යෙදුමෙන් කියවන්න

කාලිගොධාසුත‍්තං

11. 4. 9.

11. 4. 9.

කාලිගොධාසුත‍්තං

කාලිගෝධ සූත්‍රය

3807. එකං සමයං භගවා සක‍්කෙසු විහරති කපිලවත්‍ථුස‍්මිං නිග්‍රොධාරාමෙ. අථ ඛො භගවා පුබ‍්බන‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය යෙන කාලිගොධාය සාකියානියා නිවෙසනං තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා පඤ‍්ඤත‍්තෙ ආසනෙ නිසීදි. අථ ඛො කාලිගොධා සාකියානී යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නං ඛො කාලිගොධං සාකියානිං භගවා එතදවොච:

3807. එක්සමයෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යදනව්වෙහි කිඹුල්වත නිග්‍රෝධාරාමයෙහි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු හැඳ පෙරව පා සිවුරු ගෙන කාලිගෝධා නම් ශාක්‍යදුවගේ නිවෙස්න වෙත එළඹි සේක. එළඹ පැනවූ අස්නෙහි වැඩහුන් සේක. එකල්හි කාලිගෝධා සැහැදුව භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියා ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්නා ය. එකත්පස් ව හුන් කාලිගෝධා සැහැදුවට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

චතූහි ඛො ගොධෙ, ධම‍්මෙහි සමන‍්නාගතා අරියසාවිකා සොතාපන‍්නා හොති අවිනිපාතධම‍්මා නියතා සම‍්බොධිපරායණා. කතමෙහි චතූහි: ඉධ ගොධෙ, අරියසාවිකා බුද‍්ධෙ අවෙච‍්චප‍්පසාදෙන සමන‍්නාගතා හොති: “ඉතිපි සො භගවා -පෙ- සත්‍ථා දෙවමනුස‍්සානං බුද‍්ධො භගවා”ති. ධම‍්මෙ -පෙ- සඞ‍්ඝෙ -පෙ- විගතමලමච‍්ඡෙරෙන චෙතසා අගාරං අජ‍්ඣාවසති, මුත‍්තචාගා පයතපාණී වොස‍්සග‍්ගරතා යාචයොගා දානසංවිභාගරතා. ඉමෙහි ඛො ගොධෙ, චතූහි ධම‍්මෙහි සමන‍්නාගතා අරියසාවිකා සොතාපන‍්නා හොති අවිනිපාතධම‍්මා නියතා සම‍්බොධිපරායණාති.

ගෝධාවෙනි, සිවුදහමකින් යුත් ආර්‍ය්‍යශ්‍රාවිකා තොමෝ විවස ව නො හෙන සුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වූවා වේ. කවර සිවුදහමකින යත්: ගෝධාවෙනි, මෙහි අරීසව්තොමෝ “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුනට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ” යි. බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූවා වෙයි. දහම කෙරෙහි ... සඟුන් කෙරෙහි ... මුදන ලද ත්‍යාග ඇත්තී දෝනා ලද අත් ඇත්තී ත්‍යාගයෙහි ඇලුණී ඉල්ලනු ලැබීමට සුදුසු වූවා දීමෙහිත් බෙදා දීමෙහිත් ඇලුණී පහව ගිය මසුරුමල ඇති සිතින් යුතු ව ගිහිගෙයි වෙසේ. ගෝධාවෙනි, මේ සිවුදහමින් යුතු අරීසැවි තොමෝ විවස ව නො හෙන සුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වූවා වේ යි.

යානිමානි භන‍්තෙ, භගවතා චත‍්තාරි සොතාපත‍්තියඞ‍්ගානි දෙසිතානි. සංවිජ‍්ජන‍්තෙ තෙ ධම‍්මා මයි. අහඤ‍්ච තෙසු ධම‍්මෙසු සන්‍දිස‍්සාමි. අහං හි භන‍්තෙ, බුද‍්ධෙ අවෙච‍්චප‍්පසාදෙන සමන‍්නාගතා: “ඉතිපි සො භගවා -පෙ- සත්‍ථා දෙවමනුස‍්සානං බුද‍්ධො භගවා”ති. ධම‍්මෙ -පෙ- සඞ‍්ඝෙ -පෙ- යං ඛො පන කිඤ‍්චි කුලෙ දෙය්‍යධම‍්මං සබ‍්බං තං අප‍්පටිවිභත‍්තං සීලවන‍්තෙහි කල්‍යාණධම‍්මෙහීති. ලාභා තෙ ගොධෙ, සුලද‍්ධං තෙ ගොධෙ, සොතාපත‍්තිඵලං තයා ගොධෙ, ව්‍යාකතන‍්ති.

වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මේ සිවු සෝවන් අඟ ඇති කෙනෙක් වදාරන ලද්දාහු ද, ඒ දහම්හු මා කෙරෙහි ඇත. මමත් ඒ දහම්හි දක්නා ලැබෙමි. වහන්ස, මම “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූවා වෙමි. දහම කෙරෙහි ... සඟුන් කෙරෙහි ... කුලයෙහි යම්කිසි දියයුතු දැයෙක් වේ නම් ඒ සියල්ල කලණ දහම් ඇති සිල්වතුන් හා නො බෙදන ලද්දේ වේ යි. ගෝධාවෙනි, තොපට ලාභයෙකි. තොපට මනා ලැබුමෙකි. ගෝධාවෙනි, තොප විසින් සෝවන්පෙල පවසන ලදැයි.