සභාගතසුත්තං
11. 4. 6.
11. 4. 6.
සභාගතසුත්තං
සභාගත සූත්‍රය
3804. චතූහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතං අත්තමනා දෙවා සභාගතා කථෙන්ති. කතමෙහි චතූහි: ඉධ භික්ඛවෙ, අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. යා තා දෙවතා බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතා ඉතො චුතා තත්රූපපන්නා, තාසං එවං හොති: “යථාරූපෙන ඛො මයං බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතා තතො චුතා ඉධූපපන්නා. අරියසාවකොපි තථාරූපෙන බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො එතීති දෙවානං සන්තිකෙති”.
3804. මහණෙනි, සිවුදහමෙකින් යුතු වූවහු (ඇරබ) සතුටු සිත් ඇති දෙවියෝ සභාවට පැමිණියාහු කියත්. (කථා කෙරෙත්) කවර සිවු දහමෙකින යත්: මහණෙනි, මෙහි අරීසවු තෙමේ “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුනට ශාස්තෲහ බුද්ධහය භගවත්හ”යි බුදුන් කෙරෙහි අචල ප්‍රසාදයෙන් සමන්වාගත වෙයි. යම් ඒ දෙවි කෙනෙක් බුදුන් කෙරෙහි අචලප්‍රසාදයෙන් සමන්වාගත වූවාහු මෙයින් ච්‍යුත ව එහි පැමිණියාහු නම් ඔවුනට මෙබඳු සිතෙක් වෙයි: “අපි බුදුරජාණන් වහන්සේ කෙරෙහි යම්බඳු අචල ප්රසාදයෙකින් සමන්වාගත වූවමෝ එයින් ච්‍යුත ව මෙහි පැමිණියමෝ නම් අරීසවු තෙමේත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි එබඳු අචල ප්රසාදයෙකින් සමන්වාගත දෙවියන් සමීපයට පැමිණෙන්නේ ය”යි.
පුන චපරං භික්ඛවෙ, අරියසාවකො ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- පුන චපරං භික්ඛවෙ අරියසාවකො අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති අඛණ්ඩෙහි -පෙ- සමාධිසංවත්තනිකෙහි. යා තා දෙවතා අරියකන්තෙහි සීලෙහි සමන්නාගතා ඉතො චුතා තත්රූපපන්නා. තාසං එවං හොති “යථාරූපෙහි ඛො මයං අරියකන්තෙහි සීලෙහි සමන්නාගතා තතො චුතා ඉධූපපන්නා, අරියසාවකොපි තථාරූපෙහි අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො එතීති දෙවානං සන්තිකෙ”ති. ඉමෙහි ඛො භික්ඛවෙ, චතූහි ධම්මෙහි සමන්නාගතං අත්තමනා දෙවා සභාගතං කථෙන්තීති.
මහණෙනි, නැවත අනෙකක් ද කියමි: “අරීසවු තෙමේ දහම කෙරෙහි ... සඟුන් කෙරෙහි ... මහණෙනි, නැවත අනෙකක් ද කියමි: “ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ අඛණ්ඩ වූ ... සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්වාගත වෙයි. යම් ඒ දෙවි කෙනෙක් ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්වාගත වූවාහු මෙයින් ච්‍යුත ව එහි පැමිණියාහු නම් ඔවුනට මෙබඳු සිතෙක් වෙයි. “අපි යම් බඳු ආර්ය්යකාන්තශීලයෙකින් සමන්වාගත වූවමෝ එයින් ච්‍යුත ව මෙහි පැමිණියමෝ නම් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේත් එබඳු ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්වාගත ය. දෙවියන් සමීපයට පැමිණෙන්නේ ය”යි. මහණෙනි, මේ සිවුදහමින් යුතු වූවහු (ඇරබ) සතුටු සිත් ඇති දෙවියෝ සභාවට පැමිණියාහු කියති යි.