5. සගාථ පුඤ්ඤාභිසන්දවග්ගො අට්ඨකථා
5. සගාථකපුඤ්ඤාභිසන්ද වර්ගය
1. අසඞ්ඛෙය්යසුත්තවණ්ණනා
1. අසඞේඛය්‍ය සූත්‍ර වර්ණනාව
පඤ්චමස්ස පඨමෙ අසඞ්ඛ්යෙය්යොති ආළ්හකගණනාය අසඞ්ඛ්යෙය්යො, යොජනවසෙන පනස්ස සඞ්ඛ්‍යා අත්ථි. බහුභෙරවන්ති සවිඤ්ඤාණකඅවිඤ්ඤාණකානං භෙරවාරම්මණානං වසෙන බහුභෙරවං. පුථූති බහු. සවන්තීති සන්දමානා. උපයන්තීති උපගච්ඡන්ති.
පස්වන වග්ගයේ පළමුවැන්නෙහි - අසංඛෙය්යො = මිණුම් ප්‍රමාණය වශයෙන් අසංඛ්‍ය වූ, යොදුන් වශයෙන් ද මෙයට සංඛ්‍යාවන් තිබේ. බහුභෙරවං = සප්රාණික වූ ද, අප්‍රාණික වූද භයානක ආරම්මණයන්ගේ වශයෙන් “බහුභෙරවං” යයි යෙදේ. පුථු = බොහෝ වූ සවන්ති = ගලා බස්නා උපයන්ති = සමීපයට යති.
2. දුතිය අසඞ්ඛෙය්යසුත්තවණ්ණනා
2. දුතිය අසඞේඛය්‍ය සූත්‍ර වර්ණනාව
දුතියෙ යත්ථිමා මහානදියො සංසන්දන්ති සමෙන්තීති යස්මිං සංභජ්ජෙ එතා මහානදියො එකීභවන්ති, නිරන්තරා භවන්තීති අත්ථො.
දෙවැන්නෙහි - යත්ථිමා මහානදියො සංසන්දන්ති සමෙන්ති = (ඉවුරු ආදී) යමක් බිඳුන කල්හි මේ මහා ගංගාවෝ එකතු වෙත් ද, අතරක් නැතිව පවතිත් ද යන අරුතයි.
3. තතිය අසඞ්ඛෙය්යසුත්තවණ්ණනා
3. තතිය අසඞේඛය්‍ය සූත්‍ර වර්ණනාව
තතියෙ පුඤ්ඤකාමොති පුඤ්ඤත්ථිකො. කුසලෙ පතිට්ඨිතොති මග්ගකුසලෙ පතිට්ඨිතො. භාවෙති මග්ගං අමතස්ස පත්තියාති නිබ්බානස්ස පාපුණනත්ථං අරහත්තමග්ගං භාවෙති. ධම්මසාරාධිගමොති ධම්මසාරො වුච්චති අරියඵලං ධම්මසාරො, අධිගමො අස්සාති ධම්මසාරාධිගමො, අධිගතඵලොති අත්ථො. ඛයෙ රතොති කිලෙසක්ඛයෙ රතො.
තෙවැන්නෙහි - පුඤ්ඤකාමො = පින් බලාපොරොත්තු වන තැනැත්තා. කුසලෙ පතිට්ඨිතො = මාර්ග කුශලයෙහි පිහිටියේ. භාවෙති මග්ගං අමතස්ස පත්තියා = නිවනට පැමිණීම පිණිස රහත් මඟ වඩයි. ධම්ම සාරාධිගමො = ධම්ම සාර යනුවෙන් ආර්ය ඵලය වූ ධර්මයෙහි සාරය කියනු ලැබේ. එය අවබෝධ වේය යන අදහසින් ධම්ම සාරාධිගම යයි යෙදේ. අවබෝධ කර ගත් (මාර්ග) ඵල ඇත්තේ යන අදහසයි. ඛයෙරතො = කෙලෙස් ක්ෂය කිරීමෙහි ඇලුණේ.
4. අඩ්ඪසුත්තවණ්ණනා
4. අඩ්ඪ සූත්‍ර වර්ණනාව
චතුත්ථෙ අඩ්ඪො මහද්ධනොති සත්තවිධෙන අරියධනෙන අඩ්ඪො චෙව මහද්ධනො ච. තෙනෙව භොගෙන මහාභොගො. සෙසං සබ්බත්ථ උත්තානමෙවාති.
සිවු වැන්නෙහි - අචෙථා මහද්ධනො = සත්වැදැරුම් ආර්ය ධනයෙන් ආඪ්‍යවූයේ ද, මහත් ධනය ඇත්තේ ද වෙයි. එයින්ම හටගත් සම්පත් නිසා “මහා භොග” නම් වේ. සෙස්ස සියළු තැන්හි පහසු වේ.
සගාථකපුඤ්ඤාභිසන්දවග්ගො පඤ්චමො.
පස්වන සගාථක පුඤ්ඤාති සන්ද වග්ගය නිමි.