යෙදුමෙන් කියවන්න

අසඞ‍්ඛෙය්‍යසුත‍්තං

11. 5. 1.

11. 5. 1.

අසඞ‍්ඛෙය්‍යසුත‍්තං

අසඞේඛය්‍ය සූත්‍රය

3809. චත‍්තාරො’මෙ භික‍්ඛවෙ, පුඤ‍්ඤාභිසන්‍දා, කුසලාභිසන්‍දා, සුඛස‍්සාහාරා. කතමෙ චත‍්තාරො: ඉධ භික‍්ඛවෙ, අරියසාවකො බුද‍්ධෙ අවෙච‍්චප‍්පසාදෙන සමන‍්නාගතො හොති: “ඉතිපි සො භගවා -පෙ- සත්‍ථා දෙවමනුස‍්සානං බුද‍්ධො භගවා”ති. අයං පඨමො පුඤ‍්ඤාභිසන්‍දො, කුසලාභිසන්‍දො, සුඛස‍්සාහාරො. පුන චපරං භික‍්ඛවෙ, අරියසාවකො ධම‍්මෙ -පෙ- සඞ‍්ඝෙ -පෙ- පුන චපරං භික‍්ඛවෙ, අරියසාවකො අරියකන‍්තෙහි සීලෙහි සමන‍්නාගතො හොති අඛණ‍්ඩෙහි -පෙ- සමාධිසංවත‍්තනිකෙහි. අයං චතුත්‍ථො පුඤ‍්ඤාභිසන්‍දො කුසලාභිසන්‍දො සුඛස‍්සාහාරො. ඉමෙ ඛො භික‍්ඛවෙ, චත‍්තාරො පුඤ‍්ඤාභිසන්‍දා, කුසලාභිසන්‍දා, සුඛස‍්සාහාරා.

3809. මහණෙනි, සැපයට ප්‍රත්‍යය වූ මේ පුණ්‍යගඞ්ගා කුසලගඞ්ගා සතරෙකි. කවර සතරෙක් ද යත්: මහණෙනි, මෙහි අරීසවු තෙමේ “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲ හ. බුද්ධය හ. භගවත් හ”යි බුදුන් කෙරෙහි අචලප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි. මේ සුවයට ප්‍රත්‍යය වු පළමුවන පින්ගඟ ය. කුසල්ගඟ ය. මහණෙනි, නැවත අනිකක් ද කියමි: අරීසවුතෙමේ දහම කෙරෙහි ... සඟුන් කෙරෙහි ... මහණෙනි, නැවත අනිකක් ද කියමි: අරීසවුතෙමේ අඛණ්ඩ වූ ... සමාධිසංවත්තනික වූ ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්‍වාගත වෙයි. මේ සුවයට ප්‍රත්‍යය වූ සිවුවන පින්ගඟ ය. කුසල්ගඟ ය. මහණෙනි, මේ සතර සුවයට ප්‍රත්‍යය වූ පුණ්‍යගඞ්ගාවෝ කුසලගඞ්ගාවෝ ය.

ඉමෙහි ඛො භික‍්ඛවෙ, චතූහි පුඤ‍්ඤාභිසන්‍දෙහි කුසලාභිසන්‍දෙහි සමන‍්නාගතස‍්ස අරියසාවකස‍්ස න සුකරං පුඤ‍්ඤස‍්ස පමාණං ගණෙතුං. “එත‍්තකො පුඤ‍්ඤාභිසන්‍දො, කුසලාභිසන්‍දො, සුඛස‍්සාහාරො”ති. අථ ඛො “අසඞ‍්ඛෙය්‍යො අප‍්පමෙය්‍යො මහාපුඤ‍්ඤක‍්ඛන්‍ධො”ත්‍වෙව සඞ‍්ඛං ගච‍්ඡති. සෙය්‍යථාපි භික‍්ඛවෙ, මහාසමුද‍්දෙ න සුකරං උදකස‍්ස පමාණං ගණෙතුං “එත‍්තකානි උදකාළ‍්හකානීති වා එත‍්තකානි උදකාළ‍්හක සතානීති වා එත‍්තකානි උදකාළ‍්හකසහස‍්සානීති වා.” අථ ඛො “අසඞ‍්ඛ්‍යෙය්‍යො අප‍්පමෙය්‍යො මහාඋදකක‍්ඛන්‍ධො”ත්‍වෙව සඞ‍්ඛං ගච‍්ඡති. එවමෙව ඛො භික‍්ඛවෙ, ඉමෙහි චතූහි පුඤ‍්ඤාභිසන්‍දෙහි කුසලාභිසන්‍දෙහි සමන‍්නාගතස‍්ස අරියසාවකස‍්ස න සුකරං පුඤ‍්ඤස‍්ස පමාණං ගණෙතුං, “එත‍්තකො පුඤ‍්ඤාභිසන්‍දො, කුසලාභිසන්‍දො, සුඛස‍්සාහාරො”ති. අථ ඛො අසඞ‍්ඛ්‍යෙය්‍යො අප‍්පමෙය්‍යො මහාපුඤ‍්ඤක‍්ඛන්‍ධොත්‍වෙව සඞ‍්ඛං ගච‍්ඡතී”ති. ඉදමවොච භගවා -පෙ- එතදවොච සත්‍ථා:

මහණෙනි, මේ සිවු පුණ්‍යගඞ්ගාවන් ගෙන් කුසලගඞ්ගාවන් ගෙන් යුතු වූ අරීසවුහට සුවයට ප්‍රත්‍යය වූ මෙතෙක් පින්ගඟෙකැ කුසල්ගඟෙකැ යි පිනෙහි පමණ ගණන්නට සුකර නො වේ. වැලි ගණන් නො කළ හැකි, පමණ නො කළ හැකි, මහපින් කඳෙකැයි ම ගිණුවට යේ. මහණෙනි, යම් සේ මහමුහුදෙහි දිය ලාස් මෙතෙකැයි හෝ දිය ලාස් මෙතෙක් සියයකැයි හෝ දිය ලාස් මෙතෙක් දහසෙකැයි හෝ දිය ලාස් මෙතෙක් සියදහසෙකැයි හෝ දියෙහි පමණ ගණන්නට සුකර නො වේ ද, වැලි ගණන් නො කළ හැකි, පමණ නො කළ හැකි, මහදියකඳෙකැයි ම ගිණුමට යේ ද, මහණෙනි, එසෙයින් ම මේ සිවු පුණ්‍යගඞ්ගාවන්ගෙන් කුශලගඞ්ගාවන්ගෙන් යුතු වූ අරීසවුහට සුවයට ප්‍රත්‍යය වූ මෙතෙක් පින්ගඟෙකැයි කුසල්ගඟෙකැයි පිනෙහි පමණ ගණන්නට සුකර නො වේ. වැලි ගණන් නොකළ හැකි පමණ නොකළ හැකි මහපින් කඳෙකැයි ම ගිණුමට යේ යි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක ... ශාස්තෲන් වහන්සේ මෙය ද වදාළ සේක.

මහොදධිං අපරිමිතං මහාසරං, බහු භෙරවං රතනගණානමාලයං, නජ‍්ජො යථා නරගණසඞ‍්ඝසෙවිතා, පුථූ සවන‍්තී උපයන‍්ති සාගරං.

මිනිස් සමූහයා විසින් සෙවුනා ලද ගලාබස්නා බොහෝ වූ නදීහු මහත්දියකඳ දරන, පමණ නොකළ හැකි, මහත් ගඞ්ගාවන්ගේ එක්වීම ඇති, බෙහෙවින් බිහිසුණු වූ, රුවන්සමූහයට උත්පත්තිස්ථාන වූ සයුරට යම්සේ පැමිණෙද් ද,

එවං නරං අන‍්නදපානවත්‍ථදං සෙය්‍යානිසජ‍්ජත්‍ථරණස‍්ස දායකං, පුඤ‍්ඤස‍්ස ධාරා උපයන‍්ති පණ‍්ඩිතං නජ‍්ජො යථා වාරිවහාව සාගරන‍්ති.

එසෙයින් ආහාරපානවස්ත්‍ර දානය කරන සෙනසුන් අතුරුණු දෙන නුවණැති මිනිසා කරා දිය උසුලන නදීන් සයුර කරා පැමිණෙනු මෙන් පින්දහර පැමිණේ යි.