දුතිය දෙවපදසුත්තං
11. 4. 5.
11. 4. 5.
දුතිය දෙවපදසුත්තං
දුතිය දේවපද සූත්‍රය
3803. චත්තාරි’මානි භික්ඛවෙ, දෙවානං දෙවපදානි අවිසුද්ධානං සත්තානං විසුද්ධියා අපරියොදාතානං සත්තානං පරියොදපනාය. කතමානි චත්තාරි? ඉධ භික්ඛවෙ, අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. සො ඉති පටිසඤ්චික්ඛති: “කින්නු ඛො දෙවානං දෙවපදන්ති”. සො එවං පජානාති: “අබ්යාපජ්ඣපරමෙ ඛ්වාහං එතරහි දෙවෙ සුණාමි. න ච ඛො පනාහං කඤ්චි බ්යාබාධෙමි තසං වා ථාවරං වා. අද්ධාහං දෙවපදධම්මසමන්නාගතො විහරාමී”ති. ඉදං පඨමං දෙවානං දෙවපදං අවිසුද්ධානං සත්තානං විසුද්ධියා අපරියොදාතානං සත්තානං පරියොදපනාය.
3803. මහණෙනි, අවිසුදු සතුන්ගේ විසුදු පිණිස නොදිලෙන සතුන්ගේ දිලුම පිණිස මේ දෙවියන්ගේ දෙව්පිය සතරෙකි. කවර සතරෙක යත්: මහණෙනි, මෙහි අරීසවු තෙමේ “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ බුද්ධයහ භගවත්හ”යි බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. හෙතෙමේ “දෙවියන්ගේ දෙව්පිය කිමෙක් දැ”යි? මෙසේ නුවණින් සලකා බලයි. හෙතෙමේ මෙසේ දැන ගනී: “මම දැන් දෙවියන් නිදුක්බව පරම කොට ඇත්තවුනැ යි අසමි. මම තැති ගන්නා වූ හෝ නොතැති ගන්නා වූ හෝ කිසිවකු නො පෙළමි. ඒකාන්තයෙන් මම දෙව්පිය දහමින් යුතු වූයෙම් වෙසෙමි” යි. අවිසුදු සතුන්ගේ විසුදු පිණිස නොදිලෙන සතුන්ගේ දිලුම පිණිස මේ දෙවියන්ගේ පළමුවන දෙව්පිය ය.
පුන චපරං භික්ඛවෙ, අරියසාවකො ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- පුන චපරං භික්ඛවෙ, අරියසාවකො අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති අඛණ්ඩෙහි -පෙ- සමාධිසංවත්තනිකෙහි. සො ඉති පටිසඤ්චික්ඛති: “කින්නු ඛො දෙවානං දෙවපදන්ති”. සො එවං පජානාති: “අබ්යාපජ්ඣපරමෙ ඛ්වාහං එතරහි දෙවෙ සුණාමි. න ඛො පනාහං කිඤ්චි බ්යාබාධෙමි තසං වා ථාවරං වා. අද්ධාහං දෙවපදධම්මසමන්නාගතො විහරාමී”ති. ඉදං චතුත්ථං දෙවානං දෙවපදං අවිසුද්ධානං සත්තානං විසුද්ධියා අපරියොදාතානං සත්තානං පරියොදපනාය. ඉමානි ඛො භික්ඛවෙ, චත්තාරි දෙවානං දෙවපදානි අවිසුද්ධානං සත්තානං විසුද්ධියා අපරියොදාතානං සත්තානං පරියොදපනායාති.
මහණෙනි, නැවත අනෙකක් ද කියමි: “අරීසවු තෙමේ දහම් කෙරෙහි ... සඟුන් කෙරෙහි ... මහණෙනි, නැවත අනෙකක් ද කියමි: “අරීසවු තෙමේ අඛණ්ඩ වූ ... සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්තශීලයෙන් යුතු වූයේ වෙයි. හෙතෙමේ දෙවියන්ගේ දෙව්පිය කිමෙක් දැ”යි මෙසේ නුවණින් සලකා බලයි. හෙතෙමේ මෙසේ දැනගනී: “මම දැන් දෙවියන් නිදුක්බව පරම කොට ඇත්තවුනැ යි අසමි. මම තැතිගන්නා වූ හෝ නොතැති ගන්නා වූ හෝ කිසිවකු නො ම පෙළමි. ඒකාන්තයෙන් මම දෙව්පිය දහමින් යුතු වූයෙම් වෙසෙමි” යි. අවිසුදු සතුන්ගේ විසුදු පිණිස නොදිලෙන සතුන්ගේ දිලුම පිණිස වූ මේ දෙවියන්ගේ සිවුවන දෙව්පිය ය. මහණෙනි, මේ සතර අවිසුදු සතුන්ගේ විසුදු පිණිස නොදිලෙන සතුන්ගේ දිලුම පිණිස වූ දෙවියන්ගේ දෙව්පිය යි.