වස්සසුත්තං
11. 4. 8.
11. 4. 8.
වස්සසුත්තං
වස්ස සූත්රය
3806. සෙය්යථාපි භික්ඛවෙ, උපරිපබ්බතෙ ථුල්ලඵුසිතකෙ දෙවෙ වස්සන්තෙ තං උදකං යථානින්නං පවත්තමානං පබ්බතකන්දරපදරසාඛා පරිපූරෙන්ති. පබ්බතකන්දරපදරසාඛා පරිපූරා කුස්සුබ්භෙ පරිපූරෙන්ති. කුස්සුබ්භා පරිපූරා මහාසොබ්භෙ පරිපූරෙන්ති, මහාසොබ්භා පරිපූරා කුන්නදියො පරිපූරෙන්ති, කුන්නදියො පරිපූරා මහානදියො පරිපූරෙන්ති, මහානදියො පරිපූරා මහාසමුද්දං සාගරං පරිපූරෙන්ති. එවමෙව ඛො භික්ඛවෙ, අරියසාවකස්ස යො ච බුද්ධෙ අවෙච්චප්පසාදො, යො ච ධම්මෙ අවෙච්චප්පසාදො, යො ච සඞ්ඝෙ අවෙච්චප්පසාදො, යානි ච අරියකන්තානි සීලානි, ඉමෙ ධම්මා සන්දමානා පාරං ගන්ත්වා ආසවානං ඛයාය සංවත්තන්තීති.
3806. මහණෙනි, යම්සේ පවුමතුයෙහි මහත්පොද ඇති වැස්ස වස්නා කල ඒ දිය පහත් බිම් අනුව පවත්නේ පවුකඳුරැලි ඇළ දොළ පුරවා ද, පවුකඳුරැලි ඇළදොළ පිරුණාහු කුඩා හෙප් පුරවද් ද, කුඩා හෙප් පිරුණාහු මහහෙප් පුරවද් ද, මහහෙප් පිරුණාහු කුඩා ගඞ්ගා පුරවද් ද, කුඩා ගඞ්ගා පිරුණාහු මහාගඞ්ගා පුරවද් ද, මහාගඞ්ගා පිරුණාහු මහමුහුදුසයුර පුරවද් ද, මහණෙනි, එසෙයින් ම අරීසවුහට බුදුන් කෙරෙහිත් යම් ගුණ දැන පැහැදීමෙක් වේ ද, දහම්හි ගුණ දැන පැහැදීමෙක් වේ ද, සඟුන් කෙරෙහිත් යම් ගුණ දැන පැහැදීමෙක් වේ ද, යම් ආර්ය්යකාන්ත ශීලයෝත් වෙද්ද, මේ දහම්හු ගලන්නාහු පරතෙරට ගොස් ආස්රවක්ෂය පිණිස පවතිත් යි.