6. සප්පඤ්ඤවග්ගො අට්ඨකථා
6. සප්පඤ්ඤ වර්ගය
2. වස්සංවුත්ථ සුත්තවණ්ණනා
2. වස්සංවුත්ථ සූත්‍ර වර්ණනාව
ඡට්ඨස්ස දුතියෙ අයමධිප්පායො – සොතාපන්නො භික්ඛු එත්තකෙන වොසානං අනාපජ්ජිත්වා තානෙව ඉන්ද්රියබලබොජ්ඣඞ්ගානි සමොධානෙත්වා විපස්සනං වඩ්ඪෙත්වා සකදාගාමිමග්ගං පාපුණිස්සති, සකදාගාමී අනාගාමිමග්ගං, අනාගාමී අරහත්තමග්ගන්ති ඉමමත්ථං සන්ධාය භගවතා ඉමස්මිං සුත්තෙ සාසනෙ තන්ති පවෙණී කථිතාති.
සයවන වග්ගයේ දෙවැන්නෙහි අදහස මෙසේ වේ. සෝවාන් වූ භික්ෂුව මෙතෙකින් අවසානයට නොපැමිණ එම ඉන්ද්රිය ශක්තීන් ද, බෝධ්‍යංගයන් ද ගලපා විදර්ශනා වඩා සකෘදාගාමී මාර්ගයට පැමිණෙයි. සකෘදාගාමී වූ භික්ෂුව අනාගාමී මාර්ගයටද, අනාගාමී වූ භික්ෂුව අර්හත් මාර්ගයට ද පැමිණේ. මේ අදහස සඳහා භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රයෙහිදී සස්නෙහි අනුපිළිවෙළ ද ප්‍රවේණිය ද දේශනා කරන ලදී.
3. ධම්මදින්නසුත්තවණ්ණනා
3. ධම්මදින්න සූත්‍ර වර්ණනාව
තතියෙ ධම්මදින්නොති සත්තසු ජනෙසු එකො. බුද්ධකාලස්මිඤ්හි ධම්මදින්නො උපාසකො, විසාඛො උපාසකො, උග්ගො ගහපති, චිත්තො ගහපති, හත්ථකො ආළවකො, චූළඅනාථපිණ්ඩිකො, මහාඅනාථපිණ්ඩිකොති ඉමෙ සත්ත ජනා පඤ්චසතඋපාසකපරිවාරා අහෙසුං. එතෙසු එස අඤ්ඤතරො.
තුන් වැන්නෙහි - ධම්ම දින්නො = සත් දෙනාගෙන් එක් අයෙකි. බුද්ධ කාලයෙහි ධම්ම දින්න උපාසකය, විසාඛ උපාසකය, උග්ග නම් ගෘහපතිය, චිත්ත නම් ගෘහපතිය, හත්ථක ආලවකය, චුල්ල අනාථ පිණ්ඩිකය, මහා අනාථ පිණ්ඩිකය යන මේ සත් දෙනා උපාසකවරුන් පන්සියය බැගින් පිරිවර ඇත්තෝ වූහ. මේ (ධම්ම දින්න උපාසක) තෙමේ ඒ සත් දෙනා අතරෙහි එක් අයෙකි.
ගම්භීරාති ධම්මගම්භීරා සල්ලසුත්තාදයො. ගම්භීරත්ථාති අත්ථගම්භීරා චෙතනාසුත්තන්තාදයො. ලොකුත්තරාති ලොකුත්තරත්ථදීපකා අසඞ්ඛතසංයුත්තාදයො. සුඤ්ඤතප්පටිසංයුත්තාති සත්තසුඤ්ඤතාදීපකා ඛජ්ජනිකසුත්තන්තාදයො. උපසම්පජ්ජ විහරිස්සාමාති පටිලභිත්වා විහරිස්සාම. එවඤ්හි වො, ධම්මදින්න, සික්ඛිතබ්බන්ති එවං තුම්හෙහි චන්දොපමපටිපදං රථවිනීතපටිපදං මොනෙය්යපටිපදං මහාඅරියවංසපටිපදං පූරෙන්තෙහි සික්ඛිතබ්බං. ඉති සත්ථා ඉමෙසං උපාසකානං අසය්හභාරං ආරොපෙසි. කස්මා ? එතෙ කිර න අත්තනො භූමියං ඨත්වා ඔවාදං යාචිංසු, අවිසෙසෙන පන සබ්බභාරං උක්ඛිපිතුං සමත්ථා විය “ඔවදතු නො, භන්තෙ, භගවා”ති යාචිංසු. තෙන තෙසං සත්ථා අසය්හභාරං ආරොපෙන්තො එවමාහ. න ඛො නෙතන්ති න ඛො එතං. නකාරො පනෙත්ථ බ්යඤ්ජනසන්ධිමත්තමෙවාති වෙදිතබ්බො. තස්මාති යස්මා ඉදානි අත්තනො භූමියං ඨත්වා ඔවාදං යාචථ, තස්මා.
ගම්භීරා = ධර්ම ගම්භීරතාවයෙන් යුත් “සලල සූත්‍ර” ආදිය ගිභීරත්ථා = අර්ථ ගම්භීරතාවයෙන් යුත් “චේතනා සූත්‍ර” ආදිය ලොකුත්තරා = ලෝකෝත්තර අර්ථ දක්වන “අසංඛත සංයුත්ත” ආදිය සුඤ්ඤතා පටිසංයුත්තා = = ශුන්යතාවයන් සත දක්වන්නාවූ “ඛජ්ජනික සූත්‍රය” ආදිය උප සම්හච්ඡ විහරිස්සාම = ලබාගෙන වාසය කරන්නෙමු. එවංහි වො ධම්මදින්න සික්ඛිතබ්බං = මෙසේ චන්‍දොපම ප්‍රතිපදාව, රථ විනීත ප්‍රතිපදාව, මොනෙය්‍ය ප්‍රතිපදාව හා මහා අරියවංස ප්‍රතිපදාව (යන මේවා) පුරන්නාවූ ඔබ විසින් මෙසේ පුහුණු කළ යුතුය. මෙසේ ශාස්තෲන් වහන්සේ මේ උවසුවන් හට ලොකු වගකීමක් භාර කළහ. කුමක් හෙයින් මොහු තමාගේ තත්ත්වයෙහි සිට අවවාද නො ඉල්වූවෝ ද? විශේෂත්වයකින් තොරව සියලුම බර දැරීමට සමර්ථ වුවන් මෙන් ස්වාමීනි, අපට අවවාද දෙන සේක්වායි ඉල්ලා සිටියහ. එහෙයින් ශාස්තෲන් වහන්සේ ඔවුන් හට ලොකු වගකීමක් ආරෝපණය කරමින් මෙසේ වදාළහ. නඛොනෙතං = මෙය සිදු නො වේ. මෙහි “න” කාරය වනාහී ව්‍යඤ්ජන සන්ධි මාත්‍රයක් පමණක් යයි දත යුතුය. තස්මා = යම් හෙයකින් දැන් තමාගේ තත්ත්වයෙහි සිට අවවාද ඉල්ලන්නහුද, ඒ හේතුවෙනි.
4. ගිලානසුත්තවණ්ණනා
4. ගිලාන සූත්‍ර වර්ණනාව
චතුත්ථෙ න ඛො පනෙතන්ති න ඛො අම්හෙහි එතං. සප්පඤ්ඤො උපාසකොති සොතාපන්නො අධිප්පෙතො. අස්සාසනීයෙහි ධම්මෙහීති අස්සාසකරෙහි ධම්මෙහි. අස්සාසතායස්මාති අස්සාසතු ආයස්මා. මාරිසොති මරණපටිබද්ධො. මරණධම්මොති මරණසභාවො. අධිමොචෙහීති ඨපෙහි. අධිමොචිතන්ති ඨපිතං. එවං විමුත්තචිත්තස්සාති එවං අරහත්තඵලවිමුත්තියා විමුත්තචිත්තස්ස. යදිදං විමුත්තියා විමුත්තන්ති යං ඉදං විමුත්තිං ආරබ්භ විමුත්තියා නානාකරණං වත්තබ්බං සියා, න තං වදාමි. භික්ඛුසඞ්ඝස්ස හි චෙතියඞ්ගණබොධියඞ්ගණවත්තෙසු චෙව අසීතික්ඛන්ධකවත්තෙසු චාති ආගමනීයගුණෙසු පමාණං නාම නත්ථි, පටිවිද්ධෙ පන මග්ගෙ වා ඵලෙ වා උපාසකානඤ්ච භික්ඛූනඤ්ච නානාකරණං නත්ථි.
සිවු වැන්නෙහි - නඛො නෙතං = මෙය අප වෙත වූවක් නොවේ. සප්පඤ්ඤො උපාසකො = සෝවාන් වූයේ යයි අදහස් කරන ලදී. අස්සාස නියෙහි ධම්මෙහි = ආශ්වාසය ඇතිකරන්නාවූ කරුණුවලින් අස්ස සතායස්මා = ආයුෂ්මත් තෙමේ ආශ්වාස කෙරේවා මාරිසො = මරණය හා බැඳුනාවූ මරණ ධම්මො = මැරෙන ස්වභාවය අධිමොචෙහි = තබන්න. අධිමොචිතං = තබන ලද එවං විමුත්ත චිත්තස්ස = මෙසේ අර්හත් ඵල විමුක්තියෙන් මිදුනා වූ සිතට යදිදං විමුත්ති යා විමුත්තිං = යම් බඳු වූ මේ විමුක්තිය පිළිබඳව විමුක්තියේ විවිධත්වය කිවයුතු වන්නේ ද එහෙත් එය එසේ වේ යයි නො කියමි. භික්ෂු සංඝයාගේ වනාහී චෛත්‍ය මලු, බෝධිමලු ආදියේ වතාවත් ද, අසූවක්වූ ඛන්ධක වතාවත් ද යන ආගමණීය ගුණයන්හි ප්‍රමාණයක් නම් නැත්තේය. උපාසක හා භික්ෂු යන දෙපිරිස අතර අවබෝධ කළා වූ මාර්ගයෙහි හෝ ඵලයෙහි හෝ විවිධත්වයක් නැත.
9. පටිලාභසුත්තවණ්ණනා
9. පටිලාභ සූත්‍ර වර්ණනාව
නවමෙ පඤ්ඤාපටිලාභාය සංවත්තන්තීති එත්ථ සත්ත සෙක්ඛා පඤ්ඤං පටිලභන්ති නාම, ඛීණාසවො පටිලද්ධපඤ්ඤො නාමාති වෙදිතබ්බො. පරතො පඤ්ඤාබුද්ධියාතිආදීසුපි එසෙව නයො. සෙසං සබ්බත්ථ උත්තානමෙවාති.
නව වැන්නෙහි - පඤ්ඤාපටිලාභාය සංවත්තති = මෙහි ශෛක්ෂ්‍යයෝ සත් දෙනා ප්‍රඥාව ලබා ගන්නේ නම් වෙති. ක්ෂීණාශ්රව තෙමේ ලබාගන්නා ලද ප්‍රඥාව ඇත්තේ නම් වේයයි දත යුතුය. මින් බැහැර වූ පඤ්ඤාවූඩ්ඨියා යන ආදියෙහි ද මේ පිළිවෙළ ම වේ. සෙස්ස සියලු තැන්හි පහසු වේ.
සප්පඤ්ඤවග්ගො ඡට්ඨො.
සයවන සප්පඤ්ඤ වර්ගය නිමි.