නන්දියසුත්තං
11. 4. 10.
11. 4. 10.
නන්දියසුත්තං
නන්දිය සූත්‍රය
3808. එකං සමයං භගවා සක්කෙසු විහරති කපිලවත්ථුස්මිං නිග්රොධාරාමෙ. අථ ඛො නන්දියො සක්කො යෙන භගවා තෙනුපසඞ්කමි -පෙ- එකමන්තං නිසින්නො ඛො නන්දියො සක්කො භගවන්තං එතදවොච: “යස්සෙව නු ඛො භන්තෙ, අරියසාවකස්ස චත්තාරි සොතාපත්තියඞ්ගානි සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං නත්ථි, සො එව නු ඛො භන්තෙ, අරියසාවකො පමාදවිහාරී”ති?
3808. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යදනව්වෙහි කිඹුල්වත නිග්‍රෝධාරාමයෙහි වැඩවසන සේක. එකල්හි නන්දිය ශාක්‍යතෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය ... එකත්පස් ව හුන් නන්දිය ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: වහන්ස, “යම් ම අරීසව්වකුහට සිවු සෝවන්අඟ සියල්ලෙන් සියල්ල මුළුල්ලෙන් සියල්ල නැද්ද වහන්ස, ඒ අරීසවුතෙමේ ම පමාවිහරණ ඇත්තේ දැ”යි?
යස්ස ඛො නන්දිය, චත්තාරි සොතාපත්තියඞ්ගානි සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං නත්ථි, තමහං බාහිරො පුථුජ්ජනපක්ඛෙ ඨිතොති වදාමි. අපි ච නන්දිය, යථා අරියසාවකො පමාදවිහාරී චෙව හොති අප්පමාදවිහාරී ච. තං සුණාහි. කථඤ්ච නන්දිය, අරියසාවකො පමාදවිහාරී හොති: ඉධ නන්දිය, අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. සො තෙන බුද්ධෙ අවෙච්චප්පසාදෙන සන්තුට්ඨො න උත්තරිං වායමති දිවා පවිවෙකාය රත්තිං පටිසල්ලානාය. තස්ස එවං පමත්තස්ස විහරතො පාමුජ්ජං න හොති. පාමුජ්ජෙ අසති, පීති න හොති. පීතියා අසති, පස්සද්ධි න හොති. පස්සද්ධියා අසති, දුක්ඛං විහරති. දුක්ඛිනො චිත්තං න සමාධියති. අසමාහිතෙ චිත්තෙ ධම්මා න පාතුභවන්ති. ධම්මානං අපාතුභාවා පමාදවිහාරීත්වෙව සඞ්ඛං ගච්ඡති.
නන්දිය, “යමකුට සිවු සෝවන් අඟ සියල්ලෙන් සියල්ල මුළුල්ලෙන් සියල්ල නැද්ද, ඔහු බාහිර වූ පුහුදුන්පසෙහි සිටියෙකැ”යි මම කියමි. නන්දිය, වැලිදු අරීසවුතෙමේ යම්සේ පමාවිහරණ ඇත්තේත් නො පමා විහරණ ඇත්තේත් වේ නම් එය අස. නන්දිය, අරීසවුතෙමේ කෙසේ නම් පමා විහරණ ඇත්තේ වේ ද යත්: නන්දිය, මෙහි අරීසවුතෙමේ “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුනට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි බුදුන් කෙරෙහි අචලප්‍රසාදයෙන් සතුටු වූයේ දහවල් තුන් විවේකසුව පිණිසත් රෑ සමවත්සුව පිණිසත් මතු වෑයම් නො කෙරෙයි. මෙසේ පමා ව වෙසෙන ඔහුට පාමුජ්ජ (තරුණප්‍රීති)ය නො වේ. පාමුජ්ජය නැති කල්හි ප්‍රීතිය නො වේ. ප්‍රීතිය නැති කල්හි පස්සද්ධිය නො වේ. පස්සද්ධිය නැති කල්හි දුකසේ වෙසේ. දුක් ඇත්තහුගේ සිත එකඟ නො වේ. සිත එකඟ නොවූ කල්හි සමථවිපස්සනා දහම් පහළ නො වේ. දහම් පහළ නොවීමෙන් “පමාවිහරණ ඇත්තේ ය”යි ම ගිණුමට යේ.
පුන චපරං නන්දිය, අරියසාවකො ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති අඛණ්ඩෙහි -පෙ- සමාධිසංවත්තනිකෙහි. සො තෙහි අරියකන්තෙහි සීලෙහි සන්තුට්ඨො න උත්තරිං වායමති දිවා පවිවෙකාය රත්තිං පටිසල්ලානාය. තස්ස එවං පමත්තස්ස විහරතො පාමුජ්ජං න හොති. පාමුජ්ජෙ අසති, පීති න හොති. පීතියා අසති, පස්සද්ධි න හොති. පස්සද්ධියා අසති, දුක්ඛං විහරති. දුක්ඛිනො චිත්තං න සමාධියති. අසමාහිතෙ චිත්තෙ ධම්මා න පාතුභවන්ති. ධම්මානං අපාතුභාවා පමාදවිහාරීත්වෙව සඞ්ඛං ගච්ඡති. එවං ඛො නන්දිය, අරියසාවකො පමාදවිහාරී හොති.
නන්දිය, නැවත අනෙකක් ද කියමි: “අරීසවුතෙමේ දහම්හි ... සඟුන් කෙරෙහි ... අඛණ්ඩ වූ සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් යුතු වූයේ වෙයි. හෙතෙමේ ඒ ආර්‍ය්‍යකාන්තශීලයෙන් සතුටු වූයේ දහවල් තුන්විවේක සුව පිණිසත් රෑ සමවත්සුව පිණිසත් මතු වෑයම් නො කෙරෙයි. මෙසේ පමා ව වෙසෙන ඔහුට පාමුජ්ජය නො වේ. පාමුජ්ජය නැති කල්හි ප්‍රීතිය නො වේ. ප්‍රීතිය නැති කල්හි පස්සද්ධිය නො වේ. පස්සද්ධිය නැති කල්හි දුකසේ වෙසේ. දුක් ඇත්තහුගේ සිත එකඟ නොවේ. සිත එකඟ නො වූ කල්හි සමථවිපස්සනා දහම් පහළ නො වේ. දහම් පහළ නොවීමෙන් “පමාවිහරණ ඇත්තේ ය”යි ම ගිණුමට යේ. නන්දිය, මෙසේ අරීසවුතෙමේ පමාවිහරණ ඇත්තේ වේ.
කථඤ්ච නන්දිය, අරියසාවකො අප්පමාදවිහාරී හොති: ඉධ නන්දිය, අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. සො තෙන බුද්ධෙ අවෙච්චප්පසාදෙන අසන්තුට්ඨො උත්තරිං වායමති දිවා පවිවෙකාය රත්තිං පටිසල්ලානාය. තස්ස එවං අප්පමත්තස්ස විහරතො පාමුජ්ජං ජායති. පමුදිතස්ස පීති ජායති. පීතිමනස්ස කායො පස්සම්භති. පස්සද්ධකායො සුඛං වෙදියති. සුඛිනො චිත්තං සමාධියති. සමාහිතෙ චිත්තෙ ධම්මා පාතුභවන්ති. ධම්මානං පාතුභාවා අප්පමාදවිහාරීත්වෙව සඞ්ඛං ගච්ඡති .
නන්දිය, අරීසවුතෙමේ කෙසේ නම් නො පමාවිහරණ ඇත්තේ වේ ද යත්: නන්දිය මෙහි අරීසවුතෙමේ “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුනට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි බුදුන් කෙරෙහි අචලප්‍රසාදයෙන් සමන්වාගත වෙයි. හෙතෙමේ බුදුන් කෙරෙහි වූ ඒ අචලප්‍රසාදයෙන් සතුටු නොවූයේ දහවල් තුන්විවේක සුව පිණිසත් රෑ සමවත්සුව පිණිසත් මතු වෑයම් කෙරෙයි. මෙසේ නො පමා ව වෙසෙන ඔහුට ප්‍රමුදිතභාවය උපදී. ප්‍රමුදිත වූවහුට ප්‍රීතිය උපදි. ප්‍රීතිසිත් ඇත්තහුගේ කය සන්හිඳෙයි. සන්හුන් කය ඇත්තේ සුව විඳියි. සුව ඇත්තහුගේ සිත එකඟ වෙයි. සිත එකඟ වූ කල්හි සමථවිපස්සනාදහම් පහළ වේ. දහම් පහළවීමෙන් “නොපමාවිහරණ ඇත්තේ ය”යි ම ගිණුමට යේ.
පුන චපරං නන්දිය, අරියසාවකො ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති අඛණ්ඩෙහි -පෙ- සමාධිසංවත්තනිකෙහි. සො තෙහි අරියකන්තෙහි සීලෙහි අසන්තුට්ඨො උත්තරිං වායමති දිවා පවිවෙකාය රත්තිං පටිසල්ලානාය. තස්ස එවං අප්පමත්තස්ස විහරතො පාමුජ්ජං ජායති. පමුදිතස්ස පීති ජායති. පීතිමනස්ස කායො පස්සම්භති. පස්සද්ධකායො සුඛං වෙදියති. සුඛිනො චිත්තං සමාධියති. සමාහිතෙ චිත්තෙ ධම්මා පාතුභවන්ති. ධම්මානං පාතුභාවා අප්පමාදවිහාරීත්වෙව සඞ්ඛං ගච්ඡති. එවං ඛො නන්දිය, අරියසාවකො අප්පමාදවිහාරී හොතීති.
නන්දිය, නැවත අනිකක් ද කියමි. අරීසවුතෙමේ දහම කෙරෙහි ... සඟුන් කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිසංවත්තනික වූ ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් සතුටු නො වූයේ දහවල් තුන් විවේකසුව පිණිසත් රෑ සමවත්සුව පිණිසත් මතු වෑයම් කෙරෙයි. මෙසේ නො පමාව වෙසෙන ඔහුට ප්‍රමුදිතභාවය උපදී. ප්‍රමුදිත වූවහුට ප්‍රීතිය උපදී. ප්‍රීතිසිත් ඇත්තහුගේ කය සන්හිඳේ. සන්හුන් කය ඇත්තේ සුව විඳී. සුව ඇත්තහුගේ සිත එකඟ වේ. සිත එකඟ වූ කල්හි සමථවිපස්සනා දහම් පහළ වේ. දහම් පහළ වීමෙන් නො පමා විහරණ ඇත්තේ යයි ම ගිණුමට යේ. නන්දිය, මෙසේ අරීසවුතෙමේ නො පමා විහරණ ඇත්තේ වේ යි.
පුඤ්ඤාභිසන්දවග්ගො චතුත්ථො.
සිවුවැනි පුඤ්ඤාභිසන්ද වර්ග යි.
තත්රුද්දානං:
එහි සූත්‍රනාමාවලිය:
අභිසන්දා තයො වුත්තා දුවෙ දෙවපදානි ච, සභාගතං මහානාමො වස්සං කාලි ච නන්දියාති.
අභිසන්දසුතුරු තුනෙක් ද, දේවපදසුතුරු දෙකෙක් ද, සභාගත, මහානාම, වස්ස, කාලිගෝධා, නන්දිය යි පසෙක් දැ යි දස සුතුරු කෙනෙක් කියන ලදහ යි.