිය සරකානි සූත්‍රය
3793. එකං සමයං භගවා සක්කෙසු විහරති කපිලවත්ථුස්මිං නිග්රොධාරාමෙ. තෙන ඛො පන සමයෙන සරකානි සක්කො කාලකතො හොති. සො භගවතා ව්යාකතො: “සොතාපන්නො අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො”ති. තත්ර සුදං සම්බහුලා සක්කා සඞ්ගම්ම සමාගම්ම උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “අච්ඡරියං වත භො අබ්භුතං වත භො, එත්ථදානි කො න සොතාපන්නො භවිස්සති. යත්ර හි නාම සරකානි සක්කො කාලකතො. සො භගවතා ව්යාකතො ‘සොතාපන්නො අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො’ති. සරකානි සක්කො සික්ඛාය අපරිපූරකාරී අහොසී”ති.
3793. එක්සමයෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යදනව්වෙහි කිඹුල්වත්පුර නිග්‍රෝධාරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි සරකානි ශාක්‍යතෙමේ කලුරිය කෙළේ වෙයි. හෙතෙමේ “විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන්”යී භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ ය. එහි වූ කලී බොහෝ ශාක්‍යයෝ එක් රැස් ව අවමන් කෙරෙත්. ගරහත්, දොස් පහළ කෙරෙත්. “භවත්නි, අසිරි යි. භවත්නි, පුදුම යි. ‘යම් සරකානි නම් ශාක්‍යයෙක් කලුරිය කෙළේ ද, හෙතෙමේ විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන්’යී භාග්‍යවතුන් වහන්සේ විසින් පවසන ලද්දේ ය. මෙහි දැන් කවරෙක් සෝවන් නොවන්නේ ද? සරකානි ශාක්‍ය තෙමේ ශික්ෂාව පිරිපුන් නොකරනසුලු වී”යි.
අථ ඛො මහානාමො සක්කො යෙන භගවා තෙනුපසඞ්කමි -පෙ- එකමන්තං නිසින්නො ඛො මහානාමො සක්කො භගවන්තං එතදවොච: “ඉධ භන්තෙ, සරකානි සක්කො කාලකතො. සො භගවතා ව්යාකතො: ‘සොතාපන්නො අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො’ති. තත්ර සුදං භන්තෙ, සම්බහුලා සක්කා සඞ්ගම්ම සමාගම්ම උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: අච්ඡරියං වත භො, අබ්භුතං වත භො, එත්ථ’දානි ඛො න සොතාපන්නො භවිස්සති. යත්ර හි නාම සරකානි සක්කො කාලකතො. සො භගවතා ව්යාකතො: ‘සොතාපන්නො අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො’ති. සරකානි සක්කො සික්ඛාය අපරිපූරිකාරී අහොසී”ති.
එකල්හි මහානාම ශාක්‍යයෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ ... එකත්පස් ව හුන් මහානාම ශාක්‍යයෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළ හ: “වහන්ස, මෙහි සරකානි ශාක්‍ය තෙමේ කලුරිය කෙළේ ය. ‘හෙතෙමේ විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන්’ යී භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ ය. එහි වනාහි බොහෝ ශාක්‍යයෝ එක්ව රැස් ව අවමන් කෙරෙත්, ගරහත්, දොස් පහළ කෙරෙත්. භවත්නි, අසිරි යි. භවත්නි, පුදුම යි. ‘යම් සරකානි නම් ශාක්‍යයෙක් කලුරිය කෙළේ ද හෙතෙමේ විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන්’යී භාග්‍යවතුන් වහන්සේ විසින් පවසන ලද්දේ ය. මෙහි දැන් කවරෙක් සෝවන් නො වන්නේ ද? සරකානි ශාක්‍ය තෙමේ ශික්ෂාව පිරිපුන් නොකරනසුලු වී”යි.
යො සො මහානාම, දීඝරත්තං උපාසකො බුද්ධං සරණං ගතො ධම්මං සරණං ගතො සඞ්ඝං සරණං ගතො, සො කථං විනිපාතං ගච්ඡෙය්ය. යං හි තං මහානාම, සම්මා වදමානො වදෙය්ය: “දීඝරත්තං උපාසකො බුද්ධං සරණං ගතො ධම්මං සරණං ගතො සඞ්ඝං සරණං ගතො”ති. සරකානිං සක්කං සම්මා වදමානො වදෙය්ය. සරකානි මහානාම, සක්කො දීඝරත්තං උපාසකො බුද්ධං සරණං ගතො, ධම්මං සරණං ගතො, සඞ්ඝං සරණං ගතො, සො කථං විනිපාතං ගච්ඡෙය්ය.
මහානාම, යම් ඒ උවසුවෙක් දිගුකලක් මුළුල්ලෙහි බුදුන් සරණ ගියේ දහම් සරණ ගියේ සඟුන් සරණ ගියේ වේ නම් හෙතෙමේ කෙසේ නිරයට යන්නේ ද? මහානාම, මැනවින් කියන්නෙක් “උවසු තෙමේ දිගුකලක් මුළුල්ලෙහි බුදුන් සරණ ගියේ දහම් සරණ ගියේ සඟුන් සරණ ගියේ”යි ඒ යමකු ඇරබ කියන්නේ නම් මැනවින් කියන්නා සරකානි ශාක්‍යයා ඇරබ කියන්නේ ය. මහානාම, උවසු වූ සරකානි ශාක්‍ය තෙමේ දිගුකලක් මුළුල්ලෙහි බුදුන් සරණ ගියේ ය. දහම් සරණ ගියේ ය. සඟුන් සරණ ගියේ ය. හෙතෙමේ කෙසේ නම් නිරයට යන්නේ ද?
ඉධ, මහානාම, එකච්චො පුග්ගලො බුද්ධෙ එකන්තිගතො හොති අභිප්පසන්නො: “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. “ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සා”ති. හාසුපඤ්ඤො ජවනපඤ්ඤො විමුත්තියා ච සමන්නාගතො. සො ආසවානං ඛයා අනාසවං චෙතො විමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. අයම්පි ඛො මහානාම, පුග්ගලො පරිමුත්තො නිරයා, පරිමුත්තො තිරච්ඡානයොනියා, පරිමුත්තො පෙත්තිවිසයා, පරිමුත්තො අපායදුග්ගතිවිනිපාතා.
මහානාම, මෙහි ඇතැම් පුඟුලෙක් “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ, බුද්ධයහ, භගවත්හ”යි බුදුන් කෙරෙහි ඒකාන්ත බවට ගියේ (=නොසැලෙන සැදැහැ ඇත්තේ) බෙහෙවින් පහන් වූයේ වෙයි. “දහම් කෙරෙහි ... ලොවට අනුතුරු පින්කෙතැයි සඟුන් කෙරෙහි ... හාසබහුල ප්‍රඥා ඇත්තේ ජවන ප්‍රඥා ඇත්තේ විමුක්තියෙන් ද සමන්වාගත වූයේ වෙයි. හෙතෙමේ ආස්‍රවයන් ක්ෂය කිරීමෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් දිටුදැමියෙහි ම තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසේ. මහානාම, මේ පුඟුල් තෙමේත් නිරයෙන් වෙසෙසින් මිදුණේ ය. තිරිසන්යෝනියෙන් වෙසෙසින් මිදුණේ ය. ප්‍රේතවිෂයයෙන් වෙසෙසින් මිදුණේ ය. අපායදුග්ගතිවිනිපාතයෙන් වෙසෙසින් මිදුණේ ය.
ඉධ පන මහානාම, එකච්චො පුග්ගලො බුද්ධෙ එකන්තිගතො හොති අභිප්පසන්නො: “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති. ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- හාසුපඤ්ඤො ජවනපඤ්ඤො න ච විමුත්තියා සමන්නාගතො. සො පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා අන්තරා පරිනිබ්බායී හොති. උපහච්ච පරිනිබ්බායී හොති, සසඞ්ඛාරපරිනිබ්බායී හොති, අසඞ්ඛාරපරිනිබ්බායී හොති. උද්ධංසොතො හොති අකනිට්ඨගාමී. අයම්පි ඛො මහානාම, පුග්ගලො පරිමුත්තො නිරයා -පෙ- පරිමුත්තො අපායදුග්ගතිවිනිපාතා.
මහානාම, මෙහි ඇතැම් පුඟුලෙක් “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ, බුද්ධයහ, භගවත්හ”යි බුදුන් කෙරෙහි ඒකාන්ත බවට ගියේ බෙහෙවින් පහන් වූයේ වෙයි. දහම් කෙරෙහි ... සඟුන් කෙරෙහි ... හාසබහුල ප්‍රඥා ඇත්තේ ය. ජවනප්‍රඥා ඇත්තේ ය. විමුක්තියෙන් නො ද සමන්වාගත ය. හෙ පස් ඕරම්භාගියසංයෝජනයන් ක්ෂය කිරීමෙන් අන්තරාපරිනිබ්බායී වේ. උපහච්ච පරිනිබ්බායී වේ. සසඞ්ඛාරපරිනිබ්බායී වේ. අසඞ්ඛාරපරිනිබ්බායී වේ. අකනිට්ඨගාමී උද්ධංසෝත වේ. මහානාම, මේ පුඟුල් තෙමේත් නිරයෙන් මිදුණේ ය ... අපායදුග්ගතිවිනිපාතයෙන් මිදුණේ ය.
ඉධ පන මහානාම, එකච්චො පුග්ගලො බුද්ධෙ එකන්තිගතො හොති අභිප්පසන්නො: “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සා”ති. න හාසුපඤ්ඤො න ජවනපඤ්ඤො, න ච විමුත්තියා සමන්නාගතො. සො තිණ්ණං සංයොජනානං පරික්ඛයා රාගදොසමොහානං තනුත්තා සකදාගාමී හොති, සකිදෙව ඉමං ලොකං ආගන්ත්වා දුක්ඛස්සන්තං කරොති. අයම්පි ඛො මහානාම, පුග්ගලො පරිමුත්තො නිරයා -පෙ- පරිමුත්තො අපායදුග්ගතිවිනිපාතා.
මහානාම, මෙහි ඇතැම් පුඟුලෙක් “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ, බුද්ධයහ, භගවත්හ”යි බුදුන් කෙරෙහි ඒකාන්ත බවට ගියේ බෙහෙවින් පහන් වූයේ වෙයි. ධර්මය කෙරෙහි ... ලෝකයාට අනුත්තරපුණ්‍යක්‍ෂේත්‍ර ය”යි සඞ්ඝයා කෙරෙහි ... හාස ප්‍රඥා ඇත්තේ නො වෙයි. ජවනප්‍රඥා ඇත්තේ නො වෙයි. විමුක්තියෙන් නො ද සමන්වාගත ය. හෙ ත්‍රිවිධසංයෝජනයන් ක්ෂය කිරීමෙන් රාගදෝසමෝහයන් තුනී වූ බැවින් සෙදගැමි වෙයි. එක්වරක් ම මෙලොවට අවුත් දුක් කෙළවර කෙරෙයි. මහානාම, මම පුඟුල් තෙමේත් නිරයෙන් මිදුණේ ය ... අපායදුග්ගතිවිනිපාතයෙන් මිදුණේ ය.
ඉධ පන මහානාම, එකච්චො පුග්ගලො බුද්ධෙ එකන්තිගතො හොති අභිප්පසන්නො: “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- න හාසුපඤ්ඤො න ජවනපඤ්ඤො, න ච විමුත්තියා සමන්නාගතො. සො තිණ්ණං සංයොජනානං පරික්ඛයා සොතාපන්නො හොති අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණොති. අයම්පිඛො මහානාම, පුග්ගලො පරිමුත්තො නිරයා -පෙ- පරිමුත්තො අපායදුග්ගතිවිනිපාතා.
මහානාම, මෙහි ඇතැම් පුඟුලෙක් “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ, බුද්ධයහ, භගවත්හ”යි බුදුන් කෙරෙහි ඒකාන්ත බවට ගියේ වෙසෙසින් පහන් වූයේ වෙයි. ධර්මය කෙරෙහි ... සඞ්ඝයා කෙරෙහි ... හාසුප්‍රඥා ඇත්තේ නො වේ. ජවනප්‍රඥා ඇත්තේ නො වේ. විමුක්තියෙන් නො ද සමන්වාගත ය. හෙ ත්‍රිවිධසංයෝජනයන් ක්ෂය කිරීමෙන් විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වේ. මහානාම මේ පුඟුල් තෙමේත් නිරයෙන් මිදුණේ ය ... අපායදුග්ගතිවිනිපාතයෙන් මිදුණේ ය.
ඉධ පන මහානාම, එකච්චො පුග්ගලො නහෙව ඛො බුද්ධෙ එකන්තිගතො හොති අභිප්පසන්නො, න ධම්මෙ -පෙ- න සඞ්ඝෙ -පෙ- න හාසුපඤ්ඤො න ජවනපඤ්ඤො න ච විමුත්තියා සමන්නාගතො. අපි චස්ස ඉමෙ ධම්මා හොන්ති: සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං. තථාගතප්පවෙදිතා චස්ස ධම්මා පඤ්ඤාය මත්තසො නිජ්ඣානං ඛමන්ති. අයම්පි ඛො, මහානාම, පුග්ගලො අගන්තා නිරයං, අගන්තා තිරච්ඡානයොනිං, අගන්තා පෙත්තිවිසයං, අගන්තා අපායදුග්ගතිවිනිපාතං.
මහානාම, මෙහි ඇතැම් පුඟුලෙක් බුදුන් කෙරෙහි ඒකාන්තබවට ගියේ බෙහෙවින් පහන් වූයේ නො ම වෙයි. ධර්මය කෙරෙහි ... නො ම වෙයි. සඞ්ඝයා කෙරෙහි ... නො ම වෙයි. හාසුප්‍රඥා ඇත්තේ නො ම වෙයි. ජවනප්‍රඥා ඇත්තේ නො ම වෙයි. විමුක්තියෙන් නො ද සමන්වාගත ය. වැලිදු ඔහුට සද්ධින්ද්රිය ... පඤ්ඤින්ද්රිය යන මේ දහම්හු වෙත්. තථාගතයන් වහන්සේ විසින් වදාරන ලද දහම්හු ද නුවණින් පමණ විසින් ම ඔහුගේ දැක්මට සුදුසු වෙත්. මහානාම, මේ පුඟුල් තෙමේ ත් නිරයට නොයන්නෙකි. තිරිසන් යොනට නො යන්නෙකි. ප්‍රේතවිෂයට නොයන්නෙකි. අපාය දුර්ගති විනිපාතයට නො යන්නෙකි.
ඉධ පන මහානාම, එකච්චො පුග්ගලො න හෙව ඛො බුද්ධෙ එකන්තිගතො හොති අභිප්පසන්නො. න ධම්මෙ -පෙ- න සඞ්ඝෙ -පෙ- න හාසුපඤ්ඤො න ජවනපඤ්ඤො න ච විමුත්තියා සමන්නාගතො. අපි චස්ස ඉමෙ ධම්මා හොන්ති: සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං. තථාගතෙ චස්ස සද්ධාමත්තං හොති පෙමමත්තං. අයම්පි ඛො මහානාම, පුග්ගලො අගන්තා නිරයං, අගන්තා තිරච්ඡානයොනිං, අගන්තා පෙත්තිවිසයං, අගන්තා අපායදුග්ගති විනිපාතං.
මහානාම, මෙහි ඇතැම් පුඟුලෙක් බුදුන් කෙරෙහි ඒකාන්ත බවට ගියේ වෙසෙසින් පහන් වූයේ නො ම වෙයි. ධර්මය කෙරෙහි ... නො ම වෙයි. සඞ්ඝයා කෙරෙහි ... නො ම වෙයි. හාසබහුල ප්‍රඥා ඇත්තේ නො ම වෙයි. ජවනප්‍රඥා ඇත්තේ නො ම වෙයි. විමුක්තියෙන් නො ද සමන්වාගත ය. වැලිදු ඔහුට සද්ධින්ද්රිය ... පඤ්ඤින්ද්රිය යන මේ දහම්හු වෙති. තථාගතයන් කෙරෙහි දු ඔහුට ශ්‍රද්ධාමාත්‍රයෙක් ප්‍රේමමාත්‍රයෙක් වෙයි. මහානාම, මේ පුඟුල් තෙමේත් නිරයට නො යන්නෙකි. තිරිසන් යොනට නො යන්නෙකි. ප්‍රේතවිෂයට නො යන්නෙකි. අපාය දුර්ගතිවිනිපාතයට නො යන්නෙකි.
සෙය්යථාපි මහානාම, දුක්ඛෙත්තං දුබ්භූමිං අවිහතඛාණුකං, බීජානි චස්සු ඛණ්ඩානි පූතීනි වාතාතපහතානි අසාරාදානි අසුඛසයිතානි, දෙවො ච න සම්මාධාරං අනුප්පවෙච්ඡෙය්ය. අපි නු තානි බීජානි වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජෙය්යුන්ති? නො හෙතං භන්තෙ. එවමෙව ඛො මහානාම, ඉධ ධම්මො දුරක්ඛාතො හොති දුප්පවෙදිතො අනිය්යානිකො අනුපසමසංවත්තනිකො අසම්මාසම්බුද්ධප්පවෙදිතො ඉදම්හං දුක්ඛෙත්තස්මිං වදාමි. තස්මිඤ්ච ධම්මෙ සාවකො විහරති ධම්මානුධම්මපටිපන්නො සාමීචිපටිපන්නො අනුධම්මචාරී ඉදමහං දුබ්බීජස්මිං වදාමි.
මහානාම, යම්සේ නො සරු බිම් ඇති නො නට කණු ඇති විෂම කෙතෙක් වේ ද, බිඳුණු කුණු වූ අව්සුළඟින් නටුවා වූ හර නො ගත් මැනවින් නො තබන ලද බීජයෝ ත් වන්නාහු ද, වැස්සත් මැනවින් වැසිදහර නො පමුණුවන්නේ ද, (එසේ ඇති කල්හි) බීජයෝ වැඩීමට තිරබවට විපුලත්වයට පැමිණෙන්නාහු දැයි? වහන්ස, මෙය නො වේ ය. මහානාම, එසෙයින් ම මෙහි දහම නපුරු කොට පවසන ලද්දේ නපුරු කොට දෙසන ලද්දේ නිවනට නො පමුණුවන්නේ ක්ලේශව්‍යුපශමය පිණිස නො පවත්නේ සව්නේ නොදත්තවුන් විසින් පවසන ලද්දේ වේ නම් මෙය මම විෂම කෙතැ යි කියමි. ශ්‍රාවක තෙමේ ඒ ධර්මයෙහිත් ධර්මානුධර්මප්රතිපන්න ව සාමීචිප්‍රතිපන්න ව අනුධර්මචාරී ව වෙසේ නම් මෙය මම නපුරු බීජය යි කියමි.
සෙය්යථාපි මහානාම, සුඛෙත්තං සුභූමිං සුවිහතඛාණුකං බීජානිචස්සු අඛණ්ඩානි අපූතීනි අවාතාතපහතානි සාරාදානි සුඛසයිතානි, දෙවො ච සම්මා ධාරං අනුප්පවෙච්ඡෙය්ය. අපි නු තානි බීජානි වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජෙය්යුන්ති? එවං භන්තෙ. එවමෙව ඛො මහානාම, ඉධ ධම්මො ස්වාක්ඛාතො හොති සුප්පවෙදිතො නිය්යානිකො උපසමසංවත්තනිකො සම්මාසම්බුද්ධප්පවෙදිතො. ඉදමහං සුඛෙත්තස්මිං වදාමි. තස්මිඤ්ච ධම්මෙ සාවකො විහරති ධම්මානුධම්මපටිපන්නො සාමීචිපටිපන්නො අනුධම්මචාරී. ඉදමහං සුබීජස්මිං වදාමි. කිමඞ්ග පන සරකානිං සක්කං, සරකානි මහානාම සක්කො මරණකාලෙ සික්ඛාය පරිපූරකාරී අහොසීති.
මහානාම, යම්සේ මනා බිම් ඇති මැනවින් නසන ලද කණු ඇති මනා කෙතෙක් වේ ද, නො කඩ වූ නො කුණු වූ අව්සුළඟින් නො නට හර ගත් මැනවින් තබන ලද බීජයෝත් වන්නාහු ද, වැස්සත් මැනවින් වැසිදහර පමුණු වන්නේ ද, (එසේ ඇති කල්හි) ඒ බීජයෝ වැඩීමට තිරබවට විපුලත්වයට පැමිණෙන්නාහු දැ?යි වහන්ස, එසේ ය. මහානාම, එසෙයින් ම මෙහි ධර්මය මැනවින් පවසන ලද්දේ මැනවින් දෙසන ලද්දේ නිවනට පමුණුවන්නේ ක්ලේශව්‍යුපශමය පිණිස පවත්නේ සව්නේ දත්තවුන් විසින් පවසන ලද්දේ වේ ද මෙය මම මනා කෙතැ යි කියමි. ඒ ධර්මයෙහිත් ශ්‍රාවක තෙමේ ධර්මානුධර්මප්රතිපන්න ව සාමීචි ප්‍රතිපන්න ව අනුධර්මචාරී ව වෙසේ නම් මෙය මම මනා බීජය යි කියමි. සරකානි ශාක්‍යයා ගැන කියනු කිම? මහානාම, සරකානි ශාක්‍ය තෙමේ මැරෙන කල ශික්ෂාව පිරිපුන් කරනසුලු වී යි.