දුතිය අසඞ්ඛෙය්යසුත්තං
11. 5. 2.
11. 5. 2.
දුතිය අසඞ්ඛෙය්යසුත්තං
දුතිය අසඞේඛය්‍ය සූත්‍රය
3810. චත්තාරො මෙ භික්ඛවෙ, පුඤ්ඤාභිසන්දා, කුසලාභිසන්දා, සුඛස්සාහාරා. කතමෙ චත්තාරො: ඉධ භික්ඛවෙ, අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. අයං පඨමො පුඤ්ඤාභිසන්දො කුසලාභිසන්දො සුඛස්සාහාරො. පුන චපරං භික්ඛවෙ, අරියසාවකො ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- පුන චපරං භික්ඛවෙ, අරියසාවකො විගතමලමච්ඡෙරෙන චෙතසා අගාරං අජ්ඣාවසති මුත්තචාගො පයතපාණී වොස්සග්ගරතො යාචයොගො දානසංවිභාගරතො. අයං චතුත්ථො පුඤ්ඤාභිසන්දො කුසලාභිසන්දො සුඛස්සාහාරො. ඉමෙ ඛො භික්ඛවෙ, චත්තාරො පුඤ්ඤාභිසන්දා, කුසලාභිසන්දා, සුඛස්සාහාරා.
3810. මහණෙනි, සුවයට ප්‍රත්‍යය වූ මේ පුණ්‍යගඞ්ගා කුශලගඞ්ගා සතරෙකි. කවර සතරෙක යත්: මහණෙනි, මෙහි අරීසවු තෙමේ “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. මේ සුවයට ප්‍රත්‍යය වූ පළමුවන පින්ගඟ ය. කුසල්ගඟ ය. මහණෙනි, නැවත අනෙකක් ද කියමි: අරීසවු තෙමේ දහම කෙරෙහි ... සඟුන් කෙරෙහි ... මහණෙනි, නැවත අනෙකක් ද කියමි: අරීසවුතෙමේ මුදන ලද ත්‍යාග ඇතියේ දෝනා ලද අත් ඇතියේ දීමෙහි ඇලුණේ යදිනු ලැබීමට සුදුසු වූයේ දීමෙහිත් බෙදා දීමෙහිත් ඇලුණේ පහව ගිය මසුරුමල ඇති සිතින් යුතු ව ගිහිගෙයි වෙසේ. මේ සුවයට ප්‍රත්‍යය වූ සිවුවන පින්ගඟ ය. කුසල්ගඟ ය. මහණෙනි, මේ සතර සුවයට ප්‍රත්‍යය වූ පුණ්‍යගඞ්ගාවෝ කුශලගඞ්ගාවෝ ය.
ඉමෙහි ඛො භික්ඛවෙ, චතූහි පුඤ්ඤාභිසන්දෙහි කුසලාභිසන්දෙහි සමන්නාගතස්ස අරියසාවකස්ස න සුකරං පුඤ්ඤස්ස පමාණං ගණෙතුං. “එත්තකො පුඤ්ඤාභිසන්දො, කුසලාභිසන්දො, සුඛස්සාහාරො”ති. අථ ඛො “අසඞ්ඛෙය්යො අප්පම්යෙය්යො මහාපුඤ්ඤක්ඛන්ධො”ත්වෙව සඞ්ඛං ගච්ඡති. සෙය්යථාපි භික්ඛවෙ, යත්ථිමා මහානදියො සංසන්දන්ති සමෙන්ති. සෙය්යථිදං: ගඞ්ගා, යමුනා, අචිරවතී, සරභූ, මහී. තත්ථ න සුකරං උදකස්ස පමාණං ගණෙතුං, “එත්තකානි උදකාළ්හකානීති වා එත්තකානි උදකාළ්හකසතානීති වා එත්තකානි උදකාළ්හකසහස්සානීති වා එත්තකානි උදකාළ්හකසතසහස්සානීති වා”. අථ ඛො “අසඞ්ඛෙය්යො අප්පමෙය්යො මහාඋදකක්ඛන්ධො” ත්වෙව සඞ්ඛං ගච්ඡති. එවමෙව ඛො භික්ඛවෙ, ඉමෙහි චතූහි පුඤ්ඤාභිසන්දෙහි කුසලාභිසන්දෙහි සමන්නාගතස්ස අරියසාවකස්ස න සුකරං පුඤ්ඤස්ස පමාණං ගණෙතුං: “එත්තකො පුඤ්ඤාභිසන්දො, කුසලාභිසන්දො, සුඛස්සාහාරො”ති. අථ ඛො “අසඞ්ඛෙය්යො අප්පමෙය්යො මහාපුඤ්ඤක්ඛන්ධො” ත්වෙව සඞ්ඛං ගච්ඡති. ඉදමවොච භගවා -පෙ- සත්ථා:
මහණෙනි, මේ සිවු පින්ගඟින් කුසල්ගඟින් යුතු වූ අරීසවුහට සුවයට ප්‍රත්‍යය වූ මෙතෙක් පින්ගඟෙක, කුසල්ගඟෙකැයි පිනෙහි පමණ ගණන්නට සුකර නො වේ. වැලි ගණන් නො කළ හැකි පමණ නො කළ හැකි මහපින් කඳෙකැයි ම ගිණුමට යේ. මහණෙනි, යම්සේ මේ මහානදීහු, එනම්: ගඞ්ගා යමුනා අචිරවතී සරභූ මහී යන පස්මහනදීහු යම් තැනෙක එකතුවෙද්ද, ගැළපෙද්ද, එහි දිය ලාස් මෙතෙකැ යි හෝ දිය ලාස් මෙතෙක් සියයකැ යි හෝ දිය ලාස් මෙතෙක් දහසකැ යි හෝ දිය ලාස් මෙතෙක් සියදහසෙකැ යි හෝ දියෙහි පමණ ගණන්නට සුකර නො වේ ද, වැලි ගණන් නො කළ හැකි පමණ නො කළ හැකි. මහදිය කඳෙකැයි ම ගිණුමට යේ ද, මහණෙනි, එසෙයින් ම මේ සිවු පින්ගඟින් කුසල්ගඟින් යුතු වූ අරීසවුහට “සුවයට පසය වූ මෙතෙක් පින්ගඟක, කුසල්ගඟෙකැ”යි පිනෙහි පමණ ගණන්නට සුකර නො වේ. වැලි ගණන් නො කළ හැකි පමණ නො කළ හැකි මහපින්කඳෙකැයි ම ගිණුමට යේ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක ... ශාස්තෲන් වහන්සේ මෙ ද වදාළ සේක.
මහොදධිං අපරිමිතං මහාසරං බහුභෙරවං රතනගණානමාලයං, නජ්ජො යථා නරගණසඞ්ඝසෙවිතා පුථූ සවන්තී උපයන්ති සාගරං.
මිනිස් සමූහයා විසින් සෙවුනා ලද ගලාබස්නා බොහෝ වූ ගඞ්ගාවෝ මහත් දියකඳ දරන පමණ නො කළැකි මහත් නදීන්ගේ එක්වීම ඇති, බෙහෙවින් බිහිසුණු වූ, රුවන් සමූහයට උත්පත්තිස්ථාන වූ සයුර කරා යම්සේ පැමිණෙත් ද,
එවං නරං අන්නදපානවත්ථදං සෙය්යානිසජ්ජත්ථරණස්ස දායකං, පුඤ්ඤස්ස ධාරා උපයන්ති පණ්ඩිතං නජ්ජො යථා වාරිවහාව සාගරන්ති.
එසෙයින් ආහාරපානවස්ත්ර දානය කරන, සෙනසුන් අතුරුණු දෙන නුවණැති මිනිසා කරා දිය උසුලන ගඞ්ගාවන් සයුර කරා පැමිණෙනු මෙන් පින්දහර පැමිණේ යි.