යෙදුමෙන් කියවන්න

ධම‍්මදින‍්නසුත‍්තං

11. 6. 3.

11. 6. 3.

ධම‍්මදින‍්නසුත‍්තං

ධම්මදින්න සූත්‍රය

3821. එකං සමයං භගවා බාරාණසියං විහරති ඉසිපතනෙ මිගදායෙ. අථ ඛො ධම‍්මදින‍්නො උපාසකො පඤ‍්චහි උපාසකසතෙහි සද‍්ධිං යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො ධම‍්මදින‍්නො උපාසකො භගවන‍්තං එතදවොච: ඔවදතු නො භන‍්තෙ, භගවා. අනුසාසතු නො භන‍්තෙ, භගවා යං අම‍්හාකං අස‍්ස දීඝරත‍්තං හිතාය සුඛායාති. තස‍්මාතිහ වො ධම‍්මදින‍්න, එවං සික‍්ඛිතබ‍්බං, “යෙ තෙ සුත‍්තන‍්තා තථාගතභාසිතා ගම‍්භීරා ගම‍්භීරත්‍ථා ලොකුත‍්තරා සුඤ‍්ඤතාපටිසංයුත‍්තා තෙ කාලෙන කාලං උපසම‍්පජ‍්ජ විහරිස‍්සාමා”ති. එවං හි වො ධම‍්මදින‍්න, සික‍්ඛිතබ‍්බන‍්ති.

3821. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ බරණැස සමීපයෙහි මිගදාය නම් වූ ඉසිපතනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි ධම්මදින්න උවසු තෙමේ පන්සියයක් උවසුන් සමග භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ධම්මදින්න උවසු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: “වහන්ස, යම්සේ අපට දිගුකලක් මුළුල්ලෙහි හිතසුව පිණිස වන්නේ නම් භාග්‍යවතුන් වහන්සේ අපට එසේ අවවාද කරන සේක්වා. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අපට අනුශාසන කරන සේක්වා”යි. ධම්මදින්න, එසේ නම් මෙහි ලා තොප විසින් මෙසේ හික්මිය යුතු: තථාගතයන් වහන්සේ විසින් වදාරන ලද ගැඹුරු වූ, ගැඹුරු අරුත් ඇති ලොවුතුරු වූ සත් ශුන්‍යතාවන් දක්වන්නා වූ යම් ඒ සූත්‍රාන්තයෝ වෙත් නම් කලින් කල ඔවුන් පිළිලැබ වෙසෙන්නෙමු”යි මෙසේ තොප විසින් හික්මිය යුතු යි.

න ඛො නෙතං භන‍්තෙ, සුකරං අම‍්හෙහි පුත‍්තසම‍්බාධසයනං අජ‍්ඣාවසන‍්තෙහි කාසිකචන්‍දනං පච‍්චනුභොන‍්තෙහි මාලාගන්‍ධවිලෙපනං ධාරයන‍්තෙහි ජාතරූපරජතං සාදියන‍්තෙහි යෙ තෙ සුත‍්තන‍්තා තථාගතභාසිතා ගම‍්භීරා ගම‍්භීරත්‍ථා ලොකුත‍්තරා සුඤ‍්ඤතාපටිසංයුත‍්තා තෙ කාලෙන කාලං උපසම‍්පජ‍්ජ විහරිතුං. තෙසං නො භන‍්තෙ, භගවා අම‍්හාකං පඤ‍්චසු සික‍්ඛාපදෙසු ඨිතානං උත‍්තරිං ධම‍්මං දෙසෙතූති. තස‍්මාතිහ වො ධම‍්මදින‍්න, එවං සික‍්ඛිතබ‍්බං: බුද‍්ධෙ අවෙච‍්චප‍්පසාදෙන සමන‍්නාගතා භවිස‍්සාම “ඉතිපි සො භගවා -පෙ- සත්‍ථා දෙවමනුස‍්සානං බුද‍්ධො භගවා”ති. ධම‍්මෙ -පෙ- සඞ‍්ඝෙ -පෙ- අරියකන‍්තෙහි සීලෙහි සමන‍්නාගතා භවිස‍්සාම “අඛණ‍්ඩෙහි -පෙ- සමාධිසංවත‍්තනිකෙහී”ති. එවං හි වො ධම‍්මදින‍්න, සික‍්ඛිතබ‍්බන‍්ති.

වහන්ස, දරුවන්ගෙන් පළිබෝධ ඇති යහන්හි වෙසෙන සිනිඳුසඳුන් ගල්වන මල්ගඳ විලෙවුන් දරන රන්රිදී ඉවසන අප විසින් තථාගතයන් වහන්සේ විසින් වදාරන ලද ගැඹුරු වූ ගැඹුරු අරුත් ඇති ලොවුතුරු වු ශුන්‍යතාප්‍රතිසංයුක්ත වූ යම් ඒ සූත්‍රාන්තයෝ වෙත් නම් කලින් කල ඔවුන් පිළිලැබ මේ විසුම සුකර නො වේ. වහන්ස, පස් සිකපෙදෙහි සිටි ඒ අපට මතු දහමක් දේශනා කරන සේක්වා යි. ධම්මදින්න, එසේ නම් මෙහි ලා තොප විසින් මෙසේ හික්මියයුතු: “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු දෙවිමිනිසුනට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචලප්‍රසාදයෙන් සමන්‍වාගත වන්නෙමු. ධර්‍මය කෙරෙහි ... සඞ්ඝයා කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්‍වාගත වන්නෙමු”යි. ධම්මදින්න, මෙසේ තොප විසින් හික්මියයුතු යි.

යානිමානි භන‍්තෙ, භගවතා චත‍්තාරි සොතාපත‍්තියඞ‍්ගානි දෙසිතානි, සංවිජ‍්ජන‍්තෙ තෙ ධම‍්මා අම‍්හෙසු, මයඤ‍්ච භන‍්තෙ, තෙසු ධම‍්මෙසු සන්‍දිස‍්සාම. මයං හි භන‍්තෙ, බුද‍්ධෙ අවෙච‍්චප‍්පසාදෙන සමන‍්නාගතා “ඉතිපි සො භගවා -පෙ- සත්‍ථා දෙවමනුස‍්සානං බුද‍්ධො භගවා”ති. ධම‍්මෙ -පෙ- සඞ‍්ඝෙ -පෙ- අරියකන‍්තෙහි සීලෙහි සමන‍්නාගතා අඛණ‍්ඩෙහි -පෙ- සමාධිසංවත‍්තනිකෙහීති. ලාභා වො ධම‍්මදින‍්න, සුලද‍්ධං වො ධම‍්මදින‍්න, සොතාපත‍්ති ඵලං ධම‍්මදින‍්න, ව්‍යාකතන‍්ති.

වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මේ සිවු සෝවන් අඟක් වදාරන ලද ද ඒ දහම් අප කෙරෙහි ඇත. වහන්ස, අපිත් ඒ දහම් කෙරෙහි දක්නා ලබමු. වහන්ස, අපි “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුනට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචලප්‍රසාදයෙන් සමන්‍වාගතයම්හ. ධර්‍මය කෙරෙහි ... සඞ්ඝයා කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්‍වාගතයම්හ”යි. ධම්මදින්න තොපට ලාභයෙකි. ධම්මදින්න, තොපට මනා ලැබුමෙකි. ධම්මදින්න, සෝවන්පල පවසන ලදැ යි.